~ මොසාඩ් ලිපි අංක 4 ~
~ මොසාඩ් ලිපි අංක 4 ~
෴ මියුනිච් සංහාරය සහ දේව උදහස..
වර්ෂ 1972 සැප්තැම්බර් පස්වන දින උදෑසන 4.30 ට පමණ ජර්මනියේ මියුනිච් ඔලිම්පික් තරඟාවලියට සහභාගිවන ඊශ්‍රයාල කණ්ඩායම නවාතැන්ගත් මහල් නිවාසයට සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගත් ත්‍රස්ථවාදීන් අට දෙනෙකු කඩාවැදුනා. ඔවුන්ගේ ගමන් මග අවහිර කිරීමට උත්සාහ කරන ලද මල්ලව පොර කණ්ඩායමේ පුහුණුකරු Moshe Weinberg සහ බර ඉසිලීමේ ශූර Joe Romano යන දෙදෙනා ඔවුන්ගේ පළමු ගොදුරු බවට පත්වුනා. ත්‍රස්ථයන්ගේ වෙඩි හඬින් අවදිවූ ක්‍රීඩකයන් පිරිසක් ගැලවීගත්තේ ඔවුන්ගේ කාමර තුල වූ ජනේලයන්ගෙන් ඉවතට පැනගැනීමට හැකිවූ බැවිනි. නමුත් තවත් ක්‍රීඩකයන් නව දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ත්‍රස්ථවාදීන්ගේ ග්‍රහණයට හසුවිය.
කෙටි වේලාවකින් ජර්මානු පොලිසියත්, ජනමාධ්‍යයවේදීන්, රූපවාහිණී කණ්ඩායම් වලින් ඔලිම්පික් ගම්මානය පිරී යන්නට වුනා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට ත්‍රස්ථවාදීන්ගේ පහරදීමක් ලොවපුරා ජනතාව වෙත රූපවාහිනිය හරහා සජීවිව විකාශනය වන්නට විය. මේ නරඹන්නන් අතර ඊශ්‍රයාල අගමැතිනි ගොල්ඩා මෙයීර් ද සිටියා. ඊශ්‍රයාලය උගුලක සිරවූ ආකාරයක් ඇයට එක්වරම හැඟී යන්නට විය. ප්‍රහාරය සිදුවී ඇත්තේ හිතවාදී රටකය. ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ වගකීම ඒ අනුව ජර්මානුවන් මත පැවරී ඇත. ප්‍රහාරය සිදුවූ බැවේරියා ප්‍රාන්තයේ බළධාරීන් ඊශ්‍රයාලයේ විශිෂ්ඨතම කොමාන්ඩෝ සෙබළුන් වූ ශෙයරත් මත්කාල් භටයන් එවීමේ යෝජනාව කාරුණිකව ප්‍රතික්ශේප කරනු ලැබුවා. ඊශ්‍රයාලයට වදවීමට දෙයක් නොමැති බවත් ජර්මානු භටයන් විසින් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට සූදානම් බවත් ඔවුන් දන්වා සිටියේය. නමුත් මෙවන් දරුණු ගණයේ ත්‍රස්ථවාදීන් පිරිසකට මුහුණ දීමට තරම් පළපුරුද්දක් හෝ උපායශීලි හැකියාවක් ජර්මානුවන් හට නොවීය. දිනක් පුරා ඇදීගිය සාකච්ඡා වලින් අනතුරුව ප්‍රාණ ඇපකරුවන් සහ ත්‍රස්ථවාදීන් පිරිස Fürstenfeldbruck ගුවන්තොට වෙත රැගෙන යාමට ජර්මානු බළධාරීන්ට එකඟ වන්නට සිදුවිය. එතැන් සිට ත්‍රස්ථවාදීන්ට අවශ්‍යය ඕනෑම ස්ථානයකට යාමට අවසර ලබා දීමටද ජර්මානු බළධාරීන් එකඟත්වය පල කරනු ලැබුවා. මෙම ඉල්ලීම් ලබාදෙමින් ජර්මානු පොලිසිය දුර්වල පිටපතකට සැලසුම් කරන ලද උගුලකට ත්‍රස්ථයන් හසුකරගැනීමට අපේක්ෂාවන් පසුවුනා. ඔවුන් ගුවන්තොට මධ්‍යයේ ලුෆ්තන්සා ගුවන් සේවයට අයත් හිස් ගුවන් යානයක් සූදානම් කර තිබූ අතර සෙබළුන් ගුවන්තොටුපලේ වහලය මත ස්ථානගත කර තිබුනා. ගුවන් යානය පරීක්ෂාකිරීමට පැමිණි ත්‍රස්ථවාදීන්ගේ නායකයාට දක්නට ලැබුනේ කාර්යමණ්ඩලයක් නොමැති, ඒ වනවිටත් එන්ජිම පණ නොගැන්වූ ගුවන් යානයකි. විනාඩි කිහිපයක් තුල මෙවැනි ගුවන්යානයක් ගමන් කරවීමට සූදානම් කල නොහැකිබව තේරුම් ගත් ත්‍රස්ථවාදියා තමන් උගුලකට හසුවූ බව සැනෙකින් තේරුම් ගත්තා.
ප්‍රාණාඇපකරුවන් වෙත වහා වෙඩි තබන්නටත් ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාර එල්ල කරන්නටත් පටන් ගත් ත්‍රස්ථවාදීන් ඒ අතර තුර ජර්මානු පොලිස් නිළධාරීයෙක්ද මරා දැමුවා. වෙඩි හුවමාරුව අවසන් වනවිට ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා සහ ත්‍රස්ථවාදීන් පස් දෙනෙක් මියගොස් සිටියා. මොසාඩ් ප්‍රධානී Zvi Zamir මෙම සියලු සිදුවීම් ජර්මානු පාලන මැදිරියේ සිට අසරණව නරඹමින් සිටියා. අගමැතිනි ගොල්ඩා මෙයීර් විසින් ඔහු ජර්මනියට එවා තිබුනත් ජර්මානු බළධාරීන් ඔහුට මෙහෙයුම සම්බන්ධව තීරණ ගැනීමට අවසරයක් ලබා නොදුන් අතර ඔවුන් සහතික වී තිබුනේ එය ඉතා අනර්ඝ සැලසුමක් බවත් ඔහුට බලා සිටීම පමණක් ප්‍රමාණවත් බවයි. නමුත් ඔහුට දකින්නට ලැබුනේ ඊශ්‍රයාල ක්‍රීඩකයන් එකින් එක කෲර ලෙස මරා දමන ආකාරයයි. ඔහුට ඒ සමගම පසක් වුයේ ඊශ්‍රයාලයට නවතම සතුරෙක් ඇතිවූ බවයි. මෙම ත්‍රස්ථ කණ්ඩායම ඔවුන් විසින්ම හඳුන්වාගත්තේ "Black September" යන නමින්ය.
- Black September නිර්මාණය වීම
Black September යනුවෙන් පලස්තීන ත්‍රස්ථවාදීන් පිරිසක් තමන්ව හදුන්වාගන්නට පටන් ගත්තේ 1970 සැප්තැම්බර් මසදී ජෝර්දානයේ හුසේන් රජුගේ අණින් ජෝර්දානය තුලදී සිදුවී පලස්තීන ත්‍රස්ථයන් දහස් ගණනකගේ සංහාරය සිහිවීමටයි. 1967 දි සිදුවූ සය දින යුද්ධයෙන් පසු පලා ආ පලස්තීන ත්‍රස්ථයන් ක්‍රම ක්‍රමයෙන් ජෝර්දාන දේශසීමා ආශ්‍රිතව සහ ජෝර්දාන අගනුවර වූ අම්මාන් නගරයේ තැනින් තැන සිය වාසස්ථාන ලෙස භාවිතා කරමින් සිටියා. එම ස්ථාන ඔවුන්ගේ බලකොටු ලෙස භාවිතා කරමින් නගර පුරා ආයුධ රැගෙන සැරිසරන්නට වූ මෙම පිරිස් හුසේන් රජුගේ පාලනය ප්‍රතික්ෂේප කරමින් ජෝර්දානය පුරා බලය පතුරවන්නට වුනා. ජෝර්දාන රජු මේ ගැන අවධානයෙන් පසුවුනත් ඔහු කිසිදු පියවරක් නොගෙන බලා සිටියා. මෙය වෙනස් වුනේ එක් වරක් ඔහු හමුදා කඳවුරකදී දුටු දෙයක් හේතුවෙන්ය. කාන්තා තිසර පටක් යුධ ටැංකියක කොඩිය වෙනුවට භාවිතා කර ඇති ආකාරය දුටු රජු ඒ පිළිබඳව කෝපවී හේතු විමසා සිටියා. "එයින් අප අදහස් කරන්නේ අප ගැහැණුන් බවයි. ඔබ අපිට සටන් කරන්නට ඉඩ නොදීම එයට හේතුවයි" සෙබළුන් පිළිතුරු දුන්නා.
තවදුරටත් ඉවසා සිටිය නොහැකිවූ හුසේන් රජු 1970 සැප්තැම්බර් 17 වැනිදා සිය හමුදාව පළස්තීන ත්‍රස්ථයන් වෙත මුදා හැරියා. ඉතා විශාල සංහාරයක් ඒ සමගම ඇරඹුනා. ත්‍රස්ථවාදීන් හඹා ගිය ජෝර්දාන හමුදා නගර වීදි තුලද, කඳවුරු භූමි තුලදීද ඔවුන් මරා දමන්නට පටන් ගත්තා. දහස් ගණනක් ත්‍රස්ථවාදීන් අලවාගත් සැණින් මරා දැමුණු අතර පැන යන ත්‍රස්ථවාදීන්ට බොහෝ පිරිසකට ඉතුරුවුනේ ජෝර්දාන් ගංගාව තරණය කරමින් සිය සතුරු දේශය වූ ඊශ්‍රයාලය වෙත ලඟාවීමයි. ජෝර්දාන හමුදා අතින් මියයනවාට වඩා ඉදිරි ජීවිත කාලය ඊශ්‍රයාල සිරගෙයක ගතකිරීම තෝරාගත් ඔවුන් ඊශ්‍රයාලා හමුදා වෙත බාරවූවා. තවත් පිරිසක් ලෙබනනයට සහ සිරියාවටද පලා ගොස් තිබුනි. අද වනතුරුත් කළු සැප්තැමබර් සංහාරයෙන් මියගිය සංඛ්‍යාව නිවැරදිව ගණන් බලා නොමැති අතර එය ත්‍රස්ථවාදීන් දෙදහසත්, හත් දහසත් අතර ගණනක් බවට මත පලවෙනවා.
පළස්තීන ෆටා සංවිධානයේ නායක යසර් අර්ෆත් මෙම සංහාරයෙන් උරණව පළිගැනීමේ උවමනාවෙන් ෆටා සංවිධානය තුල ඉතාමත් රහසිගත සංවිධානයක් නිර්මාණය කරනු ලැබුවා. මෙම සංවිධානයේ පැවැත්ම ෆටා හි ප්‍රධාන පෙලේ සාමාජිකයන්ට පවා රහසක්ව තබා ගැනීමට ඔහු කටයුතු කලා. ඔහු එය නම් කරන ලද්දේ "Black September" යනුවෙනියි. මෙම සවිධානය ඔහුගේ ෆටා සංවිධානයේ අරමුණු වූ පලස්තීනයට ජාත්‍යයන්තර පිලිගැනීමක් ලබාදීම වැනි අරමුණුවලින් සම්පූර්ණයෙන් වෙනස් වූ අතර ඔවුන්ගේ ඉලක්කය වුනේ පලස්තීනයේ සතුරන් විනාශකර දැමීමයි. Black September හි ප්‍රධානියා ලෙස Abu Yussef නැමති ජ්යේෂ්ඨ ෆටා නිළධාරියා පත් කල අතර මෙහෙයුම් ප්‍රධානියා ලෙස Ali Hassan Salameh නැමති තරුණයෙකු පත්කරනු ලැබුවා. Black September හි පැවැත්ම පිළිගැනීමට යසර් අර්ෆට් කිසිදා කටයුතු නොකළත් මුලු ලොවම එහි නිර්මාණකරු ඔහු බවට දැන සිටියා.
Black September ගේ මුල් අවධිය ඊශ්‍රයාලය වෙත බලපෑමක් නොකල අතර ජෝර්දානයෙන් පළිගැනීම උදෙසා මොවුන් විවිධ ත්‍රස්ථ ක්‍රියාවන් දියත් කරමින් සිටියා. ඒ අතරින් පැරිස් හි ජෝර්දාන තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීම, ජෝර්දාන ජාතික ගුවන් සේවයේ යානයක් පැහැරගැනීම, ජෝර්දාන රහස් ඔත්තු නිළධාරීන් පස් දෙනෙක් ඝාතනය කිරීම ජෝර්දාන අගමැතිව සිටි Wasif Al-Tal ඝාතනය කිරීම වැනි ක්‍රියාවන් විශේෂය.
සය දින යුද්ධයෙන් පසු ජෝර්දානය වෙත රැදී තිබුනු අවධානය ඊශ්‍රයාලය වෙත යොමු කරමින් ඊශ්‍රයාලය තුලත් ඉන් පිටතත් පළස්තීනුවන් විසින් ත්‍රස්ථක්‍රියාවන් හි නියැලුනත් මියුනිච් ඔල්ම්පික් ඛේදවාචකය Black September හි පළමු ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැදින්වෙනවා. මෙම ප්‍රහාරයත් සමග මෙහෙයුම් ප්‍රධානී Ali Hassan Salameh ගේ දරුණු ලේ පිපාසිත අරමුණු හේතුවෙන් ඔහුට Red Prince යනුවෙන් අනවර්ථනාමයක්ද බිහිවෙනවා.
- ඊශ්‍රයාල ප්‍රතිචාරය සහ සූදානම
ප්‍රහාරයෙන් මසක් ඉක්මවීමට ප්‍රථම අගමැතිනි ගොල්ඩා මෙයීර් විසින් මොසාඩ් ප්‍රධානී Zvi Zamir සහ ප්‍රතිත්‍රස්ථවාදය සම්බන්ද අග්‍රාමාත්‍යය උපදේශක Aharon Yariv තමා වෙත කැඳවන්නේ විශේෂ සකච්ඡාවක් වෙනුවෙනි. හිට්ලර්ගේ අදුරු යුගයෙන් පසු නැවත වරක් ජර්මානු භූමියේදී යුදෙව්වන් ඝාතනය වීම ගැන දැඩි ආවේගයකින් හඬ අවදිකරමින් කතාකල අගමැතිනිය මෙම සිදුවීමට සම්බන්ධ කිසිදු අයෙකුට දඬුවම් නොලැබ ගැලවී යාමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශ කර සිටියා. Zamir සහ Yariv ද මෙම හමුවට පැමිණ තිබුනේ එම යෝජනාවම ඇයට ඉදිරිපත් කිරීමටයි. නමුත් ඔවුන්ගේ මතය වූයේ Black September හි සියලුම නායකයයන් ඝාතනය කරමින් සිදුවීමට පළිගත යුතු බවයි. මෙම යෝජනාවට අගමැතිනිය මුලදී යම් තරමක පසුබටවීමක් පෙන්නුම් කලේ ඊශ්‍රයාලය මීට පෙර මෙවැනි විශාල අවධානමක් සහිත ඝාතන මෙහෙයුමක් දියත් කර නොමැති නිසාය. දීර්ඝ කල්පනාවකින් පසු Zamir සහ Yariv ඇමතූ අගමැතිනිය "Send the Boys" යනුවෙන් ඉතා කෙටියෙන් සිය අනුමැතිය මෙහෙයුම වෙත ලබා දුනි.
මොසාඩ් ප්‍රධානියා වහාම මෙහෙයුමට අවශ්‍යය ක්‍රියාමාර්ගයන් සැලසුම් කරමින් මෙම මෙහෙයුමට Wrath of God යනුවෙන් නම් තැබීය.
මෙහෙයුම සඳහා අවසරය ලබා දුන්නත් මෙවැනි නීතියට අනුකූලව සිදු නොවන මෙහෙයුමකදී සුළු අතපසුවීමකින් ඊශ්‍රයාලයට සිදු විය හැකි හානිය සහ වෙනත් බලපෑම් ගැන දැනසිටි අගමැතිනිය මෙහෙයුමේ සෑම කුඩා පියවරක් ගැනම අධ්‍යයනය කිරීමට සහ අවසර ලබා දීමට X කමිටුව නමින් රහස් කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවට ආරක්ෂක අමාත්‍යය Moshe Dayan සහ උප අගමැති Yigal Allon තෝරාගනු ලැබුවා. Zamir සහ Yariv විසින් මෙහෙයුමේ සෑම අදියරකටම පෙර වාර්ථාවක් කමිටුවට ඉදිරිපත් කර එයට අවසරය ලබා ගත යුතු අතර ඉන් පසුව පමණක් මොසාඩ් ප්‍රහාරකයන් ඉලක්ක වෙත යැවීම සිදු කල හැක.
Wrath of God මෙහෙයුමේ ප්‍රධානියා ලෙස මොසාඩ් රහස් නියෝජිතයෙක් වූ Mike Harari පත් කරනු ලැබූ අතර ඔවුන්ගේ බහුතර ඉලක්කයන් යුරෝපා රටවල ස්ථානගතව සිටි Black September නියෝජිතයන් විය. මොවුන් සියල්ලම බාහිර සමාජයේ වෙනස්ම රැකියාවල නියැලෙන රහසින් ත්‍රස්ථ ක්‍රියාවන් මෙහෙයවන්නන්ය.
- මොසාඩ් මෙහෙයුම් පටිපාටිය
මෙවැනි රහස් මෙහෙයුමකදී මොසාඩ් අනුගමනය කරන ක්‍රමවේදය අනුව කුඩා කණ්ඩායම් කිහිපයක් යොදාගන්නවා. එක් කණ්ඩායමක් බොහෝවිට යුවළක් ආකාරයෙන් සැරසී නවාතැන් කුළියට ගැනීම, හෝටල් කාමර වෙන් කර ගැනීම, අවශ්‍යය කරනා මෝටර් රථ මිළදී ගැනීම් වැනි දේ සිදු කරනවා. ඉන් පසුව පැමිණෙන කණ්ඩායම සය දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ වගකීම ඉලක්කය හදුනාගැනීම සහ තොරතුරු එක් රැස්කිරීමයි. ඔවුන් ඉලක්කය සිටින නගරයට පැමිණ ඔහු පසුපස හඹායමින් ඔහුගේ දින චර්යාව, පුරුදු, ගමන්කරනා මාර්ගය, ඇසුරු කරන පුද්ගලයන්, යන එන ස්ථාන ගැන නිශ්චිත තොරතුරු එක් රැස් කරගන්නවා. ඔවුන්ගේ ඉලක්කය ඡායාරූප ගත කරමින් නිවැරදිව හඳුනාගැනීමද ඔවුන්ගේ කාර්යන් වෙනවා. තවත් කුඩා කණ්ඩායමක් සන්නිවේදන කටයුතු සම්පාදනය කරමින් ඉලක්කගත යුරෝපයේ විවිධ නගර වල සහ ඊශ්‍රයාලයේ මෙහෙයුම් කාර්යාලය අතර රහස් සන්නිවේදනයන් සඳහා අවශ්‍යය තාක්ෂණික කටයුතු සම්පාදනය කරනු ලබනවා. මෙහෙයුමට අවසානයටම පිවිසෙන්නේ මොසාඩ් ඝාතන නියෝජිතයන්ය. ඔවුන්ගේ කාර්ය වන්නේ ඔවුන්ට ලැබෙන ලිපිනයට ගොස් දැනුම් දෙන වේලාවේදී ඔවුන්ට ලබාදුන් හදුනාගැනීමේ තොරතුරු වලට අනුව අදාල ඉලක්කය ඝාතනය කිරීමයි. ඔවුන් අදාල ඉලක්ක වෙත රැගෙන යාම, මෙහෙයුමෙන් පසු ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන යාම සහ පසුව අදාල රට තුලින් ඔවුන්ව ඉවත් කර ගැනීමට වෙනම කණ්ඩායමක් සිටිනවා. එම කණ්ඩායම සමන්විත වන්නේ රියදුරන්ගෙන් සහ තවත් මොසාඩ් ආරක්ෂකයන් පිරිසකගෙනි. පළමුව සඳහන් කරන ලද ඉලක්කය හඳුනාගෙන තොරතුරු රැස් කරගන්නා කණ්ඩායම ඝාතනය සිදු කිරීමට ප්‍රථමව එම රටෙන් පිටවයන අතර අනෙක් කණ්ඩායම් විසින් සාක්ෂි විනාසකිරීම, රැගෙන ආ උපකරණ බඩු භාහිරාදිය නැවත රැගෙන යාමට අවශ්‍යය දේ සිදුකිරීම, කුළියට ගත් නිවාස සහ වාහන භාරදීම වැනි කටයුතු වලින් පසුව අදාල රටෙන් ඉවත්වී යනවා.
- පළමු මෙහෙයුම
Black September නැත්නම් දේව උදහස මෙහෙයුමේ පළමු මෙහෙයුම යෙදී තිබුනේ ඉතාලියේ රෝම අගනුවරයි.
පළමු මොසාඩ් කණ්ඩායම විසින් හඹායමින් සිටි මිනිසා කිසිම අයෙක් ත්‍රස්ථවාදියෙක් යැයි විශ්වාස නොකරන ලිබියානු තානපති කාර්යාලයේ සාමාන්‍යය ලිපිකරුවෙක් ලෙස සේවය කරමින් සිටි අවුරුදු තිස් අට වයසැති පළස්තීන ජාතික Wael Zwaiter නම් කෙසඟ සෙමින් කතාබහ කරන පුදගලයෙකි. විදෙස් සාහිත්‍යය කෘති සහ කාව්‍යයන් අරාබියට පරිවර්තනය කිරීමට මනා හැකියාවකින් හෙබි පරිවර්තකයෙක් වූ ඔහු මහල් නිවාසයක කුඩා නිවසක වාසය කරන නවීන අදහස් ඇති අයෙකු ලෙස මිතුරන් අතර නමක් දිනා සිටි අයෙකි. විශේෂයෙන්ම ත්‍රස්ථවාදය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි අදහස් ඇති අයෙක් ලෙස මිතුරු සමාජය තුල ඔහු නම්දරා සිටියා. නමුත් Zwaiter ගේ සමීපතම මිතුරන් පවා ඔහුගේ කෲර අදහස් වලින් යුත් සැබෑ මුහුණුවර නොදැන සිටියා. රෝමයේ Black Spetember මෙහෙයුම්හි ප්‍රධානියා වූයේ ඔහු බව ඔවුන් කිසිවෙකුත් නොදැන සිටියා. බ්‍රිතාන්‍යය ජාතික තරුණියන් දෙදෙනෙකුගේ ගමන් මලු තුල ටේප් රෙකෝඩර ලෙස ඔවුන්ට නොදැනුවත්වම අසුරන ලද බෝම්බ දෙකක් භාවිතා කර ඊශ්‍රයාල මගී ගුවන් යානයක් පුපුරවා දැමීමට සැලසුම් කරන ලද අසාර්ථකවූ මෙහෙයුමක අණදෙන්න වූයේද Wael Zwaiter ය.
පළමු මොසාඩ් කණ්ඩායම රෝමය වෙත පැමිණ Zwaiter පසුපස දින කිහිපයක් හඹායමින් තොරතුරු රැස්කිරීම ඇරඹුවා. දෙදෙනෙක් තරුණ ජෝඩුවක් ලෙස පෙනීසිටිමින් ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සැරිසරමින් Zwaiter ඇතුලුවන පිටවන සෑම අවස්ථාවකම අත්බෑගයක සැඟවූ කැමරාවක් ආධාරයෙන් ඡායාරූප සටහන් කරගත් අතර තවත් අයෙක් සංචාරකයෙක් ලෙස පැමිණ මෝටර් රථයක් කුළියට ලබා ගත්තේ ප්‍රසිද්ධ හෝටලයක ලැගුම් ගෙන සිටින බව පවසමින්ය. වැරදි ලිපිනයක් ලබාදී තවත් අයෙකුද ඒ ආකාරයටම මෝටර් රථයක් ලබාගත්තේය.
ඔක්තෝබර් 16 වෙනි දින රාත්‍රියේ නිවස වෙත එමින් සිටි Zwaiter මහල් නිවාසයේ සෝපානය අසලට පැමිණියා. ඇතුල්වීමේ දොරටුව අවට සුපුරුදු අදුරු ස්වභාවය තිබූ අතර තුන්වැනි මහලේ යම්කිසි අයෙකු මලානික ස්වරයකින් පියානෝවක් වාදනය කරමින් සිටියා. එක්වරම අඳුරු සෙවනැළි මැදින් පැමිණි අමුත්තන් දෙදෙනෙක් 0.22 Beretta වර්ගයේ පිස්තෝලයකින් උණ්ඩ 12ක් Zwaiter ගේ සිරුර වෙත මුදාහැරියා. අවට කිසිවෙකුටත් කිසිදු හඬක් නොඇසුනු අතර මොසාඩ් ප්‍රහාරකයන් දෙපල ක්ෂණිකවම අසල තිබූ ෆියට් වර්ගයේ මෝටර් රථයකට නැගී සුළු මොහොතකින් ඔවුන්ගේ හෝටලය වෙත ලඟා වුනා. පැය කිහිපයක් ඇතුලත ඔවුන් ඉතාලියෙන් පිටව ගියේය.
දැන් Zwaiter මියගොස් අවසන්, එම නිසා ඔහුගේ රහස් ජීවිතය තව දුරටත් රහසක්ව තබා ගැනිම අනවශ්‍යය කාරණයකි. දින කිහිපයකට පසුව ලෙබනනයේ බීරුට් හි පලවූ පුවත්පතක ත්‍රස්ථවාදී කණ්ඩායම් කිහිපයක අත්සනින් යුත් ශෝක පණිවුඩයක් පල වුයේ ඔවුන්ගේ හොඳම සගයෙකුගේ නික්මයෑම වෙනුවෙනි.
Zwaiter මරා දැමුණු කුඩා කණ්ඩායමේ නායකයා වූයේ David Molad නම් හිටපු ඊශ්‍රයාල කොමාන්ඩෝ සෙබළෙකි. චතුර ලෙස ප්‍රංශ බස කතා කිරීමට ඇති හැකියාව නිසා ඔහුට ඉතා පහසුවෙන් යුරෝපියානුවෙක් ලෙස පෙනී සිටීමට හැකිවීම මෙහෙයුමට විශේෂ පහසුවක් විය. ප්‍රහාරයෙන් අනතුරුව දින කිහිපයක් ඊශ්‍රයාලයේ ගත කල ඔහු ප්‍රංශය බලා පිටත් වූයේ මීලඟ ඉලක්කය සපුරා ගැනීමටය.
- දෙවැනි මෙහෙයුම
දින කිහිපයකට පසු ප්‍රංශයේ පැරිස් නුවර Rue Alesia වීදියේ පිහිටි මහල් නිවාසයක දුරකථනය නාද වීමට පටන් ගත්තා. ආචාර්ය මොහොමඩ් හම්සාරී ඇමතුමට සම්බන්ධ විය.
“මේ ප්‍රංශයේ පළස්තීන විමුක්ති සංවිධානයේ නියෝජිත ලෙස කටයුතු කරන ආචර්ය මොහොමඩ් හම්සාරිද ?
අමතන්නා සතුව වූයේ ඉතාලි බසට හුරු උච්ඡාරණයකි. ඉතාලි ජනමාධ්‍යය වේදියෙක් ලෙස තාමව හදුන්වාදුන් ඔහු තමන් පළස්තීන හිතවාදී මාධ්‍යයකරණයක නියැලෙන අයෙකු බවත් හම්සාරීගේ සම්මුඛ සාකච්ඡාවක් පල කිරීමට අදහස් කරන වගද දන්වා සිටියේය. හම්සාරිගේ නිවසට ටිකක් දුරින් වූ කෝපිහලකදී ඔහු මුණ ගැසීමට හම්සාරී එකඟ විය.
හම්සාරී ප්‍රකටවූයේ ඉතිහාසඥයෙකු ලෙසයි. සිය බිරිඳ සහ කුඩා දියණිය සමග පැරිස් හි දිවි ගෙවන ඔහු ටික දිනක සිට ඉතාමත් ප්‍රවේශම් සහගතව කටයුතු කරමින් තිබුනි. වීදි වල ගමන් කරන විටදීත්, මහමගදී පුද්ගලයන් හමුවනවිටදිත් කවුරුන් හෝ ඔහු පසුපස පැමිණේදැයි විමසිලිමත්ව සිටියා. අසල්වාසීන්ගෙන්ද නිරතුරුවම ආගන්තුක්කයින් නිවස අවට සැරිසරනවාදැයි ප්‍රශ්ණ කරමින් සිටියා.
ඔහු සාමකාමී උගත් පුද්ගලයෙක් ලෙස සමාජයේ පිළිගැනීමක් ලබා තිබුනා. නමුත් ඊශ්‍රයාල ඔත්තු සේවය ඔහු පිළිබඳව තවත් දේවල් දැන සිටියා.
ඊශ්‍රයාලයේ පළමු අගමැතිවරයා වූ Ben Gurion ඩෙන්මාර්කයේදී ඝාතනය කිරීමට කල සැලසුමේ එක් කොටස්කරුවෙක් ලෙස ඔවුන් හම්සාරීව හඳුනා ගත්ත. ජීවිත 47 ක් අහිමි කරමින් Swissair ගුවන් යානයක් පුපුරවා හැරීමේ ක්‍රියාවටද ඔහු දායක වී තිබුනි. එමෙන්ම ඔහුගේ නිවසට සමහර රාත්‍රීන් වලදී බරැති සූට්කේස් සමග ඇතුලුවන අභිරහ්හස් අරාබි ජාතිකයන් ගැනද මොසාඩ්හි අවධානය යොමුව තිබුනේ කලක පටන්ය. එමෙන්ම යූරෝපයේ Black September හි දෙවැනි ප්‍රධානියා ලෙසද ඔහු කටයුතු කරන බව මොසාඩ් දැන සිටියා.
සම්මුඛ සාකච්ඡාවට හම්සාරී පිටත් වූ පසු මද වේලාවකින් ඔහුගේ නිවසට මිනිසුන් දෙදෙනෙකු ඇතුල් වී විනාඩි පහළොවකට පමණ පසු ඉවත්වී ගියේ කිසිවෙකුටත් නොපෙනෙ අයුරිනි. ඉන් පසු දින මෙම මිනිසුන් දෙපල හම්සාරිගේ බිරිඳ සහ දියණිය නිවසින් බැහැරව යන තුරු ඉවසීමෙන් බලා සිටියේය. හම්සාරී නිවස තුල රැදී සිටින අතර තුර දුරකථනය නාද වීමට පටන් ගත්තා. දුර කථනය අතට ගත් ඔහු පිළිතුරු දීමට සූදානම් වුනා.
“ ආචර්ය හම්සාරිද ? ඉතාලි මාධ්‍යයවේදීයා නැවත ඔහු අමතමින් ඇසුවා ..
“ ඔව් කතා කරනවා ..
එවිටම හම්සාරිට කණ් විනිවිදයන හඬක් ඇසෙන්නට වුනා. ඉන්පසුව ක්ෂණයකින් විශාල පිපිරුමක් සිදුවිය. පුපුරණ ද්‍රව්‍යය සඟවා තිබුනේ හම්සාරිගේ මේසය යටයි. පිපුරුමට හසුවූ හම්සාරි ඇද වැටුනු අතර දින කිහිපයකට පසු රෝහලකදී ඔහු මියගියේ සිය මරණයට මොසාඩ් සම්බන්ධ බව අවබෝධකරගෙනය.
මතු සම්බන්ධයි .
Mossad: The Greatest Missions of the Israeli Secret Service කෘතිය ඇසුරෙනි.
හම්සාරී