මොනාද මේ හෙරොයින් 😳

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    ඇත්තටම මොනවද මේ හෙරොයින් කියන්නේ?

    හෙරොයින් යනු ලංකාවේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් නොවේ. හෙරොයින්හි විද්‍යාත්මක නාමය ඩයිඇසිටයිල් මෝෆීන්ය. මෝෆීන් නිපදවන්නේ පොපි ශාකයෙන් ගන්නා අබිංවලිනි. පොපි මල වියළී යාමෙන් පසු ඉතිරිවන ගෙඩිය ඉංග‍්‍රීසි භාෂාවෙන් pod of the poppy flower ලෙස හැඳින්වෙයි. පහත ඡායාරූපයේ ඇත්තේ එයයි.

    ඊට හරස් අතට කැපුමක් දැමූ විට එහි ශ‍්‍රාවය වන කිරි වැනි ද්‍රාවයෙන් අබිං නිශ්පාදනය කරයි. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ පොපි මල පරවූ පසු ඇති ගෙඩියට කැපුමක් දැමීමෙන් පසු කිරි වැනි දියරය වෑස්සෙන අන්දමයි.
    මත්ද්‍රව්‍ය කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. එනම් නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය සහ නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය ලෙසයි. නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය යනු යම් කාර්යයක් සඳහා නීත්‍යනුකූලව ඇති එහෙත් එමඟින් මත්වන හෝ මත්වීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයයි. දුම්වැටි අලෙවිය නීත්‍යනුකූල වුවද එය ද මත්ද්‍රව්‍යයක් ලෙස සැලකේ. දෙවැන්න නම් නීතියෙන් තහනම් කර ඇති හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍යයි.

    ඒ අතරින් හෙරොයින් භාවිතය මේ වන විට ලංකාවේ බරපතල අර්බුදයක් බවට පත්ව තිබේ. 1980 දශකයේදී හා ඊට පෙර හෙරොයින් භාවිතය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. ඒ විදේශයක සිට ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු භාවිත කරන බවට හෝ විදේශ රටවලින් ලංකාවට එන විදේශිකයන් භාවිත කරන බවටය. එය ක‍්‍රමයෙන් වර්ධනය වී මුලින්ම කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශ මත්ද්‍රව්‍ය රකුසාගේ ග‍්‍රහණයට නතු වූයේ පාතාලයට සහ දේශපාලනයට නෑකම් කියමිනි. දශක හතරකට ආසන්න වෙද්දී හෙරොයින් යනු රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති සුලභ මත්ද්‍රව්‍යක් බවට පත් විය. මේ වන විට ශ්‍රී ලංකාවේ සෑම පොලිස් කොට්ඨාසයකින්ම හෙරොයින් හමුවී තිබේ. හෙරොයින් භාවිත කරන පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙරොයින් නිෂ්පාදනය කරනුයේ අබිංවලිනි. එක් දහස් අටසිය ගණන්වල ජර්මනියේ බෙහෙත් ව්‍යාපාරිකයකු විසින් මෝෆීන් නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ කාසය සඳහා ප‍්‍රතිකාරකයක් ලෙසය. එම වකවානුවේ අබිං සඳහා ඇතැම් රටවල විශාල පිරිසක් ඇබ්බැහිවී තිබුණු අතර වැඩි කළක් යන්නට පෙර අබිංවලට වඩා වැඩි ඇබ්බැහිවීමක් මෝෆීන් සඳහා ඇති විය.

    1950 පමණ වන විට මෙම මෝෆීන් ශල්‍යකර්මවලදී වේදනා නාශකයක් ලෙස ද භාවිතයට ගැණුනි. 1937 දී පමණ ශල්‍යකර්ම සඳහා මෙය මුලින්ම භාවිතයට ගත්තේ ජර්මන් විද්‍යාඥයෙකි. ඉන් පසු එය Dolophine නමින් ඇමෙරිකාවට යවන ලදී.

    ‘‘යුද්ධයේදී තුවාල ලබන සොල්දාදුවන්ට ඒ කාලේ ශල්‍යකර්ම කරන්න වේදනා නාෂකයක් ලෙස මෙය ලබාදීලා තියෙනවා. එය බහුලව සිදුවූ නිසා ‘හීරෝ ඉන්’ කියන නමින් මෙය හඳුන්වන්න ගත්තා. ‘හීරෝ ඉන්’ පසු හෙරොයින් බවට පත් වුණා.’’ යැයි මත්ද්‍රව්‍ය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහනක දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පුහුණුකාරියක වන රසාංගිකා චන්ද්‍රසිරි මහත්මිය පැවැසුවාය.

