සිතේ රහස

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,324
    9,497
    113
    Heaven :p
    බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා.,

    "මනෝ පුබ්බංගමා ධම්මා — මනෝ සේට්ඨා මනෝමයා"
    සියලු දේ සිතෙන් ඇරඹේ. සිත ශ්‍රේෂ්ඨයි. සිතින් ම සියල්ල සිදු වේ.

    සිත ගැන ඔබ නොදකින දෙය මොකක්ද?

    උදේට ඇස් ඇරෙනවා. ශරීරයට පෙර සිත ඇහැරෙනවා. ඒ ආරම්භ වන පළමු සිතුවිල්ල ඔබේ දවස තීරණය කරනවා.
    ඒ සිතුවිල්ල කනස්සල්ලක් උනොත් දවස කනස්සල්ලෙන් ගලාගෙන යනව. ශාන්ත ලෙස ආවොත් දවස ශාන්ත ලෙස ගලාගෙන යනව.

    අභිධර්මයට අනුව,
    සිත ඉතා ඉක්මනින් ඇතිව නැතිවෙනවා. ඇසිල්ලකට ලක්ෂ ගණනක්. ඔබ දැන් මෙය කියවද්දී ඔබේ හිත් ලක්ෂ ගණනක් ඇතිව නැතිවී ගිහිල්ල.
    ඒ ඒ සිත ඊළඟ සිත ඇති කරනවා. ඊළඟ සිත තවත් ඊළඟ සිතක් ඇති කරනවා.
    එතකොට ඔබේ ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ ඔබේ සිතේ ඇතිවන සිත් දාමයක්.

    මෙහෙම හිතන්න,
    ඔබ වාහනයක් ගත්තා. ටික කලකින් ඒ සතුට නැතිවුණා. හොඳ රැකියාවක් ලැබුණා. ටික කලකින් ඒ සතුටත් නැතිවුණා. ආදරය ලැබුණා. ටික කලකින් ඒකත් නැතිවුණා.
    ඇයි?
    ඒ දේවල් ස්ථිර නොවූ නිසා. අනිත්‍ය නිසා. ස්ථිර නොවන දේවලින් ස්ථිර සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ ලෝකයේ ධර්මතාවයයි.

    එතකොට ශ්‍රේෂ්ඨ සතුට කොතැනද?
    ශ්‍රේෂ්ඨ සතුට බාහිරින් ලැබෙන්නෙ නෑ. ශ්‍රේෂ්ඨ සතුට තියෙන්නේ සිතේ.
    සිත සන්සුන් වූ විට ලෝකය සන්සුන්. සිත ශාන්ත වූ විට ලෝකය ශාන්තයි. සිත නිදහස් වුනාම ලෝකය නිදහස්.
    ඒ නිදහස ඔබ සොයා යන්නට ඕනෑ නැහැ. ඒ නිදහස දැනටමත් ඔබේ සිතේ තියෙනවා, නමුත් ලෝභය , ද්වේශය , මෝහය කියන තුන ඒ නිදහස වසා ගෙන ඉන්නෙ..
    හරියට කළු වළාකුළු වලින් ඉර වසාගන්නවා වගේ.
    වළාකුළු ඉවත් වුනාම ඉර ඉබේ ම දිස්වෙනවා. ඔබ ඉර හදන්නට ඕන නැහැ. වළාකුළු ඉවත් කිරීම ම ප්‍රමාණවත්.

    අද රෑට නිදාගන්නට පෙර ටික වෙලාවක් නිශ්ශබ්දව හිඳගන්න.
    ෆෝන් එක අයින් කරන්න.
    ඇස් වහගන්න.
    හුස්ම ඇතුළට ගලා ගනිද්දී දැනෙනවා.
    හුස්ම පිටට ගලා යද්දී දැනෙනවා.
    ඒ දේ ප්‍රමාණවත්.
    සිතුවිල්ලක් ආවොත්, හදවතෙන් කියන්න " ආහ්, සිතුවිල්ලක් ආවා." ඉන්පසු හුස්ම වෙත ආපසු එන්න.

    ඒ ක්‍රියාවේදී ඔබ සිතට ඉඩ දෙනවා. ඔබ සිත නතර කිරීමට උත්සාහ කරන්නෙ නෑ. හුදෙක් දකිනවා. ඒ දැකීමේ ශක්තිය ටිකෙන් ටික, ලෝභය දුර්වල කරනවා.
    ද්වේශය දුර්වල කරනවා.
    මෝහය දුර්වල කරනවා.

    වළාකුළු ඉවත් වෙද්දී ඉර දිස්වෙනවා.
    ශ්‍රේෂ්ඨ සතුට කියන්නෙ ඒ ඉර එළියම තමා.

    සිත හඳුනාගත්තොත් ජීවිතය හඳුනාගත්ත වෙනවා. ජිවිතය හඳුනාගත්තොත්, නිවන ළඟයි. 🙏
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,838
    68,226
    113
    Me mohotheth loke shunyay.kohomada eka hithanakota aga hiriwatenawa.