මොනාද මේ අවිගන්
අවිගන් ඖෂධය
වර්තමානයේ ලොව මුහුණ පා සිටින කොරෝනා වසංගතය ඇතිකරන කෝවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා විභව්‍යතාවක් ඇතිබවට සායනික පරීක්ෂණ මගින් සනාථ වී ඇති අවිගන් ඖෂධය ලංකාවට ගෙන්වාගැනීමට අද ඇණවුම් කරනු ලැබුවා.
ෆවිපරවිර් යන ඖෂධවිද්‍යාත්මක නමින් හඳුනවන මෙම ප්‍රතිවෛරස ඖෂධය අතීතයේදිත් වසංගත ඇති කළ සිරස රැසක් සඳහා සාර්ථක වී තියෙනවා. මේ ඖෂධය ස්වභාවයෙන් ඇරෝමැටික ඒමයිඩයක් වන අතර එය වෛරසයේ ආර් එන් ඒ පොලිමරේස් එන්සයිමය නිෂේධනය කිරීම මගින් හෝ සිරස ගෙනෝමයේ මාරක විකෘති ප්‍රේරණය කිරීමේ යන්ත්‍රණයකින් වෛරස මර්ධනය කිරීමේ භව්‍යතාව දක්වන බව විශ්වාස කරනු ලබනවා.
වෛරස යනු අනිවාර්ය අන්තක් සෛලීය පරපෝශිත ජීවාණු වර්ගයක්. ඒවා ක්‍රියාත්මක වන්නේත් ගුණනය වන්නේත් ජීව් සෛලයක අභ්‍යන්තරයේ පමණයි.
වෛරසයක් ජීව සෛලයක් තුළට ඇතුළුවීමෙන් පසු( ඇතැම් විට සෛලය ආක්‍රමණය නොකර ස්වකීය ප්‍රවේණික ද්‍රව්‍ය පමණක් සෛලයට එන්නත් කළ හැකි වෛරසද පවතී ) සෛලය තුළදී තම ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රතිවලිත කරමින් තමා හා සමාන පිටපත් ලක්ෂගණනින් නිශ්පාදනය කර ප්‍රචණ්ඩ ලෙස අනිකුත් සෛලද ආක්‍රමණය කරනව. වෛරසය මර්ධනයට ශරීරයේ ප්‍රතිශක්තිය හෝ පිටතින් ලබාදෙන වැක්සීනයක් මගින් ප්‍රේරණය කරන අර්ජිත ප්‍රතිශක්තිය අසමත් වුණොත් අවසාන ප්‍රතිඵලය මරණයයි. බොහො වෛරස වලට ප්‍රතිශක්තිය ඇතිකරන වැක්සීන තිබුණත් කෝවිඩ් වැනි සමහර අය්ෂධ වලට තවත් සාර්ථකව වැක්සීනයක් සෑදීමට කාලයක් ගතවනු ඇති.
මේ නිසාම වෛරස මර්දක ඖෂධ වැදගත්වෙනවා රෝගී ජීවිත බේරාගැනීමට. ප්‍රතිවෛරස ඖෂධයක් වීමට ඒ රසායනිකය එක්කෝ වෛරසය සෛල තුළට ඇතුළුවීම හා එහි පිටපත් සෛලය විදාරණය කරමින් පිටවීම ( උසස්පෙළ ජීව විද්‍යාවේ වෛරස වල ජාරක චක්‍රය ඉගෙන ගත් අය දන්නවා ඇති ) වැළැක්විය යුතුයි. නැත්නම් වෛරසයේ පිටපත් සෑදීම නිශේධනය කළ යුතුයි. වෛරස මර්දනය කිරීමට යිදාගන්න බොහෝ ඖෂධ මේ පිටපත් සෑදීම නිශේධනය කරනවා එහෙම නැත්නම් එහි වේගය බාල කරනවා එහි ප්‍රවේණික ද්‍රව්‍ය සමග අන්තර් ක්‍රියා කිරීම මගින්.
මෙලෙස අන්තර්ක්‍රියා කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා . ඇතැම් විට ඒ රසායනිකය ධාරකයාගේ ජීවී සෛලයේ ඩී එන් ඒ සමගත් අන්තර්ක්‍රියා කරමින් නොයෙකුත් ප්‍රශ්න හා විකෘති ඇති කළ හැකියි. මෙවැනි ඖෂධ පිළිකා නාශනයට යොදාගත හැකි මුත් ප්‍රතිවෛරස ඖෂධ ලෙස යොදාගැනීමේදි අතුරු ආබාධ බහුලයි. නමුත් ඇතැම් රසායනික වළට ධාරක සෛලයේ ප්‍රවේණික ද්‍රව්‍ය සමග කිසිඳු අන්තර්ක්‍රියාවක් නොකර විශිෂ්ට ලෙස වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය සමග නිශේධන අන්තර්ක්‍රියාවන් කළ හැකියි. මේ ජපානයේ නිපදවූ අවිගන් ඖෂධය එබඳු වුශිෂ්ට නිශේධන ගුණයක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් ප්‍රති වෛරස ඖෂධ මගින් වෛරසයක් මර්දනය විනා සම්පූර්ණයෙන් සුව කිරීම කළ නොහැකි බව සිහිතබාගත යුතුයි.