සමාවෙන්න....උඹ ගැඹුරුයි කියලා quote කරලා තිබුන බුද්දාගමේ තියන පාඨය, පාලි හෝ සංස්කෘත වලින් ලියපු එකක් නිසයි මම එහෙම හිතුවේ..
අර්ථය තේරුම් ගැනීම එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් අනුව සාපේක්ෂයි.
love thy neighbor කියල කිව්වහම එකෙක් තේරුම් ගන්නේ අල්ලපු ගෙදර එකාට ආදරය කරන්න කියල.
රටේ ජනාදිපති පට්ටමට සාපෙක්ෂව බැලුවොත් අල්ලපු රට ෆිට් එකේ තියාගන්න.
ඔෆිස් එකේ ඉන්න එකා බලන්නේ එහා පැත්තේ ඉන්න එකා එක්ක යාලු වෙලා ඉන්න.
පහල තියෙන්නේ මම තේරුම් ගත්ත විදිහ. තව කෙනෙක් වෙනස් විදියට තේරුම් ගන්න පුළුවන්. තවත් ගැඹුරට අද්‍යනය කරලා බැලුවොත් මීටත් වඩා බරපතල තේරුමක් තියෙන්නත් පුළුවන්.
love නැත්තම් ආදරය කියන දේ එක එක විදියට අර්ථ දක්වන්න පුළුවන්, දරුවෙකුට, අම්මෙක්ට, තාත්තෙක්ට, යාලුවෙකුට, සහෝදරයෙකුට, කෙල්ලෙකුට, කොල්ලෙකුට, සෙලිබ්‍රිටි කෙනෙක්ට, දේශපාලයෙකුට, නායකයෙකුට, අජීවී දෙයකට, ගහකට, සතෙකුට, වාහනේකට, දෙවි කෙනෙකුට, බුදුනට, පරිසරයට, earth එකටම, තව වෙන මොනවහරි නොකී දේකට ආදරය දක්වන විදිය වෙනස්.
මෙතැනදී කියන්නේ romantic love නෙවෙයි. Brotherly love (feelings of humanity and compassion towards one's fellow humans.) සහෝදර ප්‍රේමය
neighbor කියන දේත් එහෙමයි, ඔය උඩින් ලියපු ඒවා සහ නොලියපු දේවල් සියල්ල එක් එක් අවස්ථාවන්වලදී අපේ අසල්වැසියෝ ( අසල + වසන දේ ) වෙනවා.
යම් කිසි (ඕනෑම) අවස්ථාවක, සිදුවීමකදී තමන්ට කිට්ටුව ඉන්න කෙනාට, තමන් ආදරය කරන කෙනෙකුට දක්වන ගෞරවය, සැලකිල්ල දක්වන්න. බහුතරය ඔය විදියට හිතුවොත්, කෙනෙක් තව අයෙක් අපහසුවට, අගතියට පත් කරන්නේ නැති වෙනවා. මොකද තමන් ආදරය කරන අයට කිසි කරදරයක්, හානියක් වෙන්න කව්රුත් ඉඩ තියන්නේ නෑ. කරදර වලින් ආරක්ෂා කරනවා. රෙස්පෙක්ට් කරනවා.
- දරුවෙකුට කරන ආදරය, ගෞරවය, සැලකිල්ල, ආරක්ෂාව තමන්ගේ දරුවට විතරක් නෙමෙයි, ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ට හමුවන (අසල්වැසි වන / අසල + වසන) සියලුම දරුවන්ට කරන්න/දෙන්න.
- අම්මෙක්ට, තාත්තෙක්ට කරන ආදරය, ගෞරවය, සැලකිල්ල, ආරක්ෂාව තමන්ගේ අම්මට තාත්තට විතරක් නෙමෙයි ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ට හමුවන (අසල්වැසි වන / අසල + වසන) හැම අම්මෙක්ට, තාත්තෙක්ටම කරන්න/දෙන්න.
- සහෝදරයෙකුට, සහෝදරියකට කරන ආදරය, ගෞරවය, සැලකිල්ල, ආරක්ෂාව තමන්ගේ සහෝදරයට, සහෝදරියට විතරක් නෙමෙයි ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ට හමුවන (අසල්වැසි වන / අසල + වසන) හැම සහෝදරයටම, සහෝදරියටම කරන්න/දෙන්න.
හැමෝම, හැම දෙයක් ගැනම ඉහත විදියට හිතනවානම්, සලකනවානම්, මේ ලෝකය කොච්චර සුන්දර වෙයිද.
(මම බයිබලය කියවලාත් නෑ සම්පුර්ණයෙන්ම, මගේ දෙමව්පියෝ දීපු ආගම කතෝලික, මගේ වයිෆ් බෞද්ධ. මම එක ආගමක්වත් අදහන්නේ නෑ. නමුත් සියලුම ආගම් වලට ගරු කරනවා. මම හිතන්නේ සියලුම ආගම් වල අපේක්ෂාවත් කාටත් හොඳින් ඉන්න පුළුවන් වටපිටාවක් හදන එක. පසුවට එක එක්කෙනා තම තමන්ගේ පැවැත්මට, වාසි ප්‍රයෝජන වලට එක එක දේවල් වෙනස් කරගත්තාට)