මෝටර් කාර්මික දැනුම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මෝටර් කාර්මික දැනුම

    මෝටර් කාර්මික දැනුම
    14022256_10207056540271702_8945527171468936448_n.jpg
    13912540_10207056540351704_3729999007374947116_n.jpg
    13912365_10207056540631711_2870097898753034710_n.jpg
    14046117_10207056540791715_4563259008536516004_n.jpg
    13934772_10207056541111723_8540467192102481874_n.jpg
    13886428_10207056541151724_5473071721870082903_n.jpg

    ටයිමිං බෙල්ට් සහ ටයිමිං චේන් අතර ඇති වෙනස කුමක්ද?(What Is the Difference Between a Timing Belt and a Timing Chain?)

    ටයිමිං බෙල්ට් සහ ටයිමිං චේන් යනු මොනවාද? ඒ‌වා එකිනෙකට වඩා වෙනස් වන්නේ කෙසේද?හොඳයි,සරළ පිළිතුර නම් එකක් බෙල්ට් එකක් වන අතර අනෙක චේන් එකක් වේ.නමුත් එය ප්‍රයෝජනවත් පිළිතුරක් නොවේ.ඒ‌වායෙන් හරියටම කරන්නේ මොකක්ද කියලා ඔබටත් දැනගැනීමට අවශ්‍ය ඇ‌ති.ඉතින්,ඔබේ මෝටර් රථයට ටයිමිං බෙල් හෝ චේන් අවශ්‍ය හේතුව වන එන්ජින් ටයිමිං ගැන අපි ටිකක් කතා කිරීම ආරම්භ කරමු.

    මූලික යාන්ත්‍රික එන්ජින් ටයිමිං(The basics of mechanical engine timing)

    අද බොහෝ මෝටර් රථ සඳහා සිවිපහර(4-stroke)එන්ජින් ඇත.මක්නිසාදයත් දහන ක්‍රියාවලියට අදාල චූෂණ පහර(intake stroke),සම්පීඩන පහර(compression stroke),බල පහර(power stroke)සහ පිටාර පහර(exhaust stroke) යන සිවි පහර ඇති බැවිනි.

    මෙම සිවි-පහර චක්‍රරය පුරාම කෑම් ශාෆ්ටය එක් වටයක් හා ක්‍රෑන්ක් ශාෆ්ටය වට දෙකක කැරකෙයි.මෙම කෑම්ශෆ්ට් හා ක්‍රෑක්ශාෆ් අතර කැරකුම් සම්බන්ධය " යාන්ත්‍රික කාලය "(" machanical timing ")ලෙස හඳුන්වනු ලැබේ.එය එන්ජින් සිලින්ඩර් තුල පිස්ටන් චලනයන්ට අනුව වෑල් ඇ‌රීම සහ වැසීම පාලනය කරයි.වෑල්ව පිස්ටන් සමග ඉතා නිවැරදි කාල අවස්ථාවේ දී විවෘත කිරීමට සිදු විය යතුය නැති නම් එන්ජිම නිසි ලෙස හෝ කොහෙත්ම ක්‍රියා නොකරනු ඇති අතර එන්ජිමට ද හානි කරනු ඇ‌ත.

    ටයිමිං බෙල්ට්(Timing belt)

    1960 මැද භාගයේ දී පමණ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ඉන්-ලයින් වර්ගයට අයත් සිල්න්ඩර් හයකින් යුත් " Pontiac devised " මෝටර් රථය රබර් ටයිමිං බෙල්ට් එකක් භාවිතා කල පලමු මෝටර් රථය විය.ඊට පෙර සෑම සිව්-පහර එන්ජිමක්ම ටයිමිං චේන් වලින් සමන්විත විය.ටයිමිං බෙල්ට් හි ඇ‌ති වාසිය නම් ශබ්ද රහිත බවය.ඒ‌ වගේම ශක්තිමත්ය.නමුත් ගෙවී යනු ඇ‌ත.බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් සෑම කිලෝමීටර් 90,000-120,000 අතර ටයිමිං බෙල්ට් මාරැකිරීම නිර්දේශ කරයි.දැන් ඔබ ටයිමිං බෙල්ට් හි කාර්‍ය්‍යය දන්නා අතර ටයිමිං බෙල්ට් කැඩුණේ නම් කිසිදාක එය හොඳ ප්‍රථිඵල සමග අවසන් නොවන බව නම් ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.

