"යතුරුපැදි කලාවේ හැන්ඩියා" Harley Davidson
"යතුරුපැදි කලාවේ හැන්ඩියා"
Harley Davidson
රථවාහන ලෝකය අද වනවිට ඉතාමත්ම දියුණුයි. නවීන තාක්‍ෂණික අංග දිනපතාම මේවාට එක් වෙනවා. යතුරු පැදියක් ආරම්භ අවධියට වඩා ඉතා දුර ගමනක් ගොස් අවසන්. ලෝකයේ බොහෝ රටවල් ඉතා ක්‍රියාශීලීව යතුරු පැදි නිෂ්පාදනයේ නියෑළෙනවා. විශේෂයෙන්ම ජපානයේ යතුරු පැදි නිර්මාණය අභිබවමින් චීනය, ඉන්දියාව ලෝකයේ ඉදිරියට මේ කාලයේ පැමිණ ඇති බවට හොඳින්ම පෙනෙනවා. මේ කුමන යතුරුපැදි තිබුණද, යතුරු පැදි කලාවේ දැවැන්තයා ලෙස "හාර්ලි ඩේවිඩ්සන්" (Harley Davidson) අවිවාදයෙන් හඳුන්වන්නට පුළුවන්.
1901 දී "විලියම් එස්. හාර්ලි" (William S. Harley) කුඩා එන්ජිමක් යොදාගෙන, සාමාන්‍ය පාපැදියක් සැකිල්ලකට සවිකර යතුරුපැදියක් නිෂ්පාදනයට උනන්දු වුණා. ඒ කාලයේ හාර්ලි ගේ වයස අවුරුදු 22 ක්. ඉන් පසුව වර්ෂ 02 ක් ගෙවී ගිය තැන හාර්ලි තම ළමා කාලයේ පටන් මිත්‍රයකු වූ "ආතර් ඩේවිඩ්සන්" (Arthur Davidson) සමඟ එකතුව මෙම යතුරු පැදිය වැඩිදියුණු කළා. මේ සඳහා ආතර්ගේ සොහොයුරා වන "වෝල්ටර් ඩේවිඩ්සන්" (Walter Davidson) ද එක් වුණා. ඔවුන් මේ නිෂ්පාදනය කරනු ලැබුවේ මිතුරකුගේ ස්‌ථානයක. එම තැන "මිල්වෝකි මැෂින් ෂොප්" (Milwaukee Machine Shop) ලෙසටයි හඳුන්වන්නේ. එම අත්හදා බැලීමත් සමඟම මේ පිරිස එය තවදුරටත් වැඩි දියුණු කිරීමට ක්‍රියා කළා. මේ
අනුව ප්‍රථම හාලි ඩේවිඩ්සන් රථයට වඩා තරමක් කුඩා එන්ජිමක් ඔවුන් සැලසුම් කිරීමද ඇරඹුවා. 1903 දී ඔවුන් නිපදවූ යතුරු පැදිය සමන්විත වුණේ එක් සිලින්ඩරයකින්. එය එතෙක් තිබූ යතුරු පැදිවලට වඩා වෙනස් හැඩයක් ගත්තා. මේ ආකාරයෙන් ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙන හාලි ව්‍යාපාරය 1905 වන විට යතුරු පැදි 11 ක් නිෂ්පාදනය කළා. 1908 වනවිට එය 154 දක්‌වා වර්ධනය වුණා. මුල්කාලයේ "හාර්ලි ඩේවිඩ්සන්" සමාගම සතු වුණේ කුඩා ලෑලි කාමරයක්. එය තනාදෙනු ලැබුවේ ඩේවිඩ්සන් ගේ පියා විසින්. යතුරු පැදි නිෂ්පාදනය තරමක් වර්ධනය වීමත් සමඟම ඔවුන් සේවකයන් 20 දෙනෙක් මේ සඳහා සේවයට යොදා ගනු ලැබුවා. 1908 දී මෙහි තවත් පිම්මක් පැනීමට හාර්ලි සැලසුම් කළා. ඔහු 1000 සී.සී., අශ්වබල හතක ධාරිතාවයෙන් යුක්‌ත එන්ජිමක් යතුරු පැදියට නිර්මාණය කිරීම එම දැවැන්ත පිම්මයි. හාර්ලි යතුරු පැදියේ අභිමානවත් පෙනුම ලැබුණේ එම පැදියෙන් බවටයි වාර්තාවන්නේ. මේ ආකාරයෙන් ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වන හාර්ලි ව්‍යාපාරය 1912 දී සය මහල් නව කර්මාන්ත ශාලාවක්‌ද ස්‌ථාපිත කළා. මේ කාලයේදී යතුරු පැදි අපනයනය කිරීමද ඇරඹුවා.
