Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩයන්ගේ කලු සුදු ලෝකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහල්කමේ මිල

9 සැප්තැම්බර්, 2017

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට හිමි වූ සිර දඬුවම, ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා පිල එක දිගට ලැබු ක්‍රිකට් පරාජයන් පවා අමතක කර ඇති බවක් පෙනී යයි. දැන්, රටේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මේ කාරණයයි. මහජන දේපොළ අයථා පරිහරණය කිරීම කිසිසේත්ම සාධාරණය කළ නොහැකි වරදක් වුවද සුපුරුදු ලෙස රාජපක්ෂ හිතවාදීන් මේ කාරණයේදීත් තම කැත දේශපාලන සිතැඟියාවන් පෙරට රැගෙන විත් ඇත. ඔවුන් දිගින් දිගටම අසමින් සිටිනුයේ ‘සිල් රෙද්දක් දන් දෙන එක හොරකමක්’ වන්නේ කෙසේද කියාය. පැහැදිලිවම ඔවුන් ඉදිරියට දමා ඇති එම තර්කය විහිළු සහගත එකකි.

සාමාන්‍යයෙන් බෞද්ධ සමාජය තුළ කෙනෙකු දන් දෙනුයේ මෙලොව පරලොව යන දෙලොවටම පින් රැස් කිරීමේ චේතනාවෙනි. 2015 ජනාධිපතිවරණ දිනය වූ ජනවාරි 8 වැනි දාට පැය අනූ හයකට පෙර දුරුතු පොහොය දිනක ලක්ෂ අටක උවැසි උවැසියන්ට සිල් රෙදි බෙදා දීමට රාජපක්ෂ කල්ලිය කටයුතු කළේ පින් ලබා ගැනීමේ චේතනාවෙන් නොව වැඩි වැඩියෙන් තමන් වෙත ඡන්ද එකතු කර ගැනීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය.  ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු ලෙස තමන්ගේ ඡන්ද කුට්ටිය තර කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට ඇති අයිතිය අප ප්‍රශ්න නොකරන මුත් එම කටයුත්ත ජනතා මුදල් හොරකම් කරමින් සිදු නොකිරීමට ඔහු වග බලා ගත්තේ නම් එය ප්‍රශංසනීයය. එහෙත් සදාචාර ප්රමිතීන් හෝ නෛතික විධිවිධාන පිළිබඳ මහින්ද රාජපක්ෂ ඒ හැටි සැලකිල්ලක් දැක්වූවෙක් නොවේ. ඔහු මෙරට පාලනය කළ දශකයකට අධික කාලය තුළ හොරකම වංචාව රටේ නීතිගතව පැවැතිණි. සිල් රෙදි බෙදා දීම හොරකමක් වනුයේ මහින්ද ඒ සඳහා වියදම් කළේ තම පසුම්බියෙන් නොව ජනතා බදු මුදල්වලින් නිසාය. හොරකම් කර සිල් රෙදි බෙදා දීම හා බුදුසරණයි කියා ලොරියේ ඉදිරිපස ගහමින් හොර හරක් පැටවීම අතර ඒ හැටි වෙනසක් අපට නොවැටහේ.

බලහත්කාරයෙන් මුදල් මංකොල්ල කමින්, දන් දීම පින් ලැබෙන ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක දේශනා කර නැත. මහින්ද රාජපක්ෂ තම පාලන ක්රමයේ ආරක්ෂාව වෙනුවෙන් මැතිවරණවලදී අත දිග හැර අල්ලස් දීම් ප්‍රසිද්ධියේ සිදු කළේය. සිල් රෙදි, ඔරලෝසු, ගෑස් ළිප්, පොත්පත්, ලිත් පමණක් නොව බත් පැකට් ද ඔහු ඒ වෙනුවෙන් බෙදුවේය. ඔහු ඒවා බෙදා දුන්නේ පිනට නොවේ. එය සැබැවින්ම ගනුදෙනුවක් විය. එකී අල්ලස් ලබා ගන්නා පුද්ගලයා කුමන ප්‍රශ්න පැවැතිය ද තමන් වෙනුවෙන් ඡන්දය දෙනු ඇතැයි ඔහු ගණන් බැලුවේය. ලංකාව වැනි දේශපාලනික වශයෙන් නොදියුණු තුන්වන ලෝකයේ රටක් තුළ එය සාර්ථක ක්රමෝපායක් විය. ඡන්ද අල්ලස් ලබා දෙද්දී ඒ සෑම දෙයක් සමඟම තම නම හා ඡන්ද සලකුණ සන්නාමකරණයට ලක් කිරීමට ද ඔහුගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූවෝ වග බලා ගත්හ. උදාහරණයක් ලෙස බත් පැකට්ටුවක් පිරිනමද්දී බත් ඇටයේ හැර අන් සෑම තැනකම රාජපක්ෂ සන්නාමකරණය දැකගත හැකි විය.