    ටයිමිං බෙල්ට් ශේණිගතව(series)ඇ‌ති ස්පොකට්,රෝලර් සහ බෙල්ට් ටෙන්ෂනර් වලින් සමන්විත වේ.මෙහි සඳහන් කර අති බෙල්ට් ටෙන්ෂනරයේ කාර්‍ය්‍යය වනුයේ සෑම විටම බෙල්ට් මත ආතතිය(tension)නිසි ලෙස තබා ගැනීමය.ඒවා සාමාන්‍යයෙන් බෙල්ට් සමග එකම අවස්ථාවේ දී ගෙවී යන අතර සෑම නව බෙල්ට් මාරැකිරීමක් සමගම අලුතින් මාරැ කල යුතුය.බොහෝ නිෂ්පාදකයින් මෙන්ම කාර්මිකයන් ද මේ සමග වෝටර් පම්ප් එක ද මාරැකලයුතු බව නිර්දේශ කරයි.මක්නිසාද,වෝටර් පම්ප් එක ද සාමාන්‍යයෙන් ඒ‌ හා සමානවම පරණ වන නිසා සහ පොදුවේ එම කාලය තුල ගෙවී ඇති බැවිනි.

    ටයිමිං චේන්(Timing chains)

    ටයිමිං චේන් ද ටයිමිං බෙල්ට් එකේ කාර්‍ය්‍යයම ඉටු කරන,නමුත් සාමාන්‍යයෙන් ඊට වඩා තවදුරටත් කල් පවතී.සමහර නිෂ්පාදකයින් ඇතැම් මාරැකිරීම් කාල අන්තරයන්(certain replacing intervals)ඒ වෙනුවට යෝජනාකරන,නමුත් සමහර නිෂ්පාදකයන් එය මෝටර් රථයේ ජීවිත කාලය පුරා(life time)කල් පවතිනු ඇති බව පවසයි.ටයිමිං චේන් හරියටම බයිසිකල් චේන් එකක් හා සමාන වන අතර බෙල්ට් වලට වඩා ශබ්ද සහිත වේ.ටයිමිං චේන් වල ඇ‌ති අනෙක් ප්‍රශ්ණය නම් යම් හේතුවකින් කැඩීගියහොත් ඒ‌වා සාමාන්‍යයෙන් කැඩුණු ටයිමිං බෙල්ට් එකක් මගින් ඇ‌ති කරන හානියට වඩා වැඩි හානියක් ඇති කිරීමයි.නමුත් මෙහිදී කැඩුණු ටයිමිං බෙල්ට් මගින් හානියක් ඇ‌ති නොකරන බව නොකියන අතර අනිවාර්‍ය්‍යයෙන්ම එය ද එන්ජිමට හානි ගෙන දෙනු ඇ‌ත.එහෙත් කැඩුණු ටයිමං බෙල්ට් මගින් සිදුවන හානි බොහෝදුරට සිලින්ඩර් හෙඩ් පමණක් අලුත්වැඩියා කිරීමෙන් සකස්කර ගත හැකිය.ටයිමිං චේන් කැඩීයාම සම්පූර්ණ එන්ජින් අලුත්වැඩයාවක් අවශ්‍ය වන අතර එය ඔබ සිතනවට වඩා අඩු වියදම් අලුත්වැඩියාවක් නොවීමට බොහෝදුරට ඉඩ ඇ‌ත.

