මෝඩයන්ගේ කලු සුදු ලෝකය
මම පුද්ගලික සේවයේ වසර 16 ක් රැකියාව කලෙමි. පෞද්ගලික සේවයේ ඉහලට යාම සිදුවන්නේ පිරමිඩයක් මත නගින්නාක් මෙන් බවත් මෙන් බවත් ඉහලම ඇති සුලු ඉඩට යන්නේ බොහෝම ප්‍රායෝගික මිනිසුන් බවත් වටහා ගතිමි.
මම රාජ්‍ය අංශයේ වසර 5ක් ස්වේච්ඡාවෙන් සේවය කලෙමි. (ස්වේච්ඡාවෙන් යනු පෞද්ගලික අංශයේ උපයමින් සිටි වැටුප අත්හැර, තමුන්ගේ කාරය, තමුන්ගේ දුරකතනය, තමුන්ගේ ලැප්ටොප් පරිගනකය භාවිත කරමින් කිසිදා හොඳක්නම් නොකියන ජනතාව වෙනුවෙන් වැඩ කිරීමය ). මේ කාලය තුල රාජ්‍ය අංශයේ කාර්යක්ෂම නිලධාරීන් යනු තීරණ ගැනීමට බිය නැති අතලොස්සක් දෙනා බවත් එවැනි නිලධාරීන් කිහිප දෙනෙකු සෑම රාජ්‍ය ආයතනයකම ඉහල නිලධාරින් අතර මෙන්ම පහල නිලධාරීන් අතරද සිටින බවත්, ඔවුන් කිහිපදෙනා නොවන්නට රාජ්‍ය අංශයෙක් කිසිදු වැඩක් කර ගත නොහැකි බවත් තේරුම් ගතිමි.
මමත් රාජ්‍ය සේවය කල කාලය තුල තීරණ ගත්තෙමි. වසරක් තුල ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ ලාබවල 35% ක වර්ධනයක් පෙන්වන්නටත්, දෙවසරක් තුල සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට හොඳ අඩිතාලමක් දමන්න්ටත්, කොටස් වෙළඳ පොල හරහා එහි ආයෝජකයින්ට වසර 2 1/2 තුල රුපියල් බිලියන් 600 කට වඩා ලාබ ලබන්නට උපකාර වන්නටත් පුලුවන් වූයේ ඒ නිසාය.
තීරණ ගැනීම හිරේ යන මුලක් බව මම එදා දන සිටියේ නැත.මන්ද ගන්න හැම තීරණයක්ම ටක්කෙටම නිවැරදි වන්නට නම් තීරණ නොගෙනම සිටිය යුතු නිසාය.
ඒ කාලයේ මම ලලිත් වීරතුන්ග හා අනුෂ පැලපිට දැන සිටියෙමි.
ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ශිව ශංක මෙනන් විසින් රචිත ඇතුලන්තය නම් පොතේ සඳහන් වන ආකාරයට යුද්ධය ජයගැනීමට රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ඉතා ඉහල සේවයක් කල " ට්‍රොයිකා' නමින් හැඳින්වුන තුන්දෙනාගේ කන්ඩායම අතර ලලිත් වීරතුංගද සිටියේය. අද ඔහුට වූ විපත ගැන මුනු පොතේ උදම් අනන කාලකන්නි ශ්‍රී ලාංකිකයන් සමහරවිට යුද්ධය වෙනුවෙන් ඔහු කල දායකත්වය නොදන්නවා විය යුතුය.
අනුෂ පැල්පිට දක්ෂ නිලධාරියෙකි. ඔහු රජයේ මුදල් සත පහක් හොරකම් කල බවට චෝදනාවක් නැත. වත්මන් විදුලි සන්දේශ කොමිසම කෝටි ගනන් වටිනා සංඛ්‍යාත දේශපාලකයන්ගේ හිතවතුන්ට බෙදා දෙන්නාක් මෙන් දේවල් ඔහුගේ කාලයේ සිදුවූ බවක් අප අසා නැත. නමුත් ඔහුද රටට ආදරය කල, තම විශය පථය හරහා රටට විශාල වශයෙන් ආදායම් උපයන්නට මහන්සි වූ අයෙකු බව පමනක් දනිමි.
ඔවුන්ගේ නඩුවේ තීරණය ගැන මම කතා නොකරමි. ඒ මම නීතිඥයෙක් නොවන නිසාය. නීතිඥයින්ටත් වඩා තමුන් දන්නවා යැයි සිතා සිටින අයගේ ගනයට වැටෙන්නට මම අකමැති නිසාය.
නමුත් මේ තර්කය අනුව දේශපාලන අල්ලසක් ලෙස රාජ්‍ය සේවකයින්ට මැතිවරණ සමයේ රුපියල් 10,000/- න් පඩි වැඩ කොට එදා වේල ගැට ගසා ගන්නට බැරුව දේපල පවා විකුනන රජයට වසරකට රුපියල් මිලියන 156,000 ක වියදමක් එකතු කිරීමේ නියෝගයට අත්සන ගැසූ නිලධාරීන්ගේ අනාගතය ගැනද අප කම්පා විය යුතුය. මන්ද ඔවුන් කලේත් අනුෂ පැලපිට හා ලලිත් වීරතුන්ග කල දේම නිසාය. ඒ නියෝග ක්‍රියාත්මක කිරීමය.
ඒ කෙසේ වෙතත් නහයෙන් එහා දුර නොපෙනෙන පන්ඩිතයින් කිහිපදෙනෙකු අද සිදු වන දේවලට හුරේ දමන විට මට මතක්වන්නේ හුරේ දමමින් එදා හිට්ලර් පසු පස ගිය අමන ජර්මානුවන්වය. ඔවුන්ට ඇස් ඇරෙන විට රටක් ඉතුරුව නොතිබිනි.
හිට්ලර්ගේ වද කඳවුරක සිට පහත දැක්වෙන ලෝක ප්‍රසිද්ධ කවි පෙල ලිවූ මාර්ටින් නිමොලර්ද ඉන් එක් ජර්මානුවෙකි,
"මුලින්ම ඔවුන් ආවේ සමාජවාදීන් සොයාගෙනය. මම සමාජවාදියෙකු නොවන නිසා මම ඒ ගැන කතා නොකලෙමි
ඊලඟට ඔවුන් ආවේ වෘතීය සමිති ක්‍රියාකාරීන් සොයාගෙනය. මම වෘතීය සමිති ක්‍රියාකාරිකයෙකු නොවන නිසා මම ඒ ගැන කතා නොකලෙමි.
ඊලඟට ඔවුන් යුදෙව්වන් සොයාගෙන ආවද මම කතා නොකලෙමි. මන්ද මම යුදෙව්වෙකු නොවන බැවින්.
අන්තිමේදී ඔවුහු මා සොයාගෙන ආහ. ඒ වන විට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකු ඉතිරිව සිටියේ නැත "
( මාර්ටින් නිමොලර් - හිට්ලර්ගේ නාසි වද කඳවුරක සිට )
Nalaka Godahewa