යහපාලනය-නම්විය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යහපාලනය-නම්විය


    ඉන්ධන පිරවුම්හල් වෙත ගෙනයන පෙට්‍රල්වලට බවුසර් රථය තුලදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමකට අද(13) හැකිවිය.


    ගලේවෙල මකුලුගස්වැව ප්‍රදේශයේ අතහැර දමා ඇති කළුගල් මෝලක බවුසර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .ඒ .එම් .මහරුෆ් මහතාට අයත් ඉන්ධන බවුසරය කින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් තිබේ.


    පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියදුරු සහ රිය සහායක ඉන්ධන බවුසරය තෙල් ටැංකි වල මුද්‍රා ඉවත්කොට බටයක් යොදා ලීටර් සියයකට අධික පෙට්‍රල් ප්‍රමාණයක් බුලි සහ බැරල් වලට පුරවා පිටතට ගෙන තිබිණි. ඉන්ධන බවුසරය වත් කරන පැට්‍රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරියකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් නැවත ඉන්ධන බවුසරයේ ටැංකියට හැළීම සිදු කරන බව පොලීසිය කියයි.


    ඉන්ධන බවුසරය රියදුරු සහායකවරයා මෙන්ම ඉන්ධන බවුසරය භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගැනිණි. කුඩා ලොරි රථය පදවාගෙන ආ රියදුරු එම ස්ථානයෙන් පළා ගිය බව පොලිසිය කියයි.


    මෙම බවුසරය ත්‍රිකුණාමලය චයිනබේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් බව පොලිසිය කියයි.
    මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම ජාවාරම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැතිබවත් තමන් කුක්කු බබෙකු බවත්ය :lol:.





    එමෙන්ම තම බවුසරයේ රියදුරු සහ රිය සහායකයා පැය ගණනාවක සිට සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් හෙතෙම සඳහන් කළේය. ඔවුන්ගේ ප්‍රමාදය පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ද තමන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයාට දැනුම් දුන් බවද සඳහන් කළේය.:yes:




    එවැනි වරදක් ඔවුන් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නීතියට බාරදෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.:shocked:




    image_c55fffa626.jpg



    image_1bdaadcdaf.jpg


    image_6b0064fac2.jpg



    ඉස්සුවේ: ලංකාදීපෙන්
     

    Similar threads