2015 ජනවාරි 4 වැනි දින මහින්ද වෙනුවෙන් සිල් රෙදි බෙදා දීමට අර්ථපතිත්වය දැක්වූයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නමැති රාජ්‍ය ආයතනයයි. වර්ෂ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත මඟින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දකුණු ආසියානු කලාපයේ ඒ මාදිලියේ පළමු නියාමන ආයතනය ලෙස සැලැකේ. සංඛ්‍යාත කළමනාකරණය, බලපත්‍ර නියාමනය හා තාක්ෂණික ප්රමිතිකරණය ආදි කටයුතු ප්‍රධාන වශයෙන් ඉටු කරමින් ක්ෂේත්රයේ සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රටේ ලාභදායි ආයතනයක් ලෙස ප්රකටය. සංඛ්‍යාත විකිණීම ආශ්රිත ගනුදෙනු හා සියලු දුරකථන සේවා සැපයුම්කරුවන් හා අලෙවිකරුවන් උදෙසා වාර්ෂිකව බලපත්‍ර අලුත් කිරීමේ කටයුතුවලින් එහි ආදායම තර වේ. සිල් රෙදි බෙදා දීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් කටයුත්තක් නොවුවද ඒ යටතේ සමාජ සත්කාර සඳහා වෙනම වැය ශීර්ෂයක් පවතී. සාමාන්‍යයෙන් ඒ සඳහා වෙන් කරනු ලබන්නේ රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් බව කියැවෙන මුත් අනුෂ පැල්පිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා 2014 වසරට වෙන් කළ එකී මුදල් අවසන්ව තිබියදී පවා අධ්යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව රුපියල් මිලියන 600ක මුදලක් කඩිමුඩියේ සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති බව මේ නඩු විභාගය අතරතුර දී හෙළි විණි.

ලලිත් වීරතුංග, හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් පදනම් කරගනිමින් අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ද ලබා නොගනිමින් සිල් රෙදි ව්‍යාපෘතියට හැරෙන තැපෑලෙන් එනම් මේ සඳහා ඉල්ලීම් කළ දිනට පසු දිනම ජනාධිපති ලේකම්වරයාගේ නමින් වූ ගිණුමකට මුදල් ප්‍රේෂණය කර ඇත. ඒ සියල්ල දෙස බලද්දී මෙය කෙතරම් සූක්ෂ්මව සිදුව ඇත්ද යන්න පැහැදිලිය.

මෙරට විධිමත් ආකාරයෙන් රාජ්‍ය සේවාව ස්ථාපිත වීම සිදු වූයේ දහනව වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමයේය. අධිරාජ්‍යවාදී පාලකයන් වෙනුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යමින්, බදු ආදායම් රජයට එකතු කර දීමේ වගකීම ඒ සමයෙහි රාජ්‍ය සේවකයන්ට පැවැරිණි.

අධිරාජ්‍යවාදී අවශ්‍යතා මිසක මෙරට සංස්කෘතිය හා චර්යාවන් කෙරෙහි එය නිර්මාණය කිරීමේදී සැලකිල්ලක් අවධානයක් යොමු වූයේ නැත. යටත් විජිත පාලනයට අවශ්‍ය නිලධාරී පැළැන්තියක් අපේ රාජ්‍ය සේවය තුළ නිදහසින් පසුව පවා දැකගත හැකි වුවත් සාඩම්බර රාජ්‍ය සේවාවක් මෙරට තුළ නවසිය හැත්තෑව දශකය තෙක්ම පැවැති බව පොදු විශ්වාසය.

එහෙත් 1973 වසරේදී රාජ්‍ය සේවය සම්බන්ධ පාලන බලතල අමාත්‍ය මණ්ඩල යටතට ගත් පසු තත්ත්වය මුළුමනින්ම වෙනස් වන්නට විය. දේශපාලකයන්ගේ තීන්දු තීරණවලට පවා ප්‍රසිද්ධියේ අභියෝග කළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ කතන්දර ලේඛනාගාරයට එකතු වී දේශපාලනඥයන්ගේ සිතැඟියා අනුව ක්‍රියාත්මක වන නිලධාරී පැළැන්තියක් බිහි වීම ඉන් අනතුරුව ඇරැඹිණි. ජනතා සේවකයන් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට දේශපාලනඥයන් වෙනුවෙන් සේවය කරන්නා වූ ක්ෂේත්රයක් බවට ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ හැඩතල වෙනස් වීම ඉහත කී වෙනසට සමාන්තරව සිදු විණි.

දේශපාලනඥයන් හමුවේ පිටකොඳු බිඳ නොගත් අතළොස්සක් වූ ඉහළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ඉඳහිට අතරින් පතර අසන්නට ලැබුණද ක්ෂේත්රයේ බහුතරයක් දේශපාලනඥයන්ගේ පදයට නටන ඒ මත යැපෙන පිරිසක් විය. 2001දී බලයට පත්වුණු එක්සත් ජාතික පෙරමුණු රජය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙමින් රාජ්‍ය සේවාව ස්වාධීන කිරීම උදෙසා සාධනීය උත්සාහයක් ගත් මුත් අනතුරුව බලයට පත් වූ රාජපක්ෂ රජය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙමින් රාජ්‍ය සේවය යළි පෙර තිබූ තත්ත්වයට රැගෙන ගියේය. ඉහළ රාජ්‍ය නිලධාරීන් රාජපක්ෂවරුන්ට නාම පුවරු පමණක්ම වූ අතර, ඔවුන් ලවා තමන්ට අවශ්‍ය සෑම දෙයක්ම නොපිරිහෙළා අඩුවකින් තොරව ඉටු කර ගත්තේය. මහින්දගේ කෙනකු වීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන්ද සූදානමින් සිටි බැවින් එම අවශ්‍යතා ද්විත්වය මනාව එකිනෙකා හා පෑහිණි.

ලලිත් චන්ද්‍ර කුමාර් වීරතුංග ශ්‍රී ලංකා පරිපාලන සේවාවට 1977 වසරේදී එකතු වී මහින්ද රාජපක්ෂ වෙත පැමිණීම දක්වා වූ කාලය තුළ වැදගත් භූමිකා රැසක් පරිපාලන සේවාව තුළ හොබවා තිබේ. ලලිත් වීරතුංග මහින්ද රාජපක්ෂට සමීප වූයේ සජින් ද වාස් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරයාට සමීප වූ ආකාරයටමය. මහින්ද සමඟ කලින් දැනහැඳුනුම්කම් තිබුණද වීරතුංග ඔහු වෙත වඩාත් සමීප වූයේ රාජපක්ෂ මහතා වෙත වෙබ් අඩවියක් නිර්මාණය කිරීමෙන් පසුව බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය නමැති විෂය ආගන්තුකව පැවැති කාලසීමාවේදී පවා වීරතුංග ඒ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කළ මෙරට සිටි පුද්ගලයන් කිහිප දෙනා අතර විය. ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණය නැංවීම වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් පවා වීරතුංග ඇතුළු කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් නිර්මාණය කර තිබිණි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා වූ වීරතුංග අනතුරුව ජනාධිපති ලේකම් තෙක් උසස් වීමක් ලැබුවේය. වෘත්තීය දක්ෂතාවක් සහිත නිලධාරියකු සේ සැලකුණු මුත් රාජපක්ෂ යුගයේදී, වීරතුංගගේ භූමිකාව සැබැවින්ම බෙහෙවින්ම සීමාසහිත එකක් වී තිබිණි. රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වතාවට බලයට පැමිණීමෙන් පසු ඒ තත්ත්වය වඩාත් හොඳින් දැකගත හැකි විය. රාජපක්ෂ සමයේ සිදුවුණු බොහෝ අකටයුතුකම්වලදී වීරතුංගලාට කළ හැකිව තිබුණු මැදිහත් වීම අවම මට්ටමක විය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා තිස්ස අත්තනායක වැනි පුද්ගලයන්ට ඇමැතිකම් පිරිනමද්දී කිසිඳු ගැටලුවකින් තොරව එම තීන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය වීරතුංගලා දුන් බව මේ ලියුම්කරුට මතකය.

අනුෂ පැල්පිට ද එවැනිම ඊට නොදෙවැනි උන්නතිකාමි ආශාවන් සහිත පුද්ගලයෙකු විය. පරිපාලන සේවයට එක් වීමට පෙර ගණකාධිකාරිවරයකු වූ අනුෂ සතුව පැවැති එකම සිහිනය වූයේ කෙදිනක හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වීමය. රාජපක්ෂවරුන් සතුටු කරමින් ඔවුන් වෙනුවෙන් සේවය කිරීම ඒ සඳහා පහසු මඟක් ලෙස ඔහු විශ්වාස කරන ලදී. රාජපක්ෂවරු පරාජයට පත් වීමෙන් පසුව ද ඔහු තම “සිහිනය”ට ළංවීමට උත්සාහ දැරුවේය. සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබියදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්වීමට තරම් යම් ආකාරයක දක්ෂතාවක් ඔහුට විය. නමුත් ඒ අවස්ථාවේදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙතින් මතු වූ ප්‍රබල විරෝධය හමුවේ එම පත් වීම අහෝසි කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගත්තේය.

සැබැවින්ම මේ නඩු තීන්දුව එක් එක් දේශපාලනඥයන්ගේ පදයට නටන්නේ නැතිව පෞරුෂයක් සහිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් පොලඹවයි. පවතින තත්ත්වය තුළ එය වඩාත් සාධනීය තත්ත්වයකි. වැරැදි වැඩ අනීතික ක්‍රියා සඳහා නියෝග ලබා දෙන දේශපාලනඥයන් වැඩ වැරැදුණු පසු තමන්ව අත්හරින බව රජයේ සේවකයන් දැන්වත් තේරුම් ගත යුතුව ඇත. ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට දඬුවම් හිමි වෙද්දී අවම තරමින් ඔවුන්ගේ සුව දුක් විමසීමට හෝ ඔවුන් සමඟ එදා සිටි එකදු දේශපාලනඥයකු අධිකරණ භූමියට පැමිණ සිටියේ නැත.

මේ සිල් රෙදි නඩුවට අදාළ පළමු පැමිණිල්ල දූෂණ විරෝධි මහලේකම් කාර්යාලයට නිර්නාමික ආකාරයට ඉදිරිපත් කර තිබුණේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන් පිරිසකි. ඉන් අනතුරුව ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ද දූෂණ විරෝධි පෙරමුණ නියෝජනය කරමින් මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒවා පදනම් කරගනිමින් ලිපිගොනු සෑදීම සිදු කරනු ලද්දේ දූෂණ විරෝධි මහලේකම් කාර්යාලයයි. අනතුරුව මේ පිළිබඳව ක්‍රියාත්මක වීමේ වගකීම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැවැරුණු අතර රවී වෛද්‍යලංකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්රමුඛ කණ්ඩායම එහිදී යුක්තිය ඉටු කරලීම වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් මහත් උනන්දුවක් සහිතව දැක්වූහ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සතුව සිටින හොඳම නිලධාරියා ලෙස පිළිගැනෙන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මීට අදාළ නඩු කටයුතු මෙහෙයවූයේය. මේ සිල් රෙදි නඩුවට අදාළව යුක්තිය ඉටුකිරීම හා වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ සියලු පාර්ශ්ව වෙත අනිවාර්යයෙන්ම ගෞරවය හිමි විය යුතුමය.

චාමර ලක්ෂාන් කුමාර

- http://www.silumina.lk/2017/09/09/දේශපාලනය/වහල්කමේ-මිල

[QUOTE="monson, post: 22207689, member: 30005"] [B][SIZE="5"]වහල්කමේ මිල[/SIZE][/B] 9 සැප්තැම්බර්, 2017 [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/09/08/9-1.jpg?itok=LyUaZPqt[/IMG] [SIZE="4"] හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට හිමි වූ සිර දඬුවම, ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා පිල එක දිගට ලැබු ක්‍රිකට් පරාජයන් පවා අමතක කර ඇති බවක් පෙනී යයි. දැන්, රටේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මේ කාරණයයි. මහජන දේපොළ අයථා පරිහරණය කිරීම කිසිසේත්ම සාධාරණය කළ නොහැකි වරදක් වුවද සුපුරුදු ලෙස රාජපක්ෂ හිතවාදීන් මේ කාරණයේදීත් තම කැත දේශපාලන සිතැඟියාවන් පෙරට රැගෙන විත් ඇත. [B]ඔවුන් දිගින් දිගටම අසමින් සිටිනුයේ ‘සිල් රෙද්දක් දන් දෙන එක හොරකමක්’ වන්නේ කෙසේද කියාය. පැහැදිලිවම ඔවුන් ඉදිරියට දමා ඇති එම තර්කය විහිළු සහගත එකකි.[/B] :lol: සාමාන්‍යයෙන් බෞද්ධ සමාජය තුළ කෙනෙකු දන් දෙනුයේ මෙලොව පරලොව යන දෙලොවටම පින් රැස් කිරීමේ චේතනාවෙනි. [B]2015 ජනාධිපතිවරණ දිනය වූ ජනවාරි 8 වැනි දාට පැය අනූ හයකට පෙර දුරුතු පොහොය දිනක ලක්ෂ අටක උවැසි උවැසියන්ට සිල් රෙදි බෙදා දීමට රාජපක්ෂ කල්ලිය කටයුතු කළේ පින් ලබා ගැනීමේ චේතනාවෙන් නොව වැඩි වැඩියෙන් තමන් වෙත ඡන්ද එකතු කර ගැනීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය. :lol:[/B] ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු ලෙස තමන්ගේ ඡන්ද කුට්ටිය තර කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට ඇති අයිතිය අප ප්‍රශ්න නොකරන මුත් එම කටයුත්ත ජනතා මුදල් හොරකම් කරමින් සිදු නොකිරීමට ඔහු වග බලා ගත්තේ නම් එය ප්‍රශංසනීයය. එහෙත් සදාචාර ප්රමිතීන් හෝ නෛතික විධිවිධාන පිළිබඳ මහින්ද රාජපක්ෂ ඒ හැටි සැලකිල්ලක් දැක්වූවෙක් නොවේ. ඔහු මෙරට පාලනය කළ දශකයකට අධික කාලය තුළ හොරකම වංචාව රටේ නීතිගතව පැවැතිණි. [B]සිල් රෙදි බෙදා දීම හොරකමක් වනුයේ මහින්ද ඒ සඳහා වියදම් කළේ තම පසුම්බියෙන් නොව ජනතා බදු මුදල්වලින් නිසාය. හොරකම් කර සිල් රෙදි බෙදා දීම හා බුදුසරණයි කියා ලොරියේ ඉදිරිපස ගහමින් හොර හරක් පැටවීම අතර ඒ හැටි වෙනසක් අපට නොවැටහේ.[/B] බලහත්කාරයෙන් මුදල් මංකොල්ල කමින්, දන් දීම පින් ලැබෙන ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක දේශනා කර නැත. මහින්ද රාජපක්ෂ තම පාලන ක්රමයේ ආරක්ෂාව වෙනුවෙන් මැතිවරණවලදී අත දිග හැර අල්ලස් දීම් ප්‍රසිද්ධියේ සිදු කළේය. සිල් රෙදි, ඔරලෝසු, ගෑස් ළිප්, පොත්පත්, ලිත් පමණක් නොව බත් පැකට් ද ඔහු ඒ වෙනුවෙන් බෙදුවේය. ඔහු ඒවා බෙදා දුන්නේ පිනට නොවේ. එය සැබැවින්ම ගනුදෙනුවක් විය. එකී අල්ලස් ලබා ගන්නා පුද්ගලයා කුමන ප්‍රශ්න පැවැතිය ද තමන් වෙනුවෙන් ඡන්දය දෙනු ඇතැයි ඔහු ගණන් බැලුවේය. ලංකාව වැනි දේශපාලනික වශයෙන් නොදියුණු තුන්වන ලෝකයේ රටක් තුළ එය සාර්ථක ක්රමෝපායක් විය. ඡන්ද අල්ලස් ලබා දෙද්දී ඒ සෑම දෙයක් සමඟම තම නම හා ඡන්ද සලකුණ සන්නාමකරණයට ලක් කිරීමට ද ඔහුගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූවෝ වග බලා ගත්හ. උදාහරණයක් ලෙස බත් පැකට්ටුවක් පිරිනමද්දී බත් ඇටයේ හැර අන් සෑම තැනකම රාජපක්ෂ සන්නාමකරණය දැකගත හැකි විය. [B]2015 ජනවාරි 4 වැනි දින මහින්ද වෙනුවෙන් සිල් රෙදි බෙදා දීමට අර්ථපතිත්වය දැක්වූයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නමැති රාජ්‍ය ආයතනයයි.[/B] වර්ෂ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත මඟින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දකුණු ආසියානු කලාපයේ ඒ මාදිලියේ පළමු නියාමන ආයතනය ලෙස සැලැකේ. සංඛ්‍යාත කළමනාකරණය, බලපත්‍ර නියාමනය හා තාක්ෂණික ප්රමිතිකරණය ආදි කටයුතු ප්‍රධාන වශයෙන් ඉටු කරමින් ක්ෂේත්රයේ සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රටේ ලාභදායි ආයතනයක් ලෙස ප්රකටය. සංඛ්‍යාත විකිණීම ආශ්රිත ගනුදෙනු හා සියලු දුරකථන සේවා සැපයුම්කරුවන් හා අලෙවිකරුවන් උදෙසා වාර්ෂිකව බලපත්‍ර අලුත් කිරීමේ කටයුතුවලින් එහි ආදායම තර වේ.[B] සිල් රෙදි බෙදා දීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් කටයුත්තක් නොවුවද ඒ යටතේ සමාජ සත්කාර සඳහා වෙනම වැය ශීර්ෂයක් පවතී. සාමාන්‍යයෙන් ඒ සඳහා වෙන් කරනු ලබන්නේ රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් බව කියැවෙන මුත් අනුෂ පැල්පිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා 2014 වසරට වෙන් කළ එකී මුදල් අවසන්ව තිබියදී පවා අධ්යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව රුපියල් මිලියන 600ක මුදලක් කඩිමුඩියේ සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති බව මේ නඩු විභාගය අතරතුර දී හෙළි විණි.[/B] [B]ලලිත් වීරතුංග, හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් පදනම් කරගනිමින් අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ද ලබා නොගනිමින් සිල් රෙදි ව්‍යාපෘතියට හැරෙන තැපෑලෙන් එනම් මේ සඳහා ඉල්ලීම් කළ දිනට පසු දිනම ජනාධිපති ලේකම්වරයාගේ නමින් වූ ගිණුමකට මුදල් ප්‍රේෂණය කර ඇත. ඒ සියල්ල දෙස බලද්දී මෙය කෙතරම් සූක්ෂ්මව සිදුව ඇත්ද යන්න පැහැදිලිය.[/B] මෙරට විධිමත් ආකාරයෙන් රාජ්‍ය සේවාව ස්ථාපිත වීම සිදු වූයේ දහනව වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමයේය. අධිරාජ්‍යවාදී පාලකයන් වෙනුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යමින්, බදු ආදායම් රජයට එකතු කර දීමේ වගකීම ඒ සමයෙහි රාජ්‍ය සේවකයන්ට පැවැරිණි. අධිරාජ්‍යවාදී අවශ්‍යතා මිසක මෙරට සංස්කෘතිය හා චර්යාවන් කෙරෙහි එය නිර්මාණය කිරීමේදී සැලකිල්ලක් අවධානයක් යොමු වූයේ නැත. යටත් විජිත පාලනයට අවශ්‍ය නිලධාරී පැළැන්තියක් අපේ රාජ්‍ය සේවය තුළ නිදහසින් පසුව පවා දැකගත හැකි වුවත් සාඩම්බර රාජ්‍ය සේවාවක් මෙරට තුළ නවසිය හැත්තෑව දශකය තෙක්ම පැවැති බව පොදු විශ්වාසය. එහෙත් 1973 වසරේදී රාජ්‍ය සේවය සම්බන්ධ පාලන බලතල අමාත්‍ය මණ්ඩල යටතට ගත් පසු තත්ත්වය මුළුමනින්ම වෙනස් වන්නට විය. දේශපාලකයන්ගේ තීන්දු තීරණවලට පවා ප්‍රසිද්ධියේ අභියෝග කළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ කතන්දර ලේඛනාගාරයට එකතු වී දේශපාලනඥයන්ගේ සිතැඟියා අනුව ක්‍රියාත්මක වන නිලධාරී පැළැන්තියක් බිහි වීම ඉන් අනතුරුව ඇරැඹිණි. ජනතා සේවකයන් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට දේශපාලනඥයන් වෙනුවෙන් සේවය කරන්නා වූ ක්ෂේත්රයක් බවට ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ හැඩතල වෙනස් වීම ඉහත කී වෙනසට සමාන්තරව සිදු විණි. දේශපාලනඥයන් හමුවේ පිටකොඳු බිඳ නොගත් අතළොස්සක් වූ ඉහළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ඉඳහිට අතරින් පතර අසන්නට ලැබුණද ක්ෂේත්රයේ බහුතරයක් දේශපාලනඥයන්ගේ පදයට නටන ඒ මත යැපෙන පිරිසක් විය. 2001දී බලයට පත්වුණු එක්සත් ජාතික පෙරමුණු රජය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙමින් රාජ්‍ය සේවාව ස්වාධීන කිරීම උදෙසා සාධනීය උත්සාහයක් ගත් මුත් අනතුරුව බලයට පත් වූ රාජපක්ෂ රජය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙමින් රාජ්‍ය සේවය යළි පෙර තිබූ තත්ත්වයට රැගෙන ගියේය. ඉහළ රාජ්‍ය නිලධාරීන් රාජපක්ෂවරුන්ට නාම පුවරු පමණක්ම වූ අතර, ඔවුන් ලවා තමන්ට අවශ්‍ය සෑම දෙයක්ම නොපිරිහෙළා අඩුවකින් තොරව ඉටු කර ගත්තේය. මහින්දගේ කෙනකු වීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන්ද සූදානමින් සිටි බැවින් එම අවශ්‍යතා ද්විත්වය මනාව එකිනෙකා හා පෑහිණි. ලලිත් චන්ද්‍ර කුමාර් වීරතුංග ශ්‍රී ලංකා පරිපාලන සේවාවට 1977 වසරේදී එකතු වී මහින්ද රාජපක්ෂ වෙත පැමිණීම දක්වා වූ කාලය තුළ වැදගත් භූමිකා රැසක් පරිපාලන සේවාව තුළ හොබවා තිබේ. ලලිත් වීරතුංග මහින්ද රාජපක්ෂට සමීප වූයේ සජින් ද වාස් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරයාට සමීප වූ ආකාරයටමය. මහින්ද සමඟ කලින් දැනහැඳුනුම්කම් තිබුණද වීරතුංග ඔහු වෙත වඩාත් සමීප වූයේ රාජපක්ෂ මහතා වෙත වෙබ් අඩවියක් නිර්මාණය කිරීමෙන් පසුව බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය නමැති විෂය ආගන්තුකව පැවැති කාලසීමාවේදී පවා වීරතුංග ඒ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කළ මෙරට සිටි පුද්ගලයන් කිහිප දෙනා අතර විය. ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණය නැංවීම වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් පවා වීරතුංග ඇතුළු කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් නිර්මාණය කර තිබිණි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා වූ වීරතුංග අනතුරුව ජනාධිපති ලේකම් තෙක් උසස් වීමක් ලැබුවේය. වෘත්තීය දක්ෂතාවක් සහිත නිලධාරියකු සේ සැලකුණු මුත් රාජපක්ෂ යුගයේදී, වීරතුංගගේ භූමිකාව සැබැවින්ම බෙහෙවින්ම සීමාසහිත එකක් වී තිබිණි. රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වතාවට බලයට පැමිණීමෙන් පසු ඒ තත්ත්වය වඩාත් හොඳින් දැකගත හැකි විය. [B]රාජපක්ෂ සමයේ සිදුවුණු බොහෝ අකටයුතුකම්වලදී වීරතුංගලාට කළ හැකිව තිබුණු මැදිහත් වීම අවම මට්ටමක විය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා තිස්ස අත්තනායක වැනි පුද්ගලයන්ට ඇමැතිකම් පිරිනමද්දී කිසිඳු ගැටලුවකින් තොරව එම තීන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය වීරතුංගලා දුන් බව මේ ලියුම්කරුට මතකය.[/B] අනුෂ පැල්පිට ද එවැනිම ඊට නොදෙවැනි උන්නතිකාමි ආශාවන් සහිත පුද්ගලයෙකු විය. පරිපාලන සේවයට එක් වීමට පෙර ගණකාධිකාරිවරයකු වූ අනුෂ සතුව පැවැති එකම සිහිනය වූයේ කෙදිනක හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වීමය. රාජපක්ෂවරුන් සතුටු කරමින් ඔවුන් වෙනුවෙන් සේවය කිරීම ඒ සඳහා පහසු මඟක් ලෙස ඔහු විශ්වාස කරන ලදී. රාජපක්ෂවරු පරාජයට පත් වීමෙන් පසුව ද ඔහු තම “සිහිනය”ට ළංවීමට උත්සාහ දැරුවේය. සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබියදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්වීමට තරම් යම් ආකාරයක දක්ෂතාවක් ඔහුට විය. නමුත් ඒ අවස්ථාවේදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙතින් මතු වූ ප්‍රබල විරෝධය හමුවේ එම පත් වීම අහෝසි කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගත්තේය. [B]සැබැවින්ම මේ නඩු තීන්දුව එක් එක් දේශපාලනඥයන්ගේ පදයට නටන්නේ නැතිව පෞරුෂයක් සහිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් පොලඹවයි. පවතින තත්ත්වය තුළ එය වඩාත් සාධනීය තත්ත්වයකි. වැරැදි වැඩ අනීතික ක්‍රියා සඳහා නියෝග ලබා දෙන දේශපාලනඥයන් වැඩ වැරැදුණු පසු තමන්ව අත්හරින බව රජයේ සේවකයන් දැන්වත් තේරුම් ගත යුතුව ඇත. ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට දඬුවම් හිමි වෙද්දී අවම තරමින් ඔවුන්ගේ සුව දුක් විමසීමට හෝ ඔවුන් සමඟ එදා සිටි එකදු දේශපාලනඥයකු අධිකරණ භූමියට පැමිණ සිටියේ නැත. [/B] [B]මේ සිල් රෙදි නඩුවට අදාළ පළමු පැමිණිල්ල දූෂණ විරෝධි මහලේකම් කාර්යාලයට නිර්නාමික ආකාරයට ඉදිරිපත් කර තිබුණේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන් පිරිසකි. ඉන් අනතුරුව ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ද දූෂණ විරෝධි පෙරමුණ නියෝජනය කරමින් මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.[/B] ඒවා පදනම් කරගනිමින් ලිපිගොනු සෑදීම සිදු කරනු ලද්දේ දූෂණ විරෝධි මහලේකම් කාර්යාලයයි. අනතුරුව මේ පිළිබඳව ක්‍රියාත්මක වීමේ වගකීම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැවැරුණු අතර රවී වෛද්‍යලංකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්රමුඛ කණ්ඩායම එහිදී යුක්තිය ඉටු කරලීම වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් මහත් උනන්දුවක් සහිතව දැක්වූහ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සතුව සිටින හොඳම නිලධාරියා ලෙස පිළිගැනෙන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මීට අදාළ නඩු කටයුතු මෙහෙයවූයේය. මේ සිල් රෙදි නඩුවට අදාළව යුක්තිය ඉටුකිරීම හා වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ සියලු පාර්ශ්ව වෙත අනිවාර්යයෙන්ම ගෞරවය හිමි විය යුතුමය. චාමර ලක්ෂාන් කුමාර[/SIZE] - [url]http://www.silumina.lk/2017/09/09/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA/%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom