මොලේ නැතිව බලේ අරන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පාලනය කරන මැතිඇමතින් පිරිස
මීහරකුන්ය නැත උන් හට සිරස
රටටම ඇයි මුන් වෙන්නේ නිරස
එලවාගන්න දෙවිඳුට අඹරමු මිරිස
 
  • Like
Reactions: rudayas

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බෝඩ් එකේ නිලධාරියෝ පඩි නොගන්නේ මොන රටේද?
ලංකාවේ... අපේ ලංකාවේ...
ක්‍රිකට් වලට ආදරේට වැඩ කරන්නේ මොන රටේද?
ලංකාවේ... අපේ ලංකාවේ....
බෝඩ් එකෙන් පිංපඩි කන ඇත්තො ඉන්නෙ මොන රටේද?
එංගලන්තෙ... එංගලන්තෙ....
බ‍ලේ අරන් මොළේ නැතුව ක්‍රිකට් කන්නෙ මොන රටේද?
එංගලන්තෙ... එංගලන්තෙ...
එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
අපේ කට්ටිය සල්ලි මිසක් ක්‍රිකට් කන්නේ නෑ...”
ඉන්පසු සුනිල් ගුරුතුමා සහ ගෝලයා අතර ඇතිවූ දෙබස මෙසේ විය.
“සර්... අපේ ක්‍රිකට් ගහන අය කඩේ යන්නෙ නෑද්ද?
බෝඩ් එකේ කට්ටිය කඩේ යන්නෙ නැද්ද?
බෝඩ් එකේ කට්ටිය කඩේ යන්නේ නෑ... මොකද ඒගොල්ලො කඩේ ඇතුළෙමයි ඉන්නෙ...”
මෙහිදී මෙම ගීතයට එක්වියයුතු තවත් පේළි කීපයක් ඇති බව එම අවස්ථාවට සහභාගි වූ කිහිප දෙනෙකු පවසා තිබුණි.
එම කොටස් මෙසේය.
නායකයාට නැගී එන සම්මානය ලබා දෙන්නෙ මොන රටේද?
ලංකාවේ... අපේ ලංකාවේ....
ක්‍රීඩකයන්ගේ සම්මාන මාධ්‍යවේදීන්ට දෙන්නෙ මොන රටේද?
ලංකාවේ... අපේ ලංකාවේ...
බෝඩ් එකේ සල්ලි වියදම් කරලා සුනිල් පෙරේරල ගෙන්නල ඉල්ලගෙන කෑවේ මොන රටේද?
ලංකාවේ...අපේ ලංකාවේ...