Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ මොසාඩ් ලිපි අංක 3 ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ මොසාඩ් ලිපි අංක 3 ~

මොසාඩ් ලිපි අංක 3

Elie cohen නම් විශිෂ්ඨ ඔත්තුකරුවා

1960 දශකයෙ මුල් භාගය වනවිට සිරියාව අරාබි රටවල් සියල්ල අතරින් ඊශ්‍රයාලයට වැඩිම හිසරදයක් ගෙන එන රාජ්‍යය ලෙස ඉදිරියට පැමිණෙමින් තිබුනා. ඊශ්රයාලා සිය පරම සතුරා ලෙස සැලකකූ ඔවුන් හැකි සෑම විටම පහර දීමට බලා සිටියා. වරින් වර ත්‍රස්ථ කණ්ඩායම් දේශසීමා කලාපය තුලට එවමින් පහර එල්ල කරමින් සිටි ඔවුන් ජෝර්දානය හරහා ඊශ්‍රයාලයේ Arid negev කලාපයට ජලය ලබා ගැනීමට සැලසුම් කරන ලද ජලනල ව්‍යාපෘතියකටද බාධා එල්ල කරමින් සිටියා. මේ නිසා සිරියාවේ විශේෂ මෙහෙයුම් සහ රහස් ගණුදෙනු සම්බන්ධව නිරාවරණය කර ගැනීමට හැකි ඔත්තුකරුවකුගේ දැඩි අවශ්‍යතාවයක් මොසාඩ් සංවිධානයට ඇතිවුනා. මේ සඳහා ඉතා විශ්වාසවන්ත දැඩි පලපුරුද්දක් සහිත නිර්භීත පුද්ගලයෙක් අවශ්‍යවුනා. 1950 දශකයේදී ඊජිප්තුවේ වෙසෙමින් ඊජිප්තු රජයට එරෙහිව විවිධ ප්‍රහාර ගණනාවක් මෙහෙයවූ පසුව ඊජිප්තු රජයෙන් බේරීමට ඊශ්‍රයලයට පලා ආ Elie cohen වෙත මොසාඩ් අවධානය යොමුවුනේ ඉහත සියලු සුදුසුකම් Elie සතුවූ නිසායි. ඒ වනවිට සුළු ව්‍යාපාරයක් කරමින් සාමාන්‍යය ජීවිතයක් ගතකරමින් සිටි ඔහු කිහිප වරක්ම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මොසාඩ් ඉල්ලීමට එකඟත්වය පල කරනු ලැබුවා.

බඳවා ගැනීමෙන් පසු Cohen ගේ පුහුණුව ඉතා දුෂ්කර වෙහෙසකාරී එකක් වුයේ සෑම දිනකම විවිධ අභ්‍යාස හා ක්‍රියාකාරකම් වලට මුහුණදීමට සිදුවූ නිසාය. පුහුණුවේ මුල්ම ක්‍රියාකාරකම වුයේ විවිධ දේවල් ක්ෂණිකව මතක තබා ගැනීමට හුරුකරවීමයි. ඉන් පසු විවිධ අවිවර්ග හඳුනාගැනීමටත්, වීදිවල ගමන් ගනිද්දී ඔහු හඹා එන පුද්ගලයන් හඳුනා ගන්නා සැටිත් පුහුණු කෙරුණා. කුරාණය සහ ඉස්ලාම් වන්දනා ක්රමයන්ද හදාරන්න ඔහුට සිදුවුනා. රේඩියෝ සංඟ්යා ආශ්රයෙන් පණිවුඩ යැවීමත් විවිධ මානසික පරික්ෂාවන්ට මුහුන දීමටත් පුරුදු කිරීමෙන් අනතුරුව ඔහුට පුහුණු මෙහෙයුමක් ලබා දුන්නා. ඒ අනුව ප්‍රංශ ගමන් බලපත්‍රයක් සහිත ඊජිප්තු ජාතික සංචාරකයෙක් වශයෙන් ජෙරුසලමේ දින දහයක් සංචාරය කිරීම එම අභියෝගයයි. ඔහු විවිධ පුද්ගලයන් හා සම්බන්ධවෙමින් මිතුරන් ඇතිකරගනිමින් සැක නොසිතන ආකාරයෙන් එම කාලය ගතකල යුතුව තිබුනා. මෙම අභියෝගය ජයගත් ඔහු පුහුණු කාලය නිමවා නිවසට පැමිණෙන විට ගැබිණිව සිටි බිරිඳ දියණියක් බිහිකර තිබුනා.

මෙහෙයුමේ ආරම්භය සනිටුහන් කරමින් Elie හට අලුත් නමක් සහ අලුත් ජීවිත කතාවක් ලැබුනා. මින් ඉදිරියට ඔහු හැඳින්වුනේ ලෙබනනයේ උපත ලද ආර්ජන්ටිනාවේ වාසය කරනා සිරියානු දෙමාපියන් යුවලකට දාව උපත ලද Kamal Amin Tabet යනුවෙනි. මෙහෙයුමට ප්රථ්මව තම බිරිඳට ඔහු පැවසුවේ ඊශ්‍රයාල ආරක්ෂක අංශ වෙනුවෙන් යුරෝපයේ විවිධ කටයුතු උදෙසා වරින් වර යෑමට තමන්ට සිදුවන බවයි. සූරිච් , චිලී හරහා ආර්ජන්ටිනාවට ලඟා වු ඔහු කුඩා නිවහනක රැදී සිටිමින් මාස තුනක් ස්පාඟ්ඟ භාෂාව ඉගෙන ගනිමින් පරිසරයට හුරුවෙමින් සිටියා. ඉන් පසු වරින්වර අරාබි අවන්හල් සහ අරාබි සමාජය ඇසුරුකරමින් විශාල ව්‍යාපාරිකයෙක් වශයෙන් හඳුන්වා දෙමින් ඔවුන් ඇසුරු කරන්නට පටන් ගත්තා. අරාබි ජනයාගේ සුබසාධනය වෙනුවෙන් විශාල පරිත්‍යාග සිදුකිරීමට ඔහු ක්‍රියා කරනු ලැබුවා. මේ අනුව ඉතා කෙටිකලකින් ආර්ජන්ටිනාවේ අරාබි ජාතිකයන් අතර කැපීපෙනෙන චරිතයක් බවට පත්වන්නට ඔහුට හැකිවුනා. එහි ප්‍රතිපලයක් ලෙස ආර්ජන්ටිනාවේ සිරියානු තානාපති කාර්යාලයේ විවිධ උත්සවවලට ආරාධනා ලැබීමටත් එහි සිටි සිරියානු ඉහළ පෙලේ හමුදා නිළධාරීන් ඇසුරු කිරීමටත් ඔහු අවස්ථාව උදාකරගත්තා. මේ සියලු සම්බන්ධතා භාවිතා කරමින් තමන්ට නැවතත් සිරියාවට යාමට අවශ්‍යය බව ඔවුන්ට අඟවමින් 1961 වසරේ අගභාගයේදී ඔහු සිරියාවට ලඟාවුනේ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට අවශ්‍යය විවිධ තාක්ෂණික උපකරණ රැසක්ද සමගයි.

සාමාන්‍යය ඔත්තුකරුවන් වැඩි අවධානයක් යොමු නොවන ලෙස සැඟවී තම කාර්යන් ඉටුකලත් Elie ගේ මෙහෙයුම අනුව ඔහු සිරියානු සමාජයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වියුතුව තිබුනා. මේ නිසා ඔහු විශාල මුදලක් ගෙවා සිරියානු හමුදා මූලස්ථානය අසලින් සුඛෝපභෝගී නිවහනක් වෙන්කරගනු ලැබුවා. සිරියානු රජයේ ඉහළ බළධාරීන්ගේ සහ ඉහළම ව්‍යාපාරිකයන්ගේ නිවාසද පිහිටියේ මේ ආශ්‍රිතවයි. ඉතාම කෙටි කලකින් සිරියානු දේශපාලකයින්ගේ මිතුරු සමාගමයට එක්වීමට ඔහුට හැකිවුනේ ආර්ජන්ටිනාවෙන් ඔහු සාදාගත් සබඳතා යොදාගනිමින්ය. ඔහුගේ නව මිතුරන් විවිධ ව්‍යාපාරිකයන්ට ඔහු හදුන්වා දුන් අතර ඉන් දෙදෙනෙ මෙම තරුණ මිලියනපතියාට තම දියණියන් විවාහ කරවීමටද උත්සාහයක නිරත විය. විවිධ කටයුතු සදහා මුදල් පරිත්‍යාග කරමින් දිනෙන් දින තම සබඳතා ජාලය ශක්තිමත් කරගැනීමට කටයුතුකරනු ලැබුවා. ඉහළ සිරියානු දේශපාලකයන්ගෙ ඇසුරට වැටුනු Elie ප්‍රියසාද අතරතුර ඔවුන්ගෙ කතාබස් අතරින් ලබාගන්නා වැදගත් තොරතුරු දිනපාතාම උදෑසන අටට රේඩියෝ තරංග භාවිතයෙන් මොසාඩ් මූලස්ථානයට වාර්තාකරමින් සිටියා. හමුදා මූලස්ථානය ආසන්නයේම නිවස පැවති නිසා යම් පරීක්ෂාවකින් වුවත් හමුදා සංඟ්ඟා සහ Elie ගේ වාර්ථාවන් අතර වෙනස වටහා ගැනීමට අපහසුවෙනවා. මේ අතරතුර වරින් වර ආර්ජන්ටිනාවට සහ යුරෝපයට ව්‍යාපාරික හේතුමත් ගමන් කරනා බව අඟවමින් තම බිරිඳ සහ දරුවන් බැලීමට යාමටද ඔහු කටයුතු කරනු ලැබුවා. සිරියානු බාත් පක්ෂයේ නැගීසිටීම නිරීක්ෂණය කර Elie පක්ෂ අරමුදලට විශාල ලෙස ආධාර කරමින් ඔවුන්ට ලංවෙන්නට වුනා. ඔහුගේ අනුමානය නිවැරදි කරමින් බාත් පක්ෂය කුමන්ත්‍රණයක් මගින් සිරියානු බලය අල්වාගන්නා විට ඔහුගේ ආර්ජන්ටිනාවේ හමුදා මිතුරා ආණ්ඩුවේ ඉහල පෙලේ තනතුරකට පත්වුනා. මේ අනුව නව ආණ්ඩුවේ ඉහළම නිළධාරීන්ගේ ලඟම මිතුරකු වීමට ඔහුට හැකිවුනා.

