මෝටර් රථයේ ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාව

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෝටර් රථයේ ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාව



    ඔබේ මෝටර් රථයේ ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ක්‍රම

    ඔබ ඉන්දන මිළ ගැන සැලකිලිමත් නම් හෝ පරිසරය මත ඔබේ ධාවනයෙන් වන බලපෑම අවම කිරීමට අවශ්‍ය නම්,ඔබ හයිබ්‍රිඩ්,විදුලි හෝ කුඩා මෝටර් රථයකට මාරැවෙන්න.

    ඔබ වාහනය නිසි පරිදි නිතිපතා නඩත්තු කාලසටහනක් මත සිදු නොකරන්නේ නම් ඉන්ධන 30% ක් දක්වා වැඩිපුර දහනය කල හැකි බව ඔබ දැන සිටියාද? අප සියලුදෙනාම සාමාන්‍ය මෝටර් රථ නඩත්තු කිරීමේ වැදගත්කම දන්න,නමුත් බොහෝ හේතු සඳහා බොහෝ විට ප්‍රමාණවත් තරම් එය සිදු නොකරයි.

    මෙහි කථා කර ඇති වෙනත් ඕනෑම මාතෘකාවකට වඩා ඉන්ධන ආර්ථිකය ගැන ප්‍රශ්ණ ඇති බව සිතමි.ඒ‌ නිසා මෙම කෙටි කරුණු ඔබට,ඔබේ ඉන්ධන ටැංකියට වැටෙන සෑම ඉන්දන බිංදුවක්ම අවසානය දක්වා භාවිතා කිරීමට පහත ඉඟි උපකාරී වනු ඇතැයි සිතමි.

    • අවම වශයෙන් සතියකට වරක්වත් ටයර් පීඩනය පරීක්ෂා කරන්න.ටයර් අඩු පීඩනය බොහෝ ඉන්දන පරිභෝජනය කරයි.බාර් 0.5 ක ටයර් අඩු පීඩනයක්(අසාමාන්‍ය නොවන තත්වයකදී හැර)ටයර පෙරලුම් ප්‍රතිරෝදය(rolling resistance of the tires)5% කින් වැඩි කරනු ඇ‌ත.

    • අධි වේග මාර්ග ධාවනයේදී කෲස් කොන්ට්‍රෝල් භාවිතා කරන්න.මෙය ඔබට 6% දක්වා ඉන්දන ඉතිරි කර ගත හැක.

    • බැටරි කේබල් ටර්මිනල් මත ඔක්සයිඩ තැනපත්වීම නිසා බැටරිය ආ‌රෝපණය කිරීමට ඕල්ටනේටරයට අමතර ජවයක් යෙදීමට සිදුවීම,වැඩිපුර ඉන්දන භාවිතාවීමට හේතුවක් වන බැවින් සෑම එන්ජින් පරීක්ෂා කිරීමක් සමඟ ඒ‌වා පරීක්ෂා කරන්න.ඊට අමතරව ධාවනයේ දී අනවශ්‍ය විදුලි උපාංග නිවා දමන්න.

    • ඔබ දූවිලි සහිත තත්වයන් මත ධාවනය කරන්නේ නම් සේවා මැනුඅල් හි සඳහන් වාර ගණනට අමතරව එයාර් ෆිල්ටරය මාරැ කරන්න.

    • විනාඩියකට වඩා වැඩි කාලයක් වාහනය අයිඩල්ව නොතබන්න.තත්පර 30-40 ක කාලයක් අයිඩල්ව තැබීම එන්ජිම නැවත පණගැන්වීමට යන ඉන්දන ප්‍රමාණයට වඩ වැඩි ඉන්දන ප්‍රමාණයක් අවශ්‍ය වේ.අයිඩල් පැයකට ඉන්දන ලීටර් හතරක් හෝ දෙකක් පරිභෝජනය කරන අතර වායුගෝලයට අනවශ්‍ය කාබන්ඩයොක්සයිඩ්(CO2)ප්‍රමාණයක්ද නිකුත් කරයි.නූතන එන්ජින් දීර්ඝ කාල පරිච්ඡේදයක් සඳහා අයිඩල්ව තබනවාට වඩා එන්ජින් නිවාදමා සහ නැවත පණගැන්වීමේදී ඉන්දන අඩුවෙන් පරිභෝජනය කරනු ඇත.(මේ නිසා සමහර රටවල එන්ජින් අයිඩල්ව තැබිය නොහැකි කලාප/no-idle zones ඇ‌ත).එසේම,එන්ජිමක් ඵලදායී ලෙස උණුසුම් කරගැනීමට එය ධාවනය කරනන,නමුත් රේස් නොකරන්න.එන්ජින් බර යටතේ පමණක් තදින් ක්‍රියාකරන අතර වඩා ඉක්මනින් උණුසුම් වේ.ඔබ හුදෙක්,එන්ජින් පණගන්වා තත්පර 20-30 පමණ සිට(ඔයිල් පීඩනය සැකසෙන තුරැ)ධාවනය කරන්න.

    • සාමාන්‍ය එන්ජින් පරීක්ෂා කිරීම් කරන්න.පරිගණකෙයන් පාලනය වන ඉන්ධන විදුම් පද්ධති පැමිණීමත් නිසා,පැරණි වාහනවලට අවශ්‍ය කිසිදු එන්ජින් ටියුඅප් වැනි දෙයක් තවදුරටත් අවශ්‍ය නොවේ.වඩාත් නරක තත්වයකදී සමහර විට ස්පාර්ක් ප්ලග්,ඔක්සිජන් සෙන්සර්,එයාර් ෆිල්ටර් ඉන්ධන ෆිල්ටර් මාරැ කිරීම් අපේක්ෂා කළ හැක.

    • ඔබේ මෝටර් රථය 1980 දශකයේ මැද භාගයේ නිෂ්පාදනය කරන ලද එකක් නම්,එහි පිටාර පද්ධතිය තුළ ඔක්සිජන් සෙන්සර් ඇත.එය ඔබ නිෂ්පාදකයාගේ නිර්දේශ අනුව ස්පාර්ක් ප්ලග් මාරැ කරන ආ‌කාරයට මාරැ කරගත යුතුය.මෙම උපාංගය ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළ හා ඉන්ධන ආර්ථිකය මත මූලික බලපෑමක් ඇති කොට ඇත.

    • එන්ජිමට දුෂ්කරතාවයකින් තොරව හැකි ඉහළම ගියරවල ධාවනය කිරීම ඉන්ධන කාර්‍ය්‍යයක්ෂම ක්‍රමයකි.එය වාහනය පස්වන ගියරයට වඩා තුන්වන ගියරයේ 60 km / h ට පැදවීම,25% ක් වැඩිපුර ඉන්ධන භාවිතා කරනු ඇත.එමෙන්ම අඩු ගියර වල වේගයෙන් ගමන් කිරීම අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයට වඩා 45% ක් දක්වා වැඩි පුර ඉන්දන පරිභෝජනය කළ හැක.ඔබේ වාහනයේ ඩෑෂ් බෝඩ් මත ඔන්බෝඩ් ට්‍රිප් පරිගණක තිබේ නම්,ඔබට "ඉන්ධන ආර්ථිකය" සැකසුම("fuel economy")ඇත.මෙම ගේජය බලන්න සහ කිලෝ මීටර් 100 ක් සඳහා ලීටර් ගණන(l/100km)ඔබට හැකි තරම් අඩු වන ආකාරයට ධාවනය කරන්න.නිෂ්පාදකයන් මෙය එක්තරා ගේම් එකකට ටියුන් කර තිබේ.උදාහරණයක් ලෙස නව ෆෝඩ් ෆියුෂන් හයිබ්‍රිඩ් රථයේ ඉන්ධන පිරිමැස්ම සන්ධිස්ථානයක් කරා ළඟා වනවිට කොළ ග්‍රැෆික් දර්ශකයේ කොළ පැහැති කොලයක් ප්‍රර්ශනයවේ.

    • ඉදිරියට සිතා බලන්න! සියුම්ව පදවන්න.සෙමින් ඇ‌ක්ස්ලේටර් කරන්න සහ තදින් බ්‍රේක් නොකරන්න(හදිසි අවස්ථාවකදී හැර),මේ දෙකම ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට සහ ගෙවීම් අඩුකර ගත හැක.පර්යේෂණ මගින් යෝජනාකර ඇ‌ත්තේ ධාවන ශිල්ප ක්‍රම මගින් 30% ක් තරම් ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාව කෙරෙහි බලපෑම් කළ හැකි බවයි.

    • ඔබේ වාහනයට අනවශ්‍ය බර පැටවීමෙන් වලකින්න.ඔබේ ගමනට අවශ්‍ය දේ ගැන හොඳින් සිතා බලන්න.ඔබට යම් දෙයක් අවශ්‍ය නොවේ නම්,එය පටවන්න එපා!අවශ්‍ය නොවේ නම් රූෆ් රැක් ඉවත් කරන්න.එය සුළං ඇදීම නිර්මාණය(wind drag)කරයි.බර අඩු වන තරමට ඉන්ධන පරිභෝජනය හා විමෝචන අඩු කරයි.වැඩිපුර කිලෝග්‍රෑම් 45 ක බරක් සාමාන්‍ය මෝටර් රථ ඉන්ධන ආර්ථිකය 1-2% අඩු කරන අතර අමතර බර ගෙනයාම ඉන්දන ද නාස්ති කරයි.

    • ඔබේ මෝටර් රථය සඳහා ඇති නිවැරදි ඔක්ටේන් ඉන්දන තෝරාගන්න.ඔබේ එන්ජිමට අවශ්‍ය ඔක්ටේන් ඉන්දන කුමක්දැයි දැන ගැනීමට අයිතිකරුගේ අත්පොත පරීක්ෂා කරන්න.ඔක්ටේන් ශ්රේණිගතය එන්ජින් නොක් කිරීමට විරැද්ධව ගැසොලින් හැකියාව මැනබලයි.එහෙත්,ඉහළ ඔක්ටේන් ඉන්දන මිළෙන්ද ඉහළය.අලෙවි වන මෝටර් රථ වලින් 6% ක් පමණ ප්‍රීමියම් ඉන්දන අවශ්‍ය වන රතර විකුණන සෑම ඉන්දන වලින් 10% ක් පමණක් ප්‍රීම්යම් ඉන්දන වේ.කාර්‍ය්‍යය සාධනය සඳහා ඉහළ ඔක්ටේන් ඉන්දන භාවිතා කරන්න.

    • ඔබේ කාලය සහ මුදල් ඉතිරි කරගැනීමට සංචාරය ආ‌රම්භය සහ වසානය සැලසුම් කරන්න.එක සම්මිශ්‍රණය සංචාරයකින් ඔබේ කාලය සහ මුදල් ඉතිරිකරයි.එන්ජිම උණුසුම් ඇ‌ති විට වඩා සීතල පණගැවී මේ සිට පියවර රැසක් කෙටි සංචාරය කිරීම,එම දුරම ආවරණය වන පරිදි ගමන් කිරීම මෙන් දෙගුනයක් ඉන්ධන භාවිතා කළ හැකිය.ගමන සැලසුම් කිරීමේදී එන්ජිම උණුසුම්ව ඇ‌ති විට ගමන් කිරීම කාර්‍ය්‍යයක්ෂම වේ.

    • නිෂ්පාදකයා නිර්දේශිත ශ්‍රේණියේ එන්ජින් ඔයිල් භාවිතයෙන් 1-2% කින් පමණ ඔබේ ඉන්දන වාසි වැඩි දියුණු කළ හැක.උදාහරණයක් ලෙස,10W-30 ඔයිල් නිර්මාණය කර ඇති එන්ජිමක් තුළ,5W-30 ඔයිල් භාවිතා කිරීමටත් නිපදවා ඇ‌ති බැවින් 1-2% කින් ඉන්දන පරභෝජනය අඩු කර ගත හැකිය.ඝණකම් එන්ජින් ඔයිල් පොම්ප කිරීම අසීරු වේ.එමෙන්ම මේ පරපෝෂිත අශ්වබල(parasitic horsepower)ප්‍රමාණයක් නැතිවී යයි.

    • එන්ජිම රේස් කිරීමෙන් වලකින්න.විශේෂයෙන්ම එන්ජිම ක්‍රියාවිරහිත කිරිමට පෙර.මෙය ඉන්ධන අනවශ්‍ය ලෙස හා සිලින්ඩර බිත්ති ඇතුළත ඔයිල් පහළට සෝදාහරිනු ලබයි.මෙය ඇ‌ත්තටම ඉදිරි පණ ගැන්වීම සඳහා නරක දෙයක් වන අතර සිලින්ඩර බිත්ති වියලා දමනු ලබයි.

    • ක්‍රමයෙන් ධාවනය කරන්න.වේගය අඩු කිරීම හෝ වේගවත් කිරීම ඉන්දන නාස්තිකරනු ලබයි.ඒ‌වගේම,ඉදිරි වාහනයට ඉතා කිට්ටුවෙන් ධාවනයෙන්(tailgating)වැළකී සිටින්න.එපමණක් නොව එය අනාරක්ෂිත වේ,නමුත් අනෙක් රථයේ රියදුරු, බලාපොරොත්තු නොවූ ලෙස මන්දගාමී නම් එය ඔබේ ආර්ථිකයට බලපානු ඇ‌ත.

    • හැකි සෑම විටම රලු හෝ බොරලු මාර්ග වල ධාවනයෙන් වළකින්න.එමගින් ඔබට ඉන්දන වාසි 30% ක් දක්වා අඩු කරනු ඇ‌ත.රෝද ඉහළ පහළ යන සෑම අවස්ථාවකදීම හා සෑම ඉදිරියට නැමීමකටම වාහනයේ ශක්තිය ඉවත් කරනු ඇත.එමෙන්ම එය ඉතා බලවත් අපහසුතාවක් වේ,මෙහිදී රියදුරු වැඩිපුර ඇ‌ක්ස්ලේටරය පෑගීම ඉන්දන නාස්තියට හේතු වේ.

    • වැරදි චැසි සහ සස්පෙන්ෂන් එලයින්මන්ට් කොටස් පරීක්ෂා කරන්න.ඇ‌ද රෝද, ඇක්සල්,ගෙවී ගිය ෂොක් සහ කැඩුණු ස්ප්‍රින් ඩ්‍රයිව්ට්‍රේන් පද්ධතිය ඇ‌දීමට(drag)කිරීම් නිර්මාණය කරන අතර එය අනාරක්ෂිත තත්ත්වයන් ඇ‌ති කල හැකිය.

    • SUV රථය හිමියන් ආක්‍රමණශීලී ඔෆ්-රෝඩ් මෝස්තර කට්ට රටා සහිත ටයර් වෙනුවට ඉන්ධන කාර්‍ය්‍යයක්ෂම අධිවේගී කට්ට රටා ඇ‌ති ටයර් වෙත මාරුවීම සලකා බැලිය යුතු කරැණකි.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    20/07/2016
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,746
    2,218
    113
    Nugegoda
    AC එක හරියට නඩත්තු කරන එකත් වැදගත් නේද. AC බැහැල නං කම්ප්‍රෙසර් එක වැඩිපුර වැඩ කරනව ඒකෙන් එන්ජිමට වැඩිපුර බරක් එනව. පෙට්‍රල් පිච්චෙනව වැඩියි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    චගු:22219007 said:
    machanla Soltron (CEYPETCO) walin wenasak thiyenawada ?
    Toyota Townace KR42 Petrol engine ekata Soltron hondai da ?


    Soltron vadak ganna nam.kalayak duvanna venava