මෝඩ ගෝඨාගේ කතන්දර

Jul 5, 2012
1,773
265
0
මෝඩ ගෝඨාගේ කතන්දර

‘අලියා කැටුව ගිය නන්දසේන..!‘ හෙවත් හිටපු අංගාරක්ෂකයෙකු හෙළි කරන ‘මෝඩ ගෝඨාගේ කතන්දර‘

සවසට තම බල්ලාද කැටුව පොඩි ‘වෝක් එකක්‘ යෑම ඇමරිකාවේ සහ යුරෝපීය රටවල ජනතාවගේ පුරුද්දක් වන අතර එය කොපි කළ, රාජපක්ෂලාගේ වනචර දශකයේ ආරක්ෂක ලේකම් වූ ඇමැරිකානු පුරවැසි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ද, මව් ඇතින්න මරා කැලයෙන් අල්ලා ගත් තම අලි පැටියාද සමග සවසට වෝක් එකක් යෑමට පුරුදු වී සිටියේ යැයි ඔහුගේ හිටපු අංගාරක්ෂකයෙකු ලංකා ඊ නිව්ස් වෙත පාපෝච්චාරණයක් කරමින් හෙළිදරව් කෙළේය.

ගෝඨාභයගේ හිටපු අංගාරක්ෂක හමුදා සාමාජිකයා රාජපක්ෂ රෙජීමයේ අවසාන කාලයේදී තම ජීවිත ආරක්ෂාව පතා රටින් පලා ගිය අයෙකි. ගෝඨාභයගේ ජීවන රටාව ගැන ඔහු රටින් පිටත මාධ්‍ය වෙතට තොරතුරු දෙන්නේ යැයි ගෝඨාභය විසින් සැක කළ බැවින් අංගාරක්ෂකයා තම ජීවිත ආරක්ෂාව පතා රටින් පලා ගියේය.

මේ වන විට වෙනත් රටක වෙසෙන ඔහු ලංකා ඊ නිව්ස් අමතා කියා සිටි තොරතුරු ඇදහිය නොහැකි තරම් වේ. ඒවා එකින් එක ලංකා ඊ නිව්ස් පාඨකයන්ගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු..

‘අලි රොෂාන්‘ නමැත්තා විසින් මව් ඇතින්න මරා කැලයෙන් අල්ලා ගන්නා ලද නීති විරෝධී අලි පැටියෙකු ගෝඨාභය වෙත ලබා දී තිබූ අතර නාවික හමුදා නිලධාරීන් දස දෙනෙකු විසින් අලි පැටියා බලා ගැනීමට යොදවා තිබී ඇත. අලි පැටියා ඔහුගේ නිල නිවසේ ( වත්මන් රාජිත ඇමැතිවරයා භාවිතා කරන නිල නිවස) කොටසක ඇති දැඩි කරන ලදී. කාර් රථයක් සෝදනවා සේ වතුර බට වලින් වතුර අල්ලා නාවන ලද අලි පැටියා කිසිදු දිනක ඇලකට දොලකට ගංගාවකට ගෙන ගොස් නාවා නැත. බටයෙන් නාවන ලද අලි පැටියා සමග ගෝඨාභය රාජපක්ෂ සවසට ‘පොඩි වෝක් එකක්‘ යෑමට පුරුදු වී සිට ඇත. නිල නිවස පසුපස මාර්ගය වසා දමන ගෝඨාභය, අලි පැටියාද ඌ බලා ගන්නා නාවික හමුදා ‘ඇත් ගොව් බලකාය‘ ද, සමග වට පිට බලමින් බලවත් මහන්තත්වයකින් යුතුව ඇවිද ගොස් තිබේ. මිනිසුන් බල්ලන් සමග ඇවිද යද්දී ගෝඨා අලි පැටියෙකු සමග ඇවිද ගොස් තිබේ.

අංගාරක්ෂකයා හෙලි කරන තොරතුරු අනුව ගෝඨාභයගේ කකුලට මේස් දෙක දැමීමට එක් හමුදා නිලධාරියෙකුද, සපත්තුව දමා ලේස් එක ගැට ගැසීමට තවත් නිලධාරියෙකුද ලෙස මේස් සපත්තු පැළැඳවීමට පමණක් යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු සේවයේ යොදවා ගෙන තිබේ. මෙවැනිම සිද්ධියක් බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන්ද හෙලිදරව් වී ඇත. බැසිල්ටද සරම ඇන්දවීමට ඉන පටිය දැමීමට පමණක් නොව බිරිඳගේ හැට්ට කට්ට ගැසීමටද යොදවාගෙන තිබී ඇත්තේ යුද හමුදා සෙබලුන් සෙබලියන්ය.

අයියා ජනාධිපති වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ යනු ඇමැරිකාවේ වැටුපට සේවය කරන ලද කම්කරුවෙක් වන අතර ආරක්ෂක ලේකම් වීමෙන් පසු සියළු හීනමානයන් එළියට විත් රජෙකු ලෙස හැසිරීමට සියළු උත්සාහයන් ගෙන තිබේ. ආරක්ෂක ලේකම් වීමට පෙර ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඔහුව හඳුන්වන ලද්දේ ‘මෝඩ ගෝඨා‘ ලෙසය. ඊට හේතුව ද අපූරු කතාවකි.

යුද්දයට බියේ ඇමරිකාවට පලා ගිය ගෝඨාභය පැමිණි අලුත ලංකාවේ මෙන් බසයෙන් බැස බසය ඉදිරියෙන් පාර පැනීමට තැත් කර තිබේ. ඇමරිකාවේ කිසිවෙක් බසයකට ඉදිරියෙන් පාර පනින්නේ නැත. යමෙක් එවැනි ගොං කමක් කරාවි යැයි ජීවිතයට සිතන්නේ නැති දෙයක් නිසා බස් රියැදුරා විසින් බසය අද්දන්නට හදද්දී ගෝඨා බසයේ හැපී අසල පදික වේදිකාවට විසිවී ඇත. ඔහුගේ අතක්ද තුවාල වී තිබේ. යම් කිසිවෙක් ගෝඨාභය ගොනාට ඇන්දවීම සඳහා මෙම සිද්ධිය පාදක කරගෙන බස් රථ සමාගමෙන් ඔහුට විශාල වන්දි මුදලක් ලබා ගත හැකි යයි පවසා ඇත. ගෝඨාභයද කතාව අනුව සල්ලි කුට්ටියක් කඩා ගැනීමේ අටියෙන් බස් රථ සමාගමට විරුද්ධව නඩු පවරා වන්දි මුදලක් ඉල්ලා තිබේ. නඩුව විභාගයට ගත් විනිසුරුවරයා පළමු දිනයේදීම ‘බසයක් ඉදිරියෙන් පාර පැනීම වරදක් බව දන්නේ නැතිදැයි‘ අසා ගෝඨාභයට හොඳටම බැන වැදී නඩුව විසිකර දමා තිබේ. මෙම සිද්ධියෙන් පසු ඇමරිකාවේ සිංහල ජනතාව ගෝඨාභය ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් වන තුරුම හැඳින්වූයේ ‘මෝඩ ගෝඨා‘ කියා ය.

බල්ලෙකු වෙනුවට අලියෙකු රැගෙන හවසට වෝක් එකක් යෑමද මෝඩ ගෝඨාගේ එවැනිම ගොං වැඩක් බව හිටපු අංගාරක්ෂකයා කියා සිටියේ ය.

(හිටපු අංගාරක්ෂකයාගේ හෙලිදරව්ව අනුව ‘මෝඩ ගෝඨා‘ මිනී මෝරුන් ඇති කළ හැටි සහ උන්ට නම් දැමූ හැටි ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න)
 
  • Like
Reactions: Mr Dilshan

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekata Ranil wife wa aran honeymoon wath giye na sagala ekka rata develp karanna plan haduwa raa thisse:D gota wage colombo clean karata wadak nane sagala ge plan hodai