ඹබට පනිවිඩයක්......

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඹබට පනිවිඩයක්......

    මෙක පොඩි කතාවක්....:nerd::nerd::nerd:


    වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
    සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

    “මේක කොච්චර විතර බර ඇද්ද?”

    “ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

    “මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
    මහාචාර්යය වරයා නැවතත් විමසීය.

    “මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

    “හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”

    “ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.

    “ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.

    “ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”
    “අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

    හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
    “නැහැ” සිසුන් පිළිතුරු දිනි.

    “එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?”
    සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

    “වීදුරුව බිමින් තියන්න”

    “හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”

    මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.
    ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දෙන්න ඹබට පුඑවන්...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: shenoxxx

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල, නියම කතාවක්
    11.gif