මොහුව+සොයාදෙන්න

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොහුව+සොයාදෙන්න

    11585_392523184206213_2266883352504712941_n.jpg


    "සොයා දෙන්න!

    2010 වසරේ දී පහත සඳහන් කතාව කළ පුද්ගලයා කලෙක පටන් ආගිය අතක් නැත.

    "ඔව් අපි සිංහල, මමත් සිංහල! ඒක හිංදා අහගෙන ඉන්නවා දෙමළත්.. පණ්ඩිතකම් කතා කරන්නේ නැතුව.. අහගෙන ඉන්න බැරිනම් යන්න! නාම් සිංගලම්, නාම් තමිල්, නාම් මුස්ලිම් එන්ඩෲ ඉනර්දියාන සියල් නෝක්කම් ඉනිමේ වේන්ඩාම්! මම සිංහල, මම මුස්ලිම්, මම දෙමළ, ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි!"

    මොහු අවසන් වරට දකින විට රතු පැහැති කමිසයක් හැඳ, මෙගාෆෝනයකින් ඊලාම් ඡන්ද වලින් දිනන ආකාරය හැඬූ කඳුලින් යුතුව පැහැදිලි කරමින් ද "මරලා හරි ගත්තේ නැත්තේ ඇයි?" යන හෘදයාංගම ජනතා ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ද සිටි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මොහු පිළිබඳ තොරතුරක් වේ නම් වහා පහත සඳහන් අංක වලට දැනුම් දෙන්න.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "පට්ට සංවේදී අපි....
    රතුපස්වල වල අහිංසක ළමයෙක් වෙඩි කාල මැරුනම සංවේදී වෙච්ච නැති එවුන්,
    ඒ දරුවගෙ මිනිය බදා ගෙන ඒ අම්ම අඩනව දැක දැක සංවේදී වෙච්ච නැති එවුන්,

    අහිංසක ධීවරයින්ව වෙඩි තියල මරපු වෙලාවෙ සංවේදී වෙච්ච නැති එවුන්,
    ඒ ධීවරයගෙ අහිංසක ළමයි ගැන සංවේදී වෙච්ච නැති එවුන්,

    තමන්ගෙ දාඩිය මහංසියෙන් උපයපු අර්ථසාදකේ ‍රැක ගන්න කතා කරපු කොල්ලෙක්ව වෙඩි තියල මැරුවම සංවේදී වෙච්ච නැති එවුන්,

    සරත් ෆොන්සේකාගෙ ප්‍රජා අයිතිය අහෝසි කරල හිරේ දාපු වෙලාවෙ සංවේදී වෙච්ච නැති එවුන්,

    ඉස්කෝලෙ යන්න සපත්තු දෙකක් ගන්න බැරුව සිය දිවි නසා ගත්ත දරුව ගැන සංවේදී වෙච්ච නැති එවුන්,

    ඉස්පිරිතාල වල බෙහෙත් නැති කමට ඒව ෆාමසි වලින් ගන්න තරම් වත් කමක් නැතුව දුප්පත් මිනිස්සු අසරණ වෙද්දි සංවේදී වෙච්ච නැති එවුන්,

    දවසට රුපියල් 250කින් ජීවත් වන 40% විතර අන්ත දුප්පත් ජනතාව ගැන සංවේදී වෙච්ච නැති එවුන්,

    ඡන්ද අයිතිය ඉල්ලපු මිනිස්සුන්ට නිරුවත් කරල ගහපු වෙලාවෙ සංවේදී වෙච්ච නැති එවුන්,

    උපාධි අයිතිය ඉල්ලපු කොල්ලන්ටයි කෙල්ලන්ටයි තිරිසන් විදියට ගහපු වෙලාවෙ ස්ංවේදී වෙච්ච නැති එවුන්,

    මාධ්‍ය වේදීන්, කලා කරුවන් මරා දමද්දි සංවේදී වෙච්ච නැති එවුන්,

    උතුරේ දෙමල මිනිහට වෙන අසාධාරණ ගැන සංවේදී වෙච්ච නැති එවුන්,

    අලුත්ගමදි මුස්ලිම් ගෙවල් ගිණි තියද්දි සංවේදී වෙච්ච නැති එවුන්,

    යුධ ජයග්‍රහණයේ* (වැරදි වචනයක්) අයිතිය සින්නක්කර පවරගෙන ඊට දායක වෙච්ච සියලු පාර්ශවයන් අමතක කරමින්,

    මඩකලපුවේ සිංහලයින් ජන්ද අයිතිය ඉල්ලුවහම, හාමුදුරුවන්ට එලවා ගහද්දි, පිරිමින් නිරුවත් කර ගහද්දි සංවේදී වෙච්ච නැති එවුන්,

    දවසට කෝටි දෙකහ මාරක් වියදම් කරමින් හිටපු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මය අරලිය ගහ මැදුරෙන් පිට වෙද්දි මාර සංවේදී උනා,

    එතුම හෙලිකොප්ටර් එකෙන් ගිහින් මැද මුලනෙ බහිද්දි මාර සංවේදී උනා..
    ඡන්ද ජයග්‍රහණයට ජාතිවාදී ලේබල් ගහමින් රටට හෙන ඉල්ලමින් තිරිසං වින්දනයක් ලබමින් සංවේදී වුනා..


    සිංහල දෙමල මුස්ලිම් .... අපි ඔක්කොම පට්ට සංවේදී ජාතින් තමයි ඉතින් ....

    එක එක වෙලාවට !

    Achintha Dahanayake wrote:
    .


    *කිසිම පාර්ශවයක් යුද්ධයක් ජයග්‍රහණය නොකරයි! මොකද යුද්ධයට මැදිහත් වුනු දෙපාර්ශවයම එයින් ජීවීතමය, සමාජීමය, දේශපාලනිකමය හානි බොහෝමයි !

    එම නිසා යුද්ධයක් යුද්ධයක් ජයග්‍රහණය නොකරයි! යුද්ධය අවසන් කිරීමට පමණක් හැකිය.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මේක නම් පට්ට...
    සමහර පට්ට විදිහට...
    පුද්ගලික වාසි තකා...
    එක එකාට...
    එක එක පක්ෂෙට...
    කඩේ යන අයට...
    ප්‍රේමකීර්තියන් රචනය කරපු සදාකාලීන නොමියෙන පද්‍ය රචනාවක් නොවැ ! මේක ! :yes::yes::yes:
    ස්තුතියි සහෝ share කලාට...