මොළයේ ගෙඩි හෝ පිළිකා කෙරෙහි ජංගම දුරකථන හ&#354

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මොළයේ ගෙඩි හෝ පිළිකා කෙරෙහි ජංගම දුරකථන හ&#354

    ................මොළයේ ගෙඩියක් හෝ පිළිකා තත්ත්වයක් ඇතිවීම කෙරෙහි ජංගම දුරකථන භාවිතයේ ඉහළ සම්භාවිතාවක් පැවතිය හැකි බව බ්‍රිතාන්‍යයේදී සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

    එංගලන්තයේ පසුගිය දශක කිහිපය තුළ මොළය ආශ්‍රිතව ඇතිවන ගෙඩි හා පිළිකා තත්ත්වයන් හි දෙගුණයක පමණ වර්ධනයක් පවතින බව එම අධ්‍යයනයෙන් හෙළිවීමත් සමග මේ සම්බන්ධ අවධානය යොමුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    ‘එන්වයර්මන්ටල් ඇන්ඩ් පබ්ලික් හෙල්ත්’ ජර්නලයට එක්කර ඇති මෙම අධ්‍යයන තොරතුරුවලට අනුව, වර්ෂ 1995 සහ 2015 වසරවල එංගලන්ත වැසියන්ට වැළඳුණු ‘ග්ලයෝබ්ලැස්ටෝමා’ (GBM) ගෙඩි ඇසුරෙන් ඔවුන් මෙම අධ්‍යයන වාර්තාව දක්වා තිබේ. ඒ අනුව, 1995 දී ලක්ෂයකට 2.4කට පමණක් වැළඳුණු මොළය ආශ්‍රිතව ඇති වන ‘ග්ලයෝබ්ලැස්ටෝමා’ ගෙඩි වර්ෂ 2015 වනවිට 05ක් දක්වා දෙගුණයක වැඩිවීමක් වාර්තා කර ඇත.

    මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී මොළය ආශ්‍රිත ගෙඩි හා පිළිකා ඇතිවීමේ වර්ධනයක් පමණක් මූලිකවම පෙන්නුම් කර තිබේ. නමුදු, එයට නිසැකවම බලපානු ඇතැයි සැලකෙන නිශ්චිතම සාධක එහිදී ප්‍රකාශ නොවුණත්, මෙම පර්යේෂකයන් පිරිස මිනිසුන්ගේ එදිනෙදා චර්යාවන්ගේ වෙනස්වීම් මීට හේතු වන්නට ඇති බවට යම් නිගමනයකට පැමිණ ඇත.

    මෙම එදිනෙදා චර්යාවන් අතර මීට පෙරදීද වඩාත් කතාබහට ලක්වූ ජංගම දුරකථන භාවිතය මොළයේ ගෙඩි හෝ පිළිකා තත්ත්වයක් ඇති කිරීම සඳහා ඉහළ සම්භාවිතාවක් පවතින බවට යළි සලකා බලා ඇත්තේ ඒ අනුවය.

    පිළිකාවෙන් පීඩා විඳින බ්‍රිතාන්‍ය දරුවන්ගේ අරමුදලෙහි භාරකරුවා සහ මෙම අධ්‍යයන වාර්තාවේ කතුවරයා ලෙස කටයුතු කරන ඇලස්ඩෙයර් ෆිලිප්ස් පවසන්නේ ඔවුන්ගේ අධ්‍යයනය ජංගම දුරකථන සම්බන්ධයෙන් නොව, මොළය ආශ්‍රිත ගෙඩි හෝ පිළිකා තත්ත්වයේ වෙනස්වීම සම්බන්ධයෙන් වූවක් බවයි. නමුදු, මොළයේ ගෙඩි හෝ පිළිකා තත්ත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් ජංගම දුරකථනය බොහෝදුරට හේතුවක් විය හැකි බව ඔහු සඳහන් කර සිටියි.

    මෙසේ ඇති වන ගෙඩි බොහෝවිට නළල හා කන ආසන්න මොළයේ වර්ධනය වන බවත්, මෙයද ජංගම දුරකථන මීට හේතුවක් බවට වූ සැකය තවදුරටත් වර්ධනය කරන තවත් කරුණක් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

    Source : aperata.net
     
    Last edited: