මොණරෙකු හම ගසා...

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    මොණරෙකු හම ගසා...

    පණපිටින් අල්ලාගත් මොණරෙකු හම ගසා මස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ ඡායාරූපයක් පළ වී තිබෙනවා.

    මීට පෙර අවස්ථාවකදී මුහුදු රාජාලියෙකු පණපිටින් හම ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ ඡායාරූප පෙළක් හේතුවෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇති වුණා.

    මේ වන විට ෆේස්බුක් හරහා සංසරණය වෙමින් ඇති මෙම මොණරා අල්ලා ගෙන හම ගැසූ යැයි පැවසෙන පුද්ගලයා පිළිබඳව තොරතුරු කිහිපයක්ද වාර්තා වී තිබෙනවා.

    ඔහු ඉතාලියේ සිට පැමිණි අයෙකු බවත් මීගමුව ප්‍රදේශයේ පදිංචි බවත් නීතිවිරෝධී ගිනිඅවියක් ළඟ තබා ගනිමින් මෙලෙස දඩයමේ නිරතවන බවත් එහිදී අනාවරණය වී තිබෙනවා. මේ වන විට අදාළ පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම පවා හඳුනාගෙන ඇති බවත් සඳහන්.

    මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව සංරක්ෂිත සතෙකු ඝාතනය කිරීම සහ සත්ත්ව හිංසාව යටතේ පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්. එමෙන්ම පොලිසිය දැනුවත් කර ගිනි අවියක් ළඟ තබා ගැනීම පිළිබඳව වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇති බවත් සඳහන්.

    මේ සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයෙක් වේ නම් 0703303022 යන අංකයට දැනුම් දිය හැකියි

    002.jpg
    - See more at: http://offair.nethfm.com/article/35984#sthash.nDsd7BuJ.dpuf