    මත්ද්‍රව්‍යවලට දිගුකාලීන ඉතිහාසයක්‌ තිබේ. ගස්‌ බෙනයක තබන ලද ධාන්‍ය, වර්ෂාව නිසා එම ගස්‌ බෙනයට එකතු වූ ජලයෙන් පල්වී පැසී සුරා උපන් ආකාරය පිළිබඳ පැරණි කතන්දරයක්‌ තිබේ. නෙළන ලද මිදි එකතු කළ මැටි බඳුන් තුළ එම මිදි පල් වූ විට වයින් උපන් ආකාරය ගැන පැරණි කතන්දර තිබේ. ඒවා අහඹු සිදුවීම් ය. එහෙත් හෙරොයින් යනු පරීක්‍ෂණ සිය දහස්‌ ගණනක්‌ කර සොයාගත් නිෂ්පාදනයකි. අබිං, බොහෝ පිරිපහදු කළ පසු හෙරොයින් නමැති සුදු පැහැති කුඩු වර්ගය ලැබෙයි. අබිං කිලෝවක්‌ ගසන සැප හෙරොයින් ග්‍රෑම් 10 ක්‌ ගසා ලැබිය හැකි ය. මේ සැප අපායට මග පෙන්වන ‘සැප’ ය.

    පොපි මලේ පහල ගැටය සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක් වෑස්සෙනවා, ඒක හූරලා ගත්තාම කළු පාටයි ඒවා තමයි අබිං. ඉතිරි වුන මල වේලුනාම තම්බල බොනව, නැතිනම් හීණියට ඉරල සුරුට්ටු ඔතන අයත් ඉන්නවා.

    අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා ඉතා සුළු මාත්‍රා වලින්, විශේශයෙන් ම ශක්ති ජනක, කාමෝද්දීපන, වේදනා නාශක ඖශධ වලට.
    අබිං පෙරලා මෝෆීන් හදනවා, ඉතිරි වෙන ටික බ්‍රවුන් ශුගර් විදියට සකස් කරනවා. මෝෆීන් රසායනිකව බල ගන්වලා හෙරෝයින් හදනවා. දහ නව වන සියවසේදී සාමාන්‍ය කැස්සට දෙන (පිරිටන් වගේ) බෙහෙතක් විදියට වෛද්‍ය වරු නිර්දේශ කල බෙහෙතක් තමයි හෙරොයින්. දශකයකට පසුව තමයි වෛද්‍ය විද්‍යාව සොයාගත්තෙ හෙරෝයින් ඇබ්බැහිවන සුලු බව සහ ඕවර්ඩෝස් විය හැකි බව. එහි ටොලරන්ස් ඇති වීම ඉතා ශීග්‍රයි. මකරා අල්ලන්න බැරි ඒ නිසයි.

    ෆාමසියකින් පවා ලබාගත හැකි සමහර සාමාන්‍ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කල යුතු අතර මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගත හැකියි. එවිට මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ ලිවර් එකෙන් (අක්මාව) මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා, ඉතිරි 40% ලිවර් එකේ ඉතිරි වෙනවා, පසුව ලෙඩ ඇති කරනවා. මේ පෙති වර්ගය විශේශයෙන් දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන එකක්. එයින් පහක් අයිස් කැටයක් සමඟ කුඩු කර පෙරාගැනීමෙන් මෙතිල් මෝෆීන් සැලකිය යුතු ප්‍රමාණයක් නිස්සාරණය කරගත හැකියි. එය බලගැන්වීමෙන් හෙරොයින් ඉතා සුළු ප්‍රමාණයක් සාදාගත හැකි නමුත් අතිශයින් මිල අධික සහ අතිශයින් ඇබ්බැහිවන සුලු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක් බවට පත් වේ.

    හෙරොයින් තවදුරටත් ඖශධයක් ලෙස සලකන්නේ නෑ එය ඉතා ඇබ්බැහිවන සුලු සහ ශරීරයට විශකර නිසා. ඒ වෙනුවට වෛද්‍ය විද්‍යාවේ දැනට පාවිච්චි කරන්නේ මෝෆීන්. නමුත් කැස්ස වගේ පොඩි ලෙඩ වලට දෙන්නෙත් නෑ, අධික වේදනාවෙන් හෝ දත් කැක්කුම්, අස්ථි බිඳීම්, පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා අයට තමයි මෝෆීන් දෙන්නෙ.

    දැන් මෝෆීන් බොහෝ දුරට කෘතීමව නිශ්පාදනය කරනවා මේ පෙති වල තියෙන්නේ කෘතීමව නිපදවූ මෙතිල් මෝෆීල් අයිසොමර් එකක්, එය ලිවර් එකට (අක්මාවට) අහිතකරයි.

