මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම දාල තියන එක කියවල නෙමෙයි නේ රිප්ලයි එක කෙටුවේ?

    ඔය කෝට් කරලා කියලා තියෙන්නේ විවිධ ත්‍රිපිටක වල මහා පරිමාණ වෙනසක් නැහැ කියලා.

    ඒවගේම ඊටකලින් මම කියලා තියෙන්නේ බයිබලයේ දාර්ශනික දෑ අඩංගුයි සහ බයිබලය ආගමික ග්‍රන්ථයක් වශයෙන් කියවා අද්‍යනය කරන්න ඕනේ කියල. මම බෞද්ධ වෙච්ච පමණින් මට බයිබලයට නිර්ධය විදිහට පහර ගහන්න බැහැ කියලා.

    මම ආගම් වෙනුවෙනුයි ඉදිරිපත් වෙලා කථා කරන්නේ
    . ඔයාගේ රිප්ලයි එක ගැලපෙන්නෙ නැහැ.

    මහා පරිමාන හෝ සුළු පරිමාන වෙනසක් තියෙනව කියන්නේ වෙනසක් නේ බන් ඉතින්... කොටින්ම බුදුහාමුදුරුවෝ නෙමෙයි නේ ඕක ලිව්වේ...ලංකාවේ හාමුදුරුවරු..අවුරුදු සිය ගණනකට පස්සේ..ඉතින් කටින් කට එන ඒවා අතිනුත් දාල තමා ලියන්නේ..ඒක තමයි ඇත්ත කතාව...

    මම කියන්න උත්සහා කරේ හැම එකේම ඔය වගේ සීන් තියෙනවා කියල...මම උබ දාපු එක කියවල තමයි කිව්වේ...මගේ යටින් තියෙන ටිකත් කියවන්න..හදාරන්න ගොඩක් දේවල් තියෙනවා..බයිබලේ කියන්නේ චූටි කොටසක් විතරයි...එකේ ගොඩක් තියෙන්නේ ඉතිහාස කතා වගේ ඒවා..

    මම හදාරලත් නැහැ,,ඒ නිසා ලොකු දෙයක් කියන්න බැහැ...මට නම් හැම ආගමක්ම බොරුවක් කියල තමයි හිතෙන්නේ..මේක විතරක් හදාරන්න සුදුසුයි, අනික්වා හදාරන්න සුදුසු නෑ කියල හිතනවනම් එකෙ වෙනම අවුලක් තියෙනවා කියල මම කලින් කිව්වේ...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මහා පරිමාන හෝ සුළු පරිමාන වෙනසක් තියෙනව කියන්නේ වෙනසක් නේ බන් ඉතින්... කොටින්ම බුදුහාමුදුරුවෝ නෙමෙයි නේ ඕක ලිව්වේ...ලංකාවේ හාමුදුරුවරු..අවුරුදු සිය ගණනකට පස්සේ..ඉතින් කටින් කට එන ඒවා අතිනුත් දාල තමා ලියන්නේ..ඒක තමයි ඇත්ත කතාව...

    ඔව් ඉතින් මම ඕකත් කිව්වනෙ? ඉතින් මොකද්ද ප්‍රශ්නය.

    ඔය කතාව සම්පුර්ණ වෙනස් කරන්න පුළුවන් මනියුට් ඩිටෙල්ස් වලට බැස්සොත්. නමුත් ජෙනරල් කන්සේන්ස් එක තම මුලින් සඳහන් කලේ.
    මේ තියෙන්නේ කියලා...

    ඒ විතරක් නෙමෙයි. ලියවෙන්න කලින් අවේ මුඛ පරම්පරගතවනේ එතකොට කොච්චර හැලෙන්න වෙනස්වෙන්න ඇතිද... ? ඒ ගැන වාදයක් නැහැ. අනික බලන්නකෝ පුද්ගලවාද, විඥ්ඥානවාද, රහස් මන්ත්‍ර, ථෙරවාද, විභාජ්ජවාද ආදී මේ ටෙක්ස්ට් වල ඔතොරිටිය පිළිගැ නිම සහ ඉන්ටර්ප්රිට් කිරීමේදී කොච්චර වෙනස්කම් තියනවද. අපිට හරියටම "කිසිම" ප්‍රතිරෝධයක් එල්ල නොවෙන ක්‍රමයකට කියන්නවත් පුලුවන්ද බුදුන් කියල කෙනෙක් සිටියා කියලා වත්?

    මම කියන්න උත්සහා කරේ හැම එකේම ඔය වගේ සීන් තියෙනවා කියල...මම උබ දාපු එක කියවල තමයි කිව්වේ...මගේ යටින් තියෙන ටිකත් කියවන්න..හදාරන්න ගොඩක් දේවල් තියෙනවා..බයිබලේ කියන්නේ චූටි කොටසක් විතරයි...එකේ ගොඩක් තියෙන්නේ ඉතිහාස කතා වගේ ඒවා..

    ඔය බෝල්ඩ් කරපු දේම තමා මමත් කියලා තියෙන්නේ. නිර්ධය විදිහට පහරගහන්න පුළුවන් උනාට එහෙම කරන එක සහේතුක නැහැ කියලා .

    මම හදාරලත් නැහැ,,ඒ නිසා ලොකු දෙයක් කියන්න බැහැ...මට නම් හැම ආගමක්ම බොරුවක් කියල තමයි හිතෙන්නේ..මේක විතරක් හදාරන්න සුදුසුයි, අනික්වා හදාරන්න සුදුසු නෑ කියල හිතනවනම් එකෙ වෙනම අවුලක් තියෙනවා කියල මම කලින් කිව්වේ...

    මුල්කොටස නම් ඉතින් ඔයාගේ නිදහස. එකේ කිසි ගැටළුවක් නැහැ. බෝල්ඩ් කරලා තියන එකෙත් කිසිම ගැටළුවක් නැහැ. ඕකම තම මම ත්‍රෙඩ් එක පුරාම කිව්වේ. අද තරුණ අය මෙයමයි සත්‍ය අන් සියල්ල අසත්‍ය කියලා ඒකාන්ත කරවලා හිතනව සහ පනවනවා. අන්න ඒ අයගේ ඒ ප්‍රවණතාවය නුවණට හුරු නැහැ කියන එකයි මම ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා ඒත්තු ගන්වන්න උත්ත්සහ කලේ.

    මෙයම සත්‍යය, අනිත්වා හිස්යයි
    This is the only truth, other ideas are silly
    ඉදමේව සච්චම් මෝඝමඥ්ඥන් ,ති කියලා කියන්න කලින් දෙපාරක් හිතන්න ප්‍රයෝගිකව තමන්ට ඔය කරනා කොපමණ වටිනවද නැද්ද කියලා.
     
    • Like
    Reactions: kolavari

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    ප්‍රශ්නයෙන් පැනලා යන්න හදන්න එපා......

    මම කොහෙවත් කියල තියනවාද බාසාවක් ගැන , මම කතා කරේ අර්ථය ගැන

    "love thy neighbor as you love thy self"- උබට මේ සරල කරුණ තේරුම් ගන්න මහා අද්යනයක් කරන්න වුනාද ?? :rofl:

    ඕනෑම දියුණු මනුස්ස සංස්කෘතියක මේවගේ ගුණාංග ගැන කියලා තියනවා ... ගොත්ත්‍රික සියටැල් පවා කියලා තියනවා ඔයිට වඩා හොදට



    අනේ මහත්යෝ කියන දේ බාගෙට කියවන්නේ නැතුව සම්පුරණයෙන් කියවලා ප්‍රශ්න අහන්න ...

    "මනස ඇත්තේ හදවතේ කියන වචන තුනෙන් වෙන අර්ථයක් මැවෙනවද ඔයාට?" -- මම එකග නොවන හේතුව පෙන්වලා තියනවා (ධම්මපදයේ චිත්තවග්‍ය reference කරලා) අනික ඕකලියපු කෙනා තේරුම්ගත විහිහටනේ ලියලා තියෙන්නේ .. මනස තියෙන්නේ මෙතැනයි කියලා බුද්ද දේශනාවේ කිසි තැනක් හරියට කියලා නැ !! ඒක බුදුන් කරපු ඉතාමත් බුද්දිමත් වැඩක් !!! මොකද එහෙම දේශනා කලානම් ඒගැන අපි අදහසක් ගන්නෙත් මනස පාවිච්චි කරලා ... ඒක අතාත්විකයි !

    පොඩ්ඩක් වැඩිහිටි වෙයන්කෝ.... බුද්දාගමේ තියනවා අනිත් ආගම වල වගේම බවුද්ද සහිතය හා දර්ශනය කියලා කොටස් දෙකක් .... "පදුන ගමන් ලමයෙක් ඇවිද්ද" වගේ දේවල් සාහිතයේ දේවල්. ඒවා මම පිළිගන්නේ නෑ ..නමුත් බයිබලයේ තියෙන්නේ මට අනුව සාහිත්‍ය පමණයි .... දර්ශනයක් තියනවනම් පෙන්නපන් ඇබරෙන්නේ නැතුව ! :rofl: :rofl:

    දැන් පොඩ්ඩක් ඔයාගේ කලිසම බලන්න (ඔයා කියලා තියනවා වගේම ):rofl::P:rofl:

    ------ Post added on Jul 1, 2021 at 8:15 AM

    සමාවෙන්න....උඹ ගැඹුරුයි කියලා quote කරලා තිබුන බුද්දාගමේ තියන පාඨය, පාලි හෝ සංස්කෘත වලින් ලියපු එකක් නිසයි මම එහෙම හිතුවේ..

