මෝඩපුතානෝගේ හරීන්....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    119517046_126822205807728_1076587217280765888_o.jpg



    119425446_126822249141057_948341825555678146_o.jpg



    119526455_126822325807716_2299312521850896662_o.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරීන් ගෙ සටන් පාට කිරියේ කිව්ව උන් ටික පොඩ්ඩක් එනවද ? නම් කියල කතා කරනකන් ඉන්න එපා 🏃‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,814
    113
    Mother Earth
    පයිය කපන‍්න ඕන කීතු කීතු වෙන්න. මම නම් කියන්නෙ හරීන්ගෙ තාත්තා ප්‍රහාරයට සම්භන්ධයි. නැත්තම් ඌ කොහොමද දන්නෙ මෙහෙම ප්‍රහාරයක් වෙන්න තියෙනව කියල උගෙ පුතා පල්ලි යන එක නැවැත්තුව නම්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    මෙ වගෙ පොන්සියො ඉන්නකන් රාජපක්ෂලාට හිතෙ හැටියට ව්‍යවස්ථාව පට්ට ගැහැව්ව හැකි .
    අනෙ අපොයි ශක්තිමත් විපක්ෂෙකට වෙච්චි දෙයක් .

    දැන් ඔය ටැලිෆොන් පැත්තෙ කට පන තියෙන එකෙක්ට ඉන්නෙ මරික්කාර් විතරද මන්දා. ඌ තමා කෙලින් දෙයක් කියන්නෙ .
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    හරීන් හරි..පාස්කු ප්‍රහාරයට රාජපක්ෂ සම්බන්ධයි කියල හරින් තමා මුලින්ම හෙලි කරේ..
    mulin karanna thibbe palli yana aya walakwana eka. danagana hitiyanam... a wage awajathakayanta kade yanawata wada hodai marikkaarge puka hodapan :poop::poop::poop::poop::poop:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මල්සා නම් කිව්වේ වෙන දෙයක් පොඩි කියලා. ඒත් පේන විදිහට මුගේ ඔක්කොම පොඩි කට ඈර

    http://sinhala.adaderana.lk/news/14...ලිව-හැසිරෙයි---සභාපති-විනිසුරුගෙන්-දැඩි-අවවාද


    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු අමත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (16) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම හමුවේ කාදිනල් හිමියන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.


    ඒ කාදිනල් හිමියන් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටියේ ද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතු බවට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කිරීමත් සමග ය.


    මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයාට මන්ත්‍රීවරයා හට දැඩි ලෙස අවවාද කිරීමටද සිදුවිය.


    පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු අමත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ය.


    එහිදි සාක්ෂිදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඉකුත් වසරේ පාස්කු ඉරුදින පළමු ප්‍රහාර මාලාව එල්ල වු අවස්ථාවේ තමන් ඇමතූ තම සහෝදරිය " මල්ලි අපි පල්ලි යන්න හිටියේ, කිංස්බරි හෝටලයට යන්න හිටියේ තාත්තා ඊයේ රෑ කතා කරලා කිව්වා යන්න එපා කියලා " යනුවෙන් සඳහන් කළ බවය.


    එය එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දුන් පසු කොළඹට පැමිණි තමන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා හමුවී ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත් වුයේ කෙසේදැයි විමසු විට, " තමුසෙට වඩා ගොඩාක් දේවල් මම දන්නවා" යනුවෙන් පමණක් පියා පිළිතුරු දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.


    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරියෙකු තම පියාට මෙම පෙර දැනුවත්කිරීම සිදු කළේදැයි සැක සහිත බවද මන්ත්‍රීවරයා පැවසුවේ ය.


    මෙහිදී කොමිසමට කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරයට පෙර දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නන්දලාල් නැමත්තකු සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියා තත්ත්පර 356 ක දුරකථන සංවාදයක නිරත වී ඇතැයි දුරකථන දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙන බව ය.


    වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සහ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ සමාජික ආමි මොහිදින් නැමැත්තා සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාසිකුඩා ගිය අවස්ථාවට මෙම නන්දලාල් නැමැති සැරයන්වරයා සම්බන්ධ වී ඇති අතර ප්‍රහාරයෙන් පසු ආමි මොහිදින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ දුරකතනයේ තිබි සොයාගෙන තිබුනේද මෙම නන්දලාල් නැමැත්තාගේ ඡයාරූපයක් බව
    මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රකාශ කළේය.


    මෙහිදී මන්ත්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ, කිසිදු අවස්ථාවක තම පියා තමන් අමතා පෞද්ගලිකව පල්ලිවලට යන්න එපා යැයි නොකී අතර ඔහු තම සහෝදරිය අමතා කී දෙය පාස්කු ප්‍රහාරය සිදුවු දින පැවති මාධ්‍ය හමුවක දී තමන් පැවසු බවය.


    ඒ අනුව " මගේ පියා දැන් ඉන්නේ රෝහලේ, ඊයේ රෑ මට කතාකරලා කිව්වා මේ පල්ලියට එහෙම යන්න එපා මෙහෙම ආරංචියක් තියෙනවා කියලා. බුද්ධි අංශවල මේ තොරතුරු තිබිලා තියෙනවා. තාත්තා කතාකරලා කිව්වේ කොච්චිකඩේ පල්ලි එහෙම යන්න එපා කියලා. " යනුවෙන් තමන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මාධ්‍ය විසින් දේශපාලනිකව තමන්ට මඩ ගැසීමට අවභාවිතා කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේය.


    එහිදී කොමිසමේ සිටි අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ " ඔබ මාධ්‍ය හමුවේ නොකී දෙයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුනේද ?" යන්නය.


    තමන් කී දේ පමණක් මාධ්‍ය ප්‍රචාරය කර තිබු බවත් , තමන් විනාඩි 45 ක පමණ මාධ්‍ය හමුවක් පැවැත්වුවද මාධ්‍ය ප්‍රචාරය කරන ලද්දේ සිය පියා ප්‍රහාරය ගැන දැනසිටියා යැයි තමන් පැවසු කොටස පමණක් බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.


    එවිට කොමිසමේ සමාජික විනිසුරුවරයා කියා සිටියේ, ඔබ විනාඩි 45 ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවද මාධ්‍යයට උපුටාගෙන විකාශය කළ හැක්කේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඇති උණුසුම්ම විනාඩිය නොවේ ද යන්නය.


    මෙම සිදුවීම සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් " අපේ මිනිස්සු මැරුණා, ඇමති පුතා බේරුණා. " යනුවෙන් පැවසීම තුළද තමන් විශාල වශයෙන් අපහසුතාවයට පත්වු බව මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ය.


    මෙම ප්‍රහාරය පිළිබද බොහෝ පාර්ශව පෙර දැනුවත්ව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති පසුබිමක පල්ලිය පමණක් කිසිවක් නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ ය.


    මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පුජාවක් පවත්වන පසුබිමක, පසුගිය වසරේ පමණක් කාදිනල් හිමිපාණන් එම දිව්‍ය පුජාව නොපවත්වන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබද විශේෂ විමර්ශනයක් කළ යුතු බව හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමට දැන්වීය



    මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයත් සමග නැගි සිටි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා ප්‍රශ්න කර සිටියේ " අගරදගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රීයේ බවත්, පසුගිය වසරේද සිරිත් පරිදි අප්‍රේල් 20 වන දින මධ්‍යම රාත්‍රීයේ කාදිනල් හිමිපාණන් කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ එම දිව්‍ය පුජාව පැවැත්වු බවත් මම ඔබට යෝජනා කළහොත් එය පිළිගන්නේද ? යන්නය.


    එහිදි හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, තමන් ඒ පිළිබද නොදැන සිටි අතර ඉහත කළ ප්‍රකාශය පදනම් විරහිත ව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළේ යැයි පිළිගන්නා බවය.


    ඉන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් කොළඹ කතෝලික පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයකු පිළිබඳ විමසීමත් සමඟ මන්ත්‍රීවරයා නොසන්සුන් විය.


    එහිදි නීතිඥවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ, අදාළ පාසලේ රගර් ක්‍රීඩා කණ්ඩායම ඉකුත් වසරේ පාස්කු ඉරුදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පුහුණුවීම් වල නිරත වීමටත්, පුහුණුවීමෙන් පසු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරට යාමටත් යොදාගෙන සිට ඇති බවය.


    නමුත් අදාළ කණ්ඩායමේ සිටින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයා පමණක් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු දින පුහුණු සැසියට සහභාගි වී නොමැති බව ජනාධිපති නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමු කළේ ය.


    කෙසේ වෙතත් එම ප්‍රශ්නය විමසීම සම්බන්ධයෙන් දැඩි ලෙස ආවේගශීලි වු මන්ත්‍රීවරයා කොමිසම් සභාවේ විත්ති කුඩුවේ සිටම කාදිනල් හිමිපාණන් නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතාට එම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් දෝෂාරෝපනය කළේ ය.


    මන්ත්‍රීවරයාගේ ආවේගශීලි හැසිරීමත් සමග කොමිසමේ සභාපති විනිසුරුවරයා මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කර සිටියේ, කොමිෂන් සභාව තුළ සාක්ෂිකරුවෙකු වන ඔබ නීතිඥවරයෙකුට අගෞරව වන ලෙස හැසිරීම කොමිසමට අගෞරව කිරීමක් සේ සලකන බවය.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඕක එළියේ කිව්වනම් ඕක පිළිගන්න හෙන සෙට් එකක් මේකේ ඉන්නවා. මෙමෝ හද හද දාවි
    Ekenma..ගු ඇන් පි කුක්කො හැමදාම පල් වෙනව, ආණ්ඩුවෙද විපක්ශෙද අදාල නැ හැමදාම කිච වෙනව
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මූ නියමේට විපක්ෂයේ ඡන්ද කඩනවා. මෙයාට ඇමති ක මක් නැතිව ඉන්න බැරි සීන් එකක් තියෙන්නේ 😀😀