මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී අරගලයට මොසාඩ් සංවිධානය මැදිහත්වන්නේ 1983 වර්ෂයේදීය.උතුරේ දෙමළ ජනයා දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් දකුණේ සිංහලයන්ට එරෙහිව සටන් වැදී සිටියහ.ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ කාර්යයට මොසාඩ් සංවිධානය පමණක් නොව බ්‍රිතාන්‍යය එම් අයි 6 ඔත්තු සේවය සහ ඉන්දියානු රෝ ඔත්තු සේවයද මැදිහත්ව තිබේ.යුද්ධය අතරතුර ඇතිවූ සටන් විරාම අඩාල කිරීමටද මොසාඩ් සංවිධානය රහසිගත ප්‍රහාර දියත් කල බව කියවේ.මොසාඩ් සංවිධානයේ අරමුණ වූයේ ඒ හරහා ඊශ්‍රායලයේ අවි වෙළඳපොල පවත්වාගැනීමයි.මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ එම අවි සඳහා දෙමළ බෙදුම්වාදීන් මුදල් උපයාගත්හ.
මොසාඩ් සංවිධානය පළමුවරට ශ්‍රී ලංකාවට එන්නේ ජේ.ආර්.ජයවර්ධන ජනපතිගේ ආරාධනයකට අනුව 1983 වර්ෂයේදීය.50ක් පමණ වන මොසාඩ් නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණෙන්නේ මාදුරුඔය ප්‍රදේශයේදී හමුදාවට පුහුණුව ලබාදීමටය.එය රහසක් නොවූ අතර එකල පුවත්පත්වල පවා එම සිද්ධිය වාර්තා කර තිබිණි.
කෙසේවෙතත් යුදෙව්වන්ගේ සම්ප්‍රදාය වූයේ දෙපක්ෂයම සන්නද්ධ කිරීමයි.
1970 කාලයේ ඊශ්‍රායල හමුදා ඔවුන් විසින් අල්ලාගත් පලස්තීන ප්‍රදේශවලින් ඉවත් වීම සිදුනොකල නිසා ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලය සමග රාජ්‍යතාන්ත්‍රික සබදතා අත්හිටුවීය.එකල ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ කැපිපෙනෙන රටක් විය.පලස්තීනයද මෙම සංවිධානයේ සාමාජික රටක් වූ නිසා එරටට සහාය පළකරණු වස් එම තීරණය ගන්නා ලදි.නමුත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ කොළඹ සමග සබදතා පවත්වා ගැනීමට ඊශ්‍රායලය උනන්දු විය.ඊශ්‍රායල-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය වීම ඇරඹෙන්නේ 1980 දශකයේ මැද භාගයේදීය.ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට යුද උපදේශකයින් සැපයූ අතර විශේෂිත කොමාන්ඩෝ ඒකකයක් මෙරට පොලිසිය තුල පිහිටුවීමටද ක්‍රියා කලේය.
ඊශ්‍රායලය යුදමය වශයෙන් ශ්‍රී ලංකාවට උදව් කිරීමත් සමග පලස්තීනය 1980 දශකයේදී එල්ටීටීඊ සංවිධානයට සිය සහාය ලබාදෙන්නට පටන් ගත්තේය.පර්සියානු ගල්ෆ් අරාබි රාජ්‍යයන් හි සේවය කල මෙරට සේවකයින් අතරින් තෝරාගත් පිරිස් මොසාඩ් සංවිධානයට බඳවා ගත් බවද විශ්වාස කෙරේ.ඊට අමතරව ඊශ්‍රායලය කොටි ත්‍රස්තවාදීන්ටද අවි සහ යුද පුහුණුව සැපයූ බවට සාක්ෂි තිබේ.මෙරට ත්‍රස්තවාදී ගැටුම් පවතින සමයේදී රජයේ හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන්ට යන දෙපාර්ශ්වයටම සිය අවි සහ යුද පුහුණුව ලබාදුන්නේ ඔවුන්ගේ අවි වෙළදපොල පවත්වාගැනීම උදෙසාය.
By Way of Deception: The Making of a Mossad officer නම් ග්‍රන්ථයේ කතෘ වූ වික්ටර් ඔස්ට්‍රොව්ස්කි 1991 වර්ෂයේදී ඉන්දියානු පුවත්පතකට ප්‍රකාශ කලේ මොසාඩ් සංවිධානය 1984 සහ 1985 වර්ෂවලදී ඊශ්‍රායලට ගෙන්වාගත් දෙමළ ජාතිකයන්ට යුද පුහුණුව ලබා දුන් බවයි."මෙම කණ්ඩායම් ආවා ගියා.මම මොසාඩ් සංවිධානයේ සේවය කරන සමයේදී අපගේ දින චර්යාව වූයේ ඔවුන්ව පුහුණු කඳවුරු කරා ගෙන යෑම සහ ඔවුන් ගෙවන මුදලේ වටිනාකමට සරිලන පුහුණුවක් ඔවුන්ට ලැබෙනවාද යන්න සොයාබැලීමයි.සිංහල ජාතිකයින් පුහුණුව සඳහා අත් පිට මුදලින් ගෙවන ලදි."
By Way of Deception: The Making of a Mossad officer - Download
