යහපාලනයේ කකුලෙන් අදී..!

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    යහපාලනයේ කකුලෙන් අදී..!

    විධායක බලතල අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්


    රටේ යහපාලනය ඇති කිරීම සඳහා ජනාධිපති වරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුවට කොමිෂන් සභාවන් වලට සහ අධිකරණයට පැවරෙන යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කකුලෙන් ඇදීමට සිංහල ජාතික ව්‍යාපාරයට අනුබද්ධ පිරිසක් යැයි කියා ගන්නා ලොම් හැළුනු රාජපක්ෂ රෙජීමයේ ගැත්තන් පිරිසක් විසින් අතුරු තහනම් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    ඔවුන් පවසන්නේ යෝජිත 19 සංශෝධනය ගෙන ඒම ව්‍යවස්ථානුකූලව නොවන බවයි.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනත් කෙටුම්පතක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 වැනි වගන්තිය යටතේ ගෙන ඒමට එකඟ විය නොහැකි යයි ඔව්හු පවසති.

    ව්‍යවස්ථා සංශෝධන නීත්‍යානූකූලව කළ යුතු ආකාරය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන පරිච්ඡේදයේ 82, 83 සහ 84 යන වගන්තිවල ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති අවස්ථාවක එකී සංශෝධන අංක 122 යටතේ ගෙන එ්මට යෝජනා කොට තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ලෙස පවසන මෙම පිරිස, රජය විසින් යෝජිත ව්‍යවස්ථා සංශෝධන හදිසි පනත් කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් කළහොත් කැබිනට් මණ්ඩල ලේකම් වරයා විසින් අනුමත කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නඩුව අවසාන වනතුරු බලපත්වන ලෙස නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.

    මෙම නඩුව (06) කොළඹ අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය

    නඩු අංකය - C. A : (Writ)- 57 / 2015
    පෙත්සම්කරු - ජයන්ත ලියනගේ නමැත්තෙකි
    වගඋත්තරකරුවන් ලෙස
    1. පී.බි අබේකෝන්, ජනාධිපති ලේකම්
    2. සුමිත් අබේසිංහ, ලේකම්, කැබිනට් මණ්ඩලය
    3. රනිල් වික්‍රමසිංහ, අගමැති
    4. නීතිපතිතුමා නම් කර තිබේ.


    LEN
     
    Last edited:

    Similar threads