මොකාටද මේ එන්නේ රජයෙන් වන්දියකුත් ගන්නද?

banda065

Well-known member
  • Apr 20, 2007
    2,860
    2,025
    113
    දැන් වැඩේ ඔක්කොම හරි අපි ලොකු සහනාධාරයක් දෙමු මහජන බදු සල්ලි වලින් එකට


    මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයක සාමාජිකයකුගෙන් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවත්. යුක්රේන් කණ්ඩායම නිරෝධායනයට ලක් කර සිටි සීදුවේ පිහිටි තරු හෝටලයක නිරෝධායනය නොවූ සේවකයින්ගෙන් වෛරසය ව්‍යාපිත වී ඇති බවත් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් අපි පසුගිය 26 වැනිදා අනාවරණය කළෙමු.

    මෙම පුවතින් පසු අදාල යුක්රේන ජාතිකයා නවාතැන් ගෙන සිටි සීදූවේ රාමඩා හෝටලයේ සාමන්‍යාධිකාරී වරයා වන අශෝක ජයමාන්න මහතා අප හා දුරකතන සංවාදයකට එක් විය.

    අප අනාවරණය කර ඇති පුවත සම්පූර්ණයෙන්ම නිවැරදි බව පිළිගත් ඔහු නමුත් කරුණු වාර්තා කිරීමේදී අනු පිළිවෙලේ කිසියම් දෝශයක් ඇති වී ඇති බව කියයි.

    මිනුවන් ගොඩ රැල්ල පටන් ගත්ත දවසේ සිට බුද්ධි අංශ නිලධාරියකු තමන්ගේ හෝටල් පරිශ්‍රෙය් යොදවා ඇති අතර මේ කතාවේ ඇත්ත නැත්ත ඔහුගෙන් විමසූ විට මෙතැන ඔහුගේ සම්බන්ධ මොකක් හරි පැටලවීමක් ඇති බවට තමන්ට වැටහෙන බවත් කියයි.

    කෝවිඩ් ආසාදනයට ලක් වූ යුක්ක්‍රේන ජාතිකයා තම හෝටලයේ සිටි බව පිලිගත් හෙතෙම නමුත් තමන් නිරෝධායන නීති කඩ නෙකළ බව කියයි.

    කෝවිඩ් ආසාධිතයකු හසුවී තිබුණත් තමන්ගේ හෝටලයේ කිසිවකුත් නිරෝධායනය කළ යුතු බවට හෝ පී සී ආර් කළ යුතුබවට MOH නිර්දේශ නොකළ බව ඔහු කියයි. එහෙයින් සේවකයින් නිරෝධායන කිරීමට අවශ්‍යතාවක් නොතිබුනු බව ද කියයි.

    මේ වන විට තමන්ගේ හෝටලයේ සේවකයින් 5 දෙනකුට වෛරසය ආසාධනය වී ඇති බව පිළිගත් හෙතෙම නමුත් තමන්ගේ හෝටලයටද වෛරස පැමිණ ඇත්තේ පිටින් බව කියයි.

    සාචාරකයන් සම්බන්ධයෙන් වෙනත් හෝටල් වලට පනවා ඇති නිරෝධායන නීති හෝටල් දෙකකට පනවා නැති බවත්. ඉන් එක් හෝටලයක් වන්නේ තමන්ගේ හෝටලය බවත් පවසන ඔහු ඒ අනුව අමුත්තන් හෝටලයට ගන්න එපා කියා හෝ හෝටලයේ ඉන්න අමුත්තන් පිටතට යවන්න එපා කියා හෝ තමන්ට කිසිදු කොන්දේසියක් පනවා නැති බව කියයි.

    එසේ දෙවිදියකට නීති පැනවීම රජයේ බලධාරීන්ගේ වරදක්දැයි අප ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු ලෙස කීවේ තමන්ට ඊට පිලිතුරක් දිමට නොහැකි බවත් ඒ වැරදි තමන් පිටින් යවන එක වැරදි බවත් කියායි.

    කිසි විටෙකත් තමන් නිරෝදායන නීති කඩ නොකළ බව අවධාරණය කරන ඔහු අනාවරණය වූ ආසාධිතයින් 5 දෙනාදා අනාවරණය වූයේ තමන් ස්වේච්චාවෙන් කළ PCR පරීක්ෂණයෙන් බව කීය.

    මොකාටද මේ එන්නේ රජයෙන් වන්දියකුත් ගන්නද?
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    274
    184
    43
    ඉංදියාවෙන් බ්‍රැන්ඩික්ස් එකට කොරෝනා ඉම්පොර්ට් කෙරුවෙ නෑ කියලද කියන්නෙ එතකොට :angry::angry:
     
    • Like
    Reactions: banda065

    topkollek

    Well-known member
  • May 22, 2014
    16,290
    9,292
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන වන්දිද? ඕනෙ නම් 5000ක් දෙයි ණය ගෙවාගන්න බැරිව ඉන්න ආණ්ඩුව.

    ඔය හෝටලේ සීන් එක බ්‍රැන්ඩික්ස් බේරගන්න කරපු දෙයක්. යුක්‍රේන මෑන්ව ගෙන්නල ඇහුවොත් තමයි ඇත්ත දැනගන්න පුලුවන්
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,860
    2,025
    113
    මම කලින් Thread දැම්මා මුන්ගෙන් වන්දි ගන්න කියලා රටට කරපූ හානියට
    .දැන් ඉක්මනටම මුන්ට මහජන මුදලින් වන්දියකුත් දෙයි වගේ
    ඔන්නBusiness

    ඡන්දෙට කලින් political campaign walata දුන්නු sponsor money වගේ කී ගුණයක වන්දියක් ගෙවයිද?
    මහජන මුදලින්ද Covid අරමුදලෙන්ද වන්දි ගෙවන්නෙ ?

    කාටද හරියටම උත්තරේ දෙන්න පුලුවන්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    6,799
    13,771
    113
    ආණ්ඩුවෙන් මූට අමුතුවෙන්ම කියන්න ඕනෙද කොරෝනා තියෙන එකෙක් හිටියම නිරෝධායනය වෙන්න ඕන කියලා . එච්චර ඔලුව නැති විදිහට වැඩ කරනවද?
    කොහොමත් රජයේ නිලධාරීන් අතරෙ මේක හොඳ සංවිධානයක් ඇතිව නෙවෙයි කෙරෙන්නෙ. ඉතින් තමන් පරිස්සම් වෙන එක තමයි වෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG