මොනාලිසා_සඳ_මතට

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
මොනාලිසා_සඳ_මතට

200x176-http---i.space.com-images-i-000-025-147-original-mona-lisa-nasa-laser.jpg-1358463767



නාසා ආයතනයෙහි Lunar Reconnaissance Orbiterහි වැඩ ඉන්ජිනේරුවන් විසින් මොනාලිසාගේ ඡායාරූපයක් ලේසර් සන්නිවේදන තාක්ෂණය මගින් ලේසර කදම්භයක් හරහා Lunar Reconnaissance Orbiter (LR‍O) අභ්‍යාවකාශයානව වෙතට සම්ප්‍රේෂණය කර නැවත LR‍O වෙතින් පෘථිවියට සම්ප්‍රේෂණය කරන ලදි.මෙමඟින්

ඔවුන් මෙම අභ්‍යවකාශ යානාව සහ පෘථිවිය අතර සම්ප්‍රේෂණය කිරිමේ ශිඝ්‍රතාවය මනිනු ලද අතර තවදුරටත් ඔවුන් මෙමඟින් සම්ප්‍රේෂණය කරන ලද හා හා නැවත එවන ලද අනුරූප දත්ත අතර ඇති වෙනස්කම්ද නිවැරදි කරගන්නා ලදි.


ප්‍රථම වරට චන්ද්‍රිකාවක් සමඟ ලේසර් සන්නිවේදනය කිරීම ආදර්ශනය කිරීම සඳහා නාසාහි Goddard අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Next Generation Satellite Laser Ranging (NGSLR) මැදිරියේ සිට Lunar Orbiter Laser Altimeter (LOLA) උපකරණයට 240,000 සැතැපුම් ප්‍රමාණයක දුරක් සංඛ්‍යාංක (Digital) ආකාරයෙන් ලේසර් මඟින් සම්ප්‍රේෂණය කරන ලදි
.







සැතැපුම් ප්‍රමාණයක දුරක් සංඛ්‍යාංක ආකාරයෙන් ප්‍රථම වරට Lunar Orbiter Laser Altimeter (LOLA)ගේ පිහිටුම සොයාගැනීමට නිරතුරුවම යවන ලේසර් ස්පන්දන මතට මෙම අනුරූපයද සම්බන්ධ කර යැවීමෙන් එක්විටම ලේසර් සන්නිවේදනය සහ පිහිටුම සොයාගැනීමට මෙම කණ්ඩායමට ඉඩ ප්‍රස්ථා ලැබී ඇත.කෙසේ වෙතත් ලෙසර් තාක්ෂණය භාවිතයෙන් අභ්‍යාවකාශයේ සන්නිවේදන කටයුතු සිදුකිරීමේ ඉදිරි පිම්මක් ලෙස මෙම පරික්ෂණය දැකිය හැකිය.

Universetody ඇසුරිණි.

ඉහත සදහන් විස්තරය උපුටා ගත්තේ blog අඩවියකිනි !


හොඳය් නම් සලකල යන්න හරිද!
 

Similar threads