යනු මැනවි නුඹ...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යනු මැනවි නුඹ...

අඳුරු අහස නිසල දසත....කොනිති ගසයි හද ගැඹුරම....
කඳුලු දෑස වෙවුලන සිත....සිහිකරාවි අතීතයම.....
අප හමු වූ පෙර දිනයන්....දොඩමළු වූ සොඳුරු උයන්....
ඇමතක කර මා තනියෙන්....දමා ගියේ කෙළෙස කියන්....

නුඹත් සමග ගිය මාවත....මෙතනයි එහි නැවතුම් තිත....
මගෙ කඳුළැලි අමතක කර...යන්න සබඳ ඔබ ඈ වෙත....
නුඹේ නමින් දරා ගනිමි....ගලා හැලෙන කඳුලු දහර....
මෙතැන් පටන් මේ හදවත....ගලක් කරමි මා සදහට....

නැගෙන සුසුම් මා තනියෙන් විඳගන්නම්....
වැටෙන කඳුලු ලෝකෙන් සඟවාගන්නම්....
වේදනාව පාලුව ඉවසාගන්නම්....
ඔබෙ මාවතේ ආසිරි වැහි වස්සන්නම්....
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Fb-photocomments.blogspot.com-2mz.jpg