Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යක්ෂයෝ.!!! - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන් බණ්ඩේ ආපසු හැරුණේ ය. රාත්තල් දෙකකවත් මස් බරක් නැති තිත් මුව පැටවා ද එල්ලා ගෙන ආපසු ගියේ ය. වෙනදා පරිදි ම ගල් තලාව මුඳුනට නගින්නට විය. ගල මත්තේ මස් කපන කොළොම්බු කොටයට ළං වෙනවාත් සමඟ ම රන් බණ්ඩේ පය පැටළී වැටුණේ ය. මුව පැටවා පැත්තකට විසි විය. ගිනි කඳයා අතින් පැත්තට විසි විය. පය පැටළී වැටුණු රන් බණ්ඩේ ගල පාමුලට පෙරළෙන්නට විය. ගල පාමුල කණුවේ සවි කොට තිබූ යකඩ කොක්ක පපුවේ ඇනී රන් බණ්ඩේ ගේ ප්‍රාණ වායුව ද “හාස්” ගා වාතලයට එක් විය.

වෙනදා හැන්දෑවට නොවරදවා ම ගෙදර එන තාත්තා එදා ගෙදර ආවේ නැත. අහස ගොරවමින් මහ වැස්සක් කඩා හැළෙන්නට විය. ගෙට නුදුරින් නරි රංචුවක් හූ කියන්නට විය. ගෙදර හදන බල්ලා ද ඊට අනුව උඩු බුරලන්නට විය. මේ මූසල වටපිටාව අම්මා ගේ සිතේ බියක් ඇති කළේය. මේසය මත රන් බණ්ඩේගේ බත් පංගුව පිඟානකින් වසා තිබිණි. ඒ අසල දඩමස් ව්‍යංජනය ද බත් පංගුවට තනි රැක්කේය. එදා පැවතුණු වරුසාවෙන් ඇති කළ තද සීතල ද අමාවකේ ඝන අඳුර ද සම්පූර්ණයෙන් පලවා හරින්නට අසමත් වූ අස්කෝ ලාම්පුවේ ආලෝක දැල්ල දුප්පත්ව සිටි බවක් පෙනෙන්නට තිබිණි.

දරු තුන් දෙනා තද නින්දේ ය. තවමත් ගෙදර නොපැමිණි සැමියා කොයි වේලේ හෝ පැමිණ දොරට තට්ටු කරනු ඇතැයි සිතමින් ඇඳි පුටුවේ හිඳ ගෙන කිරා වැටෙමින් නින්දත් නොනින්දත් අතර කල්පනා කරමින් සිටි බිරියගේ සිතට දැන් දැන් බිය සහිත මූසල සිතුවිලි ගොඩ නැගෙමින් තිබිණි.

කෑම මේසයේ පිඟානත් පෙරළෙන සද්දයක් ඇගේ සවනේ වැකුණි. නැගිට ගොස් ඒ කුමක් දැයි බලන්නට පවා ඇගේ සිත උනන්දු ගතියක් දැක්වූයේ ද නැත. එහෙත් ඒ සැමියා ගේ රාත්‍රි ආහාරය බැවින් එය සොයා බලන්නට ලාම්පුව ද අතින් ගෙන ඈ කෑම කාමරයට ගියාය. ඒ වන විටත් මස් දීසිය සම්පූර්ණයෙන් කා අවසන් කොට තිබුණු කළු බළල් තඩියෙක් මේසය මතින් ඉවතට පැන ගියේය. මේ අද දවසේ සිදු වන්නේ මොනවාදැයි හිතා ගන්නට බැරි තරමින් අවුල් වී පැටළුණු සිතුවිලි වලින් යුතු බිරිය නැවතත් සාලයට පැමිණ පුටුවට බර දුන්නා ය. එදා රාත්‍රිය ද වෙනදාට වඩා මහා දිග එකක් විය.

යම්තමින් ඇටි කුකුළෙකු බුග් ගා හඬනු ඇසුණු අම්මා නැගිට ගොස් ළිප ගිනි දල්වා තේ වතුර වත් කළාය. තේ වත් කොට

“දරුවනේ නැගිටපල්ලා. තාත්තා තාමත් ගෙදර ආවේ නෑ” යි පැවසුවාය. දරු තිදෙනා ද වහා නැගිට තවමත් ගෙදර නොපැමිණි තාත්තා ගැන කතා කරමින් සිට යම්තම් එළිය වැටුණු විට තාත්තා සොයන්නට නිවසින් පිටත් වූහ.

ඔවුන් සමඟ පසු පසින් ආ බල්ලා බුරා ගෙන දුවනවාත් සමඟ ම නරි රෑනත් නෝක්කාඩු කියමින් පලා යනු දැක දරුවෝ එදෙස බැලූහ. දෙය්යනේ තාත්තා ගේ සිරුර යකඩ කොක්කේ තදින් ඇමිණි තිබෙනු දක්නට ලැබුණි.

මේ රන් බණ්ඩේ බව සහසුද්දෙන් ම හඳුනා ගන්නට තිබුණු ප්‍රධාන සාධකය වූයේ ඔහු හැඳ සිටි සරමේ ඉරි ගිය රෙදි කැබලි ය. නරි මිනී මසට ඒ තරමට ම ගිජු ය.

[QUOTE="Core, post: 6735373, member: 263471"] රන් බණ්ඩේ ආපසු හැරුණේ ය. රාත්තල් දෙකකවත් මස් බරක් නැති තිත් මුව පැටවා ද එල්ලා ගෙන ආපසු ගියේ ය. වෙනදා පරිදි ම ගල් තලාව මුඳුනට නගින්නට විය. ගල මත්තේ මස් කපන කොළොම්බු කොටයට ළං වෙනවාත් සමඟ ම රන් බණ්ඩේ පය පැටළී වැටුණේ ය. මුව පැටවා පැත්තකට විසි විය. ගිනි කඳයා අතින් පැත්තට විසි විය. පය පැටළී වැටුණු රන් බණ්ඩේ ගල පාමුලට පෙරළෙන්නට විය. ගල පාමුල කණුවේ සවි කොට තිබූ යකඩ කොක්ක පපුවේ ඇනී රන් බණ්ඩේ ගේ ප්‍රාණ වායුව ද “හාස්” ගා වාතලයට එක් විය. වෙනදා හැන්දෑවට නොවරදවා ම ගෙදර එන තාත්තා එදා ගෙදර ආවේ නැත. අහස ගොරවමින් මහ වැස්සක් කඩා හැළෙන්නට විය. ගෙට නුදුරින් නරි රංචුවක් හූ කියන්නට විය. ගෙදර හදන බල්ලා ද ඊට අනුව උඩු බුරලන්නට විය. මේ මූසල වටපිටාව අම්මා ගේ සිතේ බියක් ඇති කළේය. මේසය මත රන් බණ්ඩේගේ බත් පංගුව පිඟානකින් වසා තිබිණි. ඒ අසල දඩමස් ව්‍යංජනය ද බත් පංගුවට තනි රැක්කේය. එදා පැවතුණු වරුසාවෙන් ඇති කළ තද සීතල ද අමාවකේ ඝන අඳුර ද සම්පූර්ණයෙන් පලවා හරින්නට අසමත් වූ අස්කෝ ලාම්පුවේ ආලෝක දැල්ල දුප්පත්ව සිටි බවක් පෙනෙන්නට තිබිණි. දරු තුන් දෙනා තද නින්දේ ය. තවමත් ගෙදර නොපැමිණි සැමියා කොයි වේලේ හෝ පැමිණ දොරට තට්ටු කරනු ඇතැයි සිතමින් ඇඳි පුටුවේ හිඳ ගෙන කිරා වැටෙමින් නින්දත් නොනින්දත් අතර කල්පනා කරමින් සිටි බිරියගේ සිතට දැන් දැන් බිය සහිත මූසල සිතුවිලි ගොඩ නැගෙමින් තිබිණි. කෑම මේසයේ පිඟානත් පෙරළෙන සද්දයක් ඇගේ සවනේ වැකුණි. නැගිට ගොස් ඒ කුමක් දැයි බලන්නට පවා ඇගේ සිත උනන්දු ගතියක් දැක්වූයේ ද නැත. එහෙත් ඒ සැමියා ගේ රාත්‍රි ආහාරය බැවින් එය සොයා බලන්නට ලාම්පුව ද අතින් ගෙන ඈ කෑම කාමරයට ගියාය. ඒ වන විටත් මස් දීසිය සම්පූර්ණයෙන් කා අවසන් කොට තිබුණු කළු බළල් තඩියෙක් මේසය මතින් ඉවතට පැන ගියේය. මේ අද දවසේ සිදු වන්නේ මොනවාදැයි හිතා ගන්නට බැරි තරමින් අවුල් වී පැටළුණු සිතුවිලි වලින් යුතු බිරිය නැවතත් සාලයට පැමිණ පුටුවට බර දුන්නා ය. එදා රාත්‍රිය ද වෙනදාට වඩා මහා දිග එකක් විය. යම්තමින් ඇටි කුකුළෙකු බුග් ගා හඬනු ඇසුණු අම්මා නැගිට ගොස් ළිප ගිනි දල්වා තේ වතුර වත් කළාය. තේ වත් කොට “දරුවනේ නැගිටපල්ලා. තාත්තා තාමත් ගෙදර ආවේ නෑ” යි පැවසුවාය. දරු තිදෙනා ද වහා නැගිට තවමත් ගෙදර නොපැමිණි තාත්තා ගැන කතා කරමින් සිට යම්තම් එළිය වැටුණු විට තාත්තා සොයන්නට නිවසින් පිටත් වූහ. ඔවුන් සමඟ පසු පසින් ආ බල්ලා බුරා ගෙන දුවනවාත් සමඟ ම නරි රෑනත් නෝක්කාඩු කියමින් පලා යනු දැක දරුවෝ එදෙස බැලූහ. දෙය්යනේ තාත්තා ගේ සිරුර යකඩ කොක්කේ තදින් ඇමිණි තිබෙනු දක්නට ලැබුණි. මේ රන් බණ්ඩේ බව සහසුද්දෙන් ම හඳුනා ගන්නට තිබුණු ප්‍රධාන සාධකය වූයේ ඔහු හැඳ සිටි සරමේ ඉරි ගිය රෙදි කැබලි ය. නරි මිනී මසට ඒ තරමට ම ගිජු ය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom