මෝටර් රථ බැටරි මෝටර් රථ (2 වන කොටස)

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෝටර් රථ බැටරි

    මෝටර් රථ (2 වන කොටස)




    මෝටර් රථ බැටරි

    (2 වන කොටස)

    • බැටරි නඩත්තු කිරීම

    නිසි ලෙස බැටරි නඩත්තු කිරීම එහි ආ‌යු කාලය සඳහා වැදගත් වන අතර ඒ‌ සඳහා පහත කරුණු පිලිබඳව නිතිපතා සැලකිලිමත්වීම වැදගත්ය.

    1)බැටරි පිරිසිදු කිරීම සඳහා බේකිං සෝඩා සහ ජල මිශ්‍රණයක් භාවිතා කරන්න.

    2)බැටරි ගැටලු සඳහා බොහෝ විට අපිරිසිදු හා දුර්වල කේබල් සම්බන්ධතා හේතුව නිසා බැටරි කේබල් සම්බන්ධතා පිරිසිදු කර නියමිත ව්‍යාවර්ථයට තද කිරීම සිදුකල යුතුය.

    3)නඩත්තු කල හැකි බැටරි වල එහි තරල මට්ටම පරීක්ෂා කළ යුතුය.ඒ‌ සඳහා ආ‌සෘත ජලය පමණක් භාවිතා කරන්න.ආ‌සෘත ජලයේ සියලුම අපද්‍රව්‍ය ඉවත් කර ඇති නිසා බැටරි සෙල් දූෂණය කළ හැකි කිසිවක් අඩංගු නොවේ.

    4)උණුසුම් කාලගුණ තත්වය වල දී බැටරි වතුර ප්‍රමාණය ඉක්මවා පිරවීමෙන් වළකින්න.බැටරි වතුර ප්‍රසාරණය වීම නිසා බැටරියේ අමතර විද්‍යුත් විච්ඡේද්‍ය බැටරියෙන් ඉවත් විය හැකිය.

    5)බැටරි ටර්මිනල් සහ බැටරි කණු පිරිසිදුවසහ වියලිව තිබිය යුතු අතර බැටරි ටර්මිනල් බැටරි කණුවට හොඳින් සවිවී තිබිය යුතුයි.බැටරි ටර්මිනල් තද කිරීමේ ව්‍යාවර්ථය නිවුටන් මීටර් 5 කි.

    • බැටරි පරීක්ෂා කිරීම

    මෙය කිහිප ආකාරයකට සිදු කළ හැකිය.වඩාත් නිවැරදි ක්‍රම වෙන්නේ බැටරි වතුරේ විශිෂ්ඨ ගුරුත්වය(නඩත්තු කල හැකි බැටරි සඳහා පමණි)සහ බැටරි වෝල්ටීයතාවය මැනීමයි. විශිෂ්ඨ ගුරුත්වය මැනීම සඳහා හයිඩ්‍රෝමීටරයක් සහ වෝල්ටීයතාවය මැනීම සඳහා ඩිජිටල් DC වෝල්ට්මීටර් භාවිතා භාවිතා කල හැකිය.නඩත්තු රහිත බැටරි පරීක්ෂණය කිරීමට අවශ්‍ය නම් හොඳ තත්වයේ බැටරි ටෙස්ටරයක්(ඉලෙක්ට්‍රොනික් ටෙස්ටරයක්)අවශ්‍ය කරන අතර මෙම ඕනිම ක්‍රමයක් සඳහා මුලින්ම සම්පූර්ණයෙන්ම බැටරි ආරෝපණය කර පසුව මතුපිට ආරෝපණය(surface charge)ඉවත් කළ යුතුය.බැටරිය අඩුම තරමින් පැය කිහිපයක් (පැය 12 කට වඩා වැඩි කාලයක්) ආ‌රෝපණය කර බැටරි පරීක්ෂා කිරීම සිදුකල යුතුය.මතුපිට ආරෝපණය ඉවත් කිරීම සඳහා බැටරිය විනාඩි කීපයක් ආ‌රෝපණය බැස යාමට සැලැස්විය යුතුය.ඒ‌ සඳහා හෙඩ් ලයට්(හයි බීම්)ක්‍රියාත්මක කර නිවා දැමීමෙන් පසු, බැටරිය පරීක්ෂා කිරීමට සූදානම් කල හැකිය.

    බැටරි ලෝඩ් ටෙස්ට් යනු බැටරි පරීක්ෂා කිරීමේ තවත් ක්‍රමයකි.මේ මගින් එන්ජිම පණගැන්වීමේ දී මෙන්,බැටරියේ ඇ‌ම්පියර් ප්‍රමාණය ඉවත්කිරීම සිදු කරනවා.බැටරි ලෝඩ් ටෙස්ට් කිරීමට පෙර බැටරි සම්පූර්ණයෙන් ආරෝපණවී තිබීම හෝ ඊට ආ‌සන්නයේ පැවතිය යුතුයි.

    • බැටරි පරීක්ෂණ ප්‍රතිඵල පහත පරිදි විය යුතුය:

    1)බැටරි සෙල් අතර හයිඩ්‍රෝමීටර කියවීම් 0.05 ට වඩා වෙනස් නොවිය යුතුයි.

    2)සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරියක ඩිජිටල් වෝල්ට් මීටර් කියවීම් පරිදි විය යුතුය.සාමාන්‍ය වෙට් සෙල් බැටරි වෝල්ටීයතාවය 12.5 ක් වන තර වෝල්ට්AGM සහ ජෙල් සෙල් බැටරි වෝල්ටීයතාව 12.8 සිට 12.9 දක්වා පරාසය තුළ හෝ ඊට වඩා තරමක් වැඩි විය හැකිය.ආරෝපිත බැටරියක් තුළ වෝල්ටීයතා පරාසය වෝල්ට් 10.5 ක් නම්,බැටරි සෙල් අතර ෂෝර්ට් වීමක් ඇ‌ති බව පෙන්නුම් කරයි.

    3)නඩත්තු රහිත වෙට් සෙල් බැටරි පරීක්ෂා කිරීමට ඇති එකම මාර්ගය වෝල්ට් මීටර හා ලෝඩ් ටෙස්ට් කිරීම පමණි.ඊට අමතරව එවැනි බැටරි වල කලු/කොල/කහ හෝ අවර්ණ වර්ණ සහිත බැටරි මැජික් අයි මගින්ද බැටරියේ තත්වය මැනගැනීමට හැකිය.

    • බැටරි වර්ගයක් තෝරා ගැනීම

    අලුත් බැටරි මිලදී ගැනීමේ දී අවශ්‍යතාවය මත වැඩි රක්ෂිත ධාරිතාවයක්(reserve capacity)සහ වැඩි ඇ‌ම්පියර් පැය ගණනක් වර්ගීකරණය කර ඇ‌ති බැටරයක් මිලදී ගැනීම වඩාත් සුදුසු වන අතරම බැටරියේ භෞතික ප්‍රමාණය,කේබල් සහ ටර්මිනල් වර්ගය සැලකිල්ලට ගත යුතුය. බැටරිය භාවිතා කරන යෙදුම රලු පරිසරයක් තුළ ඇත්නම් හෝ නිතිපතා නඩත්තු කිරීම සහ ආරෝපණය කිරීම නොහැකි නම් ඒ‌ සඳහා වෙට් සෙල් බැටරියකට වඩා AGM හෝ ජෙල් සෙල් බැටරියක් මිල දී ගත හැකිය.

    ඒ‌වගේම අවශ්‍ය කාර්‍ය්‍යය සඳහා නිවැරදි බැටරි වර්ගයක් මිලදී ගැනීමට වග බලා ගන්න.එන්ජිම පණගැන්වීමට භාවිතාකරන බැටරි(SLI)සහ ඩීප් සයිකල් බැටරි එකින් එකට වෙනස් බව මතක තබා ගන්න.අලුත් බැටරියක නැවුම්බව ඉතා වැදගත් වේ.(නිෂ්පාදිත වර්ෂයේ සිට මිළදී ගන්නා කාලය අතර කාල පරතරය අඩු වීම).බැටරි දිගු කාලයක් තිස්සේ ආ‌රෝපණය නොකර තිබේ නම් බැටරි ප්ලේට් මත හානිකර සල්ෆේටයක් තැන්පත්වී තිබිය හැකිය.බොහෝ බැටරි සඳහා ඒවායේ නිෂ්පාදන කේතයක් තිබේ. ජනවාරි මාසය සඳහා "A" අක්ෂරය ද පෙබරවාරි මාසය සඳහා "B" අක්ෂරය ද ආ‌දී ලෙස සහ වර්ෂයට අනුරූපව වර්ෂයේ අවසන් ඉලක්කම ද භාවිතා කරනු ලබයි. "4" යන අංකය මගින් මාසය සඳහන් වේ.උදාහරණයක් ලෙස C4 කේතය සලකා බැලුවොත්,බැටරිය 2004 වර්ෂයේ මාර්තු මාසයේ දී බැටරි නිෂ්පාදනය කර ඇ‌ති බව හඳුනාගත හැකිය.අංක 1 සමග ව්‍යාකූල විය හැකි නිසා මේ සඳහා ඉංග්‍රිසි I අකුර භාවිතා නොකෙරේ.තවත් සමහර බැටරි වල එහි සෘණ අග්‍රය මත බැටරිය නිෂ්පාදිත සතිය සහ වර්ෂය සඳහන් කර ඇ‌ත.උදාහරණයක් ලෙස 14/17 සැලකුවහොත් එයින් අදහස් වෙන්නේ 2017 වර්ෂයේ 14 වන සතියේ බැටරිය නිෂ්පාදනය කර ඇ‌ති බවයි.

    • බැටරි ආ‌රෝපණය කිරීම

    බැටරි බල ශක්තිය භාවිතා කල පසු නැවත ආපසු ලබා බලය ලබාගැනීමට නම්,නැවත ආ‌රෝපණය කල යුතුය.එසේම බැටරියක් භාවිතා නොකරක තිබීම(බැටරි ප්ලේට් මත සල්ෆේට් සෑදීම නිසා)බැටරි කාර්‍ය්‍යයක්ෂමතාව හා දිගුකාලීන පැවැත්ම සඳහා සෘජු බලපෑමක් ඇ‌ති කරයි.මෝටර් රථයක් නම් ඕල්ටනේටරය එහි බැටරි චාජර්ය වන අතර එය හොඳින් ක්‍රියනොකරයි නම් බැටරිය ඉතාම අඩු බැසයාම සිදුවනු ඇ‌ත.

    දෝෂ සහිත ඕල්ටනේටරය මගින් බැටරිය ඕවර්චාර්ජ් කල හැකි අතර ඕවර්චාර්ජ්වීම මගින් බැටරි සෙල් වලට බරපතල හානි ඇ‌ති කර ඒ‌වා විනාශවීම සිදුවේ.ඒ‌ වගේම එන්ජින් පණගැන්වීම සඳහා භාවිතාකරන බැටරි(SLI) ඕල්ටනේටර මගින් ඕවර්චාර්ජ් වීමට හැකි වාර ගණන 10 කි.

    පරිගණක තාක්ෂණය ඇ‌තුලත් ස්මාර්ට් වර්ගයේ නවීන බැටරි චාජර් මගින් බැටරියක් වාර 3කට ආ‌රෝපණය වීම සිදුවෙනවා.ඒ‌කට කියනවා
    3-step regulated charging කියලා.

    මෙහි පළමු පියවර bulk charging ලෙස හඳුන්වන අතර එහි දී බැටරි චාර්ජරයේ සඳහන් උපරිම වෝල්ටීයතාවය සහ ඇ‌ම්පියර් අගය මත බැටරිය 80% ක ප්‍රමාණයක් ආ‌රෝපණය කිරීම සිදුකරනවා.

    දෙවන පියවරේ පියවර absorption charge ලෙස හඳුන්වන අතර බැටරි වෝල්ටීයතාවය වෝල්ට් 14.4 ක් දක්වා ළඟා වූවිට එම වෝල්ටීයතාවය ඒ‌කාකරීව දිගටම පවත්වාගෙන යන අතර බැටරිය ආ‌රෝපණය 98% ප්‍රමාණයක් වන තෙක් ආ‌රෝපණ ඇ‌ම්පියර් අගය අඩු කිරීම සිදු කරනවා.

    තුන්වන පියවරට Float Step ලෙස හඳුන්වන අතර මෙහිදී ආ‌රෝපණ වෝල්ටීයතාවය වෝල්ට් 13.4 කට වඩා වැඩිවීමට නොදී ආ‌රෝපණ ඇ‌ම්පියර් අගය 1 කට වඩා අඩු වෙන් පවත්වාගෙන යනවා.මේ අස්ථාවේ දී බැටරි ආ‌රෝපණ තත්වය 100% හෝ ඊට ආ‌සන්න අගයකට ආ‌රෝපණය වීම සිදුවෙනවා.

    සැ.යු: සමහර ජෙල් සෙල් සහ AGM බැටරි සඳහා විශේෂ ආ‌රෝපණ වැඩසටහන් හෝ චාරජර් අවශ්‍යවිය හැකිය.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    12/07/2017