යක්ස පැටියා.......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    යක්ස_පැටියා

    උපුටා ගැනීමකි ❤️❤️❤️

    අනුත් තර෴

    එකෝමත් එක කාලෙක
    ගෙදර මං නැති දවසක
    පොඩි එකා පුටුවක
    නැඟී වැටිලා තලාගෙන පුක 😣

    මටත් මළ පැන්නා 😠
    ගෑණිට ගෙදර ඉන්නා
    ළමයා බලා ගන්නා
    හැටිද මේ යැයි කඩා පැන්නා 😫

    නිවාඩුයි දැන්නම්
    මං මූ බලාගන්නම්
    මේක මගෙ චුට්ටම් 😍
    බටිති පැටියනෙ බෝලෙ සෙල්ලම් 🤗

    අනේ උගෙ හුරතල්
    දවසට දෙකට වී බොල් 😑
    දැන් මට සිහි විකල්
    වෙලා දැකලා මුගෙ ‍යක් තොවිල් 😫

    කන්නෑ අඬනවා 😭
    ඇඟම පණ නැති කරනවා
    නහේටත් අනිනවා 😒
    චූත් කරලා ඇඟ තෙමනවා 😣

    ගෙදරින් එළියටත්
    එළියෙන් යළි ඇතුළටත්
    ඇතුළින් ගෙපිළටත්
    ගෙන යෑම හැර වැඩක් නම් නැත් 😑

    නිදි මතින් නළියයි 😴
    ඒත් ඌ නොම නිදියයි 😑
    චව් හැව් බැව් ගායි
    මගෙ මූණ දැක විරිත්තයි 😬

    පැයක් නිදියන්නේ
    නැඟිට බෙරිහන් දෙන්නේ
    ආයෙ ඇඹරෙන්නේ
    අතින් අල්ලා ඇවිද්දන්නේ 😪

    කන්නට උයන්නට
    නාන්නට තේ බොන්නට
    දත කට මදින්නට
    දෙන්නෙ නෑ මූ දෙන්නෙ වද මට 😤

    විටක මළ පැන්නත් 😠
    ගුටි දෙන්නටම හිතුණත්
    හුරතල් හිනාවත් 😊
    කරයි මේ කපටියගෙ, හිත තෙත් 🤗

    පාන්දර ඇහැරිලා 😎
    නටයි කස්තිරම අල්ලා
    නටපන් කියාලා 😒
    මගේ ඇස් නිදිමතට වැහිලා 😴

    රෑට මට නින්දක් 😩
    නෑ ගෑනි දුක් කන්දක්
    උහුලා ඇති බවක් ☹️
    දන්නෑනෙ මේක නං යකෙක් 😣

    දවසෙන් දෙකෙන් මට
    නැංගත් යකා ඉඳහිට ☹️
    උඹෙ අම්මා උඹට
    'ළං වෙන්න දුන්නෑ එක මදුරුවෙකුට' 😶

    පැටියෝ අසාපන්
    උඹෙ අම්මට කලින්
    මං නැති වුණෝතින්
    හොඳට අම්මට බලාපන් බන් ❤️❤️❤️



    අනුත් තර෴


    FB 1N ussana ladee...
     
    • Like
    Reactions: windows_ubuntu