යකාගෙ නංගි

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සැමියා බියටපත් කළ හැටි

    තම සැමියා දින පතාම පාහේ බීමත්ව පැමිණීම ගැන දැඩි ලෙස කෝපයට පත් බිරිඳක්‌ ඔහු බියට පත් කිරීමේ උපායක්‌ කල්පනා කරමින් සිටියාය.
    ඇය තොවිල්වලට අඳින යක්‌ෂ ඇඳුමක්‌ සොයා එයින් සැරසී සැමියා එන මගෙහි ගසකට මුවා වී සිටියාය.
    සැමියා සග අසළට පැමිණෙත්ම ඇය සැමියා ඉදිරියට පැන්නාය.
    "ඔහේ කවුද? සැමියා විමසුවේය.
    "මම තමයි මහා යක්‌ෂයා" ඇය උස්‌ හඬින් පිළිතුරු දුන්නාය.
    මද වේලාවක්‌ "යක්‌ෂයා" දෙස බලා සිටි සැමියා මෙසේ පැවසුවේය.
    "මාත් එක්‌ක යන්න එන්න මම විවාහ වෙලා ඉන්නෙ ඔහේගේ නංගී එක්‌ක..........
    :rofl::dull:

    මරු ලාභය

    නරක්‌ වූ දතක්‌ ගලවා ගැනීමට සිතූ තැනැත්තෙක්‌ ඒ සඳහා දන්ත වෛද්‍යවරයකු කරා ගියේය.
    වෛද්‍යවරයාගේ කාමරය තුළ දැන්වීමක මෙසේ සඳහන්ව තිබිණි.
    එක දතක්‌ ගැලවීමට රුපියල් 50 යි. දත් දෙකක්‌ ගැලවීමට රුපියල් 75 යි.
    "දෙකක්‌ ගැලෙව්වා නම් එකකට වෙන්නෙ තිස්‌හතයි පනහයිනෙ. මෙසේ සිතූ ඔහු දත් දෙකක්‌ ගලවන ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
    :cool::growl:

    අස්‌කොත්තේ පෑන් ලෙටවුස්‌

    දඹුල්ල බලා ගමන් කරමින් සිටි සංචාරකයන් පිරිසක්‌ තැඹිලි බීමට සිතා මහ මග අයිනේ පිහිටි කුඩා වෙළෙඳ කුටියක්‌ අසළ සිය වාහනය නතර කළහ.
    තැඹිලි බොන අතරතුර ඒ අසළ කොස්‌ ගසක තිබූ ලේන් කූඩුවක්‌ දුටු එක්‌ සංචාරකයෙක්‌ තැඹිලි වෙළෙන්දාගෙන් මෙසේ ඇසුවේය.
    "වට්‌ස්‌ දැට්‌ ඔන් ද ට්‍රී"
    "සර්........ දැට්‌ස්‌ අස්‌කොත්තේ පෑන් ලෙටවුස්‌"
    තැඹිලි වෙළෙන්දා පිළිතුරු දුන්නේය.
    :lol::lol:
    ps: අන්තිම එක තේරුණේ නැත්තං අනිත් පැත්ත හරවන්න :lol: