මොනවද මේ ට්‍රාන්සිස්ටර් කියන්නේ

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මොනවද මේ ට්‍රාන්සිස්ටර් කියන්නේ

    ඉලෙක්ට්‍රොනික් පරිපථයක බොහෝවිට දැකියහැකි තවත් එක් උපාංගයක් වන්නේ අද අප සාකච්චා කරන ට්‍රාන්සිස්ටරයයි. ඔබ මේ සටහන කියවන්නේ පරිගණකයකින් වුවද ජංගම දුරකතනයකින් වුවද එම උපකරණයන් දෙකේම ප්‍රධාන අන්තර්ගතය ට්‍රාන්සිස්ටර් මිලියන ගනනාවක් බව ඉදුරාම පැවසිය හැකිය. ගෙදර දොරේ පාවිච්චි වන ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක ට්‍රාන්සිස්ටර් එකක් හෝ ඊට වැඩි සංඛ‍යාවක් අන්තර්ගත වී ඇත. 1947 වසරේදී ට්‍රාන්සිස්ටරය සොයාගැනීමත් සමගම තාක්ෂණික විප්ලවයක් කරා ලෝකය ගමන් ආරම්භ කළ බව තාක්ෂණිකයන්ගේ විශ්වාශයයි. එතෙක් පැවති අති විශාල වැකුම් ටියුබය ක්‍රම ක්‍රමයෙන් භාවිතයෙන් ඉවතට ගිය අතර වර්තමානයේදී ඉතා කුඩා ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටරයක් වුවද වැකුම් ටියුබ් දහස් ගනණකින් ඉටුකර ගත හැකි ක්‍රියාවලින් ගණනාවක් ඉටු කර දීමට සමත්ව ඇත.

    transistor.gif



    ඔබට ඔබගේ නිවසේ විදුලි බල්බයක් දැල්වීමට අවශ‍ය වුවහොත් ඔබ ඒ විදුලි බල්බයට අදාල ස්විචය ඔන් කරනවා නේද? එවිට සිදුවන්නේ විසන්ධි වී ඇති ස්විචය ඔබගේ මැදිහත්වීම මත සන්ධි වීමක් නොවේද? ට්‍රාන්සිස්ටරයකින් ඉටු කරන එක් මෙහෙයක් ඉතා සරලවම කියතහොත්, මේ ක්‍රියාදාමයට සමානයි. එසේම සංඤා වර්ධකයක් ලෙසද ට්‍රාන්සිස්ටරය බොහෝ විට යොදා ගැනෙනවා.නමුත් ට්‍රාන්සිස්ටරයක ක්‍රියා දාම‍යට ඔබගේ මැදිහත් වීමක් අවශය වන්නේ නැහැ. මා ඉහතින් විස්තර කළ ක්‍රියාදාමයේදි එයට සම්බන්ධවූ පාර්ශව 3ක් තිබුනා. එනම් ස්විචයේ වෙන්ව තිබූ අග්‍ර දෙක සහ එම අග්‍ර දෙක එක් කිරීමට මුල්වූ ඔබයි. මෙලෙසම ට්‍රාන්සිස්ටරයකත් අග්‍ර 3ක් තිබෙනවා.

    එයින් අග්‍ර දෙකක් ක්‍රියාකරන්නේ මා කලින් උදාහරණයේ විස්තර කළ ස්විචය මෙන්. අනිත් අග්‍රය ක්‍රියා කරන්නේ ස්ව්චය දැමීමට මුල්වූ ඔබ මෙන්. ඔබ ස්විච්ය දැම්මේ කාගේ හරි විධනයක් නිසා වන්නට පුලුවන. ඒ විධානය භාහිර පුද්ගයයෙකුගෙන් හෝ ඔබගේ මොළයෙන් පැමිණියා වන්නට පුලුවන. එනමුත් ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වීමට නම් ට්‍රාන්සිස්ටරයේ 3න් වන අග්‍රයට අදාල විධානය භාහිරව ලබාදියයුතුවේ.එය බොහෝ දුරට යම් වෝල්ටීයතාවයක් විය හැකියි.

    ට්‍රාන්සිස්ටරයක තිබෙනුයේ අග්‍ර 03ක් බවට ඔබට දැනටමත් ඒත්තු ගොස් ඇතුවාට කිසිදු සැකයක් නැත. මෙම අග්‍ර 3 හැදින්වීමට බේස්, එමීටර් සහ කලෙක්ටර් වශයෙන් සම්මත නාම 03ක් යොදා ගැනේ. එසේම NPN සහ PNP වශයෙන් ට්‍රාන්සිස්ටර් දෙයාකාර වන අතර පහත රූප සටහන මහින් අදාල සංකේතයන් වෙන් වෙන්ව දක්වා ඇත.

    Transistor_symbol.gif


    උපුටා ගත්තෙ slelectronic.blogspot.com...


    rep ++++ here :cool::cool:
     
    Last edited:

    පබා

    Member
    Sep 8, 2010
    65
    6
    0
    අමිල අය්යා තරගෙට කොපි කරනවා වගේ... මෙන්න තියනවා මේකේ ඔරිජිනල් පෝස්ට් එක
    21767331.jpg