දිනපතාම විවිධ රජයේ සහ හමුදා නිළධාරීන්ට විශාල සාදයන් සංවිධානය කරමින් ඔවුන් තම නිවසට ගෙන්වාගත් Elie සිරියානු ජනාධිපතිවරයාද වරින්වර ඒවාට ගෙන්වාගන්නට සමත්වුනා. ජනාධිපති ආර්යාවට මිළ අධික ත්‍යාගයන්, ස්වර්ණාභරණ ලබාදීමද මේ අතරට අයත්වුනා. විවිධ නිළධාරීන්ට සාදයන් අතරතුර ගණිකාවන්ගේ පහස ලබාදෙමින් ඔවුන්ගේ මනදොල සපුරන්නටද අමතක කලේ නැහැ. හමුදා නිළධාරීන් රහස් මෙයහෙයුම්, දේශපාලකයින්ගේම් විව්ධ ප්‍රතිපත්ති සාකච්චා කරනා තැනක් බවට ඔහුගේ ආලින්දය පත්ව තිබුනා. මේ සියල්ලට දායක වෙමින් ලබාගන්නා සියලු තොරතුරු දිනපතාම මොසාඩ් මූලස්ථානයට වාර්ථා කරමින් තිබුනා. බාත් පක්ෂයේ වැදගත් සාකච්ඡා සදහා සම්බන්ධවූ ඔහු හමුදාවේ සිදුවන සියලුම කටයුතු දැන සිටියා. සිරියානු හමුදාවේ රහසිගත මෙහෙයුම්, අවිආයුධ මිලදීගැනීම් සියල්ලම ඔහුට රහසක් නොවීය. ඊශ්රයාලා දේශසීමාවේ පවතින සිරියානු හමුදා කදවුරු නිරීක්ෂනය කිරීමට යාමටද ඔහුට හැකියාව ලැබුනේ ඉහළම හමුදා නිලදාරීන්ගේ ආරාධනාවලට අනුවයි. මේ හමුවීම් අතරතුර ඊශ්‍රයාලය සමග දැඩි වෛරයකින් පසුවන බවට සෑමවිටම ඔවුන්ට ඇඟවීමට ඔහු අමතක කරේ නැහැ. සිරියානු සෙබලුන් රැදීසිටින රහස් බංකර අවට සෙවණ උදෙසා ගස් වවන ලෙස ඔවුන්ට යෝජනා කෙරූ Elie පසු කලක එම ගස් සහිත ස්ථාන ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රයාලයට දැනුම දුන්නා.

මේ අතර සිරියානු ඊශ්‍රයාල ගැටීම් සිදුවු අතර ඒ සෑම අවස්ථාවකම සිරියානු දේශ සීමාවේ පහරදියයුතු තැන් සහ එක් එක් තැන්වල අවි බලය ඊශ්‍රයාල හමුදා දැන සිටියා. ඒ සියල්ලටම Elie ගෙන් ලබාගත් තොරතුරු හේතුවුනා. ඊශ්‍රයාල ජල ව්‍යාපෘතියට බාධාකරමින් අනෙක් අරාබි රටවල් හා සිරියාව සිදුකරනලද ව්‍යාපෘතිය බාර ව්‍යාපාරිකයා ඇසුරු කරමින් තොරතුරු ලබාගත් ඔහු එම ව්‍යපෘතිය විනාශ කිරීමට අවශ්‍ය ප්‍රහාර එල්ල කලයුතු ආකාරය මව් රටට තොරතුරු ලබාදුන්නා. මෙම ව්‍යාපාරිකයා වූයේ අන් කවරෙකුත් නොව ඔසමා බින් ලාඩන්ගේ පියායි.

මෙම කටයුතු අතරතුර ක්‍රමක්‍රමයෙන් සිරියානු බුද්ධි අංශ ඊශ්‍රයාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධව සැක පහල කරමින් සිටියා. සිරියානු රජයේ රැස්වීම් අතරතුර ගන්නා තීන්දු තීරණ පසුදින ඊශ්‍රයල රජයේ ගුවන් විදුලියේ විකාශය වූ අවස්ථා ඔවුන්ට හමුවුනා. හමුදා මෙහෙයුම් අතරතුර ඊශ්‍රයාලය තෝරාගත් නිවැරදිම ඉලක්කයන්ට පහරදීමත් ඔවුන්ගේ විමතියට හේතුවුනා. සිරියාවේ ඉහළම තනතුරක ඊශ්රයාලා ඔත්තුකරුවෙක් සිටිනබවට ඔවුන්ට අවබෝධවීමට පටන් ගත්තා. ඔහු තොරතුරු ලබාදියයුතු රැහැන් රහිත විකාශන ක්‍රමය සොයා බැලීමට කිහිප වරක් දරණ ලද උත්සාහයන් ව්‍යාර්ථ වුනා. දිගින් දිගටම සිදුවූ අසාර්ථක වීම් රාශියකින් පසු 1965 ජනවාරි මස දිනයක ඔවුන්ගේ වාසනාව උදාවුවා. මෙය සිදුවූයේ ඉතාම අහඹු ලෙසයි. සෝවියට් රුසියාවෙන් ගෙන්වන ලද නව තාක්ෂණික උපකරණ සවිකිරීම උදෙසා සියලුම සිරියානු හමුදා විකාශනයන් ජනවාරි 7 වැනිදා පැය විසිහතරකට නවතා දමනු ලැබුවා. නමුත් මේ අතරතුර රේඩියෝ සංඟාවක් ක්‍රියාත්මක වීම එක් හමුදා නිළධාරියෙක් විමතියට පත්කරවන්නට හේතුවුනා. වහා ක්‍රියාත්මක වුනු බුද්ධි බලකායන් සංඟාව සොයා යාමට පටන් ගත්තත් නිවැරදි ස්ථානය සොයා ගැනීමට පෙර විකාශනය ඇණසිටියා. කෙසේ නමුත් සංඟාව පැමිණි දිශාව යොමුවී තිබුනේ Kamal Amin Tabet ගේ නිවස දෙසටයි. නමුත් ඔහු සිටියේ ඔවුන්ගේ සැකයට භාජනය නොවන තරම් ඉහල දේශපාලන ස්ථරයකයි. එය වැරදීමක් ලෙස ඉවත දැමූ ඔවුන් නැවත ක්‍රියාත්මක වුනේ සවස් කාලයේද සංඟා ලැබෙන්නට වූ නිසාවෙනි. නැවතත් Kamal ගේ නිවස දෙසට සැකය එල්ල වුනා.

