මොළේ මැරිච්ච් ලෙඩෙක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මොළේ මැරිච්ච් ලෙඩෙක්

    අද මේ ආණ්ඩුව මොළේ මැරිච්ච් ලෙඩෙක් වගේ. වෛද්‍ය විද්‍යාවට අනුව, මොළේ මැරුණාම කෙනෙක් ඇත්තට ම මැරෙනවා. ඒත් යාන්ත්‍රික සහායෙන් හදවත වගේ දේවල් සුපුරුදු පරිදි පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම වෙලාවක දී ලෙඩාගේ ළඟම ඥාතීන් හිතනවා ලෙඩා මැරිලා නැ කියල. යන්ත්‍ර නිසා පපුව එහෙම උස්පාත් වෙනවා. ඒ වගේ ම, මේ ආණ්ඩුවට ලඟින් ම ඉන්න සුළු පිරිසක් හිතනවා යන්තම් හුස්ම වැටෙන හින්දා ලෙඩා ජීවතුන් අතර කියල. ඒක ඇත්ත පිළිගන්න තිබෙන දුෂ්කරතාවක් විදියට ගන්නත් පුළුවන්. ඒත් මුළු රට ම දන්නවා මේ ලෙඩා මැරිච්ච බව.