කොරෝනා සහ ඇඳිරි නීතිය නිසා මට අනාගත ලෝකය ගැන හිතුණු දේවල් කිහිපයක්.
1. සමහර කාර්යාල, සමහර නිලධාරීන් නිවසේ ඉඳන් තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරනවා. ඒ කියන්නේ මේ අය උදේ හවස කාර්යාල ගානේ ගිහින් කරලා තියෙන්නේ කාලය සහ ඉන්ධන නාස්තියක්. ඔය ගැම්මෙන්ම දිගටම නිවසේ ඉඳන් කරන්න පුළුවන් කටයුතු නිවසේ ඉඳන්ම කරන්න පුළුවන් විදිහට කරගන්න සමාගම් සහ කාර්යාල කටයුතු කළොත් හොඳයි. නිරපරාදේ පාරවල් වලට නාස්ති වෙන කාලය, ඉන්ධන වගේම වායු දූෂණය වගේ දේවල් අවම කරගන්න පුළුවන්. අනවශ්‍ය වාහන තදබදයක් ඇතිවෙන්නෙත් නෑ.
අනෙක ඒ අයට තමන්ගේ පවුලේ අය එක්ක ගතකරන්න තියෙන කාලයත් ආරක්ෂා කරගෙන රැකියාව කරන් යන්නත් පුළුවන්.
2. බඩු බාහිරාදිය ගෙදරට ගෙන්වාගැනීමේ පහසුකම් තවත් වැඩිදියුණු කිරීම ඔය සමාගම් මේ ගැම්මෙන්ම කරන්න ඕන. මේකෙන් මිනිස්සු කඩසාප්පු වල නිරපරාදේ නාස්ති කරන කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම නැවත මේ වගේ වසංගත අර්බුදයක් වගේ දෙයක් ආවොත් නිවසට භාණ්ඩ ගෙනත් දීම නුපුරුදු දෙයක් නොවෙන නිසා ලස්සනට කරගෙන යන්න පුළුවන්.
3. මෙහෙම ඇඳිරි නීතිය සතියකට දෙකකට දාන එක අවුරුදු හතරකට විතර සැරයක් ලෝක මට්ටමෙන් කරන්න ඕන. ලෝකයේ රටවල් ගිවිසුමක් අත්සන් කරලා අවුරුදු හතරකට සැරයක් ඔක්කොම රටවල් එක පාර ඇඳිරි නීතිය දාන්න ඕනේ. එතකොට කලින් දන්න නිසා ජනතාවට කලින් සූදානම් වෙලා ඇඳිරි නීති කාලය ගතකරන්න පුළුවන්. එදිනදා ආදායමෙන් ජීවත් වෙන අඩු ආදායම් ලාභීන්ව මේ කාලෙට ආණ්ඩුවෙන් සහන සේවාවක් දීලා බලාගන්න පුළුවන්.
මෙහෙම ලෝක ව්‍යාප්ත ඇඳිරි නීතියක් දාන එක වැදගත් වෙන්නේ මේකයි.
අපේ ඕසෝන් ස්ථරයට අවුරුදු කිහිපයකට සැරයක් එහෙම රථවාහන ගුවන් යානා දුම් පිට නොකරන පොඩි විවේකයක් දෙන එක හොඳයි. මේ ටික දවසට ඕසෝන් එකේ සිදුරු වැහෙන්න පටන් අරන්.
අනික මිනිස්සුන්ටත් හදිස්සියේවත් ආපහු ලෝක ව්‍යාප්ත ගැටලුවක්, වසංගතයක් ඇවිත් මේ වගේ නිවාස අඩස්සියේ ඉන්න උනොත් ඒකට අවශ්‍ය පළපුරුද්ද එතකොට හැමෝටම ලැබෙනවා.
ඒ වගේම දිනපතා හැල්මේ දුවන ජීවිත වලට අවුරුදු කීපයකට සැරයක්වත් පොඩ්ඩක් නැවතිලා පවුල එක්ක පොඩි විවේකයක් ගන්න ලැබෙන එකත් වටිනවා.
මොකද හිතන්නේ?