මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා.. ‘Thats my boy’ කියනවා වගේ..- දිල්කා සිඩ්නි සිට..............me utti giya uda

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේ කරට අත දමාගෙන යාම ගැන තමන්ට ඇත්තේ සතුටකට වඩා බිය උපදවන තත්ත්වයක් බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී මහත්මිය සඳහන් කරයි.

    මේ වන විට දෙරණ නාලිකාවෙන් ඉවත්ව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඇය තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙසේය.

    මේ ජායාරූපය දැක්කම හිතෙන්නෙ මොකක්ද? බලන්න ඉන්දියාවේ අගමැති අපේ ජනාධිපතිගෙ කරට අතක් දාගෙන යන ගානට පත්වෙලා තියන හැටි..එහෙම සතුටක් සමහරුන්ට දනෙන්න පුලුවන්.
    නමුත් මේක මට අනුව නම් ඉතාම නරක body language එකක්.(2009 වසරේ ලංකාවෙන් පිටත අධ්‍යාපන ආයතනයක, රාජ්‍ය නායකයින්ගෙ සහ දේශපාලකයන් ගේ body language ගැන කළ හැදාරීම් වලදි ඉගන ගත් තොරතුරු වලට අනුව.)මේ ගැන මම කියනවට වඩා ඔබටම පුලුවන් රාජ්‍ය නායකයින්ගේ body language ගැන අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සොයා දැනගන්න.මට නම් මේක සතුටකට වඩා බිය උපදවන ජායාරූපයක්..මෝධි දන්නව ඔහු කරන්නෙ මොකක්ද කියල.ඒත් ඔබ දන්නවද?පරිස්සම් වෙන්න වෙයි.
    ප.ලි.
    මේ හමුව සුභවාදීව නොබලා අසුභවාදී ව බලන්න තරම් කුහක පිරිස් මේ සමාජෙ ඔනතරම්.ඒ වගේම මේ දේශපාලනය තුල දකින දේ සංවාද කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ කියන එකයි මගේ අදහස.
    ඉන්දියාව තව දුරටත් අපේ පිටට තට්ටු දමමින් ඔවුන්ගෙ සහචරයෙක් බවට ලංකාව පත් කරගන්න උපක්‍රමශීලී උත්සාහයක යෙදෙනව නම් ඒ ගැන අවධානයකින් සිටීම කාටවත් කඩේ යෑමක් නෙමෙයි.

    ඒනිසා පෝස්ට් වලට කමෙන්ට් කරන අඳබාල ලදරුවන්ට බයේ අදහස් ප්‍රකාශ කිරීම නතර කරයි කියල හිතනව නම් ඒක හීනයක් සහෝදර වරුනි.කොටින්ම මගේ රටේ ජනාධිපති ව අල්ලපු රටේ අගමැති ” that s my boy “කියන්නා වගේ තුරුල් කරං යන එක මට නම් අල්ලන්නෙම නෑ.මේ හැසිරීම අනුව අනුර ජනපති මෙයාලගෙ ලණු නොකා හිටියොත් ඒ ඇති.එච්චරයි.
    Screenshot-2024-12-22-211117.png



    Screenshot-2024-12-22-211128.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේ කරට අත දමාගෙන යාම ගැන තමන්ට ඇත්තේ සතුටකට වඩා බිය උපදවන තත්ත්වයක් බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී මහත්මිය සඳහන් කරයි.

    මේ වන විට දෙරණ නාලිකාවෙන් ඉවත්ව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඇය තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙසේය.


    Screenshot-2024-12-22-211117.png



    Screenshot-2024-12-22-211128.png
    මිනිහව රට ඇරලා දිලිත් දිල්කගෙ කරට අත දාගෙන රෑට බැල්කනි වල තරු පෙන්නපුව අව්ලක් නැද්ද දල්ලෑ
     
    • Haha
    Reactions: SLK_sri