යහනේ...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo




    යහනේ ඔබ නිදි වරමින් හිඳිනවද

    විමනේ සිව් පවුරේ දුක් විඳිනවද



    අරනේ ඔබ තවමත් මල් පිපෙනවද

    ඒ මල් දකිනට මට පිං නොමැතිවද



    නිදා ගන්න එතකොට සිහිනෙන්වත්

    මා දැක ගන්න හැකි...

    බලා ඉන්න තරමට දුක වැඩිවෙයි

    මා ඔබ ලඟක නැතී...



    කියා දෙන්න මේ රැකවල් බිඳලන

    දවසක් කොහෙද ඇතී...

    හිනා වෙන්න මෙතුවක් හැඬු දෙනෙතට

    මොහොතක් එයිද කෙසේ...



    සොයා ගන්න ඔබ මා ගත් වෙහෙසත්

    දන්නේ අපි අපිනම්...

    හිනා වෙන්න මිස දමා යන්න නම්

    කුමටද ඒ පෙරුමන්...



    හඹා යන්න බෑ ගත වන කාලය

    සිර කල කිරිලිය මං

    හිතා ගන්න ඔබ හට මිස දොරගුළු

    නොහැරෙයි කිසි දින යම්

    ගායනය : සුනිල් එදිරිසිංහ සමග පුශ්පා තිසේරා