~ මොසාඩ් ලිපි අංක 2 ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ මොසාඩ් ලිපි අංක 2 ~

    මොසාඩ් ලිපි අංක 2

    විශිෂ්ඨ මොසාඩ් මෙහෙයුම් - Operation Diamond

    Meir Amit හැටේ දශකය තුල මොසාඩ් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද පුද්ගලයායි. දිනක් ඔහුට සුහද හමුවකදී එවක ඊශ්‍රයාල ගුවන් හමුදාපති Ezer Weizman මුණ ගැසෙනවා. ඔවුන්ගේ කතාබහ අතරතුර Amit තමාගෙන් ඉටුවිය යුතු යමක් තිබේනම් පවසන ලෙස ගුවන් හමුදාපතිවරයාට පවසා සිටිනවා. Amit පුදුමයට පත් කරවමින් Weizman ඔහුගෙන් ඉල්ලා සිටියේ MIG-21 ප්‍රහාරක ගුවන් යානයකි. Amit පුදුමයට පත්වීමට විශේෂ හේතුවක් තිබුනා, එනම් MIG-21 යනු සෝවියට් දේශයේ නිශ්පාදනය කරනු ලැබූ එවකට ලොව පැවති හොඳම ප්‍රහාරක යානය වීමයි. මෙයින් එකදු යානයක් හෝ කිසිදු බටහිර රටක් සතුව තිබුනෙ නෑ. ඒ සෝවියට් දේශය මේවා අලෙවි කරනු ලැබුවේ තම මිතුරු රටවල් වලට පමණක් වීම නිසයි. එම රාජ්‍යයන්ටද ඒවා ලබාදුන්නේ ඒවා නැවත කිසිදු රටකට අලෙවි නොකරන ලෙස ගිවිසුම් වලට යටත් වූ පසුවයි. එවන් මිතුරු රාජ්‍යය කිහිපයන් අතර අරාබි රටවල්ද කිහිපයක් ඇතුලත්ව තිබුනා. මේ හේතුවෙන් ගුවන් හමුදාපතිවරයාගේ එම ඉල්ලීම බැරෑරුම් මෙන්ම අවධානම් මෙහෙයුමක ආරම්භයක් බව Amit ට වැටහුනා.

    මෙහෙයුම සැලසුම් කිරීමට Amit ගේ විශ්වාසවන්ත මොසාඩ් නිලධාරීයෙක් වූ Rehavia vardi ට පැවරුණා. අරාබි රටවල සිටින තම ඔත්තුකරුවන්ට වහා පණිවුඩය ලබාදුන් ඔහු මෙහෙයුමට අවශ්‍යය ඉත්තෙක් සොයා ගැනීමට පටන් ගත්තා. සති කිහිපයකට එවන් ඉත්තෙක් ගැන තොරතුරක් ඉරානයේ සිටි ඔත්තුකරුවෙකුගෙන් අසන්නට ලැබුනා. මේ පුද්ගලයා ඉරාක ජාතිකයෙක් වූ Yossef Shemesh. අවිවාහක මිත්‍රශීලි ස්ත්‍රීලෝලී පුද්ගලයෙක් වූ Shemesh ගේ වැදගත්කම වුනේ මොහුගේ එක් පෙම්වතියකගේ නැගණිය විවාහවී සිටියේ ඉරාක ගුවන් හමුදාවේ අති දක්ෂ ගුවන් නියමුවෙකු හා වීමයි. ඔහු අති දක්ෂ MIG-21 ගුවන් නියමුවෙක් වුනත් ඔහුට ඒ වනවිට ලබාදී තිබුනේ MIG-17 යානයකින් කුර්දි ජාතිකයන්ගේ ගම්මාන වලට ප්‍රහාර එල්ල කිරීමටයි. ඔහුට වසර ගණනාවකින් උසස්වීම් ලැබී තිබුනේද නැත. මේ හේතුවෙන් මෙම ගුවන් නියමුවා සිටියේ දැඩි කලකිරීමකින් බව Shemesh දැන සිටියා. මේ තොරතුරු සියල්ල Mossad නිළධාරීන් විශ්ලේෂණය කර තිබුනා. මේ අනුව Shemesh වෙත කිට්ටු වූ මොසාඩ් ඔත්තුකරුවන් වසරක් පුරාවට ඔහු සමග හිතවත්ව ඔහුට සුළු මෙහෙයුම් ලබාදෙමින් ඔහුගේ හැකියාවන් නිරීක්ෂනණය කරන්නට වුනා. ඉතා සාර්ථක මෙහෙයුම් කිහිපයකින් පසු Shemesh ගේ විශ්වාසවන්ත බව තහවුරු කරගත් මොසාඩ් නියෝජිතයින් Shemesh හරහා ගුවන් නියමු Munir redfa නම්මා ගැනීමට කටයුතු කරනු ලැබුවා. මේ සඳාහා Shemesh ට වසරක පමණ කාලයක් ගතවුනා. අවසානයේ Redfa කෙසේ හෝ හමුවීමකට ග්‍රීසියට ගෙන්වාගෙන්න shemesh සමත් වුනා. එහිදී මොසාඩ් ඒජන්තයින් හමුවේ තම කටුක ඉරාක දිවිය සහා ඔහුගේ රැකියාවේ ස්වභාවය ගැන පසුතැවුනු ස්වරූපයෙන් කතා කල Redfa විශාල මුදලකට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඊශ්‍රයාල රැකවරණ ලබා දෙන කොන්දේසිය පිට ඊශ්‍රයාල භූමිය වෙත MIG-27 යානයක් ගෙන්වා දීමට කැමැත්ත පල කරනු ලැබුවා. මෙම තොරතුරු සැණෙකින් ග්‍රීසියේ සිට මොසාඩ් ප්‍රධානී Meir Amit වෙත ගලාගියා. නමුත් කවුරුත් විමතියට පත් කරමින් Amit මෙහෙයුමට පෙර ගුවන් නියමුවා පුද්ගලිකව දැකබලාගතයුතු බව පවසා සිටියා. ග්‍රීසියේ සිට රෝමය බලා Shemesh සහ Redfa රැගෙන ගිය මොසාඩ් නිළධාරීන් එහි අවන්හලක දී ඔවුන්ට නොදැනෙන ලෙස Meir Amit හට ගුවන් නියමුවා පෙන්වා සිටියා. ගුවන් නියමුවාගේ හැසිරීම සහ අංග චලනයන් දුටු Amit ට ඔහු විශ්වාශ කල හැකිබව තේරුම් යන්නට වුනා. ඉන් අනතුරුව මෙහෙයුම ඉදිරියට ගෙන්යන ලෙසට Amit ගෙන් උපදෙස් ලැබුනා.

    ඊශ්‍රයාලයේ දින කිහිපයක් ගත කල Redfa මෙහෙයුම සහ උපක්‍රමික සැලසුම සම්බන්ධව දැනුවත්ව නැවත් ඉරාකයට ලඟා වුනා. මෙහෙයුමට දින කිහිපයකට පෙර Redfa නොසැලකිලිමත් ලෙස තම නිවසේ ගෘහභාණ්ඩ විකුණාදමන්නට පටන්ගත්තා. මෙයින් මොසාඩ් බළධාරීන් දැඩිලෙස කලබල වනන්ට වුනා. ප්‍රහාරක යානා නියමුවෙක් තම නිවසේ ගෘහ භාණ්ඩ විකුණා දැමීම ඉරාක ඔත්තුසේවා වලට සැක සහිත කාරණයක් විය හැකිව තිබුනා. නමුත් වාසනාවකට මෙන් ඉරාක ඔත්තුසේවාවලට මෙම කාරණය මගහැරී ගොස් තිබුනා.
    මෙහෙයුමේ මුල්ම පියවර වුනේ Redfa ගෙ බිරිඳ සහ දරුවන් දෙපල ඉරාකයෙන් ඉවත් කර ගැනීමයි. Redfa මෙහෙයුම සම්බන්ධ කිසිවක් තම බිරිඳට ඒ වනවිටත් පවසා නොතිබුනි. තමාට යුරෝපයෙ ටික කාලයකට නැවතීමට අවශ්‍යය බව පවසා ඊට පෙර ඇම්ස්ටර්ඩෑම් වෙත දරුවන් සමග ඇය පිටත් විය යුතු බව පවසා ඇය පිටත් කර හැරියා. ඇම්ස්ටර්ඩෑම් නුවරදී ඔවුන් හමුවූ මොසාඩ් ඒජන්තයින් පැරීසිය දක්වා ඔවුන් රැගෙන යන තුරුත් ඇය කිසිවක් දැන සිටියේ නැත. පැරිස් නුවර නවාතැන්පොළකදී පළමු වරට ඔවුන් මොසාඩ් ඒජන්තයින් බව දන්වා සිටිමින් Redfa පසු දින ඊශ්‍රයාලයට පැමිණෙන බව හෙලිකර සිටියා. මෙයින් දැඩිලෙස කම්පාවුනු ඇය තම සැමියා දේශද්‍රෝඉයෙකු බව පවසමින් හඬා වැටෙන්නට පටන් ගත්තා. ප්‍රංශයේ ඉරාක තානාපති කාර්යාලයට ගොස් මෙහෙයුම සම්බන්ධව හෙලිකරන බවට ඇය තර්ජනයක්ද එල්ල කරන්නට වුනා. නමුත් මොසාඩ් නියෝජිතයින් සමග ඊශ්‍රයාලයට යෑම හැර විකල්පයක් ඇයට නොතිබුනා.

    1966 අගෝස්තු 14 වන දින Redfa ගේ ගුවන්යානය රැගෙන ඒමේ පළමු උත්සාහය අසාර්ථකවුනේ ගුවන්ගතවී මිනිත්තු කිහිපයකින් යානයේ විදුලි පරිපථයේ ඇතිවූ සුළු දෝෂයක් හේතුවෙනි. නමුත් දවස් දෙකකට පසු ඊශ්‍රයාල රේඩාර් පද්ධතියේ සතුරු ගුවන් යානයක් ඊශ්‍රයාල ගුවන් කලාපය ආක්‍රමණය කරනු සටහන් වන්නට වුනා. නමුත් මේ සතුරු යානයට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කිරීමට ගුවන් හමුදාවට නොහැකිවුනේ ඒ දවස තුල ගුවන් හමුදාපතිවරයාගේ සෘජු අණ දීමකින් තොර කිසිදු
    ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස ඔවුන්ට සැල කර සිටි නිසාවෙනි. ඒවනවිට මෙහෙයුම ගැන දැන සිටියේ ඊශ්‍රයාල ගුවන් නියමුවන් දෙදෙනෙකු පමණකි. ඔවුන් සතුරු යානයට ආරක්ෂාව ලබාදෙමින් ඊශ්‍රයාලය භූමිය තුලට පලමු වරට MIG-21 යානයක් රැගෙන ඒමට සහයෝගය ලබා දුන්නා.

    මෙහෙයුම ආරම්භ කර වසරකට පසුව මේ ආකාරයට සාර්ථක ලෙස රුසියාවට ආඩ්ම්බරයක් එක්කල, බටහිර ගුවන් බලයට හිසරදයක්ව පැවති විශිෂ්ඨතම ප්‍රහාරක යානය ඊශ්‍රයාලය අත්පත්කර ගැනීමට සමත්වුනා. දින කිහිපයකට පසු ඊශ්‍රයාල නියමුවන් පලමු වරට යානය ගුවන් ගත කරනු ලැබුවේ මොසාඩ් සහ ආරක්ෂක අංශයේ ඉහලම නිළධාරීන් ඉදිරිපිටයි. ඊශ්‍රයාල සහ ප්‍රංශ Miraj III යානා වලට වඩා මිග් යානා සතුව තිබූ විස්මිත හැකියාවන් මේ අනුව ඔවුන්ට අධ්‍යයනය කිරීමට හැකියාව ලැබුනා.
    ඉතාමත් ඉමණින් මෙහෙයුම සම්බන්ධ ප්‍රවෘත්තිය ලොවපුරා පැතිර යාමට පටන්ගත්තා. විමතියට පත්වුනු ඇමරිකානු බළධාරීන් වහාම තම විශේෂඟයින්ට ගුවන්යානය අධ්‍යයනය කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නට වුනා. නමුත් මේ ඉල්ලීම ලබා දීමට නම් සෝව්යට් SAM-2 මිසයිල තාක්ෂණය ගැන ඇමරිකාව සතු තොරතුරු ලබා දිය යුතු බවට ඊශ්‍රයාල බළධාරීන් කොන්දේසියක් පැනවූවා. ඒ අනුව අවසානයේදී මිග් යානාවේ වැදගත්කම හේතුවෙන් ඇමරිකාවට එයට එකඟ වීමට සිදුවුනා. පසු කාලයේදී නිපදවුනු ඇමරිකානු සහ ඊශ්‍රයාල ප්‍රහාරක යානවලට අත්පොත වූයේ මෙම MIG-21 යානයයි.

    ඊශ්‍රයාලයට මිග් යානය ලබාගැනීමේ වැදගත්ම ප්‍රතිලාභය වූයේ ඉන් මාස දහයකට පසු ඇති වූ සය දින යුද්ධයේදී ඔවුන් ලබා ගත් සාර්ථකත්වයයි. ඊජිප්තු ප්‍රහාරක යානා විනාශ කිරීමට මිග් යානයේ තාක්ෂණික හැකියාවන් අධ්‍යයන කිරීම කෙලින්ම දායක වූ බව පසු කාලයකදී ඊශ්‍රයාල ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබුනා.

    Mossad: The Greatest Missions of the Israeli Secret Service ඇසුරෙනි.



    Meir Amit


    HsnrrMv.jpg



    Munir redfa


    Y0m3dQZ.jpg




    Munir redfa රැගෙන පැමිණි යානය වර්ථමානයේදී




    RfqmwKq.jpg

     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    bmp thax
    /* Copyright (c) 2016 Interaktiva rum Sverige (Interactive rooms Sweden) Website: http://www.interaktivarum.se/en Permission is hereby granted, free of charge, to any person obtaining a copy of this software and associated documentation files (the "Software"), to deal in the Software without restriction, including without limitation the rights to use, copy, modify, merge, publish, distribute, sublicense, and/or sell copies of the Software, and to permit persons to whom the Software is furnished to do so, subject to the following conditions: The above copyright notice and this permission notice shall be included in all copies or substantial portions of the Software. THE SOFTWARE IS PROVIDED "AS IS", WITHOUT WARRANTY OF ANY KIND, EXPRESS OR IMPLIED, INCLUDING BUT NOT LIMITED TO THE WARRANTIES OF MERCHANTABILITY, FITNESS FOR A PARTICULAR PURPOSE AND NONINFRINGEMENT. IN NO EVENT SHALL THE AUTHORS OR COPYRIGHT HOLDERS BE LIABLE FOR ANY CLAIM, DAMAGES OR OTHER LIABILITY, WHETHER IN AN ACTION OF CONTRACT, TORT OR OTHERWISE, ARISING FROM, OUT OF OR IN CONNECTION WITH THE SOFTWARE OR THE USE OR OTHER DEALINGS IN THE SOFTWARE. */ /* The color filters are defined in external SVG file rgblind.svg, located in same folder as this CSS file. Use this CSS file when injecting both the CSS style rules and the SVG filters into the HTML document. */ .protanopia{ filter: url('#protanopia'); -webkit-filter: url('#protanopia'); color-interpolation-filters:sRGB; } .deuteranopia{ filter: url('#deuteranopia'); -webkit-filter: url('#deuteranopia'); color-interpolation-filters:sRGB; }
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Danatath americawa sukhoi fighter jets gana aha gahagena inne. Ewala radar system eka pawa anith ewalata wada advance
     

    Similar threads