පසුදින හරියටම උදෑසන අටට Elie ගේ සුඛෝපභෝගී නිවසේ දොර බිඳ දමමින් ඇතුලු වූ සිරියානු බුද්ධි අංශ විසින් සන්නිවේදනය අතරතුරම Elie අල්වාගනු ලැබුවා. මෙම ප්‍රවෘතිය සම්පූර්ණ සිරියානු දේශපාලනයම සහ ආරක්ෂ අංශ කළඹවනු ලැබූ පුවතක් බවට පත්වුනා. ජනාධිපතිගේ පුද්ගලික මිතුරකු, ආරක්ෂක නිළධාරීන්ගේ ගජ මිතුරකු ඔත්තුකරුවකු වීම අදහාගත නොහැකි සිදුවීමක් වුනා. විශේෂ පරීක්ෂන කිහිපයකින්ම Elie ඔත්තුකරුවෙක් බව තහවුරුවෙමින් තිබුනා. අතඩංගුවට ගත් Elie Cohen හමුවීමට සිරියානු ජනාධිපතිවරයාද පැමිණියා. ඔහු Elie ගෙන් කුරාණයේ පාඨයන් විමසා සිටිමින් Elie එහිදී දැක්වූ දුර්වලතා හේතුවෙන් Elie යුදෙව්වෙකු බව ඔහු ව්සින් පුද්ගලිකවම වටහාගත්තා. Elie ගේ අත් අඩංගුවට පත්වීම සිරියානු ඉහළ පැලැන්තියේ දෙදරායාමක් ලෙස හදුන්වනු ලැබුවා. ඔහු ඇසුරු කර සියලුම ප්රභූන්වෙත සැකය එල්ලවීම ප්රාධාන ගැටළුවක් වුනා. මේ නිසා බුද්ධි අංශවලට විමර්ශණ කටයුතු සිදුකිරීමද අපහසුවුනා. තමන් සමග ගණුදෙනු කරන ලද සිරියාවේ සිටි ඊශ්‍රයල සහකරුවන් පාවා නොදීසිටිමට Elie වග බලාගත්තා.

Elie cohen අතඩංගුවට පත්වනතුරු ඔහුගේ භූමිකාව පවුලේ සාමාජිකයන් කිසිවෙක් දැනසිටි නොමැති අතර ඊශ්‍රයාලය තුල ඔහුගේ අත් අඩංගුවට පත්වීමේ ප්රවෘත්ති වාරණය කරනු ලැබුවා. Elie ගේ බිරිඳ මුලින් සිතාසිටියේ සිරියානු දේශසීමාව හරහා යාමට ගොස් ඔහු අත් අඩංගුවට පත ඇතැයි යනුවෙනි. නමුත් තමන්ගේ සැමියා මොසාඩ් ඔත්තුකරුවෙක් බව දැනගත් විට ඇය සිහිසුන්ව ඇදවැටුනා. Elie ගේ බිරිඳ ඇතුලු හිතවතුන් හරහා ඊශ්‍රයාල රජය රහසින් සාධාරණ විනිශ්චයක් වෙනුවෙන් නීති කටයුතු කිරීමට උත්සාහ කලත් ඒවා ව්යාර්ථවුනා.

විශේෂ හමුදා අධිකරණයේ පැවති නඩුවිභාගයේ විශේෂත්වය වුයේ එහි විනිශ්චයකරු සහ බොහෝ නිළධාරීන් ඔහුගේ ලඟම හිතවතුන්ව සිටි අය වීමයි. Elie නියෝජනය කිරීමට නීතිවේදියෙකු ලබාදීමත් ප්‍රතික්ෂේප කෙරුනා. නඩු විභාගය රූපවාහිනියේ විකාශය කෙරුණු අතර Elie ගේ පවුලේ සාමාජිකයන්ද එය නරඹනු ලැබුවා. සැලසුම් කර ආකාරයෙන්ම අවසානයේ මරණ දඬුවමට තීන්දුවූ Elie ගලවා ගැනීමට ජාත්‍යන්තර සංවිධාන රැසක් උත්සාහ කරනු ලැබුවත් සිරියාව ඒ සියල්ල ප්‍රතික්ශේප කරමින් 1965 මැයි මස 18 වන දින රාත්‍රියේ Elie ප්‍රසිද්ධියේ එල්වා මරා දමනු ලැබුවා. එල්ලා මරා දැමීමට පෙර බිරිඳ අමතා ලියුමක් යැවූ ඔහු ඇයට නැවත විවාහවී දරුවන්ට පියෙකුගේ රැකවරණය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. Elie ගේ භශ්මාවශේෂ කොටස් ඊශ්‍රයාලය වෙත ලබානොදී සිටීමට තරම් සිරියාව ඊශ්‍රයාලය සමග වෛරයකින් පසුවුනා.

මොසාඩ් ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාස්යේ සිටි විශිෂ්ඨතම ඔත්තුකරුවකු ලෙස Elie Cohen හැදින්වෙනවා.

Mossad: The Greatest Missions of the Israeli Secret Service ඇසුරෙනි.

Elie Cohen

විවාහය

එල්ලා මරා දැමීම

[QUOTE="DJU9, post: 24511718, member: 44472"] [b]~ මොසාඩ් ලිපි අංක 3 ~[/b] [CENTER][SIZE=3][SIZE=5][COLOR=Indigo][B]මොසාඩ් ලිපි අංක 3[/B] Elie cohen නම් විශිෂ්ඨ ඔත්තුකරුවා[/COLOR] [/SIZE] 1960 දශකයෙ මුල් භාගය වනවිට සිරියාව අරාබි රටවල් සියල්ල අතරින් ඊශ්‍රයාලයට වැඩිම හිසරදයක් ගෙන එන රාජ්‍යය ලෙස ඉදිරියට පැමිණෙමින් තිබුනා. ඊශ්රයාලා සිය පරම සතුරා ලෙස සැලකකූ ඔවුන් හැකි සෑම විටම පහර දීමට බලා සිටියා. වරින් වර ත්‍රස්ථ කණ්ඩායම් දේශසීමා කලාපය තුලට එවමින් පහර එල්ල කරමින් සිටි ඔවුන් ජෝර්දානය හරහා ඊශ්‍රයාලයේ Arid negev කලාපයට ජලය ලබා ගැනීමට සැලසුම් කරන ලද ජලනල ව්‍යාපෘතියකටද බාධා එල්ල කරමින් සිටියා. මේ නිසා සිරියාවේ විශේෂ මෙහෙයුම් සහ රහස් ගණුදෙනු සම්බන්ධව නිරාවරණය කර ගැනීමට හැකි ඔත්තුකරුවකුගේ දැඩි අවශ්‍යතාවයක් මොසාඩ් සංවිධානයට ඇතිවුනා. මේ සඳහා ඉතා විශ්වාසවන්ත දැඩි පලපුරුද්දක් සහිත නිර්භීත පුද්ගලයෙක් අවශ්‍යවුනා. 1950 දශකයේදී ඊජිප්තුවේ වෙසෙමින් ඊජිප්තු රජයට එරෙහිව විවිධ ප්‍රහාර ගණනාවක් මෙහෙයවූ පසුව ඊජිප්තු රජයෙන් බේරීමට ඊශ්‍රයලයට පලා ආ Elie cohen වෙත මොසාඩ් අවධානය යොමුවුනේ ඉහත සියලු සුදුසුකම් Elie සතුවූ නිසායි. ඒ වනවිට සුළු ව්‍යාපාරයක් කරමින් සාමාන්‍යය ජීවිතයක් ගතකරමින් සිටි ඔහු කිහිප වරක්ම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මොසාඩ් ඉල්ලීමට එකඟත්වය පල කරනු ලැබුවා. බඳවා ගැනීමෙන් පසු Cohen ගේ පුහුණුව ඉතා දුෂ්කර වෙහෙසකාරී එකක් වුයේ සෑම දිනකම විවිධ අභ්‍යාස හා ක්‍රියාකාරකම් වලට මුහුණදීමට සිදුවූ නිසාය. පුහුණුවේ මුල්ම ක්‍රියාකාරකම වුයේ විවිධ දේවල් ක්ෂණිකව මතක තබා ගැනීමට හුරුකරවීමයි. ඉන් පසු විවිධ අවිවර්ග හඳුනාගැනීමටත්, වීදිවල ගමන් ගනිද්දී ඔහු හඹා එන පුද්ගලයන් හඳුනා ගන්නා සැටිත් පුහුණු කෙරුණා. කුරාණය සහ ඉස්ලාම් වන්දනා ක්රමයන්ද හදාරන්න ඔහුට සිදුවුනා. රේඩියෝ සංඟ්යා ආශ්රයෙන් පණිවුඩ යැවීමත් විවිධ මානසික පරික්ෂාවන්ට මුහුන දීමටත් පුරුදු කිරීමෙන් අනතුරුව ඔහුට පුහුණු මෙහෙයුමක් ලබා දුන්නා. ඒ අනුව ප්‍රංශ ගමන් බලපත්‍රයක් සහිත ඊජිප්තු ජාතික සංචාරකයෙක් වශයෙන් ජෙරුසලමේ දින දහයක් සංචාරය කිරීම එම අභියෝගයයි. ඔහු විවිධ පුද්ගලයන් හා සම්බන්ධවෙමින් මිතුරන් ඇතිකරගනිමින් සැක නොසිතන ආකාරයෙන් එම කාලය ගතකල යුතුව තිබුනා. මෙම අභියෝගය ජයගත් ඔහු පුහුණු කාලය නිමවා නිවසට පැමිණෙන විට ගැබිණිව සිටි බිරිඳ දියණියක් බිහිකර තිබුනා. මෙහෙයුමේ ආරම්භය සනිටුහන් කරමින් Elie හට අලුත් නමක් සහ අලුත් ජීවිත කතාවක් ලැබුනා. මින් ඉදිරියට ඔහු හැඳින්වුනේ ලෙබනනයේ උපත ලද ආර්ජන්ටිනාවේ වාසය කරනා සිරියානු දෙමාපියන් යුවලකට දාව උපත ලද Kamal Amin Tabet යනුවෙනි. මෙහෙයුමට ප්රථ්මව තම බිරිඳට ඔහු පැවසුවේ ඊශ්‍රයාල ආරක්ෂක අංශ වෙනුවෙන් යුරෝපයේ විවිධ කටයුතු උදෙසා වරින් වර යෑමට තමන්ට සිදුවන බවයි. සූරිච් , චිලී හරහා ආර්ජන්ටිනාවට ලඟා වු ඔහු කුඩා නිවහනක රැදී සිටිමින් මාස තුනක් ස්පාඟ්ඟ භාෂාව ඉගෙන ගනිමින් පරිසරයට හුරුවෙමින් සිටියා. ඉන් පසු වරින්වර අරාබි අවන්හල් සහ අරාබි සමාජය ඇසුරුකරමින් විශාල ව්‍යාපාරිකයෙක් වශයෙන් හඳුන්වා