මොහු_අදුනනවාද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මොහු_අදුනනවාද?

    කටුගෙට පැන්න හොරා මොහු විය හැකිද?


    ඔත්තුවට රුපියල් දසලක්ෂයක තෑගි




    කොළඹ ජාතික කෞතුකාගාරයෙන් කඩු බස්තම් ඇතුළු මිල කළ නොහැකි පුරාවස්තු රැසක් සොරකම් කළැයි විශ්වාස කැරෙන පුද්ගලයකුගේ හැඩරුව දැක්වෙන පින්තූර දෙකක් පොලීසිය නිකුත් කර ඇත.

    සොරකම පිළිබඳ ලැබුණු කටඋත්තරවලින් දුන් විස්තර අනුව මේ චිත්‍රය නිර්මාණය කර ඇත. මේ පින්තූරයේ දැක්වෙන්නේ ප්‍රධාන සැකකරු විය හැකි බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබා දෙන අයෙකුට රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරි නමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය සුරැකීමට වග බලා ගන්නා බවද හෙතම පවසයි.

    සැකකරුගේ රූප විස්තර පහත පරිදි වේ.

    1 මුහුණේ කුරුලෑ පිහිටා ඇත.

    2 වයස අවුරුදු 30 ත් 35 ත් අතර අයෙකි.

    3 උස අඩි 05 අඟල් 06 ක් පමණ වේ.

    4 දත් මඳක් ඉදිරියට නෙරා ඇත.

    5 දෙඅත්වල ඝනව රෝම වැවී ඇත.

    දැනුම් දිය හැකි දුරකථන අංක-

    මෙහෙයුම් මැදිරිය- 0112422176

    පොලිස් අධිකාරී- 0722117620

    පැය 24 පුරා- 0112320141 – 5

    ෆැක්ස්- 0112380380

    වෙනත්- 0773291500, 0770888539, 0783862214





    159.jpg


    210.jpg


    :D



    තවත් ජිල්මාර්ට් එකක් ද දන්නේ නැහැ.:D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    comming soon
    raa daniyel dawal migel 3rd legend
    director පොලිස් අධිකාරී
    camera ITN
    (pradaana naluwek awashyawa atha)