Science With Ruchira12 hours ago
ගොඩාක් ආදරය කරපු චිත්‍රයක්, දවසක මගහැරුනා, නම නොදන්නා නිසා හොයාගන්න බැරි උනා. සමහර දවස් වල පැය ගණන් සොයාගන්න වෙහෙසුනා, එහෙත් බැරි උනා. අද මට නැවත හමු උනා! පුදුම සතුටක් තියෙන්නේ මට.
මේ තියෙන්නේ An Allegory of Folly, සරලව අර්ථ නැංවෙන්නේ " මෝඩයාට දුෂ්ඨාන්තයක්" යන අරුතින්. චිත්‍රය පැහැදලි කර දෙන්නම්
1) මෝඩයාගේ අවිය සහ ශක්තිය තමයි අපහාසය (නිරුවත් මිනිසෙක් නැංවූ යෂ්ඨිය). ප්‍රශ්නයක් ඇහුවාම අපහාසයෙන් උත්තර දෙනවා
2) මෝඩයාගේ හිස උඩ කෑගහන කුකුලා :-> තේරුමක් නැතිව නිතරම කියවන, ඕනි දෙයටත් එපා දෙයටත් හොට දාන ගතිය
3) නළල මත ඇති වණය දුර්දාන්ත අදහස් නිරූපණය කිරීමත්, සමාජයේ දුර්ගන්ධය පැතිරවීමත් නිරූපානය කරනවා
4) මෝඩයාගේ අභිප්‍රාය කපටිකම, නරි කන් වලින් නිරූපනය වෙනවා
5) මෝඩයා හිතන්නේ එයා බුද්ධිමත් කියලා, හිතලා මතලා උත්තර දෙන්නේ (මුහුණ)
6) මෝඩයාගේ ජීවන ගමන හෙමින් (පිටේ කුෂ්ඨය)
7) ඔපාදූප වලට ඇති කැමැත්ත ගැහැණු ඇඳුමෙනුත්
8)යන හැම තැනම මුදනා වෙන්න දඟලන බව ගෙජ්ජි බැඳපු බඳ පටියෙන් කියවෙනවා.
පින්තූරය print කරලා තියා ගත්තත් කමක් නැහැ. අපිත් ජීවිතයේ මෝඩයෙක් වගේ හැසිරෙනකොට ඒ බව මතක් කර ගන්න.
මේ වගේ මිනිසෙක් නොවේ බුද්ධිමතෙක් වෙන්නේ කොහොමද කියන කරුණ අද මම වීඩියෝ එහි මුල් පින්තූරය විදිහට යෙදුවේ මේ චිත්‍රයයි : https://youtu.be/ryvnark5Jk8
