යදියාගේ පෙම

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෴යදියාගේ පෙම෴

    හෝරා කණුව හත් පාරක් හඬන උදේ
    පිපි කුසුමක් ලෙසින් ඔබගේ උවන දිසේ
    හෝරා කණුවෙ සෙවනේ ගිම් හරින මගේ
    සිත් අරණෙහි තැනින් තැන මල් පොකුරු පිපේ

    මා අසලින් යනෙන විට මද හස පානා
    ඔය නෙතු කැල්ම ම මින්දද හී සර සේමා
    පණහෙ සීයෙ නිල් කොළ නුඹ මට පානා
    නුඹෙන් කසාපණ මා යදිනුව කෝමා

    සාරිපොටේ නුඹෙ දැවටී එන පවනෙන්
    මා උන්මත්තකව යයි හමනා මුදු පුස්ඹෙන්
    එන්නට සිතත් දවසක නුඹෙ පසු පස්සෙන්
    වාරු නැත මගේ පා යුග ඔබගේ මෙන්

    හද කිති කවන දුටු දුටු වන සොමි දිසින
    සිත තුළ නැගෙන සිතුවිලි පවසනු කෝම
    නැති හව් හරණ හිසටද සෙවණක් කිසිම
    වෙල් යායක වලිගය නැති ගොනු සේම

    ඉඳු සැව් මෙනි නුඹත් නුබ ගැබ සරසවන
    රුව විඳි නමුත් කෙදිනක හෝ හමු නොවන
    සැනසෙමි ඉතින් රුව දැකුමෙන් මෙලෙස මම
    අදටත් හෙටත් හෝරා කණු සෙවන යට

    .............................................................................මලිත්තා
     
    Last edited: