වෙළෙඳපොළ නිදහස් කිරීමත් එක්ක පුරවැසියන් බිය වෙන එක කාරණාවක් තමයි වෙළෙඳපොළ ඒකාධිකාරයන් ඇති වීම.
වෙළෙඳපොළ ඒකාධිකාරයන් කියන්නේ වෙළෙඳපොළක අනිවාර්යයෙන් ලක්ෂණයක්. සමහර දේවල් වෙළෙඳපොළ ඒකාධිකාරයන් බවට ඕනෑම ආර්ථිකයක පත් වෙනවා. ඒවා රජය විසින් වුවමනාවෙන් ගොඩ නගපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් දූෂිත දේශපාලන බලය භාවිතා කරලා වංචා දූෂණ වලින් ඇති කරපු එකක් වෙන්න පුළුවන්. නැතිනම් ස්වාභාවිකව වෙළෙඳපොළ තුලින් ගොඩ නැගුණු දෙයක් වෙන්න පුළුවන්. තාක්ෂණික සහ නව නිපැයුම් මගින් ඇති කර ගත්ත සුවිශේෂි තත්ත්වයක් වෙන්න පුළුවන්. සහ තව ක්‍රම තියෙන්න පුළුවන්.
ඒකාධිකාරයන් ඇතිවෙන එක වැසුණු ආර්ථිකයක තමයි වැඩිපුර වෙන්නේ. ඒකට හේතුව පාලනය කරපු, පර්මිට් සහ ලයිසන් ක්‍රම වලින් අධික ලෙස නියාමනය කරපු හිර කරපු තැන් වල කෘතිමව වෙළෙඳපොළ තරගය සහ නිදහස සීමා කරන හින්දා. අලුත් තරග කරුවන්ට පැමිණීම නතර කරන්න ඒ වැසුණු පර්මිට් ලයිසන් ක්‍රම වලට ලේසියෙන් පුළුවන්. එතකොට තරග නොකර දේශපාලකයන් අල්ලගෙන පර්මිට් ලයිසන් තියා ගෙන මොනෝපොලි හදා ගන්න පුළුවන් වෙන නිසා.
දූෂිත දේශපාලනයක් නැත්නම්, පර්මිට් සහ ලයිසන් ක්‍රම වලින් ආර්ථිකය වහගෙන නැත්නම්, රජය විසින් බලෙන් අල්ලගෙන නැත්නම් වෙළෙඳපොළ ඒකාධිකාරයන් ඇති වෙන්න තියෙන්නේ තාක්ෂණික දියුණුව සහ නව නිපැයුම් මගීන්. සමාගමක් අලුත්ම දෙයක් හොයා ගෙන වෙළෙඳපොළට නිකුත් කලාම එයාට තරග කාරයෝ නැති වෙන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් කැමති මිළක් තීරණය කරලා තමන්ගේ භාණ්ඩය විකුණන්න. ඒක අපිට microsoft, google වගේ දේවල් වල දකින්න පුළුවන්. ඒ වගේම පේටන්ට් ආදී බලපත්‍ර වලින් ඒ මොනොපොලිය නීත්‍යානුකූලව හදලා දෙනවා. ඒ යමක් හොයා ගන්න වැයකරපු ආයෝජනය යළි හොයා ගන්න පුළුවන් වෙන්න කාලයක් දෙන්න. ඒ වගේම ඒකෙන් අලුත් දේවල් හදන එක උත්තේජනය කරනවා.
අනෙක් මොනෝපොලි හැදෙන ක්‍රමය තමයි සමාගම් බද්ද කර ගැනීම. ඒ කියන්නේ තරග කරුවන් වෙන් වී ඉඳලා පසු කළෙක එකම සමාගමක් බවට මුහු වෙන එක හෝ අත් කර ගැනීම. Merger and acquisitions. Facebook එක දැන් instagram එක, whatsapp එක එහෙම මිළදී ගෙන කරන්නේ ඒ වගේ දෙයක්. තරග කරන්න පුළුවන් අයව අල්ලගෙන Meta එක හදනවා. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි සංගමයක් හදාගෙන වෙළෙඳපොළ එකක් විදියට පාලනය කරන්න යෑම.
ඉතිං මේ ආකාරයට අපිට බලන්න පුළුවන් ඕනෑම පාලිත හෝ නිදහස් වෙළෙඳපොළක මොනෝපොලි හැදෙනවා. ඒක ස්වාභාවික තත්ත්වයක්. ඒ හැදෙන ඒවා හැම විටම හොඳත් නෑ, හැමවිටම නරකත් නෑ. සමහර ඒවා රජයම හදනවා හෝ හදා ගන්න ඉඩ අරිනවා. සමහර ඒවා දූෂිත දේශපාලනය එක්ක බද්ද වෙලා හැදෙනවා. සමහර ඒවා වෙළෙඳපොළ තුලින්ම තරගය දිනලා හදනවා.
මේවාට බිය වීම තේරුමක් නෑ. අපි කළ යුත්තේ ඒ දේවල් පොදු යහපත වෙනුවෙන් , සමාජ ප්‍රතිලාභය වෙනුවෙන් කළමනාකරණය කිරීම පමණයි. රජයට රාජ්‍ය පරිපාලනය තුල මේකට වගකීම් 3 ක් තිබෙනවා.
1. 'වෙළෙඳපොළ අවම නියාමන අධිකාරිය'ක් පවත්වා ගැනීම. මේ අධිකාරිය මගීන් ව්‍යාපාර හා වෙළෙඳපොළ පොදුවේ විෂ්ලේශනය කළ යුතු අතර නිරන්තරයෙන් එහි තත්ත්වයන් ගැන නිරීක්ෂණය කරමින් සිටින්න වෙනවා. එම අධිකාරිය වෙළෙඳපොළ තරගය නිවැරැදිව පවත්වා ගෙන යෑම කළ යුතුයි.
2. 'ප්‍රති-ඒකාධිකාරී පනත' ක් සම්මත කර ගත යුතුයි. ඉහත කී අධිකාරියට ක්‍රියාත්මක වීමට වෙළෙඳ අධිකරණය තුල බලාත්මක කළ හැකි ප්‍රති එකාධිකාරී පනතක් අපිට ඕනේ. දැනට නෑ. මේකත් ප්‍රති ත්‍රස්ත පනත වගේ එකක් තමයි. එවිට අනවශ්‍ය හොර එකාධිකාරයන් නිර්මාණය වීම වළක්වන්න පුළුවන්.
3. රජය මගීන් අල්ලං ඉන්න ඒකාධිකාරයන් වලින් ඉවත් වෙලා, පර්මිට් සහ ලයිසන් ක්‍රම වලින් නිදහස් වෙච්චි නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් හදන්න ඕනේ. එතකොට වෙළෙඳපොළට ඕනම කෙනෙකුට ඇතුලු වෙන්න පුළුවන්, බැරිනම් යන්න පුළුවන්. අනතුරුව ඒක තුලිත වීම මත වෙළෙඳපොළ කාර්යක්ෂම වෙනවා. දියුණු වෙනවා.
ඒකාධිකාරයන්ට බැන බැන හිටියා කියලා රටක් හදන්න බෑ. හදන්න නම් ඒවා කළමනාකරණය කර ගැනීම සහ උපක්‍රමශ්‍රීලී විසඳුම් නිර්මාණය කිරීමයි වැදගත් වන්නේ.
බයෙන් නිදහස් වෙන්න.
බය කරන අයගෙන් නිදහස් වෙන්න.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්