දෙමින් ඔවුන් ඇසුරු කරන්නට පටන් ගත්තා. අරාබි ජනයාගේ සුබසාධනය වෙනුවෙන් විශාල පරිත්‍යාග සිදුකිරීමට ඔහු ක්‍රියා කරනු ලැබුවා. මේ අනුව ඉතා කෙටිකලකින් ආර්ජන්ටිනාවේ අරාබි ජාතිකයන් අතර කැපීපෙනෙන චරිතයක් බවට පත්වන්නට ඔහුට හැකිවුනා. එහි ප්‍රතිපලයක් ලෙස ආර්ජන්ටිනාවේ සිරියානු තානාපති කාර්යාලයේ විවිධ උත්සවවලට ආරාධනා ලැබීමටත් එහි සිටි සිරියානු ඉහළ පෙලේ හමුදා නිළධාරීන් ඇසුරු කිරීමටත් ඔහු අවස්ථාව උදාකරගත්තා. මේ සියලු සම්බන්ධතා භාවිතා කරමින් තමන්ට නැවතත් සිරියාවට යාමට අවශ්‍යය බව ඔවුන්ට අඟවමින් 1961 වසරේ අගභාගයේදී ඔහු සිරියාවට ලඟාවුනේ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට අවශ්‍යය විවිධ තාක්ෂණික උපකරණ රැසක්ද සමගයි. සාමාන්‍යය ඔත්තුකරුවන් වැඩි අවධානයක් යොමු නොවන ලෙස සැඟවී තම කාර්යන් ඉටුකලත් Elie ගේ මෙහෙයුම අනුව ඔහු සිරියානු සමාජයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වියුතුව තිබුනා. මේ නිසා ඔහු විශාල මුදලක් ගෙවා සිරියානු හමුදා මූලස්ථානය අසලින් සුඛෝපභෝගී නිවහනක් වෙන්කරගනු ලැබුවා. සිරියානු රජයේ ඉහළ බළධාරීන්ගේ සහ ඉහළම ව්‍යාපාරිකයන්ගේ නිවාසද පිහිටියේ මේ ආශ්‍රිතවයි. ඉතාම කෙටි කලකින් සිරියානු දේශපාලකයින්ගේ මිතුරු සමාගමයට එක්වීමට ඔහුට හැකිවුනේ ආර්ජන්ටිනාවෙන් ඔහු සාදාගත් සබඳතා යොදාගනිමින්ය. ඔහුගේ නව මිතුරන් විවිධ ව්‍යාපාරිකයන්ට ඔහු හදුන්වා දුන් අතර ඉන් දෙදෙනෙ මෙම තරුණ මිලියනපතියාට තම දියණියන් විවාහ කරවීමටද උත්සාහයක නිරත විය. විවිධ කටයුතු සදහා මුදල් පරිත්‍යාග කරමින් දිනෙන් දින තම සබඳතා ජාලය ශක්තිමත් කරගැනීමට කටයුතුකරනු ලැබුවා. ඉහළ සිරියානු දේශපාලකයන්ගෙ ඇසුරට වැටුනු Elie ප්‍රියසාද අතරතුර ඔවුන්ගෙ කතාබස් අතරින් ලබාගන්නා වැදගත් තොරතුරු දිනපාතාම උදෑසන අටට රේඩියෝ තරංග භාවිතයෙන් මොසාඩ් මූලස්ථානයට වාර්තාකරමින් සිටියා. හමුදා මූලස්ථානය ආසන්නයේම නිවස පැවති නිසා යම් පරීක්ෂාවකින් වුවත් හමුදා සංඟ්ඟා සහ Elie ගේ වාර්ථාවන් අතර වෙනස වටහා ගැනීමට අපහසුවෙනවා. මේ අතරතුර වරින් වර ආර්ජන්ටිනාවට සහ යුරෝපයට ව්‍යාපාරික හේතුමත් ගමන් කරනා බව අඟවමින් තම බිරිඳ සහ දරුවන් බැලීමට යාමටද ඔහු කටයුතු කරනු ලැබුවා. සිරියානු බාත් පක්ෂයේ නැගීසිටීම නිරීක්ෂණය කර Elie පක්ෂ අරමුදලට විශාල ලෙස ආධාර කරමින් ඔවුන්ට ලංවෙන්නට වුනා. ඔහුගේ අනුමානය නිවැරදි කරමින් බාත් පක්ෂය කුමන්ත්‍රණයක් මගින් සිරියානු බලය අල්වාගන්නා විට ඔහුගේ ආර්ජන්ටිනාවේ හමුදා මිතුරා ආණ්ඩුවේ ඉහල පෙලේ තනතුරකට පත්වුනා. මේ අනුව නව ආණ්ඩුවේ ඉහළම නිළධාරීන්ගේ ලඟම මිතුරකු වීමට ඔහුට හැකිවුනා. දිනපතාම විවිධ රජයේ සහ හමුදා නිළධාරීන්ට විශාල සාදයන් සංවිධානය කරමින් ඔවුන් තම නිවසට ගෙන්වාගත් Elie සිරියානු ජනාධිපතිවරයාද වරින්වර ඒවාට ගෙන්වාගන්නට සමත්වුනා. ජනාධිපති ආර්යාවට මිළ අධික ත්‍යාගයන්, ස්වර්ණාභරණ ලබාදීමද මේ අතරට අයත්වුනා. විවිධ නිළධාරීන්ට සාදයන් අතරතුර ගණිකාවන්ගේ පහස ලබාදෙමින් ඔවුන්ගේ මනදොල සපුරන්නටද අමතක කලේ නැහැ. හමුදා නිළධාරීන් රහස් මෙයහෙයුම්, දේශපාලකයින්ගේම් විව්ධ ප්‍රතිපත්ති සාකච්චා කරනා තැනක් බවට ඔහුගේ ආලින්දය පත්ව තිබුනා. මේ සියල්ලට දායක වෙමින් ලබාගන්නා සියලු තොරතුරු දිනපතාම මොසාඩ් මූලස්ථානයට වාර්ථා කරමින් තිබුනා. බාත් පක්ෂයේ වැදගත් සාකච්ඡා සදහා සම්බන්ධවූ ඔහු හමුදාවේ සිදුවන සියලුම කටයුතු දැන සිටියා. සිරියානු හමුදාවේ රහසිගත මෙහෙයුම්, අවිආයුධ මිලදීගැනීම් සියල්ලම ඔහුට රහසක් නොවීය. ඊශ්රයාලා දේශසීමාවේ පවතින සිරියානු හමුදා කදවුරු නිරීක්ෂනය කිරීමට යාමටද ඔහුට හැකියාව ලැබුනේ ඉහළම හමුදා නිලදාරීන්ගේ ආරාධනාවලට අනුවයි. මේ හමුවීම් අතරතුර ඊශ්‍රයාලය සමග දැඩි වෛරයකින් පසුවන බවට සෑමවිටම ඔවුන්ට ඇඟවීමට ඔහු අමතක කරේ නැහැ. සිරියානු සෙබලුන් රැදීසිටින රහස් බංකර අවට සෙවණ උදෙසා ගස් වවන ලෙස ඔවුන්ට යෝජනා කෙරූ Elie පසු කලක එම ගස් සහිත ස්ථාන ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රයාලයට දැනුම දුන්නා. මේ අතර සිරියානු ඊශ්‍රයාල ගැටීම් සිදුවු අතර ඒ සෑම අවස්ථාවකම සිරියානු දේශ සීමාවේ පහරදියයුතු තැන් සහ එක් එක් තැන්වල අවි බලය ඊශ්‍රයාල හමුදා දැන සිටියා. ඒ සියල්ලටම Elie ගෙන් ලබාගත් තොරතුරු හේතුවුනා. ඊශ්‍රයාල ජල ව්‍යාපෘතියට බාධාකරමින් අනෙක් අරාබි රටවල් හා සිරියාව සිදුකරනලද ව්‍යාපෘතිය බාර ව්‍යාපාරිකයා ඇසුරු කරමින් තොරතුරු ලබාගත් ඔහු එම ව්‍යපෘතිය විනාශ කිරීමට අවශ්‍ය ප්‍රහාර එල්ල කලයුතු ආකාරය මව් රටට තොරතුරු ලබාදුන්නා. මෙම ව්‍යාපාරිකයා වූයේ අන් කවරෙකුත් නොව ඔසමා බින් ලාඩන්ගේ පියායි. මෙම කටයුතු අතරතුර ක්‍රමක්‍රමයෙන් සිරියානු බුද්ධි අංශ ඊශ්‍රයාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධව සැක පහල කරමින් සිටියා. සිරියානු රජයේ රැස්වීම් අතරතුර ගන්නා තීන්දු තීරණ පසුදින ඊශ්‍රයල රජයේ ගුවන් විදුලියේ විකාශය වූ අවස්ථා ඔවුන්ට හමුවුනා. හමුදා මෙහෙයුම් අතරතුර ඊශ්‍රයාලය තෝරාගත් නිවැරදිම ඉලක්කයන්ට පහරදීමත් ඔවුන්ගේ විමතියට හේතුවුනා. සිරියාවේ ඉහළම තනතුරක ඊශ්රයාලා ඔත්තුකරුවෙක් සිටිනබවට ඔවුන්ට අවබෝධවීමට පටන් ගත්තා. ඔහු තොරතුරු ලබාදියයුතු රැහැන් රහිත විකාශන ක්‍රමය සොයා බැලීමට කිහිප වරක් දරණ ලද උත්සාහයන් ව්‍යාර්ථ වුනා. දිගින් දිගටම සිදුවූ අසාර්ථක වීම් රාශියකින් පසු 1965 ජනවාරි මස දිනයක ඔවුන්ගේ වාසනාව උදාවුවා. මෙය සිදුවූයේ ඉතාම අහඹු ලෙසයි. සෝවියට් රුසියාවෙන් ගෙන්වන ලද නව තාක්ෂණික උපකරණ සවිකිරීම උදෙසා සියලුම සිරියානු හමුදා විකාශනයන් ජනවාරි 7 වැනිදා පැය විසිහතරකට නවතා දමනු ලැබුවා. නමුත් මේ අතරතුර රේඩියෝ සංඟාවක් ක්‍රියාත්මක වීම එක් හමුදා නිළධාරියෙක් විමතියට පත්කරවන්නට හේතුවුනා. වහා ක්‍රියාත්මක වුනු බුද්ධි බලකායන් සංඟාව සොයා යාමට පටන් ගත්තත් නිවැරදි ස්ථානය සොයා ගැනීමට පෙර විකාශනය ඇණසිටියා. කෙසේ නමුත් සංඟාව පැමිණි දිශාව යොමුවී තිබුනේ Kamal Amin Tabet ගේ නිවස දෙසටයි. නමුත් ඔහු සිටියේ ඔවුන්ගේ සැකයට භාජනය නොවන තරම් ඉහල දේශපාලන ස්ථරයකයි. එය වැරදීමක් ලෙස ඉවත දැමූ ඔවුන් නැවත ක්‍රියාත්මක වුනේ සවස් කාලයේද සංඟා ලැබෙන්නට වූ නිසාවෙනි. නැවතත් Kamal ගේ නිවස දෙසට සැකය එල්ල වුනා. පසුදින හරියටම උදෑසන අටට Elie ගේ සුඛෝපභෝගී නිවසේ දොර බිඳ දමමින් ඇතුලු වූ සිරියානු බුද්ධි අංශ විසින් සන්නිවේදනය අතරතුරම Elie අල්වාගනු ලැබුවා. මෙම ප්‍රවෘතිය සම්පූර්ණ සිරියානු දේශපාලනයම සහ ආරක්ෂ අංශ කළඹවනු ලැබූ පුවතක් බවට පත්වුනා. ජනාධිපතිගේ පුද්ගලික මිතුරකු, ආරක්ෂක නිළධාරීන්ගේ ගජ මිතුරකු ඔත්තුකරුවකු වීම අදහාගත නොහැකි සිදුවීමක් වුනා. විශේෂ පරීක්ෂන කිහිපයකින්ම Elie ඔත්තුකරුවෙක් බව තහවුරුවෙමින් තිබුනා. අතඩංගුවට ගත් Elie Cohen හමුවීමට සිරියානු ජනාධිපතිවරයාද පැමිණියා. ඔහු Elie ගෙන් කුරාණයේ පාඨයන් විමසා සිටිමින් Elie එහිදී දැක්වූ දුර්වලතා හේතුවෙන් Elie යුදෙව්වෙකු බව ඔහු ව්සින් පුද්ගලිකවම වටහාගත්තා. Elie ගේ අත් අඩංගුවට පත්වීම සිරියානු ඉහළ පැලැන්තියේ දෙදරායාමක් ලෙස හදුන්වනු ලැබුවා. ඔහු ඇසුරු කර සියලුම ප්රභූන්වෙත සැකය එල්ලවීම ප්රාධාන ගැටළුවක් වුනා. මේ නිසා බුද්ධි අංශවලට විමර්ශණ කටයුතු සිදුකිරීමද අපහසුවුනා. තමන් සමග ගණුදෙනු කරන ලද සිරියාවේ සිටි ඊශ්‍රයල සහකරුවන් පාවා නොදීසිටිමට Elie වග බලාගත්තා. Elie cohen අතඩංගුවට පත්වනතුරු ඔහුගේ භූමිකාව පවුලේ සාමාජිකයන් කිසිවෙක් දැනසිටි නොමැති අතර ඊශ්‍රයාලය තුල ඔහුගේ අත් අඩංගුවට පත්වීමේ ප්රවෘත්ති වාරණය කරනු ලැබුවා. Elie ගේ බිරිඳ මුලින් සිතාසිටියේ සිරියානු දේශසීමාව හරහා යාමට ගොස් ඔහු අත් අඩංගුවට පත ඇතැයි යනුවෙනි. නමුත් තමන්ගේ සැමියා මොසාඩ් ඔත්තුකරුවෙක් බව දැනගත් විට ඇය සිහිසුන්ව ඇදවැටුනා. Elie ගේ බිරිඳ ඇතුලු හිතවතුන් හරහා ඊශ්‍රයාල රජය රහසින් සාධාරණ විනිශ්චයක් වෙනුවෙන් නීති කටයුතු කිරීමට උත්සාහ කලත් ඒවා ව්යාර්ථවුනා. විශේෂ හමුදා අධිකරණයේ පැවති නඩුවිභාගයේ විශේෂත්වය වුයේ එහි විනිශ්චයකරු සහ බොහෝ නිළධාරීන් ඔහුගේ ලඟම හිතවතුන්ව සිටි අය වීමයි. Elie නියෝජනය කිරීමට නීතිවේදියෙකු ලබාදීමත් ප්‍රතික්ෂේප කෙරුනා. නඩු විභාගය රූපවාහිනියේ විකාශය කෙරුණු අතර Elie ගේ පවුලේ සාමාජිකයන්ද එය නරඹනු ලැබුවා. සැලසුම් කර ආකාරයෙන්ම අවසානයේ මරණ දඬුවමට තීන්දුවූ Elie ගලවා ගැනීමට ජාත්‍යන්තර සංවිධාන රැසක් උත්සාහ කරනු ලැබුවත් සිරියාව ඒ සියල්ල ප්‍රතික්ශේප කරමින් 1965 මැයි මස 18 වන දින රාත්‍රියේ Elie ප්‍රසිද්ධියේ එල්වා මරා දමනු ලැබුවා. එල්ලා මරා දැමීමට පෙර බිරිඳ අමතා ලියුමක් යැවූ ඔහු ඇයට නැවත විවාහවී දරුවන්ට පියෙකුගේ රැකවරණය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. Elie ගේ භශ්මාවශේෂ කොටස් ඊශ්‍රයාලය වෙත ලබානොදී සිටීමට තරම් සිරියාව ඊශ්‍රයාලය සමග වෛරයකින් පසුවුනා. මොසාඩ් ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාස්යේ සිටි විශිෂ්ඨතම ඔත්තුකරුවකු ලෙස Elie Cohen හැදින්වෙනවා. Mossad: The Greatest Missions of the Israeli Secret Service ඇසුරෙනි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][img]https://i.imgur.com/vRs6v1A.jpg[/img][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=3]Elie Cohen[/SIZE][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][img]https://i.imgur.com/6QfwkOW.jpg[/img][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]විවාහය [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][img]https://i.imgur.com/uLHYvEX.jpg[/img][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එල්ලා මරා දැමීම [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom