මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි දැම්මේ ගිය ආණ්ඩුවෙන්දැයි සොයයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    නිලන්ත මදුරාවල​

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ වී වසර හයක් පමණ ගත වුව ද 6 ශ්‍රේණියේ ඉංග්‍රිසි විෂයයේ මොඩියුලයකට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් කර ඇත්තේ කුමන කාල සමයකදැයි සොයා බැලිය යුතු බව ජාතික අධ්‍යාපන ආයතන ආරංචි මාර්ග අනාවරණය කළේය.​

    එය මුද්‍රණය කර ඇත්තේ ද එම ආයතන ශාස්ත්‍රීය සභාවේ අනුමැතිය මතය.​

    ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව 2024 වසරේ අගෝස්තු මාසයේදී ජාතික අධ්‍යාපන ආයතනයේ එවකට අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග යටතේ අතුරු වාර්තාවක් නිකුත් කර තිබෙන අතර මතභේදයට තුඩු දී තිබෙන කරුණට අදාළ කිසිදු සඳහනක් එහි නොමැත.​

    උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් පැවැත්වෙන හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ සඳහන් කළාය. සිද්ධියට අදාළව අනාවරණය කර ගත යුතුව ඇත්තේ එම වෙබ් අඩවිය ඊට ඇතුළත් කර ඇත්තේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කළ සමයේ ද නැතහොත් මෑතක දී ද යන්න සම්බන්ධයෙන් බව යැයි අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.​

    මේ අතර මෙම මොඩියුල සකස් කිරීමේ වගකීම දැරූ නිලධාරියාට ඊට අදාළ සුදුසුකම් නොමැති බවට විගණන වාර්තාවක් තිබියදීත් ඒ සම්බන්ධයෙන් ද එම ආයතනය හෝ අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ගුරු සංගම් චෝදනා කරයි.​