මොහු හඳුනනවාද?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මොහු හඳුනනවාද?

මහරගමදී පොලිසියට නියෝග දුන් මොහු හඳුනනවාද? ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 12 වෙනි සිකුරාදා, 10:00 ඊයේ (11) සවස මහරගම නගරයේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පොලිසියට විසින් අමානුෂික ලෙස පහර දී විසුරුවා හැරි අතර, මෙම ක්‍රියාවලියේදී පුද්ගලයන් නිශ්චිත ලෙස පෙන්වා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළ සිවිල් පුද්ගලයෙක් ලංකාටෲත් කැමරා ඇසට හසු විය. ‍

මෙම උද්ඝෝෂණයේදී කැරලි මර්දන ඒකකයේ කණ්ඩායම් 5 ක් ඊයේ දිනයේදී මහරගම නගරයට ගෙන්වා තිබූ අතර, පොලිසිය උද්ඝෝෂකයින් උද්ඝෝෂණය ආරම්භ කිරීමටත් පෙරම පරදීම ආරම්භ කළේය. මෙම පොලිස් පහරදීමේදී සිවිල් ඇඳුමින් සැරසුණූ අයෙක් පොලිසියට උද්ඝෝෂකයින් පෙන්වා අත්අඩංගුවට ගන්නා‍ ලෙස නියෝග කළ අතර, පොලිසියද ඔහුගේ බසට අවනතව ඔහු විසින් පෙන්වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැණිනි. මෙසේ පොලිසිය විසින් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම තැනැත්තා අදාල පුද්ගලයින්ට පහර දෙන අයුරුද අප කැමරා ඇස ගැටිණි.

මෙහිදී මාධ්‍යවේදීන් වන අප විසින් පොලිසියෙන් විමසීමක් කළේ අදාල පුද්ගලයා කවුද යන්නයි. මේ අවස්ථාවේදී මහරගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පවසා සිටියේ ඔහු කවුද යන්න තමන් නොදන්නා බවයි. අප විසින් ඔහු පිළිබඳ පොලිසියෙන් විමසීමේදී ඔහු සැමට හොරා එම ස්ථානයෙන් පිටව ගිය අතර, ඔහු කවුද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ලංකාටෲත් පාඨකයින් වන ඔබෙන් අප ඉල්ලා සිටි‍න්නේ මෙම පුද්ගලයා කවුද යන්න ඔබ දන්නේ නම් ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අප වෙත එවන්න. [email protected]මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ යන ඊමේල් ලිපියට මේ සම්බන්ධ සාක්ෂි සහිත තොරතුරු අප වෙත ලැබීමට සලස්වන්න. එය තහවුරු කොට ගැනීමෙන් පසු ලොවට අනාවරණය කිරීමට අප සූදානම්.

M.jpg


පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට මොහු පහර දෙන ආකාරය


M03.jpg


පොලිස් නිලධාරීන් සමඟ මොහු එකට සිටි අවස්ථාවක්


M01.jpg

මාධ්‍යවේදීන්ගේ විමසීමෙන් රහසේ පිටව යන ආකාරය