මෝටර් රථ ආනයනය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසිය. වාහන අලෙවි
    අංගනවල ලියාපදිංචි නොකළ වාහන 3000ක් වත් නොමැති බවද පීරිස් මහතා සඳහන් කළේය. ඇතැම් වාහන අංගනවල වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ඔහු කීය. ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයෝටා පැසෝ, ටොයෝටා විට්ස්, ටොයෝටා සී.එච්.ආර්. ටොයෝටා වෙසල්, ටොයෙටා ප්‍රේස් රථ වෙළෙඳපොළේ උග්‍ර හිගයක් පවතින බවද පීරිස් මහතා පැවසීය.

    ටොයෝටා ඇක්සියෝ, ටොයෝටා ප්‍රිමියෝ, ටොයෝටා රයිස් ආදී මෝටර් රථ කිහිපයක් පමණක් වාහන අංගන තුළ පවතින බවත් එම වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය. ඒ අනුව ටොයෝටා ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 79කට වඩා වැඩි මුදලකටත්, ටොයෝටා ප්‍රිමියෝ රථයක් රුපියල් ලක්ෂ 100 කට වැඩි මිලකටත්, ටොයෝටා රයිස් රථයක් රුපියල් ලක්ෂ 80 කට වැඩි මිලකට අලෙවි වන බවද ඔහු සඳහන් කළේය.

    මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව හා බැංකු ණය ගෙවීමට නොහැකිව වාහන අලෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද ඔහු පැවසීය. මේ හේතුවෙන් වාහන අලෙවිසැල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයිද පැවසූ හෙතෙම මේ සම්බන්ධයෙන් රජයෙන් සහනයක් බලාපොරොත්තු වන්නේ යැයිද කීවේය.

    මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දුන්නත් වාහන ගෙන්වා ගැනීම සඳහා තවත් මාස තුනක පමණ කාලයන්වත් ගතවනු ඇතැයිද ඔහු කීය. මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ලියාපදිංචි කළත් වාහන මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳම්පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගත්තේය.


    -නිමල කොඩිතුවක්කු-
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,109
    67,417
    113
    FB_IMG_1599217566456.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    උග්‍ර ජංගි හිඟයක් කිව්වා වගේ....


    මුන් ට පිස්සු.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    උන් එහෙම කිව්වට මේ දවස් වල එහෙ auction වලින් තොග පිටින් වාහන ගන්නවා මෙහෙ සේල් කාරයෝ
    යාළුවො ඉන්නවා නම් අහල බලපන්
    තව මාස දෙකතුනකින් ගෙන්නන්න දෙනවා කියල තමයි උන් කියන්නේ
    permit එහෙමත් කුණු කොල්ලෙට ගන්නේ නිකන් නෙවෙයි නේ මේ දවස් වල 😂 😂
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උන් එහෙම කිව්වට මේ දවස් වල එහෙ auction වලින් තොග පිටින් වාහන ගන්නවා මෙහෙ සේල් කාරයෝ
    යාළුවො ඉන්නවා නම් අහල බලපන්
    තව මාස දෙකතුනකින් ගෙන්නන්න දෙනවා කියල තමයි උන් කියන්නේ
    permit එහෙමත් කුණු කොල්ලෙට ගන්නේ නිකන් නෙවෙයි නේ මේ දවස් වල 😂 😂
    sale karayo kynne hawo neweine bn
    unta athulen information awilla atte