මොහොතක්_සිතන්න..

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මොහොතක්_සිතන්න..

    mcexj4.jpg


    මේ ඡායාරෑපය මම ගත්තෙ කතරගම කිරිවෙහෙර ළගින්.මේ වයසක කාන්තාව කරන දේ දකින ඔබට තේරෙනව ඇති.දන්නවද මේ කාන්තාව සිගමන් යදින්නෙ නෑ ජීවත්වෙන්නෙ මේ විදිහට.බැරිවෙලාගිය පහන්වැටි පැකටි එකක් නැත්නම් හදුන්කූරු පෙටිටියක් අහුලලා අර මල්ලට දාගන්නවා .ටිකක් හිතන්න මේත් කව්රැහරි මේ ලෝකෙට බිහිකරපු අම්ම කෙනෙක් නේද,ඔය කුණු අදින රත්තතරං අත්වලින් එක් කාලෙක තමන්ගෙ දරුවන්ගෙ කුණු අතගාල ඇති.කවල නාවල ලස්සන ඇදුම් අන්දවන්න ඇති.කොච්චර ආදරෙන් බලාගන්න ඇත්ද?දන්නවද මේ පින්තූරය දකින හැම වෙලාවකදීම මගෙ ඇස්වලට කදුළු පිරෙනවා.මොකද මම මේ දේ ගොඩක් වෙලා බලාගෙන හිටියා.මම ළගට යද්දි ඒ මා දිහා බලපු ඇස්දෙකේ මම දැක්ක දේ මට වචනවලට හරවන්න තේරෙන්නෙ නෑ.කොච්චර වයසට ගියත් තමන්ගෙ අම්ම තාත්ත ඒ ඉස්සර හිටපු අයමයි නේද?හිතන්න තමන්ගෙ දෙමවිපියන් කිසිවෙකුට දෙවෙනි කරන්න එපා .කවිරුත් වෙනුවෙන් තමන්ගෙ ආදරණීය අමිමා තාත්ත ඈත් කරන්න එපා.මේ දකින දේ ඔබේ අම්ම තාත්ත වෙනුවෙන් කිසිදා වෙන්න දෙන්න එපා :(

    උපුටා ගැනිමක් !! ..​
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මේ වගේ අම්ම මග අතැරලා යන සිද්දි අද සමාජයේ ඕන තරම් තියෙනවා මට මේ වගේ සිද්දි නිතරම අහන්න දකින්න ලැබෙනවා...:(:(
    ඔහොම අම්මලා තාත්තට සලකන දරුවොන්ටත් කවද හරි ඔය ටිකම තමයි...:yes::yes:

    මේ බොහොමයක් අම්මලාගේ ළමයි බොහෝ විට හොද සල්ලි කාරයෝ නැත්නම් වැදගත් යැයි කියාගන්න මිනිස්සු...:growl::growl: ඒක මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා...

    එත් ඒ අම්මලා ඒ ළමයි වචනයකින් වත් නරකක් කියන්නේ නෑ බනින්නේ නෑ... කවුරු හරි එහෙම කරනවටවත් ඒ අම්මල කැමති නෑ... ඒක තමයි අවංක දරු කැක්කුම...:(:yes:

    ඒ ළමයි අම්මට කොහොම සැලකුවත් ඒ අම්මලාගේ දරු කැක්කුම හැමදාම පපුවේ නොමැරී තියෙනවා...
    :love::love::love:
     
    Last edited: