මොනෝපොලි බිය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වෙළෙඳපොළ නිදහස් කිරීමත් එක්ක පුරවැසියන් බිය වෙන එක කාරණාවක් තමයි වෙළෙඳපොළ ඒකාධිකාරයන් ඇති වීම.

    වෙළෙඳපොළ ඒකාධිකාරයන් කියන්නේ වෙළෙඳපොළක අනිවාර්යයෙන් ලක්ෂණයක්. සමහර දේවල් වෙළෙඳපොළ ඒකාධිකාරයන් බවට ඕනෑම ආර්ථිකයක පත් වෙනවා. ඒවා රජය විසින් වුවමනාවෙන් ගොඩ නගපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් දූෂිත දේශපාලන බලය භාවිතා කරලා වංචා දූෂණ වලින් ඇති කරපු එකක් වෙන්න පුළුවන්. නැතිනම් ස්වාභාවිකව වෙළෙඳපොළ තුලින් ගොඩ නැගුණු දෙයක් වෙන්න පුළුවන්. තාක්ෂණික සහ නව නිපැයුම් මගින් ඇති කර ගත්ත සුවිශේෂි තත්ත්වයක් වෙන්න පුළුවන්. සහ තව ක්‍රම තියෙන්න පුළුවන්.

    ඒකාධිකාරයන් ඇතිවෙන එක වැසුණු ආර්ථිකයක තමයි වැඩිපුර වෙන්නේ. ඒකට හේතුව පාලනය කරපු, පර්මිට් සහ ලයිසන් ක්‍රම වලින් අධික ලෙස නියාමනය කරපු හිර කරපු තැන් වල කෘතිමව වෙළෙඳපොළ තරගය සහ නිදහස සීමා කරන හින්දා. අලුත් තරග කරුවන්ට පැමිණීම නතර කරන්න ඒ වැසුණු පර්මිට් ලයිසන් ක්‍රම වලට ලේසියෙන් පුළුවන්. එතකොට තරග නොකර දේශපාලකයන් අල්ලගෙන පර්මිට් ලයිසන් තියා ගෙන මොනෝපොලි හදා ගන්න පුළුවන් වෙන නිසා.

    දූෂිත දේශපාලනයක් නැත්නම්, පර්මිට් සහ ලයිසන් ක්‍රම වලින් ආර්ථිකය වහගෙන නැත්නම්, රජය විසින් බලෙන් අල්ලගෙන නැත්නම් වෙළෙඳපොළ ඒකාධිකාරයන් ඇති වෙන්න තියෙන්නේ තාක්ෂණික දියුණුව සහ නව නිපැයුම් මගීන්. සමාගමක් අලුත්ම දෙයක් හොයා ගෙන වෙළෙඳපොළට නිකුත් කලාම එයාට තරග කාරයෝ නැති වෙන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් කැමති මිළක් තීරණය කරලා තමන්ගේ භාණ්ඩය විකුණන්න. ඒක අපිට microsoft, google වගේ දේවල් වල දකින්න පුළුවන්. ඒ වගේම පේටන්ට් ආදී බලපත්‍ර වලින් ඒ මොනොපොලිය නීත්‍යානුකූලව හදලා දෙනවා. ඒ යමක් හොයා ගන්න වැයකරපු ආයෝජනය යළි හොයා ගන්න පුළුවන් වෙන්න කාලයක් දෙන්න. ඒ වගේම ඒකෙන් අලුත් දේවල් හදන එක උත්තේජනය කරනවා.

    අනෙක් මොනෝපොලි හැදෙන ක්‍රමය තමයි සමාගම් බද්ද කර ගැනීම. ඒ කියන්නේ තරග කරුවන් වෙන් වී ඉඳලා පසු කළෙක එකම සමාගමක් බවට මුහු වෙන එක හෝ අත් කර ගැනීම. Merger and acquisitions. Facebook එක දැන් instagram එක, whatsapp එක එහෙම මිළදී ගෙන කරන්නේ ඒ වගේ දෙයක්. තරග කරන්න පුළුවන් අයව අල්ලගෙන Meta එක හදනවා. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි සංගමයක් හදාගෙන වෙළෙඳපොළ එකක් විදියට පාලනය කරන්න යෑම.

    ඉතිං මේ ආකාරයට අපිට බලන්න පුළුවන් ඕනෑම පාලිත හෝ නිදහස් වෙළෙඳපොළක මොනෝපොලි හැදෙනවා. ඒක ස්වාභාවික තත්ත්වයක්. ඒ හැදෙන ඒවා හැම විටම හොඳත් නෑ, හැමවිටම නරකත් නෑ. සමහර ඒවා රජයම හදනවා හෝ හදා ගන්න ඉඩ අරිනවා. සමහර ඒවා දූෂිත දේශපාලනය එක්ක බද්ද වෙලා හැදෙනවා. සමහර ඒවා වෙළෙඳපොළ තුලින්ම තරගය දිනලා හදනවා.

    මේවාට බිය වීම තේරුමක් නෑ. අපි කළ යුත්තේ ඒ දේවල් පොදු යහපත වෙනුවෙන් , සමාජ ප්‍රතිලාභය වෙනුවෙන් කළමනාකරණය කිරීම පමණයි. රජයට රාජ්‍ය පරිපාලනය තුල මේකට වගකීම් 3 ක් තිබෙනවා.

    1. 'වෙළෙඳපොළ අවම නියාමන අධිකාරිය'ක් පවත්වා ගැනීම. මේ අධිකාරිය මගීන් ව්‍යාපාර හා වෙළෙඳපොළ පොදුවේ විෂ්ලේශනය කළ යුතු අතර නිරන්තරයෙන් එහි තත්ත්වයන් ගැන නිරීක්ෂණය කරමින් සිටින්න වෙනවා. එම අධිකාරිය වෙළෙඳපොළ තරගය නිවැරැදිව පවත්වා ගෙන යෑම කළ යුතුයි.

    2. 'ප්‍රති-ඒකාධිකාරී පනත' ක් සම්මත කර ගත යුතුයි. ඉහත කී අධිකාරියට ක්‍රියාත්මක වීමට වෙළෙඳ අධිකරණය තුල බලාත්මක කළ හැකි ප්‍රති එකාධිකාරී පනතක් අපිට ඕනේ. දැනට නෑ. මේකත් ප්‍රති ත්‍රස්ත පනත වගේ එකක් තමයි. එවිට අනවශ්‍ය හොර එකාධිකාරයන් නිර්මාණය වීම වළක්වන්න පුළුවන්.

    3. රජය මගීන් අල්ලං ඉන්න ඒකාධිකාරයන් වලින් ඉවත් වෙලා, පර්මිට් සහ ලයිසන් ක්‍රම වලින් නිදහස් වෙච්චි නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් හදන්න ඕනේ. එතකොට වෙළෙඳපොළට ඕනම කෙනෙකුට ඇතුලු වෙන්න පුළුවන්, බැරිනම් යන්න පුළුවන්. අනතුරුව ඒක තුලිත වීම මත වෙළෙඳපොළ කාර්යක්ෂම වෙනවා. දියුණු වෙනවා.

    ඒකාධිකාරයන්ට බැන බැන හිටියා කියලා රටක් හදන්න බෑ. හදන්න නම් ඒවා කළමනාකරණය කර ගැනීම සහ උපක්‍රමශ්‍රීලී විසඳුම් නිර්මාණය කිරීමයි වැදගත් වන්නේ.

    බයෙන් නිදහස් වෙන්න.
    බය කරන අයගෙන් නිදහස් වෙන්න.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     
    • Like
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    ජෙප්පන්ට ඇති බිය

    පැතුම් කර්නර්
     
    • Like
    Reactions: riduna pm

    Sen-lu

    Well-known member
  • එම අධිකාරිය වෙළෙඳපොළ තරගය නිවැරැදිව පවත්වා ගෙන යෑම කළ යුතුයි.

    ප්‍රති-ඒකාධිකාරී පනත' ක් සම්මත කර ගත යුතුයි. ඉහත කී අධිකාරියට ක්‍රියාත්මක වීමට වෙළෙඳ අධිකරණය තුල බලාත්මක කළ හැකි ප්‍රති එකාධිකාරී පනතක් අපිට ඕනේ. දැනට නෑ. මේකත් ප්‍රති ත්‍රස්ත පනත වගේ එකක් තමයි. එවිට අනවශ්‍ය හොර එකාධිකාරයන් නිර්මාණය වීම වළක්වන්න පුළුවන්.
    හෑල්ලක් ලීවට කලුව ආයෙම හිටපු තැනමයි 😂😂.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මහියංගණේ ටවුන් එකේ දවසක් සැලුන් එකකට ගොඩ උනේ රැවුල කපා ගන්න. වැඩේ කෙරෙන ගමන් බාබර් මල්ලි එක්ක පොඩි කතාවකට වැටුනා.

    සැලුන් එක බොහෝම අබලන් මට්ටමෙන් පවත්වා ගෙන යන එකක්. ගොඩ වෙන කොටම පොඩි දැන්වීමක් වගේ මිළ දර්ශනයක් ගහලා තිබුනා. බැලු බැල්මට මිළ හරි අඩුයි. මාකට් රේට් එකට වඩා අඩුවෙන් මිළක් අරගෙන කඩේ පවත්වා ගෙන යනවා.

    මට හිතුනා ඒ ගැන අහන්න. " මල්ලි, මොකෝ මේ මෙච්චර අඩු මිළට කොණ්ඩේ කපන්නේ? එහෙම කපලා සාධාරණ ආදායමක් හම්බ කර ගන්න පුළුවන් ද ?"

    මල්ලි ටික වෙලාවක් හිටියා. " මහත්තයා, අපේ තියෙනවා මේ පැත්තේ සැලුන් හිමියන්ගේ සංගමයක්. ඒකේ මෙහේ ඉන්න ඔක්කොම සැලුන් වල කට්ටිය සාමාජිකයන් වෙලා ඉන්නවා. මේ මිළ තීරණය කරන්නේ ඒකෙන්. ඒකෙන් දාන පොදු මිළ තමයි හැම එකේම තියෙන්නේ. ලොකු සැලුන් වලට වෙනම රේට් එකක්. පොඩි ඒවට මේ රේට් එක. ඒකයි මේ ගාණ අඩු. මෙහේ සැලුන් මහ ගොඩක් තියෙනවා. මිළක් දා ගත්තේ නැත්නම් එක එක තැන් වල එක එක ගණන්" ඒ ඔහුගේ පිළිතුරයි.

    එතකොටයි මට කතන්දරය තේරුණේ. මිළ කියන එක වෙළෙඳපොළ තුල නිදහසේ තීරණය වෙන්න නැති තැන් වල වෙළෙඳපොළක් හැසිරෙන්නේ වෙනම ආකාරයට. මිළෙන් තමයි ලාභය තීරණය වෙන්නේ. එතනින් තමයි අලෙවි කරන්නාට උනන්දුව ඇති වන ප්‍රතිලාභය තියෙන්නේ. හැබැයි මිළ අපි එක තැනක හිර කිරීම තුල වෙළෙඳපොළ තුලින් ප්‍රතිලාභ ලැබෙන යාන්ත්‍රණය හිර කරනවා. එවිට වෙළෙඳපොළක් හැසිරෙන්නේ හරිම ඇල් මැරුණ ස්වභාවයෙන්. එවන් වෙළෙඳපොළක් තුල තරගකාරීත්වය අඩුයි. සේවා දියුණු කර ගන්න උවමනාවක් එන්නේ නෑ. ක්ෂේත්‍රය දියුණු වෙන්නෙත් නෑ. දක්ෂයන්ට සිය දක්ෂතාවය මත විශේෂ ප්‍රතිලාභයක් නෑ. අදක්ෂයත් ඒ ගාණම උපයා ගන්නවා. සේවාවේ ගුණාත්මකභාවය බහිනවා.

    මේ සැලුන් සංගමයේ නිලතල වල ඉන්නේ ලොකු සැලුන් වල අයිතිකාරයෝ ටික. මිළ පාලනය කරලා පොඩි සැලුන් ටික ඉස්සරහට එන එක වළක්වා ගෙන ඉන්නවා. තමන්ට කියලා වෙනම වෙළෙඳපොළ කොටසක් ඔවුන් වෙන් කර ගෙන ඉන්නවා. ඒක පොඩි සැලුන් හිමියන් තේරුම් ගෙන නෑ.

    සැලුන් ගොඩක් තියෙනවා නම්, ඒ වෙළෙඳපොළ අනිවාර්යයෙන් තරඟකාරි කළ යුතුයි. මිළ නිදහසේ තීරණය විය යුතුයි. කොණ්ඩේ කපන්න එන අය තමන්ට කැමති තැනකින් කැමති මිළට කපා ගන්නවා. ලාබම තැනට බිස්නස් වැඩි නම්, අනිත් අයත් ලාබ කරලා පාරිභෝගිකයන් ගෙන්න ගන්න හදනවා. සැලුන් එක ලස්සන කර ගන්නවා. ෆෑන් ඒසී දා ගන්නවා. පිරිසිදු කම තියා ගන්න උනන්දු වෙනවා. දක්ෂයෝ ලඟට වැඩිපුර කට්ටිය එනවා නම් එයා මිළ ටිකක් වැඩි කරනවා. ඒ දක්ෂකමට ලැබෙන ප්‍රතිලාභය. එයාට ටික ටික දියුණු වෙලා ලොකු සැලුන් එකක් දක්වා යන්න ආදායම ඉහල දා ගන්න පුළුවන්.

    මේ විදිහට මිළ විචලනය වෙන්න නිදහස දීම මත වෙළෙඳපොළ ආර්ථිකයක් ඉස්සරහට යනවා. දියුණු වෙනවා. ව්‍යාපාර ලොකු වෙනවා. අලුත් වෙනවා. මිනිස්සු උනන්දු කරවන සාධකය ඒකයි.

    ඒ වගේම තමයි ලංකාවේ හැම දේටම වෙළෙඳපොළ තුල සංගම් බිහි වෙනවා. බස් සංගම්, ත්‍රීවිල් සංගම්, ආපන ශාලා සංගම්, බිත්තර නිශ්පාදනය කරන්නන්ගේ සංගම් ආදී ගොඩක් දේවල්. වෙළෙඳපොළ තුල එකම කර්මාන්තයේ නියැළෙන පිරිසක් තනි සංවිධානයක් හදා ගැනීම තුල නිර්මාණය වෙන්නෙත් ඒකාධිකාරයක්. එමගින් මිළ තීරණය කරනු ලබයි නම් , යම් භාණ්ඩයක හෝ සේවාවක නියමිත මිළම නෙවෙයි එතනදි ලැබෙන්නේ. එවිට සමස්ථ සමාජයක් ලෙස ගත් විට සමාජයට ලැබිලා තියෙන ප්‍රතිලාභය සාධාරණ නෑ.

    අපේ රටේ මේ වෙළෙඳපොළ සංවිධාන ගොඩක් හැදෙන්නේ රජයේ වැරදි කළමනාකරණය සහ තීන්දු තීරණ නිසා. නිවැරැදිව වෙළෙඳපොළක් ක්‍රියාත්මක වන පසුබිම සහ අවම නියාමනය නිර්මාණය කර වෙළෙඳපොළ කාර්යක්ෂමව පවත්වා ගැනීමයි කළ යුත්තේ. නමුත් රජයේ වැරදි නිසා වෙළෙඳපොළට හානි වෙනකොට ව්‍යාපාර කරන අය පොදු ස්වයං ආරක්ෂාව පතා එකතු වෙලා සංගම් නිර්මාණය කර ගන්නවා. එමගින් වෙළෙඳපොළට කරන්නේ අනවශ්‍ය බලපෑමක්. මේ වෙනකොට බිත්තර වලටත් මේ වගේ තත්ත්වයක් දකින්න පුළුවන්.

    නියම නිදහස් වෙළෙඳපොළක ඔය වගේ සංගම් නිර්මාණය වන්නේ නෑ. එවන් සංගම් ඇති වෙන්නවෙන්න වෙළෙඳපොළ නිදහස සීමා වෙනවා. එමගින් එහි කාර්‍ය්ක්ෂමතාවය බිඳී යනවා. ඇල් මැරුණු හිර වෙච්චි වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. අපේ රටේ ගොඩක් වෙළෙඳපොළ තුල මේවා දකින්න පුළුවන්.

    මෙය ආර්ථිකය කළමනාකරණය කරන විට විසඳා ගත යුතු තත්ත්වයක්. ඒකාධිකාරයන් රජය හැදුවත්, වෙළෙඳපොළ මාෆියාවන් හැදුවත්, සංගම් වලින් හැදුවත් වැරදියි.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #බිත්තර_හිඟය