1917 යනු පළමු ලෝක යුද අවධියයි. අමෙරිකාවද ඒ වනවිට එයට සම්බන්ධව සිටියා. යුදමය කාර්යන් සඳහාද මේ කාලයේ යතුරු පැදි වල අවශ්‍යතාවය පැන නැඟුනා. ප්‍රථම වරට "හාර්ලි ඩේවිඩ්සන්" යතුරු පැදි එකල යුදමය අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගත්තා. ඔවුන් ආරක්‍ෂක අංශ සඳහා ලබාදුන් යතුරු පැදි සංඛ්‍යාව 15,000 ක් පමණ වන බවට සඳහන්
වනවා. 1920 වනවිට හාර්ලි යනු ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයායි. ඔවුන්ගේ නිෂ්පාදන අලවිකරුවන් මගින් රටවල් 67 කට මේ කාලය තුළදී බෙදාහරිනු ලැබුවා. 1920 වර්ෂයේදී හාර්ලි නිෂ්පාදන ප්‍රමාණය 23189 ක් ලෙසටයි වාර්තා වුණේ. මෙසේ ඉතාමත් දියුණු යුගයක් තුළ සිටිනා හාර්ලි නිෂ්පාදකයෝ විවිධ මාදිලි ගණනාවක් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළා. පෙනුමෙන් සේම අභ්‍යන්තරයේද දියුණුවීම් රාශියක් මේ කාල සීමාව තුළදී එක් කිරීමට හාර්ලි සමාගමට හැකියාව ලැබුණා. දෙවන ලෝක යුද සමය ලොවට උදාවීමත් සමඟම, හාර්ලි නිෂ්පාදකයන්ට පළවන සංග්‍රාම සමයේ මෙන්ම, යතුරු පැදි ආරක්‍ෂක අංශ සඳහා යෙදවීමට බාර වුණා. ඔවුන් ඒ වෙනුවෙන් "ඩබ්ලිව්. එල්. ඒ." (WLA) නමින්, 740 සී.සී. ධාරිතාවය යටතේ යතුරුපැදියක් නිර්මාණය කළා. මෙහි 'ඒ' (A) යන අකුරෙන් 'ආමි' (Army) යන්නයි සංකේතවත් වුණේ. දෙවන ලෝක සංග්‍රාමයට හාර්ලි නිෂ්පාදන 90,000 ක් පමණ එක් කිරීම විශේෂත්වයක්.
මේ ආකාරයෙන් දියුණුවෙන් දියුණුවට පත් හාර්ලි නිෂ්පාදන ලෝකයේ "කඩවසම් යතුරුපැදිය" ලෙසට ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිළිගනු ලැබුවා. ඇමරිකා එක්‌සත් ජනපදයේ අභිමානයත් පෙරදැරිකර ගෙන මේ නිෂ්පාදනය තම ප්‍රතාපවත් පෙනුම විවිධ අයුරින් වෙනස් කරමින් වෙළෙඳ පොළේ ආකර්ශනය දිනා ගත්තා. ස්‌පොර්ට්‌ස්‌ටාර්, ඩයිනා, සොෆ්ටේල්, ටුවරින්ග්, (Sportstar, Dyna,Softail, Touring) ආදී නම් ගණනාවක යතුරු පැදි ඔවුන් වෙළෙඳ පොළට එක් කළා. "හාර්ලි ඩේවිඩ්සන්" යනු හුදෙක්‌ම යතුරු පැදියන්ම පමණක් නොවේ. මෙය උප සංස්‌කෘතියක් ලෙසටද හඳුන්වන්නට පුළුවන්. මේ හා නිර්මාණය වුණු බොහෝ දේ එදා පටන් අද දක්‌වාම ලෝකයේ දැකිය හැකියි. විශේෂයෙන්ම හාර්ලි පදින්නන්ගේ ඇඳුම, පෙනුම පවා ඔවුන් වෙනස් කළ බව මෙහිදී සඳහන් කළ යුතුයි. හාර්ලි හිමිකරුවන් එක්‌ව විවිධ සමාජයන්ද (Motorcycle Clubs) ආරම්භ කර ඇති බවට ලෝකයේ බොහෝ රටවලින් වාර්තාවනවා. එසේම හාර්ලි ඩේවිඩ්සන් සමාගම ද "හාර්ලි ඕනර්ස් ග්රූප්" (Harley Owners Group) එනම් "හොග්" (HOG) යනුවෙන් සමාජයක් 1983 දී ස්‌ථාපනය කළා. ඔවුන් මෙහිදී මෝටර් රැලි (Motor Rally) ප්‍රදර්ශන ආදියද සංවිධානය කරනවා.
හාර්ලි සමාගම නැරඹීමේ අවස්‌ථාවද ඔවුන් සලසා දී තිබෙනවා. එසේම 2008 වර්ෂයේ දී "හාර්ලි ඩේවිඩ්සන් කෞතුකාගාරයද" ආරම්භ කළා. මෙහි දී සමාගමේ ඉතිහාසය ගැන මෙන්ම මුල් නිෂ්පාදන දැක ගැනීමේ අවස්‌ථාවද සැලසෙනවා.
විලියම් එස්. හාර්ලි සමඟ ඩේවිඩ්සන් සොහොයුරන් තිදෙනෙක් එක්‌ව ආරම්භ කළ මේ දැවැන්ත වෙළෙඳ නාමය, අද දිනටද එක ලෙසට, තම ශක්‌තිය ප්‍රදර්ශනය කරමින් ලෝකයේ නිසි තැන සොයාගනිමින් රැඳීම විශේෂත්වයක්. ඉදිරියටත් යතුරු පැදි ලෝලීන්ගේ ප්‍රබලතම ආශ්වාදය "හාර්ලි" පැදියක් තමන්ට ලබා ගැනීම බව අවිවාදයෙන් සඳහන් කළ යුතුමයි.
කුමුදු අබයදීර