යමක්_උගුරේ_සිර_වුවහොත්
යමක් උගුරේ සිර වුවහොත් ...
අතට ගන්නා ඕනෑම දෙයක් එසැණින් කටෙහි රුවා ගැනීම කුඩා දරුවන් ගේ ස්වභාවයයි. අප නොසිතූ ලෙස එවැනි දෙයක් ගිලුණේ නම්, උගුරේ සිර වූයේ නම් වැඩිහිටි යන් කලබල වීම ද සාමාන්‍යයයි. ඇතැම්විට වැඩිහිටියන් පවා මෙවැනි හදිසි අනතුරකට ලක්විය හැකියි. ඕනෑම දෙයක් ගිලුණු පමණින් කෙනෙකුට මරණීය හානියක් සිදුවනවාද? අප කළ යුතු ප්‍රතිකාර මොනවාද?
මේ සම්බන්ධව ඔබට වැදගත් වන තොරතුරු රැසක් අද ලිපියෙන් සාකච්ඡා කෙරේ. ඒ මෙවැනි අනතුරුවලට ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක මුහුණ දෙන්නට සිදුවිය හැකි බැවිනි.
* යමක් ගිලුණු පමණින් (උදාහරණ ලෙස සත විසිපහේ කාසි, බොත්තම්, පංචායුධ වැනි දේ) කෙනෙක් මරණයට පත්විය හැකිද?
නෑ සැමවිටම එසේ විය නොහැකිය. සමහර අය එවැනි අවස්ථාවක බොහෝ බියට පත්වනවා. ඒ ගිලුණු දෙය නිසා සිරුර අභ්‍යන්තරයේ යම් හානිදායී බවක් සිදුවේය යන සැකය නිසයි. එහෙත් එසේ ගිලෙන ද්‍රව්‍යවලින් සියයට 95ක් පමණ කිසිදු කරදරයක් නැතිව මලපහත් සමඟ සිරුරෙන් බැහැර වනවා.
* සත පනහක් රුපියලක් වැනි තරමක් විශාල දෙයක් ගිලුණේ නම් ඒවාත් මලපහ සමඟ බැහැර වෙනවාද?
එවැනි දෙයක් ගිලුණේ නම් ඒවා ගලනාලය තුළ හිරවිය හැකියි. උල් සහිත ඇණ, ගිනි කූරු, මාළු කටු, ඉඳිකටු, හැට්ට කටු, වීදුරු කැබලි, ඩ්‍රෝයින් පින් වැනි දේ වුවද වැරදීමකින් ගිලුණේ නම් ඒවා සෙම්ගෙඩි, උගුර හෝ ගලනාලයෙහි ඇනී සිරවිය හැකියි.
දත් අතර කුණු ඉවත් කිරීමට ගන්නා දත්කූරු, කන් ශුද්ධ කිරීමට ගන්නා කන්කූරු වැනි අඟල් දෙකකට වඩා දිග දෙයක් ගිලුණේ නම් ඒවා ආමාශයේ සිට බඩවැල තුළට යාමට නොහැකිව සිරවීමට ඇති සම්භාවිතාවය ඉතා වැඩියි.
* එසේ යමක් ගිලුණු පසු දැනෙන රෝග ලක්ෂණ මොනවාද?
ගිලුණු ද්‍රව්‍ය ආහාර මාර්ගයෙහි සිරවී ඇති තැන අනුව මතුවන රෝග ලක්ෂණ ද වෙනස් වේ. යමක් උගුරේ සිර වූයේ නම් වේදනාවක් හා ගිලීමට අපහසුතාවක් දැනෙන අතර ගලනාලයෙහි සිරවූයේ නම් පපුවෙහි හටගන්නා වේදනාව ආහාරයක් ගන්නා විට වැඩිවිය හැකියි.
ඒ වගේම යමක් ආමාශය තුළට ඇතුළු වූ විට සාමාන්‍යයෙන් වේදනාකාරී තත්ත්වයක් ඇති නොවේ. එහෙත්, යම් හෙයකින් ගිලුණු දෙය ආහාර මාර්ගය සිදුරු කිරීමට හේතු වූයේ නම් උදරයේ කැක්කුම, වමනය සහ උණ ඇතිවිය හැකියි.
* යමක් ගිලුණු පසු එය විනිශ්චය කිරීම සඳහා එක්ස්රේ ඡායාරූපයක් ගත යුතුමද?
ලෝහයෙන් සාදන ලද කාසි, ඇණ, මාල, පංචායුධ වැනි දේ එක්ස්කිරණ පතෙහි පැහැදිලිව සටහන් වුවද සමහර දැව, ප්ලාස්ටික් හා වීදුරු කැබලි එසේ දිස්වන්නේ නැත. සිදුවූ දෙය පිළිබඳව කරන පැහැදිලි විස්තරයත්, රෝග ලක්ෂණත්, වෛද්‍යවරයා ගේ බුද්ධිය හා අවබෝධයත් නිවැරැදි රෝග විනිශ්චයක් සඳහා ඉවහල් කරගත හැකියි.
* උගුරෙහි යමක් සිරවුණු පසු පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද?
උගුරේ හෝ ගලනාලයෙහි යමක් සිරවූයේ නම් එය හැකි ඉක්මනින් ඉවත් කිරීම ඉතා වැදගත්. ඒ වගේම ගිලුණු ද්‍රව්‍ය දින කිහිපයකදී මලපහ සමඟ පිට නොවුණේ නම් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි. කුඩා දරුවකු නම් යමක් සිරකරගත් පසු වහාම වෛද්‍යවරයකු වෙත යොමු කිරීම ද කළ යුතුයි. එහිදී ගිලුණු ද්‍රව්‍යයේ වෙනත් කැබැල්ලක් උදාහරණ ලෙස බොත්තමක්, වීදුරු කැබලි වැනි දේ තිබේ නම් එය රැගෙන යාම ඉතා වැදගත් වන්නේ රෝග විනිශ්චයේ දී වෛද්‍යවරයාට එය උපකාරයක් විය හැකි බැවින්.
* සමහර අය යමක් ගිලුණු පසු එය මලපහ සමඟ පිටවීම පහසු කරවීම සඳහා විරේක වර්ග ලබා දෙනවා. එය සුදුසු ද?
ගිලුණු ද්‍රව්‍ය මලපහ සමඟ ඉවත්වන තුරු බඩ බුරුල්වීම සඳහා විරේක ලබා දීමෙන් වැළකිය යුතුයි. කළ යුතු වන්නේ කුමක්ද යන්න තීරණය කිරීම වෛද්‍යවරයාට බාර දීම ඉතා වැදගත්.
ඒ වගේම ඔබට ගිලී ඇත්තේ ‘ටින්ටෙක්ස්’ ඇණයක් වැනි ලෝහ කැබැල්ලක් නම් සමහර විට එය උදරයේ ඇති අධික ආම්ලික ශ්‍රාවයක් නිසා සම්පූර්ණයෙන්ම දියවී යා හැකියි.
* යමක් ගිලුණු පසු නිවෙසේ දී කළ හැකි ප්‍රතිකාර මොනවාද?
මෙහිදී අදාළ පුද්ගලයා බියට පත්වන ලෙස හැසිරීමෙන් වැළකිය යුතුයි. ගිලුණු ද්‍රව්‍ය ඉතා කුඩා නම්, උල් සහිත නොවන රවුම් හෝ කෙළවර මොට්ට වූ එකක් නම් බිය විය යුතු නොවේ. මලපහ සමඟ ගිලුණු ද්‍රව්‍ය පහවේ දැයි බලා ගැනීමට දින කීපයක් යනතුරු ඒවා පරීක්ෂා කර බැලීම වැදගත්. මලපහ පරීක්ෂා කිරීමේ දී එය දිය කිරීම සඳහා උණුවතුර භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
* මෙවැනි පුද්ගලයකුට ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර කෙබඳුද?
මෙවැනි පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී වෛද්‍යවරයා විසින් ඔවුන්ගේ උගුර හොඳින් පරීක්ෂා කරනු ලබනවා. උගුර, ගෙල, පපුව සහ උදරය එක්ස්රේ පරීක්ෂණයකට ලක් කිරීමට ද පුළුවන්. උගුරේ බාහිර යමක් හිරවී තිබේ නම් වෛද්‍යවරයා විසින් එය යම් උපකරණයක් මාර්ගයෙන් ඉවත් කරනු ලබන අතර එවැනි දෙයක් ඉවත් කිරීම තමන් විසින් හෝ වෙනත් අයකු ලවා කරවා ගන්නට යාම ඇතැම්විට අනතුරුදායක වීමට ද පුළුවන්. එමනිසා එවැනි අවස්ථාවක වෛද්‍යවරයකු වෙතම යොමු වීම ඉතා වැදගත්.
යමක් ආමාශගත වීමෙන් පසු අදාළ දින කිහිපය අතර එය මලපහ සමඟ පිට නොවුණේ නම් ඔබ ශල්‍ය වෙද්‍යවරයකු වෙත යොමු කෙරෙන අතර ඒ සඳහා සැත්කමක් කිරීමට ද සිදුවනු ඇත.
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
සාකච්ඡා කළේ, රමණී සුබසිංහ