එදා කැලන්බු, කොලොන්බා, කොලොන්තොට, සේ හැදින්වූ වූ මෙදා වරෙක අගනගරය වී තිබූ කොළඹ තවත් වරෙක කලන්තොට වී පසුව කැලන්තොට නමින් හැදින්වුයේ කැළණි ගඟ මුහුදට වැටෙන තැන මුවදොර වූ නිසාවෙනි………………….
ගගක් මුහුදට වැටෙන මුවදොර, ඒ…. ඒ… ගංගා ආශ්‍රී භූගෝලීය ලක්ෂණ හා පාරිසරික විශේෂත්ව එකතු කොට විශේෂණ නාමයන්….. ඒ අවට ගම් නගරවලට මෝදර හා බැදී නාමයන්ලබාදෙයි……. දෙමෝදර, තුන්මෝදර, පොලඅතුමෝදර, මහමෝදර එයින් සමහරක් වේ. මේ පෙළගැස්ම විශේෂණ පද නැති කොළොඹ මෝදරයි.
කලාප 15 කින් යුක්ත වූ කොළඹ තැපැල් කොට්ඨාශ අතරින් 15 වෙනි ස්ථානය ලෙස මෝදර සනිහිටුවන් කරයි. කොඩිගහ යටින් පටන්ගන්නා කොළඹ 1 සහ අවසාන සීමාව කොළොඹ 15 මෝදර වන්නට හේතුපාදක වන්නේ සේදවත්ත, තොටළග හරහා මට්ටක්කුලියෙන් මුහුදට එක් වෙන කැළණි ගඟය.
අද කොළඹ මෝදර නම ඇසු පමණින් බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ බොහෝ සමාජ විරෝධි සිදුවීම් වලට තෝතැන්නක් ලෙස මෙන්ම බොහෝ පාතාල ක්‍රියාකාරකම් වලට කුප්‍රකට ප්රෙදෙසක් ලෙසටය . එහි වඩාත් ආසන්නතම සීදුවීම වූ මට්ටක්කුලිය සමිට්පුර සිව් පුද්ගල ඝාතනය හැදින්විය හැකිය.
ජනාකීර්ණත්වයත් පාතාල ක්‍රියාකාරකම් ප්රෙදෙස තුල සිදුවෙන්නා වූ විවිධ සමාජ විරෝධි සිදුවීම් සදහා සුදුසු වාතාවරණයක් වූවත් , කොළොඹ මෝදර වාණිජ වටිනාකම් මෙන්ම විශේෂ ගව්රවාදරයට පාත්‍ර වූ… දේව, මනුෂ්‍ය ,යක්ෂ යන තුන්කොට්ටාශයන් තම වාසභූමි කර ගැනීමට තෝරා ගත් භූමිවපසරියක පිහිටි නගරයකි…………
අද මෙන් වඩාත් දුෂිත නොවු මෝදර එදාත් යම් තාක් දුරට දුරාචාර, සමාජ විරෝදී සිදුවීම් වලට ගොදුරුව තිබුනත් එහි යම් සීමා මායිමක් දක්නට තිබුණි. එහෙත් ඒ සිදුවීම් වඩාත් වර්ධනය වුයේ සංවර්ධනයේ අතුරු එල මෙන්ම ලාංකීය හා ප්‍රාදේශීය දේශපාලන උවමනා එපාකම් මතය.
Police ..? වචනයේ පරිසමාර්තයෙන්ම අචාරශීලි, ශික්ෂාකාමී, දේශප්‍රේමී, නුවණක්කාර, නිර්භීත, කාර්යක්ෂම හැකියා වලින් පරිපුර්ණ විය යුතු වූ පොලිසිය හා ගහට පොත්ත මෙන් එකට පෑහුණු නම් දෙකක් ලෙස පොලිසිය, වොලී බැස්ටියන් හැදින් විය හැකිය. නිරන්තරවම ජනතාවට සමීපව සුහද පොලිස් සේවයක් ලබාදුන් පොලිස් කාරයකු ලෙස වොලී බැස්ටියන් ප්‍රෙදේශයේ කා අතරත් නමක් දිනාගෙන සිටි අයෙකි. පොලිසියේ උකුසු ඇසට නිරන්තර සෝදිසියක් වූ කොළොඹ මෝදර වොලී බැස්ටියන් නම් වූ අසහාය බයිලා ගායකයාගේ වාසස්ථානයට තෝරාගැනීම මෝදරට ආශීර්වාදයක් ලෙසම, බයිලාවේ පද පේලියට මෝදර ග්‍රාමීය නාමය එකතු කිරීමට මංගල පියවර කලඑලි බැසීම සිදු කරන ලැබුවාය……………….
ලංකාවට කපිරින්ච බයිලාව මෙන්ම එය වේදිකාවට ආරෝපණය හා ජනප්‍රීය කරවීම වොලී බැස්ටියන්ගේ අප්‍රතිහත දහිරිය තුලින්ම සිදු වූ බවට ජීවමාන සාක්ෂි සනිහිටුවන් කිරීමක් වන්නේනම් …………………………….. සිරිලක පුරා ජනප්රිය බයිලා ගායක, වාදක ගෝලබාලයන් බිහි වීම හා අදත් ඔහුගේ ගීත ප්‍රචාරණය හැදින්විය හැකිය.
ඒ අපුරු ගායකයාගේ ප්‍රභාවය, මෙහෙය සිරිලක පුරා විහිදී ගියේ ලංකාවේ බොහෝ පළාත් තුල වොලී බැස්ටියන්ගේ ගෝල බාලයන් බිහි වීම තුලිනි. ඔහු බොහෝ කලා කරුවන් අගය කරන්නෙක් සේම නිරතුරු ගව්රවාදරේට පාත්‍ර වූ කාකි පැහැ පොලිස් කබාය ඇග ලාගෙන දිවි ගෙවූ නිහතමානී පොලිස් කාරයෙකු බව කලාකරුවන්, රටවැසියන් සාක්ෂි තබයි….………. බඩ ගෝස්තර වාදයට කලාව, බලය හා කාකි නිළ ඇදුම කිසිසේත්ම උපයෝගී කලනොගත් අව්‍යාජ කලාකරුවෙකුගේ ආදර්ශය ඔහු ලාංකීය කලාකරුවනට දී නික්ම ගියේ ………………මාගේ කිරිල්ලීට වඩා අයිරින් ජොසපින් කොතරම් සුන්දර නිහතමානී අයෙක්ද කියාය.
බයිලා කලාවට මෙන්ම වාදබයිලාවටද කොළොඹ මෝදර ප්රෙසිද්දියක් ඉසිලු ප්රෙදෙශයකි. මෝදර ගම් මායිමේ ඇති තොටළග වාද බයිලාවට දක්ෂ ගායකයන් බිහිකළ නාගරික ප්රෙදෙසෙකි ….. වාදබයිලාවට නව අරුතක් ගෙන දුන් තොටළඟ කුසුම්පාල කොළොම් තොට වැසියෙකු වන අතර. මෝදර ජෙස්ටින් වාදබයිලා කලාවේ ඔබ මොබ සැරීසැරූ අසහාය බයිලා ගායකයෙකි…………….හිටිවන කවි මෙන්ම රාගයට තාලයට කෂණයකින් එලිසම සහිත පදමාලාවක් තැනීමට දක්ෂ වූ කලාකරුවන් හෙබි ,එවන් කලාව පීඩිත තුන්වන පංතියකට තල්ලු කිරීම කුමන පාර්ශවයන්ගේ අමන මනදොළ සැපිරීමක්දැ සිතා ගැනීමට පවා උගහට වන්නේ වසර ගණනාවක පටන් එම කලාවේ නියතු ශිල්පින් ගෙවන දුක්බර හා අවම පහසුකම් සපිරි වටපිටාවන්ය .
ඇලෝසියෙස පෙරේරා………………..වේදිකාව, සිනමාව,රූපවාහිනිය දිග් විජය කල අපුර්ව කලාකරුවෙකි. නුහුරු නුපුරුදු නමක් වූ ඇලෝසියෙස් පෙරේරා උප්පැන්නේ සටහන තැබූ නාමය වුවත්, ඒ නිහතමානී කලාකරුවා කළා ලොව දිග් විජය නාමය වුයේ එච්. ඒ පෙරේරායි …
මෝදර අලුත්මාවත පාරේ මිනිරන්මඩුවත්ත පරීශ්රය තුල හැදී වැඩි ගම්වාසීන්ට ආදර්ශමත් චරිතයක් වූ ඔහූ ග්රාමීය සහුර්දයන්ට වැඩි වටිනාකමක් නැති වූයේ ගම්වාසින් තුල තිබු අල්ප කලා හැගීම් ඔහුගේ අගය දකින්නට අවකාශ නැති කර තිබුහෙයිනි . කලාව තම ආත්ම සන්තෘස්ටිය කරගත් එච්.ඒ බොහෝ දුරට අසල්වාසීන්ගේ සමග ලෙන්ගතු සමීප ඇසුරකට වඩා කලාව උදෙසා පිටස්තර ප්රෙදෙසවල සැරිසැරූවෙකි …එහෙත් කඩ ඉම ටෙලිනාටකයන් තම උපන් පරිසරය තුලු වූ චරිත ප්‍රතිනිර්මාණය කිරීම තුල ඔහු ග්‍රාමීය අසල්වැසි සහුර්දයන්ට හදවතින් කෙතරම් සමීපදැයි විදහා දැක්වුහ……………….
මිනිරන්මඩුවත්ත සහ රජමල්වත්ත එදා නිතර ගැටුම් ඇතිකරගත් කන්ඩායම් දෙකකින් සමන්විත මෝදර හරස් වීදි දෙකකි . එච්.ඒ පෙරේරා මෝදර මිනිරන්මඩුවත්ත තම වාසබවනය කරගත්දී ග්රැන්විල් පෙරේරා මෝදර රජමල්වත්ත ප්රෙදෙශයෙ පදිංචිය තහවුරු කරගත් කලාකරුවෙකි. එමෙන්ම එච්.ඒ පෙරේරා ග්රැන්විල් පෙරේරා සමීප මිතුරන් දෙදෙනෙක් ලෙස කලා ලොව සැරිසැරූවෝ සාක්ෂි තබති. කඩඉම ටෙලි නාටකයේ එකිනෙ කාට නුරුස්සන දිනන පරදන ඒ අපුර්ව චරිත දෙකේ රණගනය එළිදැක්වීමට උකහා ගත්තේ මෝදර ප්රෙදේශ වාසීන්ගේ හැසිරීම් රටා බව නම් නොඅනුමානය ………………………….
එවන් චරිත ඔවුන් ජීවිතේ අත් දැක්ක සමීප අසල්වාසීන්ගේ චරිත ඇසුරෙන් හුවා දැක්වීමට ඔවුන් ගේ රංගන කව්ෂල්යද ඉවහල් වීම තුල චරිතයේ තිබිය යුතු නියම ගුණාංග සමග තාත්වික රංගනයක් කඩ ඉම ටෙලි නාටකයෙන් ප්‍රේක්ෂකයන්ට තිලිණ කිරීමට හැකියාවක් තිබුණි.
ප්රෙතම වතාවට මය්වොඕ මචෝඕ නම් වූ අප්රිකිකානු ගීතය ගයා කැසට් පටයක් එළිදක්වා පෙරලියක් කල නළු ගායකයෙක් ලෙස ග්රැන්විල් පෙරේරා හැදින්විය හැක…………සහුර්ද කලාකරුවන් කීප දෙනෙක් සමග කළා කටයුත්තක් නිම කර ගමන් කරන අතරතුර මාරක රිය අනතුරකින් මරු තුරුලට ගියේ සුවහසක් රසිකයන්ගේ සෝ සුසුම් මද්යයේය………………………
දකින කා හටත් අව්යාජ සිනහවකින් සංග්රහ කිරීමට තරම් ග්රැන්විල් නිහතමානි මෝදර ග්රාම වැසියෙක් විය.
අසහාය කලාකරු ටෝනි රණසිංහයන්ද මෝදර ජන්මෝපත්තිය ලැබුවෙක් වන අතර මෝදර දලා සාල් මහා විදුහලෙන් සිප් හදාරා සිනමාව දිග විජය කලවූවෙකි . ………....................