    අර්ථය තේරුම් ගැනීම එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් අනුව සාපේක්ෂයි.
    love thy neighbor කියල කිව්වහම එකෙක් තේරුම් ගන්නේ අල්ලපු ගෙදර එකාට ආදරය කරන්න කියල.
    රටේ ජනාදිපති පට්ටමට සාපෙක්ෂව බැලුවොත් අල්ලපු රට ෆිට් එකේ තියාගන්න.
    ඔෆිස් එකේ ඉන්න එකා බලන්නේ එහා පැත්තේ ඉන්න එකා එක්ක යාලු වෙලා ඉන්න.

    පහල තියෙන්නේ මම තේරුම් ගත්ත විදිහ. තව කෙනෙක් වෙනස් විදියට තේරුම් ගන්න පුළුවන්. තවත් ගැඹුරට අද්‍යනය කරලා බැලුවොත් මීටත් වඩා බරපතල තේරුමක් තියෙන්නත් පුළුවන්.

    love නැත්තම් ආදරය කියන දේ එක එක විදියට අර්ථ දක්වන්න පුළුවන්, දරුවෙකුට, අම්මෙක්ට, තාත්තෙක්ට, යාලුවෙකුට, සහෝදරයෙකුට, කෙල්ලෙකුට, කොල්ලෙකුට, සෙලිබ්‍රිටි කෙනෙක්ට, දේශපාලයෙකුට, නායකයෙකුට, අජීවී දෙයකට, ගහකට, සතෙකුට, වාහනේකට, දෙවි කෙනෙකුට, බුදුනට, පරිසරයට, earth එකටම, තව වෙන මොනවහරි නොකී දේකට ආදරය දක්වන විදිය වෙනස්.
    මෙතැනදී කියන්නේ romantic love නෙවෙයි. Brotherly love (feelings of humanity and compassion towards one's fellow humans.) සහෝදර ප්‍රේමය

    neighbor කියන දේත් එහෙමයි, ඔය උඩින් ලියපු ඒවා සහ නොලියපු දේවල් සියල්ල එක් එක් අවස්ථාවන්වලදී අපේ අසල්වැසියෝ ( අසල + වසන දේ ) වෙනවා.

    යම් කිසි (ඕනෑම) අවස්ථාවක, සිදුවීමකදී තමන්ට කිට්ටුව ඉන්න කෙනාට, තමන් ආදරය කරන කෙනෙකුට දක්වන ගෞරවය, සැලකිල්ල දක්වන්න. බහුතරය ඔය විදියට හිතුවොත්, කෙනෙක් තව අයෙක් අපහසුවට, අගතියට පත් කරන්නේ නැති වෙනවා. මොකද තමන් ආදරය කරන අයට කිසි කරදරයක්, හානියක් වෙන්න කව්රුත් ඉඩ තියන්නේ නෑ. කරදර වලින් ආරක්ෂා කරනවා. රෙස්පෙක්ට් කරනවා.

    - දරුවෙකුට කරන ආදරය, ගෞරවය, සැලකිල්ල, ආරක්ෂාව තමන්ගේ දරුවට විතරක් නෙමෙයි, ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ට හමුවන (අසල්වැසි වන / අසල + වසන) සියලුම දරුවන්ට කරන්න/දෙන්න.
    - අම්මෙක්ට, තාත්තෙක්ට කරන ආදරය, ගෞරවය, සැලකිල්ල, ආරක්ෂාව තමන්ගේ අම්මට තාත්තට විතරක් නෙමෙයි ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ට හමුවන (අසල්වැසි වන / අසල + වසන) හැම අම්මෙක්ට, තාත්තෙක්ටම කරන්න/දෙන්න.
    - සහෝදරයෙකුට, සහෝදරියකට කරන ආදරය, ගෞරවය, සැලකිල්ල, ආරක්ෂාව තමන්ගේ සහෝදරයට, සහෝදරියට විතරක් නෙමෙයි ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ට හමුවන (අසල්වැසි වන / අසල + වසන) හැම සහෝදරයටම, සහෝදරියටම කරන්න/දෙන්න.

    හැමෝම, හැම දෙයක් ගැනම ඉහත විදියට හිතනවානම්, සලකනවානම්, මේ ලෝකය කොච්චර සුන්දර වෙයිද.

    (මම බයිබලය කියවලාත් නෑ සම්පුර්ණයෙන්ම, මගේ දෙමව්පියෝ දීපු ආගම කතෝලික, මගේ වයිෆ් බෞද්ධ. මම එක ආගමක්වත් අදහන්නේ නෑ. නමුත් සියලුම ආගම් වලට ගරු කරනවා. මම හිතන්නේ සියලුම ආගම් වල අපේක්ෂාවත් කාටත් හොඳින් ඉන්න පුළුවන් වටපිටාවක් හදන එක. පසුවට එක එක්කෙනා තම තමන්ගේ පැවැත්මට, වාසි ප්‍රයෝජන වලට එක එක දේවල් වෙනස් කරගත්තාට)
     
    • Like
    Reactions: nalinpr