    මුළු ලෝකයටම වෛද්‍ය අවශ්‍යතා සඳහා අවශ්‍ය මෝෆීන් නිපදවීමට පර්චස් දහයක තරම් පොපි වගාවක් හොඳටම ප්‍රමාණවත් ලු. නමුත් ලෝකයේ අක්කර සිය ගනනක් පොපි වගා කරනවා. විශේශයෙන්ම ඇෆ්ඝනිස්ථානයේ සහ චීනයේ. ඇෆ්ඝන් පොපි ගොවියන් එය කිසි සේත්ම පරිභෝජනය කරන්නේ නෑ. නමුත් චීන පොපි ගොවියන් අබිං ඉවත් කල වේලුන පොපි මල් තම්බා බොනවා. ඔවුන් තම කුඩා දරුවන් අඩන විට දෙන්නේත් මේ අබිං කසාය. ඉතිං කුඩා කල සිටම ඔවුන් එයට ඇබ්බැහි වූවන්. නමුත් මේ චීන පොපි ගොවියන් සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් ජීවිත් වෙන අය.
    අබිං කසාය ඇබ්බැහිවනසුලු දෙයක්. චීන ජාතිකයින් තමයි අබිං කසාය සොයාගත්තේ. ඔවුන් බොහෝ විට ජීවිතයේ අවසාන කාලය සාමයෙන් ජීවත් වීමටත්, යුද්ධ වලින් ආබාධිත වූ අයට සැනසුම දීමටත්, ශල්‍යකර්ම වලදී නිර්වින්දකයක් විදියටත් තමයි අබිං භාවිතා කලේ. ඊට අමතරව වෙනත් ඖශධ සමඟ අබිං ඉතා සුළු මාත්‍රා වලින් මිශ්‍ර කල විට අධික කාම ශක්තියක් ලැබෙන බව පැවසෙනවා..

    දැන් දැන් වෛද්‍ය අවශ්‍යතා සඳහා මෝෆීන් භාවිතය අඩු වෙමින් යනවා, ඒ වෙනුවට දියුනු රට වල ටෙට්‍රාහයිඩ්‍රොකැනබිනෝල් [ටී.එච්.සී] (ගංජා) තමයි වැඩියෙන් යොදා ගන්නෙ. ටී.එච්.සී පවා කෘතීමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජා වල ඇති සියලුම ඖශධීය ගුණ මේ තනි ක්‍රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන තියෙනවා. මේවා “මැරිනෝල්” නම් පෙත්තක් ලෙස වෛද්‍ය නිර්දේශය ඇතිව ෆාමසි වලින් ලබා දෙනවා.

    උපුටා ගැනීමකි
     

    Attachments

    • A65091AC-978C-474B-9EAF-650D68BB8FFB.jpeg
      A65091AC-978C-474B-9EAF-650D68BB8FFB.jpeg
      42.5 KB · Views: 114
    • 3FDACA30-31CF-49C4-9C90-CBFC2E9FF423.jpeg
      3FDACA30-31CF-49C4-9C90-CBFC2E9FF423.jpeg
      54.4 KB · Views: 113
    • 02E7C375-2D61-4EC7-80E9-B0307941B52B.jpeg
      02E7C375-2D61-4EC7-80E9-B0307941B52B.jpeg
      73.1 KB · Views: 120
    • 67700D39-6C82-45E5-B9F1-97092BA67542.jpeg
      67700D39-6C82-45E5-B9F1-97092BA67542.jpeg
      112.9 KB · Views: 101
    • 016C1218-BF32-47F0-84A1-30956499ACDA.jpeg
      016C1218-BF32-47F0-84A1-30956499ACDA.jpeg
      33.6 KB · Views: 108
    • 4A8FE721-9843-44F7-80CF-46A47B592017.jpeg
      4A8FE721-9843-44F7-80CF-46A47B592017.jpeg
      96 KB · Views: 118
    • E934617E-A8B4-427C-BA00-585A78B9E3D8.jpeg
      E934617E-A8B4-427C-BA00-585A78B9E3D8.jpeg
      81.1 KB · Views: 111

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපේ මාම කෙනෙක් ෆුඩ් ඩිපාට්මන්ට් එකේ ලොරියක් එලෙවුව. එයාගෙ ගෝලයගෙ පදිංචිය පංචිකාවත්තෙ.

    80 වැඩවර්ජනෙන් දෙන්නටම ජොබ් නැතිවුණා. පස්සෙ ආයෙ ජොබ් හම්බවුනත් මාමගෙ ගෝලය හෙරොයින් වලට ඇබ්බැහිවෙලා ජොබට ඇවිත් හිටියෙ.

    දෙන්න ලොරියෙ යන අතරතුර පොලීසියෙ කෙනෙක් අතදාල ලිෆ්ට් එකක් ඉල්ලල. ඒ වෙලාවෙ ගෝලය කුඩු සික් එකේ ඉඳල තියෙන්නෙ. මේ මනුස්සය පොලිස් කාරය ඉන්දැද්දිම ලොරියෙ පිටිපස්සෙ කුඩු බොන්න අරගෙන.

    ලංකාවෙ ඒ වෙද්දි හෙරොයින් ආපු අලුත නිසා පොලිස්කාරය වැඩේ ගැන දන්නෙ නෑලු,
    පොලිසියෙ කෙනා මාමගෙන් අහල අරූ අර මොනවද කරන්නෙ කියල.
    මාම කියල, මිනිහට ඇදුම තියෙනව ඒකට ගන්න සිංහල බේතක් ඔය උරන්නෙ කියල. එතනින් වැඩේ ශේප් වෙලා.
     

    Similar threads