මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මචං බයිබලයෙ මම දන්න විදිහට තියෙන්නෙ ත්‍රිපිටකය හා සමාන දේවල්ම තමා...මෛත්‍රිය... කරැනාව....ආදරය...යනාදි දෙ. මමත් බයිබලය ඒ තරමිම දන්නෙ නැහැ.. නමුත් මට තියෙන ප්‍රශ්නය තමා උඹ බයිබලය දන්නවද,...කොහොමද කියන්නෙ “පටන්ගත්ත තැන ඉඳලා බොරු ගොඩක් නේ තියෙන්නේ ....” කියල....අපි හැමෝටම අපෙ දෙමවිපියන්ට..ආගමට ආදරෙයි ඒ වගේම ගරැ කරනව. මොන වැරද්දක් තිබුනත් අපිට ඉටවඩා උතුම් දෙයක් තියෙනවද??? මම නං කොයි ආමටත් ගරැකරනව මගෙ ආගම වගේම....යමක් විවේචනය කරන්න කලින් ඒක හදාරල ඉදපං මචං...මේකයි මගෙ අදහස...
    මුලින්ම පිලිගන්නවා මම අන්තගාමී වචනයක් පවිච්චිකලා කියලා ...."“පටන්ගත්ත තැන ඉඳලා බොරු ගොඩක් නේ තියෙන්නේ" කියනඑක මම සමාව ඉල්ලන ගමන්ම ඉල්ලා අස්කර ගන්නවා. බැහැයි බයිබලය යම් තරමකට කියවූ මට ඒ අදහස නිරායාසයෙන් ආවා කියය්ය්න පුළුවන් . මොකද බයිබලයේ පටන්ගනා චේදයේම තියෙන්නේ " ලෝකය දින 6කින් මැව්වා, ඊට පස්සේ ඉරහද මැව්වා, ලෝකය මැවීම සිදුවුනේ අ. 10000කට මෙපිටින් කියලා.....

    හැබැයි ඔබ කියන දෙයක් එක්ක මම එකග නෑ ... "බයිබලයෙ තියෙන්නෙ ත්‍රිපිටකය හා සමාන දේවල්" - ත්‍රිපිටකය කතා කරන්නේ ඉතාමත් ගැබුරු ධර්ශනික කරුණු ත්‍රිපිටකය කතා කරන කරුනුත් එක්ක බැලුවහම බයිබලය අහලකින් වත් තියන්න බෑ .... ( එකග වෙන්නේ නැතිනම් උදාහරණයක් දෙන්න ). මෛත්‍රිය... කරැනාව....ආදරය වගේ දේවල් කොහොමත් බුද්දාගමේ තියන් දේවල්. එහෙමයි කියලා ඒ දෙකේ ඇතුලත හරය එකම වෙන්නේ නෑ. ගැබුරු බුදුදහමට අනුව ආදරය වුනත් කෙලෙස් බැදීමක් ..එයත් අපේ සසර ගමන දික්කරනවා !

    නමුත් ඔයා ඉදිරිපත් කරලා තියන අදහසට මම ගරු කරනවා !
     
    • Love
    • Like
    Reactions: Deviyo and Renu77

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    අධ්‍යනය කරන එක කෙසේ වෙතත් මම නම් පරණ තෙස්තමේන්තුව අදටත් කියවනව. අවුරුදු 4000 ට විතර කලින් එහෙම සාහිත්‍යයක් මැදපෙරදිග මිනිස්සු ටිකක් ගොඩනැඟුව කියන එක හ්‍යුමන් එක්ස්පීරියන්ස් එකේ ලස්සනම තැනක්. ඒ වගේ එපික් ලියවිල්ලක් පරිකල්පනයක් නැති ජාතියක් අතින් ලියැවෙන්නෙ නෑ.

    ඒ ඇරුනම පරණ තෙස්තමේන්තුවෙ දෙවියො අලුත් තෙස්තමේන්තුවෙ දෙවියොන්ට වඩා මනරම්. අධ්‍යනය කරන මඟුලකට නෙමේ පුලුවන් නම් Book of Job කියවන්න. කියවල G K Chesterton ඒ ගැන ලියපු essay එක කියවන්න. මනුස්සයෙක්ට දෙවියො ගැන එන්න පුලුවන් conflict එක යට නොගහ එලිපිටම ඇඩ්‍රස් කරනව. මම ඒබ්‍රහමික ආගමික ග්‍රන්ථයක එහෙම කරනව දැකලම නෑ. ඇරත් Job ගෙයි දෙවියන්ගෙයි අතරෙ යන දීර්ඝ ඩයලොග් එක! ලෝකෙ හොඳම සාහිත්‍ය නිර්මාණ එක්ක පරණ තෙස්තමේන්තුවෙ සෙක්ෂන් තියන්න පුලුවන් ගේමක්ම නැතුව.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    ඕපීට "ආරම්භයක්" විදිහට බයිබලේ ගැන සරලව දැනගන්න මෙන්න මේ චැනල් එක හොඳයි කියලා හිතනවා.
    https://youtube.com/c/bibleproject

    මමත් කාලෙක ඉඳන් බලනවා. ලොකු හොඳ නරකක් කියන්න දන්නෙ නැහැ මොකද මම ඒ ෆේත් එක ගැන වැඩියමක් දන්නෙ නැති නිසා.

    මේ තියෙන්නෙ උඩ යූසර් රෙකමන්ඩ් කරපු Book of Job එක ඒ සීරිස් එකේ.
     
    • Like
    • Haha
    Reactions: Deviyo and fallend

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මම කිසිම ආගමක් අදහන්නේ නැති තැන ඉදන් තමයි මේ පිළිතුර ලියන්නේ. (දැන් කියයි නිරාගමිකයෙක් කියල, නමුත් නිරාගමිකයොත් එකිනෙකට වෙනස් කියල හිතෙනවා ) නමුත් එහෙම තැනක ඉදල බලන කොට තමයි යම් දෙයක් හරියට දකින්න පුළුවන්.

    සමහරු කියල තියෙනවා, බයිබලේ පටන් ගත්තු තැන ඉඳල බොරු තියෙන්නේ කියල. මමත් ඉන්නේ එතන තමයි. මොකද ලෝකය මවල, ආදම් මවල, ඊටපස්සේ ඊව වත් මවනවනේ....... නමුත් මෙහි අද්‍යනය කරන්න දෙයකුත් තියෙනවා.

    "මැවීම මොන බොරුවක්ද" කියල , බුදු දහම පිලි ගන්න අයෙකු සමච්චලයෙන් අහන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේට වටිනාකමක් නැහැ, ඔහු බෞද්ධයෙක්‌ ලෙස පරිණාමය පිළිගන්නවද නැද්ද කියල කියනකම් .

    අන්න ඒ නිසයි මම හිතන්නේ යමක් අද්‍යනය කරනවානම්,හැකි තරම් ස්වාදීන වීම වැදගත් කියල.

    දැන් බලමු මොකක්ද බයිබලයේ අද්‍යනය කරන්න තියෙන්නේ කියලා.

    අපි පරිනාමය දැඩිව පිළිගත්තත් අපිta ඒක ඔප්පු කර පෙන්වන්න බැහැ තවමත්. ඒක සෛලික ජීවියෙක් නිර්මාණය වූ දවසේ සිට අද සිටින මිනිසා දක්වාම , මෙය බාහිර බල පෑමකින් තොරව autonomous සිදුවීම අපි හිතන තරම් ලේසි දෙයක් නොවෙයි . අනික් අතට මනස ගැන අපි නොදන්නා දේ, දන්නා දේට වඩා ඉහලයි. (සිග්මන් ෆ්‍රොයිඩ් කවුද කියල හිතෙනවා බුද්ධාගමේ මනස ගැන විස්තර කිරීම බලන විට. නමුත් ඒ එක්කම මට නම් සාධාරණ ප්‍රශ්නයක් එනවා, ඔය තරම් මනස විග්‍රහ කරන ගමන් , මනස ඇත්තේ "හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" කියල අබිධර්මයේ කියවෙන විට.)

    කෙසේ හෝ අර , පරිණාමය ඔප්පු කර පෙන්වීමේ අපොහොසත්කම, තව කොටසක් උපයෝගී කර ගන්නවා බයිබලයේ "මැවීම" සංකල්පයට වැදගත් කමක් දීමට. එතැනදී ඔවුන් කියනව , ඔවුන්ගේ මතයේත් සත්‍යක් තියෙනවාද කියා අද්‍යනය කරන්නය කියල.

    මීට වඩා වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ජීවයේ උපත කියන කාරණාව . මේ සදහා විද්‍යාත්මක මත කීපයක් තියෙනවානේ. බයිබලයේ පැත්තෙන් කියන්නේ මැවීම කියන එක. දැන් මැවීම බොරු කියල පෙන්වන්න නම් අපිට වෙනවා , ජීවයේ උපත සිදුවූ අයුරු ඔප්පු කරන්න. නමුත් විද්‍යාවට එක තාම කරන්නත් බැරි වෙලා තියෙනවා.

    ඒ වගේම තමයි ජීවයට අත්‍යවශ්‍යම , ප්‍රෝටීන කියන දේ , ඇමයිනෝ අම්ල මගින් නිර්මාණය වීමට ඇති සම්බාවිතාව කොතරම්ම සිමිතද කියනවනම් , එය ප්‍රයෝගිකව පෙන්වදිමටත් තවම විද්‍යාවත් අසමත් වෙලා තියෙනවා. (මම වැරදි නම් කෙනෙකුට නිවැරදි කරන්න පුළුවන්)

    ඒක මට දැනෙන විදිහට මේ වගේ දෙයක් . ගඩොල් කපන ෆැක්ටරියක් තියෙනවා කියල hiතන්න. නමුත් කවුරුත් නැතිව ගඩොල් කපන මැෂින් එක ඉබේ වැඩ කරනවා. ඒ නිසා ගඩොල් මිලියනය සියක් කැපෙන විට එක ගඩොලක් තමයි ප්‍රයෝජනවත් විදිහට කැපෙන්නේ . දැන් ගෙදරක් හදන්න ගඩොල් දහ දාහක් ඕනි නම් , ෆැක්ටරියේ ගඩොල් කියක් කැපෙයිද කියල හිතන්න ගෙට අවශ්‍ය ගඩොල් ටික ගන්න . දැන් ගමේ ගේ හදන්න වත් ඉඩක් නැහැ නේද වැරදි ගඩොල් ගොඩ ගැහුවම. මේ ප්‍රෝටීන ප්‍රශ්නෙත් ඒවගේ තමයි. ජීවයට අවශ්‍ය ප්‍රෝටීන නිර්මාණය වීමත් ඒවගේ ම තමයි. මේ ලෝකයයම වැසි ගොස් තියෙන්න ඕනි පලක් නැති ප්‍රෝටීන වලින් මේ වෙන කොට එහෙම බැලුවොත් .

    chirality problem කියල google කලොත් මේ ගැන කියවන්න පුළුවනි.

    ඉතින් මේකත් එක කරුණක්, තවමත් බයිබලය අද්‍යනය කරන පිරිසක් ලෝකේ ඉන්න. ඔවුන් කියන්නේ විද්‍යාවටත් තවම ඔප්පු කර ගන්න බැරි උණු " ලෝකය සහ ජිවය" නිර්මාණය උනේ මැවීමක් ලෙසද කියල සොයන එක නතර නොකළ යුතුයි කියල .

    පෘතුවිය පැතලිය කියල තාමත් පිලි ගන්න පිරිසක් ඉන්න විට, මේක පුදුම විය යුතු දෙයකුත් නොවේ. නමුත් මම නම් තවමත් විශ්වාස කරන්නේ ජිවය ඇතිවීම autonomous අහබු සිදු වීමක් කියලම තමයි.
    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මම මෙහි බොහෝ කරුණු වලට එකයි .....

    මුලින්ම මම එකග නොවෙන තැනක් පෙන්වන්නම් : "මනස ඇත්තේ හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" - මට අවබෝද වන හැටියට මේක වැරදි විග්‍රහයක් !
    බුදුන් මනස/සිත ගැන ඉතා ගැබුරු විග්‍රහයක් කරන ධමම පදයේ , චිත්ත වග්ගයේ කිසිම තැනක මනස කුමක් වගේද යන්න පැහැදිලි කිරීමට උදාහරණයක් වත් ගන්නේ නෑ. මොකද එහෙම ගත්තු ගමන් මනස ගැන උදහරරණයට අනුව චිත්තරූපය මවන්නේ අයෙත් මනසේම උදව්වෙන් ....නමුත් ඔයා කියනවා වගේ බුදු ධහම තුල මනස හා හර්දයේ යම්කිසි සම්බන්දයක් කියන තැනක් තියනවා තමා ....ඒක තව අද්‍යනය කරන්න ඕනේ. නමත් මනස ඇත්තේ හදවතේ කියලා අදහසක් බුදුන් දේශනා කරා කියලා මම පුද්ගලිකව පිළිගන්නේ නෑ....

    ඊටපස්සේ ඔයා කියන කතා සියල්ලටම වගේ මම එකයි ... ඔව් බයිබලයේ කියන කතාව ඇත්තද බලන්න අපි එය හැදෑරිය යුතුයි (100% එකයි ) . එහෙනම් මුලින්ම කරන්න ඕනේ බයිබලය හොදින් කියවන එකනේ ....කියවපුවහම එකේ තියෙන්නේ එකිනෙකට එකතු කරපු කතා ගොඩක්. අන්න ඒ කතා ඇතුලේ ඔය කියන තරම් ගැබුරක් නෑ කියලයි මම කියන්නේ ......

    උදාහරනයක් විදිහට ක්‍රි.පූ. 6-7 සියවස් වල ඉන්දියාවේ "ආත්මන්" කියන සංකල්පය ගැන මිනිස්සු බෙල්ල කඩාගන තර්ක කළා, හොයන්න පටන්ගත්තා .... එතකොට සමකාලීන බුද්දගමේත් ඉතත සංකල්පය ගැන (දිගින් දිගට යන ආත්මයක් තියනවද කියලා ) ගැබුරු විග්‍රහයක් තියනවා. මම අහන්නේ අන්න ඒ වගේ ගැබුරු කරුණු බයිබලයේ නෑ කියලයි. අද්‍යනය කරන්න ඕන එක ඇත්ත ...නමුත් අද්‍යනය කරලා මේ දක්වා හොයාගත්තු ගැබුරු කරුණ මොකද්ද ????
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අධ්‍යනය කරන එක කෙසේ වෙතත් මම නම් පරණ තෙස්තමේන්තුව අදටත් කියවනව. අවුරුදු 4000 ට විතර කලින් එහෙම සාහිත්‍යයක් මැදපෙරදිග මිනිස්සු ටිකක් ගොඩනැඟුව කියන එක හ්‍යුමන් එක්ස්පීරියන්ස් එකේ ලස්සනම තැනක්. ඒ වගේ එපික් ලියවිල්ලක් පරිකල්පනයක් නැති ජාතියක් අතින් ලියැවෙන්නෙ නෑ.

    ඒ ඇරුනම පරණ තෙස්තමේන්තුවෙ දෙවියො අලුත් තෙස්තමේන්තුවෙ දෙවියොන්ට වඩා මනරම්. අධ්‍යනය කරන මඟුලකට නෙමේ පුලුවන් නම් Book of Job කියවන්න. කියවල G K Chesterton ඒ ගැන ලියපු essay එක කියවන්න. මනුස්සයෙක්ට දෙවියො ගැන එන්න පුලුවන් conflict එක යට නොගහ එලිපිටම ඇඩ්‍රස් කරනව. මම ඒබ්‍රහමික ආගමික ග්‍රන්ථයක එහෙම කරනව දැකලම නෑ. ඇරත් Job ගෙයි දෙවියන්ගෙයි අතරෙ යන දීර්ඝ ඩයලොග් එක! ලෝකෙ හොඳම සාහිත්‍ය නිර්මාණ එක්ක පරණ තෙස්තමේන්තුවෙ සෙක්ෂන් තියන්න පුලුවන් ගේමක්ම නැතුව.
    ඒ එක්කම අවුරුදු 5000 විතර ඈතට දිවෙන හින්දු සංකල්ප, උපනිෂද් ආගම්, වෛදික ආගම් හා ෂඩ් සාස්තෘ වරුන්ගේ ඉගැන්වීම ගැනත් හදාරපන්කෝ .... එතකොට තේරෙයි ආසියාව ඒ කාලේ කොතනද තිබුනේ කියලා.

    ඔය පරණ තෙස්තමේන්තුව ලියපු ජන කොටසට ඒකාලේ තිබුණු සුමේරිය සිෂ්ටාචරයටවත් හරියට බද්ද වෙන්න බැරිවුනා... ඉතිහාසයේ කිසිම වැදගත් බවුතික දේවල් නිර්මාණය නොකරපු, එම සලකුණු නොතිබ්බ ජනකොටසක් එයකියන තරම් සාහිත්‍යක් ගොඩනැගුවද ???/
     
    • Love
    Reactions: Deviyo

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බයිබලය, කොරානය කියන්නේ අමු මිථ්‍යාදෘෂ්ටික දර්ශනයකින් බ්ලියන ගනනක ජනතාව අදටත් ඇන්දීමට හා පාලනය කිරීමට හැකි වුන පොත් දෙකක්.

    එතරම් බලපෑමක් ඒ පොත් දෙකට කිරීමට පුළුවන් වුනේ කොහොමද කියලා අධ්‍යයනයක් කරන්න හිතෙන එකේ වරදක් නෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඒ එක්කම අවුරුදු 5000 විතර ඈතට දිවෙන හින්දු සංකල්ප, උපනිෂද් ආගම්, වෛදික ආගම් හා ෂඩ් සාස්තෘ වරුන්ගේ ඉගැන්වීම ගැනත් හදාරපන්කෝ .... එතකොට තේරෙයි ආසියාව ඒ කාලේ කොතනද තිබුනේ කියලා.

    ඔය පරණ තෙස්තමේන්තුව ලියපු ජන කොටසට ඒකාලේ තිබුණු සුමේරිය සිෂ්ටාචරයටවත් හරියට බද්ද වෙන්න බැරිවුනා... ඉතිහාසයේ කිසිම වැදගත් බවුතික දේවල් නිර්මාණය නොකරපු, එම සලකුණු නොතිබ්බ ජනකොටසක් එයකියන තරම් සාහිත්‍යක් ගොඩනැගුවද ???/

    සාහිත්‍ය ගොඩ නඟපු එක සැක කරන්නෙ මොන පදනමකින්ද. ඕක ඕපපාතිකව පැන නගින්නයැ. සෙමිටික් සංස්කෘතියෙ වැදගත්ම (defining) ලක්ෂණය තේරුම් ගන්නව නම් ඔය ප්‍රශ්නය ඇහෙන්නෙ නෑ. ඒ අය ගෙ strong suit එක අකුරු, වචන, සාහිත්‍යය. ඊජිපිතුවෙ භෞතික ගොඩනැංවීම් වෙද්දි සෙමයිට් ල පැත්තකට වෙලා අකුරු ඉගෙනීම තමා වෙනස. එක එක ශිෂ්ඨාචාර වල පාණ්ඩිත්‍යයන් වෙනස් නෙව.

    ඇයි ඔයා මේක පෙරදිග vs. අපෙරදිග ප්‍රශ්නයක් විදිහට ගත්තෙ එකපාරටම. insecure වෙන්න අවශ්‍ය නෑ.

    මම රිප්ලයි එකේ වේදික ශාස්ත්‍ර ගැන කිසි දෙයක් කියල නෑ. ඇත්තටම වේදික ග්‍රන්ථ වලට තමා මම කැමතිම. මට සතුටුයි ඒ වගේ වර්ණවත් ශාස්ත්‍රයක් බිහිවුන ශිෂ්ඨාචාරයක ඈතකින් හරි සම්බන්ධයක් තිබීම ගැන. නමුත් සාහිත්‍යය අතින් පරණ තෙස්තමේන්තුව ඉදිරියෙන්. ඒකෙ තියෙන sarcasm, sense of irony, humor, නිර්මාණශීලි උපමා...මේව සමකාලීන සාහිත්‍ය වල හොයාගන්න වත් බෑ. වේදික සාහිත්‍යයත් රසවත්, ඒත් ඒක වෙනම කේස් එකක්.

    මෙව්වා පර්සනල් ඔපීනියන් විතරයි, තව කෙනෙක්ට බයිබලේ තියෙන බ්‍රිලියන්ස් එක මිස් වෙන්න පුලුවන් ඒකෙ ගැටලුවක් නෑ. සබ්ජෙක්ටිව් දේවල් නෙ. සමහර දේවල් අගය කරන්න බුද්ධිමය සූදානමක් අවශ්‍යයි.
     
    Last edited:
    • Like
    Reactions: Starry Night

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    උදාහරනයක් විදිහට ක්‍රි.පූ. 6-7 සියවස් වල ඉන්දියාවේ "ආත්මන්" කියන සංකල්පය ගැන මිනිස්සු බෙල්ල කඩාගන තර්ක කළා, හොයන්න පටන්ගත්තා .... එතකොට සමකාලීන බුද්දගමේත් ඉතත සංකල්පය ගැන (දිගින් දිගට යන ආත්මයක් තියනවද කියලා ) ගැබුරු විග්‍රහයක් තියනවා. මම අහන්නේ අන්න ඒ වගේ ගැබුරු කරුණු බයිබලයේ නෑ කියලයි. අද්‍යනය කරන්න ඕන එක ඇත්ත ...නමුත් අද්‍යනය කරලා මේ දක්වා හොයාගත්තු ගැබුරු කරුණ මොකද්ද ????
    ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. බයිබලය බුද්ධාගමට සාපේක්ෂව ගැබුරු නැහැ. නමුත් ලෝකේ ඉන්න මිනිස්සුත් වෙනස්. අවබෝධ මට්ටම වෙනස්. බයිබලය සරලයි. (අගෞරවය කරනවා නෙවි), බයිබලය තියෙන්නේ යමක් ගැන ගැබුරින් හිතන්න අකමැති ජිවිතේ මතුපිටින් දකින මිනිසුන් වෙනුවෙන්.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    ඒ එක්කම අවුරුදු 5000 විතර ඈතට දිවෙන හින්දු සංකල්ප, උපනිෂද් ආගම්, වෛදික ආගම් හා ෂඩ් සාස්තෘ වරුන්ගේ ඉගැන්වීම ගැනත් හදාරපන්කෝ .... එතකොට තේරෙයි ආසියාව ඒ කාලේ කොතනද තිබුනේ කියලා.

    ඔය පරණ තෙස්තමේන්තුව ලියපු ජන කොටසට ඒකාලේ තිබුණු සුමේරිය සිෂ්ටාචරයටවත් හරියට බද්ද වෙන්න බැරිවුනා... ඉතිහාසයේ කිසිම වැදගත් බවුතික දේවල් නිර්මාණය නොකරපු, එම සලකුණු නොතිබ්බ ජනකොටසක් එයකියන තරම් සාහිත්‍යක් ගොඩනැගුවද ???/

    ඩූඩ් සීරියස්ලි? :alien:

    ශ්‍රාස්ත්‍රීය නොවන පොප්කල්චර් උදාහරණයක් කිව්වොත් ජුඩෙයො ක්‍රිස්ටියන් කල්චර් එකතමා අද ලෝකෙ දැනට තියන බලවත්ම කල්චර් එක. ඒකෙන් තමා විද්‍යාව ඇතුලු අපි අද භාවිතා කරන ටූල්ස් සහ චින්තනයන් පැන නැග්ගෙ.

    ආසියාතික අපේ අපිට වෙනම චින්තනයක් තිබ්බා තමා. මලාම ආත්මය, ඉරට යනවා හඳටයනවා ආදී ඉඳං අනාත්මය දක්වා දියුණු උන.

    නමුත් අද තියන බලවත්ම සහ ඩොමිනන්ට් කල්චර් එක එදා යුදෙව්වන් තුලින් හටගත් පසුව දියුණු උන ජුඩෙයො ක්‍රිස්ටියන් කල්චර් එක තමා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඩූඩ් සීරියස්ලි? :alien:

    ශ්‍රාස්ත්‍රීය නොවන පොප්කල්චර් උදාහරණයක් කිව්වොත් ජුඩෙයො ක්‍රිස්ටියන් කල්චර් එකතමා අද ලෝකෙ දැනට තියන බලවත්ම කල්චර් එක. ඒකෙන් තමා විද්‍යාව ඇතුලු අපි අද භාවිතා කරන ටූල්ස් සහ චින්තනයන් පැන නැග්ගෙ.

    ආසියාතික අපේ අපිට වෙනම චින්තනයක් තිබ්බා තමා. මලාම ආත්මය, ඉරට යනවා හඳටයනවා ආදී ඉඳං අනාත්මය දක්වා දියුණු උන.

    නමුත් අද තියන බලවත්ම සහ ඩොමිනන්ට් කල්චර් එක එදා යුදෙව්වන් තුලින් හටගත් පසුව දියුණු උන ජුඩෙයො ක්‍රිස්ටියන් කල්චර් එක තමා.
    OP is in denial.
     
    • Like
    Reactions: White_Raven

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ලෝකේ ලොකුම වැඩේ තමයි "බොරුව"

    දෙවියෝ කියන්නේ පට්ටම බොරුව ක්, බයිබලේ, Quran - lie books
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    , ඔය තරම් මනස විග්‍රහ කරන ගමන් , මනස ඇත්තේ "හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" කියල අබිධර්මයේ කියවෙන විට.

    අභිධර්මයේ කියනවද ඕක?
    සූත්‍රවලනම් හම්බෙන්නෙ නැහැ කියනවා ඔය මතය. අටුවා වල (විශුද්ධිමාර්ගයේ) තියනවා කියලා තමා කියන්නෙ.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මුලින්ම මම එකග නොවෙන තැනක් පෙන්වන්නම් : "මනස ඇත්තේ හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" - මට අවබෝද වන හැටියට මේක වැරදි විග්‍රහයක් !
    ඔබ මෙයට එකග නොවීම ගැන මම පුදුම වෙන්නේ නැහැ . අද සිටින කිසිම බෞද්ධයෙක් මෙම කාරණයට එකග වෙන්නේ නැහැ. නමුත් මෙය තියෙන්නේ අභිධර්ම පිටකයේ. (ඉතින් ඔබ එකග නොවන්නේ මා සමග නොවේ, අභිධර්ම පිටකය සමගයි)
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉන්තින් මේ කියනදේ මම වටිනා මිනිස් ගුණධර්මයක් කියලා පිල්ගන්නවා ...

    එත් මේකේ ගැබුරු තම මොකද්ද ? සංකීර්ණ කරුණ මොකද්ද කාලේ වැයකරලා හදාරන්න තියන. මට පෙන්නපන් සාමාන්‍ය මිනිහෙකුට තේරුම්ගන්න බැරි ඉතා ගැබුරු අර්ථය මොකද්ද මෙහි.

    යකෝ බුද්දාගමේ තියන එක පාටයක් මිටවඩා ඉතා ගබුරුයි නේ ...

    නජච්චා වසලෝ භෝති - න ජච්චා හෝති බ්‍රාහ්මනෝ
    කම්මනා වසලෝ භෝති - කම්මනා හෝති බ්‍රාහ්මනෝ
    බයිබලයේ තනි පාඨයක් අල්ලගෙන ඒකේ ගැබුරු මදි වගේ ලද බොලද කතා කියන්ඩ කලින්, කියවලා බලපන් නව ගිවිසුමේ සන්ශිප්තයවත්, ඒකේ ගැඹුරක් තියේද නැද්ද කියලා? එහෙම නැතිව කොහොමද නිගමනයකට එන්නේ?
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අභිධර්මයේ කියනවද ඕක?
    සූත්‍රවලනම් හම්බෙන්නෙ නැහැ කියනවා ඔය මතය. අටුවා වල (විශුද්ධිමාර්ගයේ) තියනවා කියලා තමා කියන්නෙ.
    ඔව්, මෙය අභිදර්මයේ සදහන් වෙනවා. නමුත් අද ස්වාමින් වහන්සේලා බණ දේශනා කරත්දී, මෙය සාකච්චාවට ගන්නවා බොහොමත්ම අඩුයි. මොකද මෙය අදට ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඇති .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    ඔව්, මෙය අභිදර්මයේ සදහන් වෙනවා. නමුත් අද ස්වාමින් වහන්සේලා බණ දේශනා කරත්දී, මෙය සාකච්චාවට ගන්නවා බොහොමත්ම අඩුයි. මොකද මෙය අදට ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඇති .

    තියන තැන දන්නවද? මට ආසයි කියවලා බලන්න.

    ඔය "හදවතේ" අඩපතක් පමණ රුධිර කතාව පසුකාලීන කමෙන්ට්‍රියල් ට්‍රැඩිශන් එක විසින් ඉදිරිපත් කලා කියලා තමා මම අහලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Registext

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඒත් එක්කම තව කාරණයක් මතුකරන්න හිතෙනව. බුද්ධදර්මය පැහැදිලිවම අනිත් ආගම් වල පේන්න නැති "ගැඹුරු" පැත්තක් තියෙනවනෙ. ගැඹුරුයි කියල කියද්දි ඇත්තටම අපි අදහස් කරන්නෙ අභිදාර්මික විවරණ ටිකනෙ. ප්‍රශ්නය:...මේ ටික ඇත්තටම canonical ද? බුද්ධ භාෂිතයද? ඕව බුද්ධ ගෙන් ටික කාලයකට පස්සෙ බුද්ධ ගෙ දර්ශනයෙ ගැට ලිහා ගැනීමෙ හි ලා පටන් ගැනුන දාර්ශනික ව්‍යාපෘතියෙ ප්‍රතිඵලයක් විදිහට පැන නැගුන කාරනා නෙමේද. නාගර්ජුන, විභජ්ජවාද, ස්ථවිර, සුත්ත වගේ නාලන්දා සහ මහාවිහාර ශාස්ත්‍රීය ගුරුකුල නිකායන් වලින්. මේ ගැන හොඳින් දන්න කෙනෙක් විස්තර කරනව නම් මන් සතුටු වෙනව. මේ කියන කාරනේ එහෙම්පිටින්ම වැරදි වෙන්නත් පුලුවන්, එහෙමනම් ඉතින් වැරදි බව කියන්න.

    ටැග් ලයින් එකක් විදිහට අපේ එක පෙනුමෙන් ගැඹුරුය ඒ නිසා හොඳයි වගේ කතා ඒ තරම් පදනමක් නැති බව මගේ හැඟීමයි. ඒ අය මඟ හරින කාරනය බයිබලයෙන් පස්සෙත් ඇක්වයිනාස්, ඉරාස්මස්, මුවර් වගෙ අයගෙන් දේවධර්මය ශාස්ත්‍රීය අධ්‍යනයක් විදිහට ඉදිරියට ආපු බව. හරියටම නාගර්ජුනල අතින් බුද්ධ භාෂිතය පොහොසත් උනා වගේ. කැනොනිකල් ටෙක්ස්ට් එක විතරක් සලකනව නම් බුද්දාගමෙත් ඔය කියන "ඩීප්" කොටස් ටිකත් හැලීමේ අවදානමක් තියෙනව. ඉතුරුවෙන්නෙ ශූන්‍යතාවය කියන එකයි ප්‍රධානවම. හැබැයි ඒකත් සැළකිය යුතු තරම් දාර්ශනික සංශයක් තියෙන සංකල්පයක්. බුද්ධ ගෙ බුද්ධිමය දායකත්වයෙ කර්නල් එක.
     
    • Like
    Reactions: nalinpr

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    තියන තැන දන්නවද? මට ආසයි කියවලා බලන්න.

    ඔය "හදවතේ" අඩපතක් පමණ රුධිර කතාව පසුකාලීන කමෙන්ට්‍රියල් ට්‍රැඩිශන් එක විසින් ඉදිරිපත් කලා කියලා තමා මම අහලා තියෙන්නෙ.
    Capture.PNG

    රේරුකානේ හිමි - අභිධර්ම මාර්ගය - Not original Abhidharma pitaka
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ඔය මනස හදවත තුළ පවතිනවාය කියන එක රේරුකානේ හමුදුරුවොන්ගේ "පටිච්චසමුද්පාද විවරණය" කියන පොතෙත් තියෙනවා. මම පෞද්ගලිකව හිතන්නේ ඒක ඇත්තක් සහ මනස මොළෙන් වෙනස් වූ දෙයක් කියලා. භෞතික රූපකායකින් මනස විග්‍රහ කරලා නැත්තේත් ඒක පංචේන්ද්‍රිය ගොචර නොවන නිසා වෙන්න ඇති.

    නූලේ ප්‍රශ්නෙට යනවා නම් කතෘතුමා මුලින්ම බයිබලයට අවමන් කරන මානසිකත්වය නතරකර ගන්න ඕන. බයිබලය බෞද්ධ මානසිකත්වයකින් බලලා ඒක බොළඳයි කියන එක වම්බටුයි බොල්ට් ඇනයි වගේ. කතොලිකයන් බෞද්ධාගමට එල්ල කරන අරම්භයක් හෝ අවසානයක් හෝ නෑ කියන එකත් ඒ වගේමයි. බෞද්ධ දර්ශනය තුළ ඒක සාධාරණීයකරනය කෙරෙනවා.

    බයිබලයේ හදාරන්න ඕන තරම් දේවල් තියෙනවා. සමහරවිට ජිවිතකාලයක් තුළදි නිම කරගන්නත් බැරි තරම් දෙවල්. අදාළ කාලය තුළ සමාජ සන්දර්භය හා මුල් පිටපත් හා පරිවර්තන අතර වෙනස ආදිය මූලික දේවල්. උදාහරණයක් විදියට ජේසුතුමා එක තැනක කියනවා ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉඳිකටු මලෙන් රිංගා යෑම පහසුයි කියලා. නමුත් ඒ කාලයේ ඉඳිකටු මල කියන දෙයින් අදහස් කරලා තියන්නේ එක මිනිසෙකුට රිංගා ඇතුළුවිය හැකි අවශේෂ නගර ද්වාරයකටලු. එතකොට අර බයිබල් පාඨයේ අර්ථය මුළුමනින්ම වෙනස් වෙනව.
    මීට අමතරව ඩීමනෝලොජි හා සොලොමන් රජතුමා ආදිය හුඟාක් තියෙනවා. අනෙක් අතට ශතවර්ෂ ගණනාවක් තිස්සේ බටහිර මානසිකත්වය හැඩගැහිලා තියන්නේ මූලිකවම බයිබලය පදනම් කරගෙන. රෝමය බිඳවැටුනට පස්සේ ක්‍රිස්තියානින් විසින් ලෝකය එක්සේසත් කරගත්තා ආගමේ නාමයෙන්. ඒක තමා මේ අපි අත්විඳින භෞතික දියුණුවේ පදනම. නැත්තන් තාම අපි මධ්‍යතන අඳුරු යුගයේ. ක්‍රිස්තියානි ධර්මයේ ගැඹුරු ගැටළු තියෙනවා. කන්ට්‍රැඩික්ෂන් තියෙනවා. නමුත් බයිබලයේ වැදගත්කම හා අර්ථාන්විත බව ඒවට ලඝුකරන්න බෑ.

    අවුරුදු සිය ගණනක් තිස්සේ ගැඹුරු ත්‍රීපිටකය තියාගෙන ඉන්න අපි දිගින් දිගටම සමාජීය, සාරධර්ම හා පෞද්ගලික සංවර්ධනය අතින් බයිබලය අර්ථකොටගත් යුරොපා සමජයන්ට වඩා හුඟාක් පිටුපසුන් ඉන්නේ. අපිට එහෙම උගතුන් නෑ. එහෙම නායකයන් නෑ. එහෙම සමාජ ක්‍රියාකාරින් නෑ. එහෙම ස්වයං විනයක් නෑ. මේවාවල හේතු විමසලා අවමන් කලාට කමක් නෑ. නිකන්ම නිකන් ප්‍රකාශයක් විසින් එසේ නොකර.