    ටයිමිං චේන් හී ද ටෙන්ෂන්ර් ඇති,නමුත් එය බෙල්ට් ටෙන්ෂනර්යක් මෙන් නොවේ.මෙම ටයිමිං චේන් ටෙන්ෂනර් එන්ජින් ඔයිල් පීඩනය මගින් පාලනය වේ.ඒ නිසා එන්ජින් ඔයිල් පීඩනය යම් හේතුවක් නිසා අඩු බවට පත් වෙයි නම් මෙම ටෙන්ෂනර් නොසිතන ආකාරයෙන් අසාර්ථක වනු ඇත.නමුත් වාසිය නම් ටයිමිං චේන් වෝටර් පම්ප් හා සම්බන්ධ නොවීමයි.ඒ නිසා සාමාන්‍යයෙන් ටයිමිං චේන් මාරැකිරීමකදී වෝටර් පම්ප් මාරැකිරීමක් අවශ්‍ය නොවේ.

    ඉන්ටෆියරන්ස් එන්ජින්(Interference engines)

    එන්ජින් වෑල් සහ පිස්ටන් සිලින්ඩරය තුල එකම අවකාශයකට අයිති වන එකකි.නමුත් එය එකම වේලාවකදී නොවේ.ඉතා කාර්‍ය්‍යයක්ෂම වර්ගයේ එන්ජිමක් නම්,නමුත් නඩත්තු ප්‍රමාද කරන්නේ නම් එය ඔබව අමාරුවේ දැමිය හැකිය.ටයිමිං බෙල්ට් කැඩීයාමක දී වෑල්ව සහ පිස්ටන් එම අවස්ථාවේ දී සිලින්ඩරය තුළ එකිනෙකට ගැටෙනු ඇ‌ත.බොහෝ විට මෙය නරක දෙයක් බව ඔබට කීමට අවශ්‍ය නොවේ.එහෙත් ඉන්ටෆියරන්ස් එන්ජින් වල ටයිමිං බෙල්ට් කැඩී ගියවිටකද දී මෙම පිස්ටන් හා වෑල්ව එකම තැනක දී කිසිවිටෙක නොගැටෙන බැවින් එන්ජින් අභ්‍යන්තරයට හානි ඇති නොකරයි.

    ඒ‌ නිසා ඔබේ මෝටර් රථයේ ඉන්ටෆියරන්ස් එන්ජිමක් හෝ නොවන එන්ජිමක් තිබේ ද යන්න දැනගන්නේ කෙසේද?ඒ‌ සඳහා ඔබට ඔබගේ අලෙවි නියෝජිත හෝ ඔබේ කාර්මිකයාගෙන් ඇසීමට සිදු වනු ඇත.

    ටයිමිං බෙල්ට් හෝ චේන් හානි වූ විට කුමක් සිදු වේද?(What happens when a timing belt or chain is damaged?)

    නිසි පරිදි නඩත්තු සමග ඔබට ටයිමිං බෙල්ට් හෝ චේන් ප්‍රශ්ණවලට මුහුණදීමට සිදුනොවනු ඇ‌ත.නමුත් යම් කිසි ලෙස එය සිදුවුවහොත් මෙහි සඳහන් කර ඇති ලෙස එය කිසිම ආ‌කාරයක හොඳ ප්‍රතිඵලයක් නම් ලබා නොදෙනු ඇ‌ත.ඉතින් හරියටම සිදු වන්නේ කුමක්ද?

    ටයිමිං බෙල්ට් සාමාන්‍යයෙන් එක්කෝ එන්ජිම පණගැන්වීමේ දී හෝ එන්ජිම නතර කිරීම කරන විටකදී කැඩී යයි.එනම් බෙල්ට් මත ආ‌තතිය වැඩිවීම හේතු වන බව සරලව පැවසිය හැකිය.ඔබේ එන්ජිම ඉන්ටෆියරන්ස් නොවන(non-interference)එකක් නම් සාමාන්‍යයෙන් ටයිමිං බෙල්ට් කිට් එකක් මාරැකිරීමෙන් නැවත සකස් කර ගත හැක.එහෙත් එය ඉන්ටෆියරන්ස්(Interference)සහිත එන්ජිමක් නම් නිසැකව හානි වනු ඇත.

    එය එන්ජින් වේගය කෙතරම් දැඩි ද යන්න මත රඳා පවතිනු ඇත.ටයිමිං බෙල්ට් කැඩීයාම එන්ජිම පණගන්වීමේ දී හෝ නවතා දැමීමේ දී සිදු වේ නම් සමහර විට නැවුණු වෑල් සහ/හෝ කැඩුණු වෑල් ගයිඩ් සමග අවසන් අවසන් වනු ඇ‌ති අතර එය ඉහළ rpm මත දී සිදු වේ නම් වෑල් කැඩී යන අතර වෑල් සහ පිස්ටන් එකිනෙක මත වැදීම නිසා කනෙක්ටිං රොඩ් නැවී යා හැකි අතර පිස්ටන් ද විනාශ කර දමයි.එවිට අවසානයේ පිස්ටන් රොඩ් කැඩී ඔයිල් සම්ප් හා එන්ජින් බ්ලොක් සිදුරු කරනු ඇ‌ති අතර එන්ජින් කොටස්වලට ද හානි ගෙන දී අලුත්වැඩියා කල නොහැකි වනු ඇත.

    දැන් අපි ටයිමිං චේන් දෙසට යොමු වෙමු.අඩු වේගයක දී ටයිමං චේන් කැඩී ගියේ නම් එය හුදෙක් ලිස්සායාමක් නම් (slip or jump the chain)හානියක් ඇ‌ති නොවිය හැකිය.ඔබට ටයිමිං චේන් කිට් එකක් පමණක් මාරැකිරීමෙන් සකසා ගත හැකි වේ.එය ඉහළ rpm දී කැඩීගියේ නම් හෝ ගැලවී ගියේ(breaks or comes off a)නම් එය එකිනෙකට ගැටීම් සමඟ සැලකිය යුතු විනාශයක් කරනු ඇති අතර අලුත්වැඩියා කළ හැකි විය හැකි නමුත් එය වියදම් අධික වේ.

    නිසි පරිදි පවත්වාගෙන යාම(Proper maintenance)

    නඩත්තු ඉතා වැදගත් වේ.ඔබගේ වාහන නිෂ්පාදකයා ක්‍රමවත් කාල අන්තර(regular intervals)තුල බෙල්ට් හෝ චේන් මාරැකිරීම නිර්දේශ කරයි නම් එය කරන්න.එය පැහැර හැරීම ඉතා අවදානම් වන අතර ඔබේ වාහනයේ වයස මත පදනම්ව වාහනයේ සැබෑ වටිනාකම ඉක්මවා යන අලුත්වැඩියාවකට හේතුවිය හැකිය.ඔබ පාවිච්චි කළ වාහනයක් මිලට ගන්නේ නම් ඔබ ටයිමිං සංරචක මෙතෙක් පරීක්ෂා කර නොමැති නම් සහ එතරම් විශ්වාසයක් නැති නම් කාර්මිකයෙකු සමග වාහනය පුරාම පරීක්ෂා කරන්න.

    (ටයිමිං බෙල්ට් සහ මාරැකිරීම් පිලිබඳ වැඩි විස්තර සඳහා

    "මෝටර් කාර්මික දනුම-81" ලිපිය පහලින් බලන්න.

    කොහොමද ටයිමින් බෙල්ට් එකක් මාරු කරන්නේ(How to Change a Timing Belt)

    https://www.facebook.com/groups/Carindustrial/permalink/502743493220866)

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    16/08/2016
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Toiyo, mama umbe thread balanne mewa balanna newe, mokak hari photoshop magulak aragena yahapalaneta baninawa eewa balanna..lol