යක්ෂ පැටව් - 02

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    03.Edmund Kemper

    Ub6aa35.jpg



    1948 දෙසැම්බර් 18 වන දින Edmund Emil Kemper II ඇමෙරිකානු ජාතිකයෙකු ලෙස මෙලොව එලිය දකිනවා...
    පැහැරගැනීම් සහ මිනීමැරුම් කිහිපයක් සිදු කරන ලබන
    මොහු "Serial Killer"(සාමාන්‍යයෙන් පුද්ගලයන් 3නෙකු හෝ ඊට වඩා ඝාතනය කරනු ලබන පුද්ගලයෙක්) කෙනකු ලෙසද හදුන්වනු ලබනවා...

    කුඩා කල සිටම තියුණු බුද්ධියක් හා සමාජයෙන් ඈත්ව සිටීමට ප්‍රිය කල මොහු සතුන් ඝාතනය කෙරෙහි දැඩි ඇල්මක් දක්වනු ලබනවා..
    වයස 10දී පූසෙකු පන පිටින් වළලන අතර පූසා මිය යන තුරු සිට නැවත වුව ගොඩ දමා,
    උගේ බෙල්ල ඉවත් කොට ,එය ලී කැබල්ලක සවි කොට හිටවන ලදී ..
    පසු කාලයෙදී Kemper පවසා ඇති පරිදි, පූසා මැරීමට වඩා සිය දෙමව්පියන්ගෙන් එය සැගවීමට සමත්වීමෙන් තමාට ඉහල වින්දනයක් ලැබුණු බවයි ....
    වයස 13දී නැවතත් ක්‍රියාත්මක වන මොහු සිය නැගණියගේ ප්‍රියතම සුරතලා වූ පූසාවද මරණ අතර
    උගේ කොටස් කිහිපයක් තම අල්මාරියේ තබා තිබෙනු ඔහුගේ මව විසින් සොයා ගනු ලබනවා..

    s7KpOHd.jpg


    ගුප්ත මනසකින් සිතුවිලි වලින් හෙබි මොහු සිය නැගණිය සතු වූ බෝනික්කන් ගේ අත් පා ගෙල වෙන් කොට
    ඒවායින් නොයෙකුත් චාරිත්‍ර සිදූ කරන ලදී ...
    මොහුගේ වැඩිමහල් සහෝදරිය දිනක් මොහුගෙන් අසන ලද්දේ " තම ගුරුවරිය සිප නොගත්තේ ඇයි" කියාය, ඊට " මන් එයාව ඉබින්නේ මැරුවට පස්සේ "පිළිතුරු ලෙස කියා තිබුණි...
    තම 2වසරේ ගුරුවරියගේ නිවසට හොරෙන් ගොස් ඇය දෙස බල සිටි බවද ,පසු කලකදී මොහු විසින් පවසා ඇත..
    "Gas Chamber" and "Electric Chair" (තම කුඩා නැගිනියට ,තමාව ගැට ගහන ලෙසත්,
    සිතින් ස්විචයක් දමා විෂ වායුවට ගොදුරු වූ හා විදුලිය වැදුනෙකු සේ දගලා මිය යාම) කුඩා කාලයේදී තම ප්‍රියතම ක්‍රීඩාවන් වූ බව මොහු පවසා තිබෙනවා..

    තම පියා සමග ඉතා හොද සම්බන්දතාවයක් පවත්වාගෙන ආ මොහුට සිය මවගේ සහ පියාගේ වෙන්වීම ඉතා දැඩිව බලපාන ලදී ...
    සිය මවගේ තාඩන පීඩන වලට දිගින් දිගටම ලක්වීමට මොහුට සිදුවුයේ ඉන් පසුවයි ..
    සිය සහෝදරියන්ට කරදරයක් සිදු කරති යයි බියෙන් ඔහුගේ මව විසින් ,නිදාගැනීම සදහා බිම් මහල වෙත යවන අතර එහි දොරද අගුලු දමන ලදී ..
    කුඩා කල මවගේ ආදරයක් නොලැබුනු අතර එසේ වුයේ වූයේ "තමා සමලින්ගකයෙකු බවට පත් වෙයි සිය මව සිතු නිසා" බවත් ,
    පියාගේ හැඩහුරුකම පිහිටා තිබීම (මව සහ පියා වෙන් වීමෙන් පසු ),වද හිංසා වලට ලක් වීමට හේතු වූ බවත් සදහන් කර තිබෙනවා..
    Kemperගේ මවද මානසික රෝගයකින්(Borderline Personality Disorder) පීඩා විදි අතර ඇගේ හැසිරීමට මෙය තදින් බලපා තිබුණි ....

    කුඩා කල සිටම දැඩි පීඩනයකින් හා සිය මවගේ වද හිංසා වලට ලක් වෙමින් ජීවත් වූ මොහු ,සිය ආච්චි සහ සීයාව ( පියාගේ) ඝාතනය කරනු ලබන්නේ අවුරුදු 15දීය ..

    August 24, 1964

    caqajK1.jpg


    Maude M. Hughey Kemper, 66 years-old, Edmund Kemper's grandmother

    sZXbOtr.jpg


    Edmund Emil Kemper, Sr., 72 years-old, Edmund Kemper's grandfather

    එම ඝාතනයෙන් පසු තම මව අමතා " අම්මේ , මන් ආච්චියී සීයාවයී මැරුව දැන් මොකද කරන්නේ " කියා අසා තිබුණි ...
    උසාවියේදී මොහු "paranoid schizophrenia" මානසික රෝගයෙන් පෙලෙන බව හදුනා ගත් අතර
    වසර 5ක පමණ කාලයක් "Atascadero State Hospital " රදවා තැබෙනවා..

    වයස 21දී මානසික රෝහලෙන් ඇප මත නිදහස ලබන්නේ
    එහි සිටි මානසික වෙදයවරුන්ගේ අනුමැතියෙන් තොරවය ...

    Lbu8jo4.jpg


    මොහුව සිය මව වෙත බාර දුන් අතර ඒ වන විට ඇය නැවත විවාහ වී තිබුණි ..
    පොලිස් භටයෙකු වීම සදහා තම ඉදිරිය සැලසුන් කලත් මොහුගේ විශාලත්වය ඊට හරස් කැපීය..
    අඩි 6ක් හා අගල් 9කින්ද උස්ව මොහුට "Big Ed" ලෙස අන්වර්ථ නාමයක්ද පට බැදී තිබුණි..

    GtqaDLF.jpg


    පසුව community collegeයක ඉගෙනුම ලැබීමට පටන් ගන්නා මොහු රැකිය්වන් කිහිපයද නිරත වූනි .. ..

    FLFwaec.jpg


    මේ කාලයේදී මොහු අනතුරකට මුහුණ දෙන අතර එම නිසා අතක් බිදී යයි ..
    එහිදී වන්දි වශයෙන් ඩොලර් 15,000ක් ලැබෙන අතර Ford Galaxie වර්ගයේ මෝටර් රථයක් මිලදී ගන්නා ලදී..

    UKpvF0L.jpg


    සිය නව රථයෙන් ගමන් ගන්න විට මොහු නිරීක්ෂණය කල දෙයක් වුයේ තරුණ කාන්තාවන් බොහෝමයක් "Hitchhiking" (වාහන වල නොමිලයේ ගමන් කිරීම කරන) බවයි ..
    යටපත් වී තිබු සිය ආශාවන් මෙය දැකීමෙන් නැවතත් දළු ලා ආ අතර පොලිතින් කවර, පිහි , ඇතිරිලි , මාංචු යුගල් ඉත්රිව තිබු මුදලින් රිසි සේ මිලට ගනු ලැබීය...
    ඉදිරිය සැලසුන් කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීමේ අරමුණෙන් හා තමාගේ ලිංගික ආශාවන් උපරිමයට ලග වීමට ප්‍රථම ,
    Kemper විසින් තමාට සුදුසු යැයි හැගුන කාන්තාවන් 150ක් පමණ කිසිදු හිංසාවකින් තොරව නියමිත තැන්වලට ගෙන යන ලදී ..

    1972 මැය් මස සිට 1973 අප්‍රේල් දක්වා කාලය තුල ක්‍රියාත්මක වූ Kemper වීසින් කාන්තාවන් 8දෙනෙකු ඝාතනය කරන ලදී ...
    ඒ අතර 6 දෙනෙකුම විශ්ව විද්‍යාල සිසුවියන් වන අතර ,තම මවගේ මිතුරියක් සහ තම මවද වෙයි ...
    කාන්තා සිසුවියන්ව මහා මගදී තම රියට නංව ගන්නා ("Hitchhiking") මොහු හුදකලා ප්‍රදේශ වෙත ගෙන ගොස් ඔවූන්ට වෙඩි තැබීම්, පිහියෙන් ඇනීම් , හුස්ම හිර කිරීම් සිදු කර තිබේ..
    ඉන්පසු සිරුර සිය නිවාස වෙත ගෙන ගොස් එහිදී සිය ලිංගික ආශාවන්[වෙන් කෙරෙනු හිස් සමග Irrumatio(Kind Of Oral Sex ),මල සිරුරු සමග ලිංගීකව හැසිරීම ] සපුරා ගැනීම සිදු කර ඇත..
    තම ආශාවන් සන්සිදුනු පසු සිරුරු කොටස් කරන ලදී ...
    තම මවගේ බැන වැදීමට ලක් වීමෙන් පසුව එලියට ගිය අවස්ථාවලදී මෙම ඝාතැන බොහොමයක් තම සිදු කල බවද
    තම මව සේවයේ නිරත වූ විශ්ව විද්යාලයේ කිසිවෙකු තමාට හදුන්ව දීමට ඇය අකමැති වීම නිසාද
    විශ්ව විද්‍යාල සිසුවියන්ම තෝරා ගැනීමට කැමැත්තක් දැක්වූ බවත් ඔවුන් සිය මවගේ ගති පැවතුම් ඇති පුද්ගලයන් බවත් Kemper පසුව පවසා ඇත ...

    May 7, 1972


    TW021o1.jpg


    Mary Anne Pesce, 18 years-old

    and

    6d2W04D.jpg


    Anita Luchessa also 18 years-old
    *****

    September 14, 1972

    OhmR9AK.jpg


    OFcDze0.jpg


    Aiko Koo 15 years-old
    *****

    January 8, 1973

    wywuwp1.jpg


    Cindy Schall, 19 years-old
    *****

    February 5, 1973
    BTOZptg.jpg

    Rosalind Thorpe, 23 years-old

    and

    rJFHOez.jpg



    Alice Liu, 21 years-old

    *****

    අවසාන වශයෙන් තම අවසන් ගොදුරු ලෙස තම මව හා ඇගේ මිතුරියක් තොර ගන්නා Kemper,

    April 20, 1972

    0gpDhiH.jpg

    Clarnell Strandberg (his mother)

    සිය මව(52 වියැති) ඝාතනය කොට ඇගේ හිස වෙන් කොට එය වෙත පැයක පමණ කාලයක් කැගසා තම වෙයරය පිට කල අතර
    සිරුර සහ හිස නිවසේ අල්මාරිය තුල සගවන ලදී .ඊට දිනකට පසු සිය මවගේ මිතුරියක් වූ 59 වියැති "Sara Taylor 'Sally' Hallett",
    සිය නිවසේ රාත්‍රී ආහාර වෙලක් සදහා ඇරයුම් කරන අතර එහිදී ඇයව ඝාතනය කරනු ලබයි .

    ඉන්පසු පොලීසිය වෙත ලිපියක්ද :
    ("Appx. 5:15 A.M. Saturday. No need for her to suffer any more at the hands of this horrible "murderous Butcher".
    It was quick—asleep—the way I wanted it. Not sloppy and incomplete, gents. Just a "lack of time". I got things to do!!!)


    ලියා Kemper තම නිවසින්, තම මවගේ මිතුරියගේ කාරයේ නැගී පිටව යන ලදී ..
    පැය කිහිපයකට පසුවත් තම මවගේ හා ඇගේ මිතුරියගේ මරණ පිළිබද කිසදු තොරතුරක් ගුවන් විදුලියන් විකාශනය නොවීම හේතුවෙන් Kemperවිසින් පොලිසිය අමතා පාපොච්චාරණය කරන ලදී..

    ULYBJoq.jpg


    අත්අඩංගුවට ගැනීමෙන් පසු වරද පිළිගත්තේ
    "තමාට තිබු එකම අරමුණ ඉටු වූ නිසා බවත් ඝාතන සගවා තැබීමෙ කිසිදු වුවමනාවක් දැන් නැති බවද
    අවසානයේ තමාට තම කල දේ වල බරපතලකම අවබෝධ උන නිසා ,එය දරා ගැනීමට නොහැකි තරම් වූ නිසා"

    බවද පොලිසිය වෙත පවසා තිබුණි ...

    AORYgti.jpg



    1973 නොවම්බර් මස 8 වන දින ජීවීතාන්ත සිර දඩුවම් 7ක් ජුරිය විසින් Kemper හට නියම කරන ලදී..තමාට වධ දී මරණය ලබා දෙන ලෙස Kemper විසින් ඉල්ලා ඇත..California Medical Facility හි සිරකරුවන් සදහා වූ කොටසේ Kemper රදවා තිබු අතාර වසර 2015 වන විට සාමාන්‍ය සිරකරුවන් සමග සිටිමී අවස්ථාව සැලසී ඇත..

    lzLDhhh.jpg


    කෙසේ නමුත් 2007දී සහ 2012දී මොහුට ඇප ලබා දීමේ හැකියාවක් පැවතුනද Kemper විසින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ
    නැවත සමාජයට යාම තම සුදුසු නැති බවත් බන්ධනාගාරයේ සිටීමෙන් තම තෘප්තියක් ලබන බවත්ය ...

    IPzXrrK.jpg


    සිනමාවට හා සංගීතය සදහා මොහුගේ ජීවිතයේ සිදුවීම් යොදා ගනු ලැබීය
    American Psycho හි සමහරක් දෙබස්ද ,
    Thomas Harris විසින් රචිත The Silence of the Lambs හි චරිතයක් සදහාද ඊට පසු දිග හැරුණු එහි අශ්රිත්‍ර චිත්‍රපට සදහාද
    Kemper: The CoEd Killer video පටය සදහාද
    Dean Koontz විසින් රචිත Intensity කෘතිය හා Marc Dugain විසින් රචිත Avenue of the Giants යොදා ගන්න ලදී..

    vx6x6cc.jpg





    අනිත් යක්ෂ පැටව් සමග යලි හමුවන තුරු සුභ දවසක් ...:love:

    යක්ෂ පැටව්




    පට්ට වෙලාවක් ගිය මේක ලියන්න කොහොම හරි

    8pUoP2V.png


    දාන්න











     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    machan dexter kiyana tv series ekatath godak kali mu life eken aran tiyenawa wage :P
    ඒ කෙනන් මචන් පටන් ගත්ත ගමන්මම කපන කොටන scene නේ තියෙන්නේ... මතක නං නැ හිටියේ කව්රුවත් මූ වගේ මල සිරුරත් එක්ක ජින්ගි ජිගින් කරන එකෙක්..මන් thread එකෙ දැන්මේ නැති උනාට මු මුගේ අම්මගේ මල සිරුරත් එක්කත් කරන්න ඕන ඔක්කොම කලා ...:no: