~ මොසාඩ් ලිපි අංක 6 ~
~ මොසාඩ් ලිපි අංක 6 ~
මෙය " මියුනිච් සංහාරය සහ දේව උදහස" තෙවැනි ලිපියයි. පළමු ලිපිය සහ දෙවැන්න පහතින්
1. http://www.elakiri.com/forum/showpost.php?p=24514307&postcount=1
2. http://www.elakiri.com/forum/showpost.php?p=24520168&postcount=1
......................................................................................................
Operation Spring of Youth
1973 අප්‍රේල් පළමුවැනිදා තිස් පස් හැවිරිදි Gilbert Rimbaud නම් බෙල්ජියම් ජාතික සංචාරකයෙක් ලෙබනනයේ බේරුට් නුවර Sands හෝටලයේ නවාතැන් ගත්තේය. එදිනම තවත් සංචාරකයෙක් වූ Dieter Altnuder ද එම හෝටලයේම තවත් කාමරය ලැගුම් ගත්තේය. දෙදෙනාටම ලැබුනේ සාගරය දෙසට මුහුණත් වූ කාමර දෙකකි.
අප්‍රේල් හය වැනිදා තවත් සංචාරකයෙක් හෝටලය වෙත පැමිණියේය ඔහු Andrew Whichelaw නමැති බ්‍රිතාන්‍යය ජාතිකයෙකි. තවත් පැය දෙකකට පසු රෝමයේ සිට පැමිණි David Molad බෙල්ජියම් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කරමින් හෝටලයේ නවාතැන් ගත්තේ Charles Boussard යන නමින්ය. George Elder නම් තවත් බ්‍රිතාන්‍යය ජාතිකයෙක්ද එදින සවස පැමිණියේය.
මේ අතර Charles Macy යන නමින් හැඳින්වුනු බ්‍රිතාන්‍යය ජාතිකයෙක් El Baida වෙරල ආසන්නයේ තිබුනු Atlantic හෝටලයේ නවාතැන් ගත්තේ නියම ඉංග්‍රීසි ජාතිකයෙකකු මෙන් දිනකට දෙවරක් කාලගුණ වාර්ථාවක් ලබාදෙන ලෙස කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටිමින්ය.
මෙම පුද්ගලයන් සය දෙනාම තනි තනිවම බීරුට් හි ඇවිද යමින් ප්‍රධාන මාර්ගයන් ගැන අවබෝධයක් ලබා ගත්තේය. මෝටර් රථ කුලියට ලබා දෙන ආයතන දෙකකින් ඔවුන් මෝටර් රථ තුනක් ලබා ගන්නටද කටයුතු කලා.
අප්‍රේල් නව වැනිදා ඊශ්‍රයාල නාවික හමුදාවට අයත් මිසයිල විදින බෝට්ටු නවයක් සහ තවත් නිරීක්ෂණ බෝට්ටු කිහිපයක් ජාත්‍යන්තර සාගර කලාපයට ඇතුලු විය. එක් බෝට්ටුවක කර්නල් Ammon Lipkin අණදෙන හමුදා ඛණ්ඩයකි. මොවුන්ගේ ඉලක්කය වූයේ පලස්තීන PLO සංවිධානයේ මූළස්ථානයට පහර දිමය. තවත් හමුදා ඛණ්ඩයක් සහ ශයරත් මත්කල් කොමාන්ඩෝ භටයන් පිරිසක් කර්නල් ඒහුඩ් බරාක් යටතේ යාත්‍රා කරමින් සිටියේ වෙනත් මෙහෙයුමකටය. ඔවුන් සෑම දෙනෙක් අතම ඡායාරූප හතරක් විය. ඔවුන් අතරින් තිදෙනෙක් වූයේ, Black September හි ප්‍රධාන අණදෙන නිළධාරී Abu Yussef, ෆටා මෙහෙයුම් ප්‍රධානී සහ ඊශ්‍රයාලය තුල Black September මෙහෙයුම් හි ප්‍රධානි Kamal Adwan, ෆටා සංවිධානයේ මාධ්‍යය ප්‍රධානි Kammal Nasser යන අයයි. සෙබළ පිරිසට ලබා දුන් තොරතුරු අනුව මොවුන් තිදෙනාම Rue Verdun හි එකම නිවස්නයක වාසය කරන්නේය.
හතරවැනි ඡායාරූපයේ සිටියේ Ali hassan Salameh ගේය. ඔහු සිටින තැනක් කිසිවකු දැන සිටියේ නැත.
කමාන්ඩෝ සෙබලුන් සැරසී සිට්යේ සිවිල් ඇදුමින්ය. රාතී 9.30ට පමණ බීරුට් වෙත බෝට්ටු කිහිපය ලඟා වුයේය. සියලුම දෙනා බොරු කොණ්ඩ සහ හිපි ඇදුමි වලට මාරු වුන අතර ඒහුඩ් බරාක් කාන්තා ඇදුමින් සැරසීගත්තේය. සරාගී කාන්තාවක ලෙස පෙනී සිටීමට හැඳ සිටි තිසර පටය තුල පුපුරණ ද්‍රව්‍යය තැන්පත්ව තිබුනේ කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරින්ය. මේ අතර අනෙක් සෙබලුන් පිරිස ඩිංගි බෝට්ටු ආධාරයෙන් ගොඩබිමට පැමිණෙන විට සංචාරකයන් සය දෙනා විසින් රැගෙන පැමිණි මෝටර් රථ හයක් ඔවුන් ඉදිරිපිට නවතා තිබුනි. සෑම සෙබළෙකුම ඔවුන්ට අනුයුක්ත මෝටර් රථය දැනගෙන සිටියේය. මෝටර් රථ හය විවිධ දිශාවන් වෙත ගමන් ඇරඹීය. මෝටර් රථ කිහිපයක් PLO මූලස්ථානය වෙතත් Molad විසින් ධාවනය කරන ලද රථය Black September නායකයින් රැදී සිටි මහල් නිවස්නය වෙතත් ගමන් කරන්නට වුනා.
PLO මූලස්ථානය වෙත ගමන් ඇරඹූ කමාන්ඩො සෙබළුන් ඊට පෙර ඊශ්‍රයාලයේදී ප්‍රහාරය සම්බන්ධ පෙරහුරු කිහිපයකම නිරතව තිබුනේය. කිලෝ 120ක පුපුරණ ද්‍රව්‍යය මගින් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මුලින් සැලසුම් කර තිබුනත් Avida Shor නම් ලුතිනන් වරයෙකුගේ ගණනය කිරීම් අනුව එය කිලෝ 80ක් දක්වා පහත හෙළන ලද්දේ අවට ගොඩනැගිලි වලට සහ මිනිසුන්ට වන හානිය අවම කර ගැනීමටය.
සෙබළ පිරිස ඉලක්කය වෙත ලඟාවූ විගස කෙටි වෙලාවක් තුල වෙඩි තැබීම් කිහිපයක්ම ඇතිවිය. මෙම වෙඩ් හුවමාරුවෙන් කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකුට දිවි අහිමි විය. ගොඩනැගිල්ලේ ඇතුලුවීමේ දොරටුව සහ කලාපය තමන් යටතට ගත් සෙබළ පිරිස කිලෝ අසූවක පුපුරණ ද්‍රව්‍යය විවිධ ස්ථාන තුල සවිකරනු ලැබුවේය. ඔවුන් ඉවත්ව ගිය වහාම ගොඩනැගිල්ල පුපුරා දැමුවේ ඇතුල සිටි සියලුම ත්‍රස්ථවාදීන් මරුමුවට පත්කරමින්ය. අවට කිසිදු ගොඩනැගිල්ලකට හානියක් ඇති නොවන අන්දමින් පුපුරා ගිය ගොඩනැගිල්ල සුන්බුන් ගොඩක් බවට පත්විය. මෙහෙයුම අතර තුර මියගිය එක් කොමාන්ඩෝ සෙබලෙකු වූයේ ලුතිනන් Avida Shor ය.
මේ අවස්ථාවේදීම තවත් හමුදා පිරිසක් බීරුට් දකුණු දෙසට වන්නට පිහිටා තිබුනු තවත් ත්‍රස්ථවාදී ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කරන ලද්දේ ප්‍රධාන මෙහෙයුම දෙසට යොමුවිය හැකි අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණි යුතුවය. නමුත් ත්‍රස්ථවාදින්ගෙන් හෝ ලෙබනන හමුදාවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ප්‍රදාන මෙහෙයුම දෙසට එල්ල නොවුනි.
මීට සමගාමීව ශයරෙත් මත්කල් කොමාණ්ඩෝ සෙබල පිරිස Rue Verdun හි පිහිටි ගොඩනැගිල්ලට ලඟාවී තිබුනේය. ඔවුන් එයට ඇතුලුවත්ම ලෙබනන පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඔවුන් පසු කරමින් ගියත් ඔවුන්ගේ අවධානය යොමුව තිබුනේ අසල පෙමින් වෙළි සිටි පෙම් යුවළක් වෙතයි. මෙම පෙම් යුවළ වූයේ Muki Betzer නම් අති විශිෂ්ඨ කොමාන්ඩෝ සෙබලා සහ අණ දෙන නිළධාරී ඒහුඩ් බරාක්ය. පොළිස් නිළධාරීන් දෙදෙනා හැරී යන තුරු බලාසිටි සෙබළු ගොඩනැගිල්ල තුලට කඩා වැදුනේ කුණාටුවක් පරිද්දෙනි. ඔවුන් එකම වේලාවකදී දෙවන මහලේ තිබුනු Kamal Adwan ගේ කාමරයටත්, තුන්වැනි මහලේ තිබූ Kamal Nasser ගේ කාමරයටත්, සය වැනි මහලේ තිබුනු Abu Yussef ගේ කාමරයටත් කඩා වැදුනේය.
ත්‍රස්ථ නායකයන් පිරිසට කිසිවක් සිතා ගැනීමට අවකාශයක් නොලැබුනි. ඔවුන් තිදෙනාම තමන්ගේ ගිනි අවි කරා ලඟාවීමට උත්සාහ කරද කොමාන්ඩෝ සෙබලු ඊට වඩා ඉක්මන් විය. තිදෙනාම මරා දැමුනු අතර ඉදිරියට පැමිණි Abu Yussef ගේ බිරිඳටද වෙඩි වැදී මරණයට පත්විය. Adwan ගේ කාමරය ඉදිරිපස සිටි ඉතාලි ජාතික වයෝවෘද්ධ කාන්තාවක් වෙඩි හඬ ඇසී දොර විවෘත කිරීම නිසා වැරදීමකින් ඇයද මරුව්මුවට පත්වුනේය.
මෙහෙයුම අතර තුර තවත් සෙබළුන් පිරිසක් ත්‍රස්ථයන් සතුව තිබුනු ලිපි ලේඛණ රාශියක් තම සන්තකයට ගත්තේය. ඉන් අනතුරුව සියල්ලෝම තුවාල වූ සහ මියගිය තම සාමාජිකයන්ද මෝටර් රථ තුලට නංවාගෙන වහා වෙරල වෙත ගමන් ගත්තේය. එහි ඔවුන් එනතුරු ඩිංගි බෝට්ටු කිහිපයක් සූදානම්ව තිබුනේය.
"සංචාරකයන්" සය දෙනා තමන් භාවිතා කරන ලද මෝටර් රථ එක පෙළට මුහුදු වෙරළ අසල නවතා යතුරු සියල්ලද එහිම හැරදමා ගොස් තිබුනි. දවස් කිහිපයකට පසු ඒවායේ හිමිකරුවන්ට ඇමරිකන් එක්ස්ප්‍රස් සේවාව හරහා මුදල් බැරව තිබුනේය.
සියලුම සෙබළුන් ඊශ්‍රයාලය වෙත යාත්‍රා කරනු ලැබුවේ ඉතාමත් අසීරු මෙහෙයුමක් සාර්ථකව අවසන් කරමින්ය. PFLF මූලස්ථානය තව දුරටත් සුන් බුන් ගොඩක් පමණි. Black September ප්‍රධාන නායකයින් රාශියක් මියගොසින්ය. ඔවුන් අතර Black September ප්‍රධානියාවූ Abu Yussef ද සිටියේය.
නමුත් කොමාන්ඩෝ සෙබළුන් දැන නොසිටි දෙයක් වූයේ එම නිවස්නයෙන් යාර පණහකටත් ලඟින් පිහිටි නිවසක් තුල Black September මෙහෙයුම් ප්‍රධානියා වූ Ali Hassan Salameh ඒ වනවිටත් සුව නින්දේ පසුවූ බවයි. ඔහුට කිසිවකුගෙන් හානියක් නොවූ අතර ඊට පසු දිනම Abu Yussef ගේ මරණය නිවේදනය කර පසු ඔහු Black September හි නායකයා බවට පත්වුනේය.
Spring of Youth මෙහෙයුම Black September හි කඩාවැටීම සනිටුහන් කල මෙහෙයුම වූයේය. සියලුම නායකයන් පාහේ ඝාතනය වූ පසු සංවිධානයට නැවත පෙර තිබූ ශක්තියෙන් නැගීසිටීමට හැකියාවක් ලැබුනේ නැත.
නමුත් එක් අයෙක් තවමත් ජීවතුන් අතරය......
1971 වසරේ අප්‍රේල් මාසයේදී ඊශ්‍රයාලය වෙත පැමිණි ප්‍රංශ ජාතික තරුණියන් දෙදෙනෙකු පුපුරණ ද්‍රව්‍යය නිපදවීමට යොදාගන්නා ප්ලාස්ටික් කුඩු විශේෂයක් සමග අත් අඩංගුවට පත්විය. වැඩිදුර විමර්ශණ කටයුතු වලදී තවත් ප්‍රංශ ජාතික තරුණියක් සහ මැදිවියේ යුවලක්ද අතඩංගුවට ගනු ලැබීය. මොවුන්ගේ අරමුණ වී තිබුනේ ටෙල් අවිව් නුවර හෝටල් කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කර හැකිතරම් විදෙස් සංචාරකයන් පිරිසක් ඝාතනය කිරීමය. ප්‍රහාරයට සම්බන්ධ වී සිටි සියලුම ත්‍රස්ථවාදීන් අත් අඩංගුවට පත්වුවත් ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් කරුවා ප්‍රංශයේ නිරුපද්‍රිතව සිටියේය. ඔහු නමින් Mohammad Boudia විය. පැරිස් රඟහලක අධ්‍යක්ෂවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරමින් රහසේ ත්‍රස්ත ක්‍රියාවල නිරතවෙමින් සිටි මොහු ඒ වනවිට ප්‍රංශයේ මෙන්ම යුරෝපයේම නව Black September නායකයා ලෙස කටයුතු කරේය. විවිධාකාරයේ කාන්තාවන් සමග සමග සබඳතා පැවත්වීමට ආශාවක් දැක්වූ ඔහු හම්සාරීගේ ඝාතනයෙන් පසුව ඉතාම ප්‍රවේශමෙන් දිවි ගෙවමින් සිටිය නිසා ඔහු හඹා යෑම ඉතාම අසීරු ඉලක්කයක් විය.
Operation Wrath of God මෙහෙයුමේ මීලඟ අදියර නැවතත් ප්‍රංශය දෙසට යොමුවිය
1973 මැයි මාසයේදී මොසාඩ් ඝාතන කණ්ඩායම පැරිස් වෙත ලඟාවූයේ Boudia සොයාගැනීමේ බලාපොරොත්තුව සමගය. Boudia ගේ අලුත්ම පෙම්වතියගේ නම සහ ලිපිනය ඔවුන් සතු විය. මොසාඩ් ඔත්තුකරුවන් ඉවසීමෙන් යුතුව ඇයගේ නිවස සහිත ගොඩනැගිල්ල අසල දින ගණනාවක් රැදී සිටියේ Boudia ගේ පැමිණීම අපේක්ෂාවෙන්ය. අවසානයේ එක් දිනක් හදිසියේම එහි පැමිණි Boudia එක් වරම ගොඩනැගිල්ලට ඇතුලු වුනා. පසු දින උදෑසන එහි වාසය කර නිවැසියන් බොහෝ පිරිසක් සිය රැකියාවන් සහ විවිධ වැඩ කටයුතු සඳහා බැහැරට පැමිණියත් Boudia ඔවුන් අතර සොයා ගැනීමට නොහැකි විය. ඉන් පසු බොහෝ අවස්ථාවලදීත් මේ ආකාරයටම සිදුවූ අතර මොසාඩ් නියෝජිතයන්ට මෙය විමතිය දනවන්නක් විය. මොසාඩ් ඔත්තු කරුවන්ට රහස හෙළිකරගැනීමට මාසයක් පමණ කල් ගත වූයේය. දිනපතා ඔවුන් ලබා ගන්නා සටහන් පිරික්සූ විට Boudia පැමිණෙන සෑම දිනකටම පසුදා උදෑසන ශරීරයෙන් විශාල උස් තරුණියක් ගොඩනැගිල්ලෙන් පිටව යන බව වැටහී ගියා. විවිධ දිනයන් හිදී විවිධාකාරයේ කොණ්ඩා මෝස්තර වලින් සැරසී සිටියත් ඒ එකම කාන්තාවක් බව ඔවුන් තේරුම් ගත්තේය. අවසානයේ ප්‍රහේලිකාව විසඳා ගැනීමට ඔවුන් සමත් වුනා. දක්ෂ නළුවෙක් වූ Boudia කාන්තාවක් ආකාරයෙන් සැරසී පිටව යන බව ඔවුන්ට පැහැදිලිවිය.
නමුත් මොනයම් හෝ හේතුවක් නිසා Boudia ගේ පැමිණීම හදිසියේම නැවතුනේය. මොසාඩ් ඒ වනවිට දැන සිටියේ ඔහු සෑම උදෑසනකම පැමිණෙන මෙට්‍රෝ දුම්රිය සහ ඔහු දුම්රියට ගොඩ වන දුම්රිය ස්ථානය පමණකි. එය ඉතා කාර්යබහුල නැවතුම්පොලක් වූ අතර දිනපතා ලක්ෂ ගණනක් මගීන් පැමිණෙන දුම්රිය පොළකි. එහිදී ඔහු සොයාගැනීම කිසිසේත් කල නොහැකි කාර්යක්ය. නමුත් ඔවුන්ට විකල්පයක් තිබුනේය. යුරෝපය පුරා සිටි සියලුම මොසාඩ් නියෝජිතයන්හට Boudia ගේ ඡායාරූපයක් ලබාදීමට ඔවුන් කටයුතු කරේය. විශාල මොසාඩ් නියෝජිතයන් පිරිසක් Etoile දුම්රියපොළේ විවිධ ස්තානවල සූදනමින් සිටියේ ඔහුගේ සේයාවක් සොයා ගනු අටියෙනි. දින කිහිපයක දුෂ්කර වෑයමකින් පසු එක් ඔත්තුකරුවෙක්ට Boudiaගේ හැඩහුරුකම ඇති පුද්ගලයෙක් ඇස ගැටුණේය. ඉතාමත් දක්ෂ ලෙස වෙස් මාරු කරගෙන සිටියත් මේ Boudiaම බව හදුනා ගැනීමට පලපුරුදු මොසාඩ් නියෝජිතයන්ට අපහසුවක් නොවුනි. ඔහුගේ මෝටර් රථය පසු පස දිනය පුරාම හඹා ගිය මොසාඩ් නියෝජිතයන්ට රාත්‍රියේදී ඔහු ලැගුම් ගන්නා නිවෙස දැකගත හැකිවිය. බොහෝවිට එය ඔහුගේ අලුත්ම පෙම්වතියගේ නවාතැන වන්නට ඇත. රාත්‍රිය පහන් වන තුරු මොසාඩ් නියෝජිතයන් නිවස අවට සැරිසරමින් සිටියේය. පසු දින උදයේ එනම් 1973 ජුනි මස 29 වැනිදා සිය මෝටර් රථය වෙත පැමිණි Boudia එහි පිටත සහ ඇතුලත දැඩි පරීක්ෂාවකින් පසු මෝටර් රථයේ දොර හැර රියදුරු අසුනේ වාඩිවුනේය. සැණෙකින් ඇතිවූ දැවැන්ත පිපුරුමකින් මෝටර් රථය විනාසවී ගියේ Boudia ගේ අවසන් හෝරාව සනිටුහන් කරමින්ය.
පසුව පලවූ වාර්ථා වලට අනුව මොසාඩ් ප්‍රධානී Zvi Zamir වීදියේ ඈත කෙලවරක සිට මෙම පිපුරුම නිරීක්ෂණය කරමින් සිට ඇත.
නමුත් මොසාඩ් ප්‍රධානීන්ට සිය සාර්ථකත්වය සැමරීමට අවස්ථාවක් නොදීම පෙර විශේෂ බුද්ධි තොරතුරක් වාර්ථා වූයේ සියල්ලන්ගේම අවධානය ඒ දෙසට යොමු කරමින්ය. විශේෂ Black September පණිවුඩ කරුවෙක් වූ Ben Amana ඔවුන්ගේ ප්‍රධානියා වූ Ali Hassan salameh හමුවීම සඳහා පිටත් වී ඇති බව එම තොරතුර විය. Ben Amana යුරෝපයේ බොහෝ රටවල් පසු කරමින් අමුතු ආකාරයේ මාර්ගයක ගමන් කරමින් Norway රාජ්‍යයේ Lillehammer වෙත ලඟාවූ බව වාර්ථා වූයේය.
මේ අනුව මොසාඩ් ඝාතන කණ්ඩායමද ඔහු පසුපස නෝර්වේ වෙත ලඟා වූයේ Ali Hassan Salameh සදහටම නිහඬ කරවීමේ අදිටනෙනි.
එය මීලඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න.
Mossad: The Greatest Missions of the Israeli Secret Service කෘතිය ඇසුරෙනි.
ඒහුඩ් බරාක්
පසුව ඊශ්‍රයාල අගමැති ධූරයට පත් විය.