යටිසිතෙන්-වැඩගමු

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යටිසිතෙන්-වැඩගමු

    84247-80165.jpg


    අපි හැම කෙනෙක්ම අපේ ජීවිතය සාර්ථක කරගන්න කැමතියි ඒ වෙනුවෙන් විවිධ උත්සාහයන්
    දරණව ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම ක්‍රයාත්මක කරනව ඒත සමහර වෙලාවල්වලට අපිට
    නොසිතූ ප්‍රශ්නවලට මුහුණපාන්න සිදුවෙනව


    අපි හිතමු අපි ලොකු ආර්ථික ප්‍රශ්ණයක් නිසා පීඩා විදිනවා කියලා. එවැනි අවස්ථාවක මේ ප්‍රශ්ණ වලින් මිදෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව අසරන වෙන වෙලාවල් බොහෝ වෙලාවට තිබෙනවා. මෙවැනි අවස්ථාවකට කවදා හරි ජීවිතේ මුහුණපාන්න වුනොත් කොහොමද අපි ක්‍රියාකරන්නෙ


    සාමාන්‍යයෙන් මේ ලෝකයේ විසදන්න බැරි ප්‍රශ්ණ, ජයගන්න බැරි අභියෝග කියලා දෙයක් නෑ. තියෙන්නේ විසදගන්න තේරෙන්නේ නැති ප්‍රශ්ණ විතරයි. ප්‍රශ්ණයකට කිසිදු විසදුමක් නෑ කියලා අපිට හිතෙන්නේ , ඇත්තටම ඒ වෙනුවෙන් විසදුම් නැති නිසා නෙමෙයි , අපේ මනස ඒ වෙනුවෙන් වන විසදුම් හදුනා ගන්න සූදානම් නැති නිසා තමයි ගැටලුවක් ඇති වුනාම කරන්න කිසිම දෙයක් නෑ වගේ අපිට දැනෙන්නේ.


    නිකමට හිතලා බලන්න, කෙනෙක් සාර්ථකව මුදල් උපයන්නයි තව කෙනෙක් එදාවේල හොයාගන්නවත් විදිහක් නැතිව ඉන්නෙ කොහොමද ඒ හැම අයෙක්ටම තියෙන්නෙ එකම අවයව
    ගොඩක් අය තවමත් තමන්ගෙ දක්ෂතාවය හදුනාගෙන නැහැ මොහොතක් සිතන්න ඔබ කුඩාකාලයේ සිට පාසල් යන කාලයේ වැඩියෙන්ම දක්ෂ උනේ මොනවටද දැන් ඔබ කරන්නෙ මොනවද කියල සමහර විට ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් ඔබේ දෙමව්පියන් හදුනා නොගන්න ඇති ඔබට හදුනාට හදුනාගන්නට හැකියාවක් නොලැබෙන්න ඇති.

    අද මේ වෙනකොට ඉතාම රසට කෑම උයන්න පුලුවන් ගෘහනියෝ කී දෙනෙක් ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් නොගෙන සල්ලි නෑ කිය කියා ඉන්නවාද? අද මේ වෙනකොට ගෙවල් කීයක එකතුවෙන කුණු රොඩු ටික කොම්පෝස්ට් නොකර අපතේ යවලා සල්ලි නෑ කිය කියා ඉන්නවද? අද මේ වෙනකොට හොදට ඉංග්‍රීසි පුලුවන් කී දෙනෙක් ඒ හැකියාවෙන් ප්‍රයෝජණයක් නොගෙන සල්ලි නෑ කිය කියා ඉන්නවද? මේ රටේ උදේට පාරට ගිහින් පැය දෙකක් තුනක් ඉදලා කැද විකුණුවත් ඉතාම පහසුවෙන් සැලකිය යුතු මුදලක් මාසිකව උපයන්න පුලුවන්, මුදල් ප්‍රශ්ණ තියෙන කෙනෙක්ට ඒ දේවල් විසද ගන්න ඕනෙනම් ඕනෑ තරම් ක්‍රම තියෙනවා. නමුත් බොහෝ දෙනෙක්ගේ මනස එම ක්‍රම හදුනා ගන්න තරම් අරමුණු ගත වෙලා නෑ, විවෘත වෙලා නෑ.


    මෙන්න මේ ගැටලුව ඔබටත් තියෙනවානම්, ප්‍රශ්න වලට මොනවා කරන්නද කියලා හිතා ගන්නවත් බැරුවනම් ඔබ මේ වෙනකොට ඉන්නේ ඔබට ඒ වෙනුවෙන් ගන්න පුලුවන් හොදම හා පහසුම විසදුම තමයි ඔබේ ප්‍රශ්ණ විසදන එක ඔබේ යටි සිතට බාර දෙන එක.


    අපේ යටි හිත කියන්නෙ ඉතා ප්‍රබල ශක්තියක් සැගවුන තැනක්. නමුත් සාමාන්‍ය මිනිසෙක් ඒ ශක්තියෙන් 1%-2% වත් පාවිච්චි කරන්නේ නෑ. මේ නිසා ඉතා ලේසියෙන් විසදගන්න පුලුවන් ප්‍රශ්ණ විශාල ප්‍රශ්න කරගෙන අපි දුක්විදිනවා.


    යටි සිත කියන්නේ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔබට ලගා කරදෙන්න පුලුවන් තරම් ශක්තියක් තිබෙන දෙයක්. ඔබට අවශ්‍ය මුදල්ද, ආදරයද, රැකියාවෙන් ඉහලට යන්නද, ලස්සන වෙන්නද, මේ ඕනෑම දෙයක් ඔබට ලගා කර දෙන්න යටි හිතට පුලුවන්. ඔබ කල යුතු එකම දේ වෙන්නේ නිවරැදිව ඔබට අවශ්‍ය දේ ලගා කරගැනීම වෙනුවෙන් අවශ්‍ය පරිදි යටි සිත බල ගැන්වීම පමනයි.


    යම් අරමුණක් වෙනුවෙන් යටි සිත බලගැන්වීමක් කල සැනින් එය ආකාර 3කට ක්‍රියාත්මක වෙනවා.


    1. එය ඔබව වෙනස් කරනවා,


    එය ඔබේ ඉලක්කයට යාමට , එහෙමත් නැත්නම් ඔබේ ගැටලුව විසදා ගැනීමට අවශ්‍ය ආකාරයෙන් ඔබේ සිතුවිලි වෙනස් කරනවා. ඒ වගේම ඔබේ අවදානය වෙනස් කරනවා. මෙයත් සමග ඔබට මෙතෙක් නොසිතුන දේවල් සිතෙන්න පටන් ගන්නවා, මෙතෙක් නොපෙනුන විසදුම් පෙනෙන්න පටන් ගන්නවා.


    2. එය ඔබ වටා තිබෙන දේවල් ඔබට හිතකර ආකාරයෙන් වෙනස් කරනවා.


    ඔබේ යටි සිත බලගැන්වූ පසු එය බලගැන්වූ අරමුණට ඔබව ගෙනයාම වෙනුවෙන් ඔබ ඇසුරු කරන මිනිසුන්ගේ සිතුවිලි, චර්යාවන් වෙනස් කරනවා. ඒ වගේම එය භෞතික දේවල් වල පවා තත්වයන් වෙනස් කරනවා. මෙය ඇතැම් විට ඔබට හිතලුවක් ලෙස හිතෙන්න පුලුවන් නමුත් එය පර්‍රීක්ෂන වලින් ඔප්පු කල දෙයක්. සිතුවිලි වල ශක්තියෙන් ආහරයක් නරක් වෙන වේගය, ජල අංශු වල තත්වයන්, වගේ දේවල් වෙනස් කරන්න පුලුවන් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.


    මෙයත් සමග ඔබ ඇසුරු කරන පුද්ගලයන් අතර ඔබට උදවු නොකරන අය සිටියානම් ඒ අය උදව් කිරීමට පෙලබීම , ඔවුන්ගේ අදහස් ඔබට වාසි දායක අයුරින් වෙනස් වීම, වගේ දේවල් සිදුවෙනවා.


    3. ඔබ වෙතට අවශ්‍ය දේවල් ආකර්ෂණය කිරීම සිදුකරනවා.

    තුන්වනුව බලගැන්වූ යටි සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගත් විට ඔබට දැනට නැති නමුත් ඔබ අපේක්ෂා කරන සාර්තකත්වය වෙත යන්න අවශ්‍ය කරන දේවල් ඔබ වෙතට ආකර්ශණය වීම සිදුවනවා. ඔබ මෙතෙක් නොහදුනන නමුත් ඔබට උදවු විය හැකි පුද්ගලයන් ඔබට මුන ගැහෙන්න පටන් ගන්නවා. ඔබ නොහිතන ආකාරයෙන් ඔබට අවශ්‍ය දේවල් ලැබෙන්න පටන් ගන්නවා. මෙය ආකර්ෂණ නීතිය ක්‍රීයාත්මක වීම ලෙස හදුන්වනවා.


    ජීවිතේ මෙච්චර කල් ආවේ අමාරු ගමනක් නම් එක මාසයක් නිවරැදිව යටි සිත බලගැන්වීමේ අභ්‍යාස වල නිරත වී බලන්න. සියල්ල වෙනස් වෙන හැටි ප්‍රායෝගිකව ඔබට අත්විදින්න හැකිවේවි.

    --------චතුස්ක අමරසිංහගේ අසිරිමත් යටිසිත කෘතිය ඇසුරින්---------
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එක නම් ඇත්ත දැන් වතිලයට ජොබ් එක නැති උනාට පස්සෙ කන්ඩ බොන්ඩ හොයාගන්නෙ කොහොමද කියල උඩු හිත හිත හිතා උන්න, යටි හිතින් දුන්න උත්තරේ ඒක තමයි හොරාකෑම..

    ඒක හින්දනෙ උබ 10$ ගානෙ හොරා කන්ඩ පටන් ගත්තෙ කිරියෙ උන්ව රවට්ටල , බලාගෙන ගියාම යටිසිත හරිම ප්‍රබලයි..:yes::yes:
     
    • Haha
    Reactions: Mohowk

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව් එක නම් ඇත්ත දැන් වතිලයට ජොබ් එක නැති උනාට පස්සෙ කන්ඩ බොන්ඩ හොයාගන්නෙ කොහොමද කියල උඩු හිත හිත හිතා උන්න, යටි හිතින් දුන්න උත්තරේ ඒක තමයි හොරාකෑම..

    ඒක හින්දනෙ උබ 10$ ගානෙ හොරා කන්ඩ පටන් ගත්තෙ කිරියෙ උන්ව රවට්ටල , බලාගෙන ගියාම යටිසිත හරිම ප්‍රබලයි..:yes::yes:

    පල වේෂාව යන්න
     
    • Like
    Reactions: hodakolla